IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘යකඩ ගැහැනියක‘ එංගලන්තෙන් සමනළවැව ඇවිත්

බළන්ගොඩ ඛෙලිහුල්ඔය කිංචිගුණේ පිහිටි සමනල වැව ආශ්‍රිතව යපස් යකඩ බවට පත්කිරීමේ පර්යේෂණ කටයුත්තක නිරතවීමට එංගලන්ත මහාචාර්ය වරියකවන ජිල් ජුලීෆ් මහත්මිය පැමිණ  සිටින්නීය. 

16 වැනිදා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද යපස් උණුකිරීමේ උඳුන් දෙකකට ගිනිදැල්වීය. මෙම උඳුන් වසර 1800 ක්පමණ ඉපැරණි බව කියන උඳුන් 03 ක් සමනලවැව තැනීමට පෙර කළ ගවේෂණයෙන්  හමුවීය.

එම උඳුන්  දෙකක් අලුත්වැඩියා කොට නව පර්යේෂණ 17 වැනිදා එම සැකසී තිබුණයකඩ උඳුනෙන් එළියට ගත් අතර  එය ඉතා සාර්ථක බව මහාචාර්යවරිය  පැවසුවාය.

අතීතයේ සුළං උපයෝගී කරගෙන මෙම යකඩ කර්මාන්තය සිදු කර ඇති අතර මෙම සම්ප්‍රදායික ක්‍රමය අනුව වසරකට යකඩ ටොන් 4000 ක් පමණ නිපදවන්නට ඇති බව ඒ පිලිබඳ තතු දත්තෝ  පවසති. මෙම ස්ථානයේ තිබ් යකඩ නිෂ්පාදනයට යොදාගත් උඳුන් තුනක් හා යබොර හා වළංකටු සොයාගෙන ඇත.

කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, ඉඹුල්පේ, හතරබාගේ  අලූත්නුවර පීලිපන මැදහින්න ඛෙල්ලන්කඳුර කලුවැල්පේ නැඳුන්ගමුව පඹහින්න මහතැන්න ප්‍රදේශවල ද මෙම කර්මාන්තයේ යෙදුන බවට පර්යේෂණයෙන් අනාවරණය වී ඇත මහාචාර්ය ජිල් ජුලීෆ් මහත්මිය 1993 වසරේද සමනල වැව ආශ්‍රිතව දිගුකාලයක් පර්යේයේෂණ කාර්යේ නිරතවුවාය මහාචාර්යවරිය පැවසූවේ දීර්ඝකාලීනව බොහෝ මහක්සිවී ක්ෂේත්‍ර අධ්‍යනයකින් පසුව මෙම අනාවරණයන් කර ගැනිමට හැකිවූ බවයි. කොළඹ නැව්තටාකාාංගන සමාගම හා එස් ආර් ස්ටීල්  සමාගමඑක්ව පර්යේෂණ කාර්යට ලක්ෂ10 ක පමණ මුල්‍ය අනුග්‍රහයක් දැක්වු බව කොළඹ නැව්තටාතාංගන සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ මංගල පී.බී.යාපා මහතා කීවේය.

වසර ගනනක සිට සම්ප්‍රදායිකව පැවතුන අපේ දෙයක් දේශිය දෙයක්  බටහිරට නැඹරු නොවී අනාගතයට අවශ්‍ය පරිදි අතීත තාක්ෂණය හැදෑරීමෙන් වැරදුණු තැන් නිවැරදි කරගෙන අනාගතයට උරුම කිරිම කාලීන වගකිමක් හා යුතුකමක් සේ සලකා මෙම කටයුත්තට දායකවන බව කීවේය.එස් ආර් ස්ටීල්  සමාගමේ වානිජ කළමණාකාර රෝහණ විදානගමගේ  පැවසුවේ ජාතික උරුමයන් පණගැන්වීම උදෙසා  හා ඉදිරි අනාගතයට දැකිය හැකිවන සේ සංරක්ෂණය කිරීම ට දායකවීමට ලැබීම සතුටක් බවයි.



