(පද්මසිරි ගාර්දියවසම්)
රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ් රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ අන්ද්‍රාහැන්නදිගේ මංජුල ප්‍රියනාත් නමැති 54 හැවිරිදි පොලිස් සැරයන් වරයාය.
ඔහු අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
පොලිස් සැරයන් වරයා යතුරුපැදියෙන් රන්න දෙස සිට හුංගම දෙසට ගමන් කරමින් සිටියදී හුංගම දෙස සිට රන්න දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
කැබ් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්වරයාගේ දේහය රන්න ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ .
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. හුංගම පොලිසියේ රථවාහන අංශය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය සහ වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්රජාතන්ත්රවාදී පෙ
බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉ
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක් දුරක
රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ් රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැ
ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන් මරුට