IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


"යුද අපරාද පිරික්සුමට විදෙස් විනිසුරුවන් නෑ"

ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට සැන්දෑ වරුවේ විවේකයක් ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. නමුත් කාර්යයාලයේ අධික වැඩකටයතු වලින් මදක් මිදෙනු වස් එවැනි අවස්ථාවක් ලැබුණහොත් ඔහු එය මගහරින්නේද නැත.පසුගිය ඉරිදා එවැනි දිනයක් විය.කොළඹ පැජට් පාරේ තම නිල නිවස්නයට වී සිටි ඔහු එදින සවස පහට යොදාගෙන තිබූ හමුවක් ගැනද විමසිල්ලෙන් සිටියේය.

සවස පහට විනාඩි කිහිපයකට පෙර ඔහු මා අසුන්ගෙන සිටි කාමරයට පැමිණියේය.කොටු වැටුණු කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි ජනපතිවරයා සිනහමුසුව මා පිළිගත්තේය.

'ඡායාරූප ගන්න එපා.මම ඇඳෙන් නැගිට්ටා විතරයි.' ඔහු සිනහසෙමින් කීවේය.සාකච්ඡා සඳහා වෙන්කර තිබූ කාමරයක් වෙත මා කැඳවාගෙන ගිය ඔහු එහි මට අසුන් පනවා සම්මුඛ සාකච්ඡාව සදහා සූදානම් විය.

සාකච්ඡාව ආරම්භවී විනාඩි කිහිපයක් ගතවිය.හදිසියේම කාමරයට පැමිණි ජනපතිවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයකු ඔහු අත යමක් යතුරුලියනය කර තිබූ කොළ කැබැල්ලක් තැබුවේය.එය කියවත්ම ජනපතිවරයාගේ මුහුණ බැ?රුම් ස්වරූපයක් ගනු දැකගත හැකිවිය.සාකච්ඡා මේසයේ දුරකතනය එසවූ ඔහු වහාම තමාට හමුදාපති කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා සම්බන්ධ කරන ලෙස නියෝග කළේය.කෙටි සංවාදයක් පැවැත්විණ.

'වහාම ගතයුතු පියවර ගන්න.' ජනපතිවරයා පවසනවා මට ඇසුණේය.

සංවාදය අවසානයේ මා වෙත හැරුණු ඔහු කොස්ගම පිහිටි යුද හමුදා උණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන ඇති බව කීවේය.එය යුද හමුදාවේ මධ්‍යම අවි ගබඩාව වන්නේ යැයි  මා කළ විස්තරය ඔහු හිස වනමින් අසා සිටියේය.මෙම ගින්න යුද්දයෙන් පසු ශී‍්‍ර ලංකා යුද හමුදාවට සිදුවූ විශාලම ආපදාව වනු ඇති බව ඔහු එදින දැන නොසිටියේය.අවි ගබඩා සංකීර්ණ අසළ පදිංචිව සිටි බොහෝ දෙනකුට අවසානයේ ඉතිරිවූයේ තම ඇඳිවත පමණකි.නිවාස විනාශ විය.රථවාහන ගිනිබත් විය.ගින්න කෙතරම් ප‍්‍රබලවීද යත් රාතී‍්‍ර අහස රත් පැහැයෙන් බැබලූනේය.මුලින් රතිඥ්ඥා පුපුරන්නාක් මෙන් කුඩා පරිමානයේ උණ්ඩ පුපුරා ගියද ගින්න පැතිරෙත්ම මල්ටි බැරල්, කාලතුවක්කු උණ්ඩ ආදියටද ගැලවීමක් නොමැති විය.ඒවා ඉහළින් ගොස් නිවෙස් මතට පතිත විය.නමුත් වාසනාවකට මෙන් මෙම උණ්ඩ පුපුරා නොගියේය.ඊට හේතුව වූයේ අවි ගබඩා කිරීමේ පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුකූලව එම උණ්ඩ පුපුරුවා හැරීමේ විශේෂ කොටස වෙනම ගබඩා කර තිබීමය.යුද පිටියේදී මෙම උණ්ඩ අවි වලට යොදන්නේ මෙකී පුපුරුවා හැරීමේ විශේෂ කොටස සවිකිරීමෙන් පසුවය.මෙනිසා පිපිරී නොතිබූ උණ්ඩ තැන් තැන්හි පතිතව තිබීමට හේතුව පැහැදිලිය.