අදහස් (0)

‘යකඩ ගැහැනියක‘ එංගලන්තෙන් සමනළවැව ඇවිත්

දිලිප් Thursday, 18 July 2013 05:10 PM

කෝ ඉතින් ඕවාගෙන් මොනවද අපි කරලා තියෙන්නේ? බටහිරයෝ නැත්තම් අපිතාම ගෝත්‍රිකයෝ නෙමෙයිද....? (නි)

:       0       0

සීල Thursday, 18 July 2013 05:27 PM

වර්ෂ 2010 ඉදන් තවම තෙල් ලිං කනිනවා. ඊටත් පස්සේ කිව්වා ගැස් හමුබවුණා කියලා. යකඩ හොරුත් ඉන්න එකේ මේකෙන් නම් වැඩක් වේවි (නි).

:       0       0

රත්නසිරි Friday, 19 July 2013 02:07 AM

අපේ පම්පෝරිය විතරයි.(නදී)

:       0       0

උපාලි Saturday, 20 July 2013 11:03 AM

මේක පේන්නම තියන සමිපක් .මෙකෙන් ප්‍රයොජනයක් ගන්න හිතන්නයි ඔන පිටරටකට විකිනීම නොවෙයි. ..තෙල්නිදිය හෙව්වට සොයාගන්න බෑනෙ ඒහන්ද වියදමි උනු සල්ලි වතුරේ....? (අ)

:       0       0

සෑම් Friday, 19 July 2013 04:06 AM

හෙට අනිද්දා දේශපාලුවන් දේශපාලුවන්ගේ පුත්තු, දුරු නෑදෑයෝ මේ ඉඩම්වලට අයිති වාසිකම් කියන්ඩ ඒවි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 19 July 2013 04:38 AM

සුනාමිය වෙලාවේදී අපිට සුද්දෝ තමයි වැඩි පුර ආධාර දුන්නේ. උදාහරණයකට රුපියල් 145 ට තිබුන යුරෝ එක රුපියල් 122 දක්වා පහත වැටුනා. එමගින් පෙනෙනවා කොපමණ විදේශ විනිමයක් අපට ලැබුනද කියා ලැබුන ආධාර අපේ දෙසපලකයෝ හොරා කෑවා. රටින් ලැබුන ඩොලර් කොටි 10000 විතර ආධාර ( නය නොවෙයි) මේවට උන්නේ මොකද ? අපේ ඉන්න මිනිස්සු පිටරටින් ඉදිකට්ටේ සිට ගුවන් යානය දක්වා එනකන් බලන් ඉන්න කොට සුද්දෝ ඇවිත් අපේ අවරුදු 1500 විතර පරණ තාක්ෂනය ඝක්‍රිය කර යකඩ උණු කරන ක්‍රමය අපට නැවත උගන්වන එක වැරදිද ? අපේ පුරා විද්‍යාඥයින් සහ ඉංජිනේරුවෝ නිදිද?(නදී)

:       0       0

සිද්දික් Thursday, 18 July 2013 06:51 PM

ක්‍රිස්,දිලිප්,ඔබලාගේ අදහස් මම අගය කරමි. (නි)

:       0       0

වසන්ත Thursday, 18 July 2013 06:52 PM

බටහිරට නැඹුරු නොවී කිව්වේ , අර මහාචාර්යවරියත් ශ්‍රී ලංකාවේද? (නි)

:       0       0

ඉන්දික- බහ්රින් Thursday, 18 July 2013 07:13 PM

මේක නම් හොද සොයා ගැනීමක්. අපිට ලංකාවේ ජොබ් කට්ටක් හොයා ගන්න පුළුවන් වෙයි වගේ.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 19 July 2013 08:01 AM

මේක පර්යේෂණයක්. අතීතයේ මිනිසුන් යකඩ හදපු හැටි බැලීමක්. ඇයි මේකට මේ සියලු දෙනා කෑ කෝ ගහන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 18 July 2013 07:39 PM

