(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී 0112677877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද
ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්
Durga Saturday, 30 October 2021 03:35 PM
මේක කවුරුත් දන්නා හොරම හොර ගුහාවක්. ඇතුලට යන්න අවසර දුන්නට පාරේ ඕනේතරම් කාක්කන් ඉන්නවා. ඔවුන්ට සල්ලි දෙන්න විතරයි ඕනේ... ඕනේ හොර වැඩක් දෙනවා. ජනාධිපතිත් ගිහිල්ලා හදන්න බැරි වුණු තැනක් නේ..
RaveendraSunday, 31 October 2021 01:41 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙම ආයතනයේ 99.9999% ඉන්නේ පට්ට හොරුන්ය (අවංක නිලධාරින් එහි නැතුවාම නොව එවන් මිනිසුන් ඉතාමත්ම අතලොස්සක් එහි සේවය කරන බව කිව යුතුමය.). "දවස පටන්ගන්නේ" ආත්ම ගණනකට පව් පුරවා ගනිමින්ය.
de silva Saturday, 30 October 2021 07:07 PM
මේක හොර ගුහාවක් . නමුත් පැහැදිලිවම කියනන ඔනි.ජනපති ගිය ඒක තාම සාර්තක වුනේ නැ .
jayath Sunday, 31 October 2021 07:50 AM
මේ වගේ කාලකන්නි ආයතනයක් මේ ලෝකෙම නැතුව ඇති... මහා එකාගේ ඉඳන් යටට යනකම්ම වැඩි හරියක් ඉන්නේ හොරු, පගාකාරයෝ.... ඔය වේරහැර පැත්තේ ඉන්න ලර්නර්ස් කෙනෙක් අල්ලා ගත්තම ඕන දෙයක් ලෙහෙසියට පහසුවට කරගන්න පුළුවන්.... ජනාධිපතිතුමා ගිහිනුත් හදන්න බැරිවූ එක ගැන නම් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්... එ්ක තනිකරම එතුමාගේ අනිත් හැම එකක්ම වගේ "සංදර්ශනයක් "... කොරපු කෙන්ගෙඩියක් නැහැ නොවැ.. !! මේක නම් පේන විදියට කුහක නොවී කියනවා නම් මාර්ගගත වාහන බලපත්‍ර දෙන ක්‍රමය වගේ, හොඳ වැඩක් වගේ බලමු නේද?