සාලාව කඳවුර අවට එදින රාති‍්‍රය යුද පිටියක සිරි ගත්තේය.ගින්නෙන් පසුව වුවද රත්වී තිබූ උණ්ඩ පිපිරීමෙන් තිබූ නිසා ආරක්ෂාව තකා උදෑසන වෙන තුරුම කඳවුර ප‍්‍රදේශයෙන් ඉවත්ව සිටීමට හමුදාවට සිදුවිය.ඔවුන් එයට ඇතුල්වුනේ උදෑසනය.අවට පරිසරය යුද්දයෙන් ඉතාම දරුණු ලෙස හානියට පත්වූ ප‍්‍රදේශයක් හා සමවිය.සිරියාවේ ගැටුම් පවතින ප‍්‍රදේශයක ඡායාරූපයක් හා සාලාව කඳවුර අවට ප‍්‍රදේශයේ ඡායාරූප දෙකක් ගෙන සංසදනය කර බැලූවහොත් වෙනසක් දැකගත නොහැකි තරමේ විය.ත‍්‍රස්තයින්ගේ ප‍්‍රහාර වලින් රැකගත් සාලාව කඳවුර අවසානයේ ගිනිගෙන විනාශව දේපළ හානි රැසක් සිදුකිරීම එක් අතකට දෛවයේ සරදමක් වැනිය.කඳවුරේ ගින්නට සැබෑ හේතුව අලූ සමගම ඇතිදැයි දැන් ජනතාව නගන පැනයයි.

ආනයනය කරන ලද අවි යුද පිටියට යැවීමට මත්තෙන් ගබඩා කෙරුණේ මෙම කඳවුරේය.දැන ගැනීමට ඇති පරිදි එල්.ටී.ටී.ඊ ය අවස්ථා දෙකකදී සාලාව කඳවුර විනාශ කිරීමට යත්න දරා ඇත.එක් අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි අංශය සාලාව කඳවුර අවට කිසියම් කණ්ඩායමක් ඔත්තු බලමින් සිටින බවද ඔවුන් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටින බවද අනාවරණය කරගත්තේය.මෙම කණ්ඩායම පිළිබඳ සොයාබැලීම ආරක්ෂක අංශ වලට පැවරුණු අතර කොටි සංවිධානයෙන් මිදී රජය හා එක්ව සිටි කරුණා අම්මාන් ප‍්‍රමුඛ සාමාජික පිරිසද මෙහෙයුමට අනුයුක්ත කෙරුණි.නමුත් මේ සැකකටයුතු කණ්ඩායම ප‍්‍රදේශය අතහැරගොස් ඇති බව පසුව දැනගත හැකිවිය.තවත් අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි අංශ නිලධරයින් යටියන්තොට වතු කම්කරු නිවස්නයක නවාතැන් ගෙන සිටි ගරිල්ලා කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තේය.දිනය 2008 ජූනි මස තුන්වැනිදා විය.සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ග්‍රෙනේඩ්, ජෙලග්නයිට් කූරු, ටී 56 අවියක්, උණ්ඩ ආදිය ඔවුන් සතුව තිබුණේය.පිරිස යටියන්තොට පොලිසියට භාරදෙනු ලැබුණු අතර ඔවුන් කළ පාපොච්චාරණයකින් අනාවරණය වූයේ මෙම අවි යොදාගෙන සාලාව කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් තිබුණු බවය.