යපස් උණු කරන තාක්ෂණය සම්පුර්ණයෙන් අපේ රටින් අතුරුදහන් වෙලා තියෙන්නේ. මේ කාලයේ දවසින් දවස නැති වී යන කම්මල් තාක්ෂණය රැකගන්න මොකක්ද අපිට තියෙන සැලැස්ම ? තව අවුරුදු 100 ගියහම සුද්දෝ ඇවිත් කියයි ඒ කාලේ ලංකාවේ පිහිය කැත්ත පොරව හදලත් තියෙනවා කියලා. අපේ විශ්ව විද්‍යාල මේවා කරන්නේ නැති නිසා ජනමාධ්‍යකරුවනි, ඔබවත් මෙම කම්මල් තාක්ෂණය වීඩියෝ කරලා මතු පරපුරට ලබාගත හැකි ලෙස සුරකිනු මැනවි (නි)

:       0       0

සදුන් -බලිහුල්ඔය Thursday, 18 July 2013 07:40 PM

මේක අලුත් කතාවක් නොවේ. මීට කලින් කිහිප වතාවක් මෙතුමිය මේ පරීක්ෂනය කළා. තව විදේශිකයින්ද ආවා. මේ ගැන අපට මහා ආඩම්බරයකින් කතා කරන්න යළිත් පුලුවන්න්ද?  මෙතුමිය වසර කීපයකට වරක් පැමිණ නිබන්දන්යක් කරනවා. එයා පට්ටම් ගන්නවා අපි තළු මරනවා එකම කතාව මතක් කරමින්.(දී)

:       0       0

චංචලා Thursday, 18 July 2013 07:45 PM

මේක අලුත් දෙයක් නොවෙයිනේ. කුබල්ගමින් යකඩ මුළු ලෝකයටම ලබා දුන්නා කියලා මිට වසර කීපයකට කලින් ලංකාදීපයම කිවුවනේ. ඒ පරික්ෂණය කළේ ලාංකිකයෙක්. (නි)

:       0       0

විපුල Thursday, 18 July 2013 07:48 PM

දිලිප්, අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය අපේ මිනිස්සු හැදුවේ, ඔය කියන බටහිර ජාතින් කැලේ ඉන්න කාලේ. සුද්දෝ ඇවිත් තමයි ඒ සේරම නැතිකලේ. අපේ ඉතිහාසය නොදැන අදහස් දාලා, ඒ මිනිස්සුන්ට අගෞරව කරන්න එපා. අනික මේ හොයා ගන්නේ සුද්දෝ කරපු දේවල්ද? නැහැ. අපේ මුතුන් මිත්තෝ ගාව තිබුන තාක්ෂණය. ටිකක් සිගිරිය ගැන අධ්‍යයනය කරලා බලන්න (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Thursday, 18 July 2013 07:56 PM

මේවා විජාතික බලවේග.(නදී)

:       0       0

ටිකිරි Friday, 19 July 2013 08:54 AM

ද සිල්වා බෙර්ලින්,සුනාමිය වෙලාවේදී අපිට සුද්දෝ තමයි වැඩිපුර ආධාර දුන්නේ. උදාහරණයකට රුපියල් 145 ට තිබුන යුරෝ එක රුපියල් 122 දක්වා පහත වැටුනා. එමගින් පෙනෙනවා කොපමණ විදේශ විනිමයක් අපට ලැබුනද කියා. ලැබුන ආධාර අපේ දේශපාලකයෝ හොරා කෑවා. රටින් ලැබුන ඩොලර් කොටි 10000 විතර ආධාර ( ණය නොවෙයි) මේවට වුනේ මොකක්ද ?දම්මික පෙරේරා වගේ මෝඩයෝ ඉන්න රටක මොළ හෝදපු මිනිසුන්ට ඕවා කියලා වැඩක් නැහැ.සුනාමියෙන් සමහරු හත්මුතු පරම්පරාවකටම ඇති වෙන්න මුදල් ගසා කෑවා. හැබැයි අතේ පිරිත් නුල් නම් සියයක් විතර බැදගෙනයි සමාජයේ ජීවත් වෙන්නේ. (නි)

:       0       0

සංජීව Friday, 19 July 2013 09:13 AM

ලංකාවෙන් එලියට ඇවිත් ලංකාව දිහා බලන්න ... එතකොට මේකේ කොමෙන්ට් දාන ලින් ගෙම්බන්ට පුළුවන් ලංකාවේ මොන තරම් දුෂණ වංචා වෙනවද කියල බලාගන්න . ලංකාවේ තරම් අසික්කිත වැඩ කරන එවුන් ලංකාවේ ඇරුනම ඉන්නේ පෙරේත ලෝකේ විතරයි (අ)

:       0       0

ගයන් Thursday, 18 July 2013 08:28 PM

අපේ රටේ මහාචාර්යවරු ඉන්නවා. ව්‍යාපෘති වලට වාර්තා හදන්න කෝටි ගණන් මුදල් රජයෙන් දෙනවා. උන් ඒවා යටි මඩි ගහගෙන විශ්ව විද්‍යාල සිෂ්‍යයන්ට කියලා වාර්තා හදාගෙන නානවා. පල් හොරු.(නදී)

:       0       0

කුමාර Friday, 19 July 2013 09:24 AM

සංජීව ඔබ හරි, ජතික ගිය ලියපු ආනන්ද සමරකෝන් තුමාට නිදි පෙති බිල සමුගත්තේ අයි? අනගාරික ධර්මපාල තුමා අවසානේ රට හැරගියේ අයි? (අ)

:       0       0

සමන් Thursday, 18 July 2013 08:37 PM

මුස්ලිම් මිනිස්සු එහෙම ගාව ගන්න එපා.(නදී)

:       0       0

හේරත් Thursday, 18 July 2013 08:42 PM

සුද්දෙක් ආවොත් කියනවා ඔන්න අධිරාජ්‍යවාදියෝ රට අල්ලන්න ඇවිල්ලලු. සුද්දෙක් වටිනා ආයෝජනයක් කළොත් කියනවා අපෝ බහු ජාතික ව්‍යාපාර එලවන්න වහාම කියලා. කොහොම හරි උද්ගෝෂණ කරලා කරන්න හදපු ව්‍යපෘති අඩපන කරලා අපේ රට පස්සට ගෙනියනවා. සුද්දෝ රටවල ඇල්ලුවේ ඉස්සර. දැන් එහෙම බැහැ. හෙට අනිද්දා අපිට දකින්න පුළුවන් වේවි මෙතනත් සටන් පාට උද්ගෝෂණ නේද? (නි)

:       0       0

කෙවින් Thursday, 18 July 2013 08:42 PM

විපුල, බටහිර ජාතින් කැලේ හිටියෙ කොයි කාලෙද? සීගිරිය හැදුවෙ කොයි කාලෙද? කියන්න බලන්න අපිටත් දැනගන්න. (නි)

:       0       0

සිල්වා Thursday, 18 July 2013 08:44 PM

රීටා, ඔයා මගේ ඇගේ මාළු නටවා ගන්නද හදන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 19 July 2013 09:44 AM

සුද්දෝ එන්නේ අප රටේ දේවල් හූරගෙන කන්න නම් ඇයි එන්න දෙන්නේ?මෙහෙමත් ලිං මැඩියෝ සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු.සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි.(අ)

:       0       0

උපාලි Friday, 19 July 2013 09:45 AM

කමල්ට මල් මිටක්. (අ)

:       0       0

මහේෂ් මෙන්දිස් Friday, 19 July 2013 10:01 AM

ඇත්තටම මහාචාර්ය ජිල් මහත්මිය සබරගමුවේ උරුමය සොයා යන ගමනේ දී වැදගත් පුද්ගලයෙක්. අපේ හෙළයන්ගේ තාක්ෂණය නැවත සොයා ගැනීමට ඇයගේ පර්යේෂණය අතිශය වැදගත් වුනා. එතරම් යපස් මාතෘභූමිය තුල පැවතියේ නම් අද වන විට ඒවා යම් ප්‍රමාණයකින් හෝ පැවතිය යුතුයි. ඒ සොයා ගැනීමට අපේ තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කළ හැකි යි. නමුත් අපේ දේශපාලනය ඊට කැමති වන්නේ ද? යන්න ගැටළුවකි. එසේ සොයා ගත්තත් අපේ සමහර ඉංජිනේරුවන්ට හා නිලධාරීන්ට ලංකාවේ යපස් වැදගත් නොවීමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මහාචාර්යවරිය නැවත බෙලිහුල්ඔයට පැමිණිම අපිට වැදගත්. ඒ පිළිබඳ ව ඇයට ස්තූතිවන්ත විය යුතුයි. (දී)