කොටි සංවිධානය පරාජය කිරීමට මද කලකට පෙර සාලාව කඳවුරේ උණ්ඩ තොග වේයන්ගොඩට ප‍්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබුණේය.එහි අරමුණ වූයේ සාලාව කඳවුරේ යුද හමුදා ස්වේච්ඡා බලකා මූලස්ථානය ස්ථාපිත කිරීමය.ඊට පෙර කඳවුර වෙන්ව තිබුණේ ප‍්‍රවාහන අණදෙන අංශයටය.ගින්නෙන් පසුව යුද,නාවික,ගුවන් හමුදා ති‍්‍රත්වයම තම තමන්ගේ අවි ගබඩාවල ආරක්ෂාව ගැන නැවත වරක් සිතීමට පටන්ගෙන ඇත.කන්කසන්තුරේ ගොඩගසා ඇති දින ඉක්මගොස් තිබෙන උණ්ඩ හා කල්පිටියට ගෙනවිත් විනාශ කිරීමේ සැළසුමක්ද තිබෙන බව දැනගන්නට ඇත.මීට පෙර අවස්ථාවලදී සිදුකෙරුණේ මෙවන් උණ්ඩ මුහුදේ ගිල්වා දැමීමය.එසේවුවද උණ්ඩ විනාශ කිරීමට සකස් කර ඇති සැළැස්මට මධ්‍යම පරිසර අධිකාරිය විරෝධය දක්වා ඇති බව පැවසේ.ගුවන්හමුදාව කොළඹ සිට අම්පාර බලා තම අවි හා උණ්ඩ වලින් කොටසක් ප‍්‍රවාහනය කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටී.

ගින්න පිළිබද සොයාබැලීමට යුද,ගුවන්,නාවික හමුදා නියෝජනය කෙරෙන ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.එයාර් වයිස් මාර්ෂල් කි‍්‍රෂාන් යහම්පත්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වැට්ටව, බි‍්‍රගේඩියර් ධනන්ජිත් කරුණාරත්න එහි සාමාජිකයෝය.ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් අතිරේක ලේකම්වරයකුද, යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විශේෂඥයකුද මෙම කමිටුවට එක්වීමට නියමිතය.

'අපි විවෘත මනසකින් මේ දිහා බලන්නේ.අපි එක එක මත ඉදිරිපත් කරන්න යන්නේ නැහැ.කමිටුවේ වාර්තාව සහ මේ සම්බන්ධයෙන් විමර්ෂණ පවත්වන අනෙක් ආයතන වල වාර්තා ලැබෙන තෙක් අප සිටිනවා.' ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ට්ආරච්චි මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හා රජයේ රස පරික්ෂක දෙපාර්තමෙන්තුවද සාලාව කදවුර සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ දේශපාලකයින් මෙන්ම ඇතැම් හමුදා නිලධරයින්ද හිතූමනාපයට අදහස් දක්වනු දැකගත හැකිය.එක් හමුදා නිලධරයකු කියා සිටියේ සාලාව ගින්නට හේතුව අකුණු ගැසීමක් විය හැකි බවය.ඔහුගේ ප‍්‍රකාශය සැළකිල්ලට ගතහොත් මෙම මෝසම් සමයේ අකුණු ගැසීම් වලින් අඩුම තරමේ සතියකට වරක්වත් සාලාව කඳවුර ගිනිගත යුතුය.තවත් හමුදා නිලධරයකු අවධාරණය කර පැවසුවේ උණ්ඩ නිසි පරිදි ගබඩා කර නොතිබුණේ නම් මෙයට වඩා හානියක් සිදුවන්නට තිබූ බවය.ගින්න ඇතිවූයේ උණ්ඩ නිසි පරිදි ගබඩා කර නොතිබුණු නිසාවෙන් බව දැන් සියලූම දෙනා දන්නා කරුණකි.එක්තරා කැබිනට් අමාත්‍යවරයකු පැවසුවේ ගින්න ඇතිවීමේ වරද පසුගිය රජයේ මිස වත්මන් රජයේ නොවන බවයි.

'දෙවියන්ට පින්සිද්ද වෙන්න  ඕන මේ අය වැස්ස, ගංවතුර, නායයෑම්, වගේ ආපදා හිටපු රජයේ වැරදි කියලා නොකිව්වට' ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු කීවේය.මෙවන් අදහස් දැක්වීම් වලින් ජනතාව අතර හාස්‍යයට ලක්වන්නේ තම තමන් පමණක් නොව තමන් නියෝජනය කරන ආයතනයන්ද බව මෙවන් පුද්ගලයින් වටහාගත යුතුය.