:       0       0

ෆ් Thursday, 18 July 2013 09:03 PM

අපි නැගිටින්නේ සුද්දා ඇවිත් කීද්දුවට පස්සෙද ? අපේ කොතල හිඹුටු වලට පේටන්ට් අයිතිය වෙන අය ගන්නකන් අපි මොනවද කලේ? මුදලට, වරප්‍රසාදවලට යට නොවී රට පාවා නොදෙන දුරදර්ශි නියමුවන් සිටියේ නම් මෙවැන්නක් සිදු නොවිය හැකිව තිබුනා.(නදී)

:       0       0

චින්තක Friday, 19 July 2013 10:06 AM

මේකට තමයි අපේ ආදි මුතුන් මිත්තෝ කිව්වේ පස් මිරිකලා යකඩ ගත්තා කියලා. දෑන් අපේ මිනිස්සුන්ට මේවා මෑජික් වුනාට අපේ සිංහල මුතුන් මිත්තන්ට නම් මේක මහ ලොකු කජ්ජක් වුනේ නැහැ මම හිතන්නේ. රජ කාලේ ඉදන් යකඩ භාවිතා කලා කියලා සාක්ශි තියෙනවා. ඒ කාලේ හිටපු අපේ ශ්‍රේෂ්ටයන් පිටරටට දත නියවන් හිටියේ නැහැ අද මිනිස්සු ඉන්නවා වගේ. එහෙම හිටියා නම් මේ සිංහල රටේ ශ්‍රේෂ්ට ඉතිහාසයක් තියෙන්නෙත් නැහැ. මේක මෑජික් එකක් නෙමේ, මේ අපේ මුතුන් මිත්තෝ මීට අවුරුදු දහස් ගානකට කලින් මේ රටේ පාවිච්චි කල අපේ තාක්ෂණය. (දී)

:       0       0

අසේල Friday, 19 July 2013 10:10 AM

ඔතනත් පල්ලියක් හදන්න කලින් ඕක හොයාගත්ත එක ලොකු දෙයක්.නැත්තන් ඉතිහාසයක වටිනාකමක් නොදන්නා මොලයක් නැති අන්තාවාදියෝ ඕවා විනාශ කරන්න පුළුවන්. (දී)

:       0       0

අරුණ Thursday, 18 July 2013 09:23 PM

හම්බයෝ ඔය උඩින් විනාස කරලා මස් පල්ලි දන්නා පුළුවන්. (අ)

:       0       0

අතුල Thursday, 18 July 2013 09:24 PM

අපේ හෙළ උරුමය රැක ගන්න (දී)

:       0       0

සෑම් Thursday, 18 July 2013 09:26 PM

බොල ස්ටීල් කාරයෝ මුල්‍ය අනුග්‍රහය දක්වල තියෙන්නේ හොඳකට නම් නෙවෙයි. හෙට අනිද්ද ඕක පිටරටකට විකුණයි. අපේ මිනිස්සු එකට පෙළපාලියි. ඔන්න සිරි ලංකාදීපේ ඔච්චරයි වෙන්නේ මන් කිව්වා.(අ)

:       0       0

විපුල Friday, 19 July 2013 10:27 AM

කෙවින් මහත්තයෝ, ඔයාට ඉතිහාසය කියාදෙන්න මට වෙලාවක් නැහැ. පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න, මොන කාලේද ඇමරිකාව හොයාගත්තේ, එංගලන්තේ සිවිලයිස් වුනේ කියලා. (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 18 July 2013 09:44 PM

අපේ රටේ ඉන්නේ නියම අධිරාජ්‍ය විරෝධීන් , විදේශිකයෝ හදපු වාහනවල නැගල ගිහින් , විදේශිකයෝ හදපු හෑන් ෆෝන් කනේ ගහගෙන , විදේශිකයෝ හදපු මික්රෝෆෝන් වලින්ම විදේශිකයන්ට බනින අපේ සමහර මන්ත්‍රීවරු පිටරට ගියාම ඉන්නේ විදේශිකයන්ගේ කරේ ඇත දමාගෙන , අපේ කර්මාන්ත දියුණු කරන්න අපේ දෙසපලකයන් උනන්දු වෙන්නේ නැහැ , මොකද කොමිස් නැති වෙනවනේ (අ)

:       0       0

රීමා Thursday, 18 July 2013 03:51 PM

හොඳ සොයා ගෙනීමක් අනාගතයේ එක වටිනා සම්පතක් වේවි (අ)

:       0       0

සම්පත් Thursday, 18 July 2013 03:58 PM

අපේ අතීත උරුම හා ශිෂ්ටාචාරයට නිගා වෙන කොමෙන්ට් දමන විදේශිකයෝ ටික කෝ? (අ)

:       0       0

කවි Saturday, 20 July 2013 07:02 AM

මෝසම් සුළං මගින් බල ගැන්වෙන මේ සුවිශේෂී උදුන ගැන ජාතික වශයෙන් සිදුවූ පර්යේෂණයක් ගැන අසන්නට නොමැත. මීට වසර ගණනකට ඉහතදිත් විදේශිකයින් සහ ලාංකිකයින් මුල්වී මෙවන් පර්යේෂණයක් බළංගොඩ ආශ්‍රිතව සිදුකළා. නමුත් මේවායේ ඇත්තේ පුරාණ තාක්ෂණයන් අනාවරණය කර ගැනීමේ වටිනාකම පමණයි. ලෝහ කර්මාන්තය අද වන විට මෙයින් බොහෝ ඉදිරියට ගිහින්. පැරණි දේවල් නිසා නව දේවල් වල අගය අඩු වන්නේ නැහැ. එහිදී නව තාක්ෂණයට වඩාත් පරිසර හිතකාමි වර්ධනයන් කරා යාමට රුකුලක් මේවායින් ලැබෙන්නට පුළුවන්.කටින් කියන ශ්‍රේෂඨකමට වඩා මේවායින් හෙළිවන ධරණීයතාවයන් අනාගතයට වඩාත් වටිනා වනු ඇත. එයට සිංහල ජාතියේ ලේබලය ගසා වන්දනා කරනවාට වඩා අනාගත පරපුර වෙනුවෙන් ඉතා වැදගත්ය. කොහොමත් අපේ උරුමය සොයාදුන්නේ ද සොයාදෙන්නේ ද එය නැතිකළායැයි කියන අයම බව ආර්. ඇල්. බ්‍රෝහියර්, දොස්තර ස්පිට්ල්, සෙලිග්මාන්, එච්. සී. පී. බෙල් වැන්නන් අනුව සිහිකළ යුතුයි. ඉදින්......? (නි)

:       0       0

කමල් Thursday, 18 July 2013 04:01 PM

ඇත්තටම බැලුවහම අර මහාචාර්ය නලින් ද සිල්වා කියන පරිදි අපි යන්න ඕන බටහිර දැනුම සොයාගෙන නොව අපේ ආදී මුතුන් මිත්තන් සතු වූ එම අනර්ග දැනුම් සම්බාරය සොයාගෙන බව මෙමගින් පැහැදිලි වේ.(නදී)

:       0       0

ටෙනිසන් Thursday, 18 July 2013 04:19 PM

කමල් ඒ වුනත් අපේ මිනිස්සු කියන්නේ නලීන් ද සිල්වා මහත්තයට පිස්සු කියලනේ. නලින්ද සිල්වා මහාචාර්‍ය පට්ටම යොදනවට අකමැතියි. කියන දේවල් සිහි බුද්දියෙන් අහලා තේරුම් නොගෙන එහෙම කියන එක ලෙහෙසියිනේ. 2/50 ආචාර්‍යවරුත් ඉන්නවනේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 19 July 2013 11:10 AM

කාට කාටත් හොදා මහාචාර්ය නලින් ද සිල්වා ලියන අපේ ප්‍රවාද ලිපි පෙළ කියෙව්වා නම්. නිකන් අරයා මෙයා කියන නිසා එයා පිස්සෙක් කියන්නේ නැතුව. අපේ හෙළ කම මොකක්ද. අපේ ආදී හෙළයන් අධ්‍යාත්මිකව මේ මහා දැනුම් ගොඩ නැගුව මග සොයා යා යුතු බව එතුමා තර්කානුකුලව පැහැදිලි කරන අපුරු ලිපි පෙළ කියවලම බලන්න. දැන් මේකටත් මොකක් හරි සුරංඟනා කතාවක් බටහිර තාලෙට ගොතලා අපිට කියාවි මෙන්න මෙහෙම තමා අපේ ආදී මුතුන් මිත්තෝ යපස් වලින් යකඩ හැදුවේ කියලා. තව අපිට කියාවි ඒවා අපේ පාසල් වල සහ සරසවි වල උගන්වන්න අපි කියපු විදියටම අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව.(නදී)

:       0       0

යසාරා Saturday, 20 July 2013 08:16 AM

දිරිය කතක්

:       0       0

සම්පත් Thursday, 18 July 2013 04:25 PM

කෝ මේ ලංකාවටම ගරහන අයියලා ටික? (නි)

:       0       0

අමිල බලන්ගොඩ Friday, 19 July 2013 11:13 AM

"බලංගොඩ අපි" කාටද ආඩම්බර ? (නදී)

:       0       0

නන්ද Thursday, 18 July 2013 04:27 PM

නියමයි (නි)

:       0       0

හුසේන් රියාද් Thursday, 18 July 2013 10:48 PM

සුද්දා කියන්නේ සුද්දෙ දෙන නිසා. ඔය ඇවිල්ලා තියෙන්නෙත් අපිට තියෙන ආදරේට නෙමෙයි. අපේ වටිනා දේවල්වලින් උන්ට වැඩක් ගන්නයි. සාරෙ උරලා හුප්පේ අපිට දාල යයි. අනේ ඉතින් අපේ නැතිකමට, බැරිකමට ඒකත් ලොකු දෙයක්. දැක්කේ නැද්ද කොච්චර ඔස්තාද්ලා මතුවුනාද කියලා සුනාමියෙන් පස්සේ සුනාමිය ගැන කියන්න. ඒ වගේ මේ වැඩේදිත් ආචාර්යවරු, ඇයි මහාචාර්යවරුත් බිහිවෙන්න බැරි නැහැ.(නදී)

:       0       0

නයෝමි Friday, 19 July 2013 11:18 AM

මේ යකඩ ටොන් ගානක් උණු කරන්න අද කාලේ නම් ඩීසල් ටොන් ගණනක් ඕනෑ වේවි.ඉතින් මේ වගේ සොබාදහම සමග එක්ව සහයෝගයෙන් මේ දේවල් සොයාගන්න සිත දියුණු කළ අධ්‍යාත්මික දියුණු ( බුදුදහමින් පෝෂණය වුනු ) සමාජයක් පැවතුන බව නම් පිළිගැනීමට සිදුවෙනවා.එම කාර්යේදී මග ඵලලාබී යෝගින්ගෙන් සහ භික්ෂුන්ගෙන් දෙවියන්ගෙන් සහ නොපෙනෙන බලවේග වලින් දැනුම සහ වැඩි කරගන්නට ඇති. (දී)

:       0       0

කුමාර්. Friday, 19 July 2013 08:56 PM

අවුරුදු 2300 කට පැරණි "දමස්කස් කඩුව" හදන්න පදම්කල ලෝහ යවල තියෙන්නේ ලංකාවෙන්. එදා මුළු අරාබි කරයටත් අසියාවටත් හොඳම ලෝහ නිපදුවේ ලංකාවෙන්

:       0       0

වරුණ Thursday, 18 July 2013 04:31 PM

සුදු නෝනා වැඩේ ගොඩ දාල දුන්නට පස්සේ අපේ ලොකු මහත්තුරු ටික අත යට ගානක් තියාගෙන ඕක කොහේ හරි රටකට විකුණලා දාවි. අර පොස්පේට් නිදිය වගේ. මතකනේ බුත්තලින් මතු උන මැණික් ඉඩම් වලට උන වැඩේ.(නදී)

:       0       0

රත්නසිරි Thursday, 18 July 2013 04:32 PM

මෙම කටයුත්ත අගේ කරමි. නමුත් රටට අපේ දේ අපේ කෙනෙක් කළොත් අගේ නැහැනේ. (නි)

:       0       0

නාමල් Thursday, 18 July 2013 04:41 PM

එහෙනම් ඇයි සුද්දන්ට බාරදීලා තියෙන්නේ මේ වැඩෙත්? (නි)

:       0       0

රිස්මි Thursday, 18 July 2013 11:24 PM

සමන් අරුණ ඔයගොල්ලන් අර කොටසෙන් කට්ටියක් කියල දන්නවා බය වුනොත් ඇති. ලංකාව දියුනු වෙනවට කොහොමත් අකමැතිනේ. කොහොමත් කැළේ ඉන්න කූඩැල්ලා යන්නේ කැළේටමයි.(නදී)

:       0       0

නීල් රනා Thursday, 18 July 2013 04:46 PM

සුද්දියෙක් ආපු නිසා ලක්ෂ 10 ක් ලැබුනා. නැත්නම් මෙහෙම වැඩකට පෞද්ගලික ආයතන වලින් ආධාර ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ. හැබැයි ලක්ෂ 25-50 හේ තොරණ හදන්න වගේම කෝටි ගණන් වියදම් කර පන්සල්, අසපු,පිළිම හදන්නත් ඕනෑතරම් ආධාර ලැබෙනවා. ලෝකයේ ලෝහ කර්මාන්තය ආශ්‍රිත තාක්ෂණය අපට වඩා බොහෝ දියුණුයි. නමුත් මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ ඉතා අගයකළ යුතුයි. (නි)

:       0       0

රීටා Thursday, 18 July 2013 04:51 PM

මෙව්වට පස්සෙන් හිනා මුන් එන්නේ උන්ගේ වාසියට මුන් තමා ලෝකෙන් කපටිම අය. මුන් එන්නේ රට හූරන් කන්න බලාගෙන මුන්ට අහුවෙන්න එපා.(නදී)

:       0       0

ආනන්දආර් Thursday, 18 July 2013 04:53 PM

වැළලී යන අපේ උරුමයන් නගා සිටුවීමට දායක වන සැමට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

රූපා Friday, 19 July 2013 12:43 AM

නලින් ද සිල්වා කියන්නේ අයින්ස්ටයිටත් අබියෝග කරන කෙනෙක්. නිවුටනුත් කිවේ බොරු කියලයි එයා කියන්නේ. අම්මප පුදුම මනුස්සයෙක්.(නදී)

:       0       0

ක්‍රිස් Thursday, 18 July 2013 04:53 PM

මේ එක නෙමෙයි අර ගෑස්, තෙල් නිධියට මොකද වුනේ?? සම්පත්, එහෙම අදහස් දාන අය හිටියද මේකේ ? හැබැයි මොනවා කරන්නත් විදෙස් වලින් නවීන තාක්ෂණ සහය යොදාගත්තේ නැත්නම් මොනම දෙයක්වත් කරන්න බැරි වෙයි. බොරුද?? (නි)

:       0       0

චාමික Friday, 19 July 2013 12:45 AM

මේවා සිදුවිය යුතුයි. සුද්දට නොදී තියාගත්තා කියල මොකද අපි යකඩ කන්නද ? අපිට තාක්ෂනය හොයාගන්න බැරිවුණා නිසා සුද්දෝ ඇවිත් එක කලේ ? මොකද අපි ඕව පොදිගහගෙන ඉදල ලෝකෙම යකඩ ඉවර වුනාම තනියම උනුකරගන්නද කල්පනාව ? කොයි දේටත් හරස් වෙන්නෙපා. විරුද්ද වෙලා විතරක් වැඩක් නැහැ, ඒවාට විකල්පත් විරුද්ධත්වය එක්කම ඉදිරිපත් කරන්න ඕනේ. නැති නම් ඒවා පුහු වචන විතරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 3 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2345 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1276 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 853 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1481 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site