සම්මුඛ සාකච්ඡුාව අතරතුරදී ජනපති සිරිසේනට සාලාව කදවුරේ තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා ලැබුණේය.එක් අවස්ථාවකදී අන්තර් රාජ්‍යය ආරක්ෂක සමුලූවක් වන ෂැන්ගි‍්‍රලා සංවාදයට සහභාගීවීමට සිංගප්පූරුව බලා ගොස් සිටි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හා සම්බන්ධවූ ජනපතිවරයා වහාම දිවයිනට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දුන්නේය.

පහත දැක්වෙන්නේ ජනපති සිරිසේන සන්ඬේ ටයිම්ස් හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි.

 

ප‍්‍රශ්නය - ඔබ බලයට පත්වෙලා දැන් අවුරුදු එකහමාරක පමණ කාලයක් ගතවෙලා.එම කාලය ඇතුළත සිදුවුණු දේවල් ගැන ඔබ තෘප්තිමත්ද?

 

පිළිතුර - අපට සතුටුවෙන්න පුලූවන් ගොඩක් දේවල් තිබෙනවා.මොකද මා භාරගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිදී ගොස් තිබුනු, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් නොසළකා හැර තිබුණු, අධිකරණය දුෂිතවී තිබුණු, ණය බරින් මිරිකී තිබුණු රටක්.

අභියෝග රැසක් රට හමුවේ තිබුණා.ආරක්ෂක අංශ නායකයින් හා දේශපාලඥයින් බියවී සිටියා යුද අපරාධ මුවාවෙන් ඔවුනට චෝදනා නැගෙනු ඇතැයි කියා.අපට එරෙහිව ආර්ථික සම්බාධක පනවන්නත් සැළසුම් කර තිබුණා.අප පසුගිය රජයෙන් රට භාරගනිද්දීම ඒ වගේ සම්බාධක දෙකක්ම කි‍්‍රයාත්මක කරලා ඉවරයි.එකක් වුනේ මත්ස්‍යය අපනයනයට එරෙහිව පනවලා තිබුණු සම්බාධකය.අනෙක වුනේ ජීඑස්පී ප්ලස් සහනය අපට තවදුරටත් ලබානොදෙන්න ගෙන තිබුණු තීරණය.

රට අභ්‍යන්තරයෙත් ගැටලූ පැවතුණා.දේශපාලඥයෝ රටේ තිබුණු ස්වභාවික සම්පත් තම තමන්ට වුවමනා පරිදිදෙන් භාවිතයට ගනිමින් සිටියා.කැළෑ එළි කෙරෙමින් තිබුණා.වැලි, ගල්, ඉල්මනයිට් වගේ ඛනිජ සම්පත් වල අයිතිය අරබයා ගැටුම් ඇතිවෙමින් තිබුණා.පළාත් පාලන ආයතන වල දේශපාලඥයෝ කටයුතු කරමින් සිටියේ ඔවුන්ට වුවමනා විදිහට.ස්තී‍්‍ර දුෂණ, මිනීමැරුම්, බලයේ අවභාවිතා කිරීම්, ආදී දේවල් වල ඉවරයක් තිබුණේ නැහැ.සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකිනෙකාට සැළකුවේ බියෙන් හා සැකයෙන්.එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කරලා තිබුණත් ඔවුන්ගේ අන්තර්ජාතික ජාලය කි‍්‍රයාත්මකව තිබූ නිසා නැවත කොටි නැවත නැගිටීමේ භීතියක්ද රටේ තිබුණා.

ඉතින් මේ හේතු නිසා අන්තර්ජාතික ප‍්‍රජාව අපෙන් ක‍්‍රමයෙන් දුරස් වෙමින් සිටියේ.ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව, වෙනදා වගේ අපේ රටට ආධාර ලබාදුන්නේ නැහැ.හැමදාමත් අපේ සංවර්ධන කටයුතු වලදී අපිත් එක්ක හිටපු අන්තර්ජාතික සහයෝගීතාව සදහා වන ජපාන ඒජන්සිය එහෙමත් නැතිනම් ජයිකා ආයතනයත් අපෙන් දුරස් වෙමින් තිබුණා.අපේම අසල්වාසීන් අපිව කොන්කර දමා තිබුණා.කියන්නට නම් තවත් දේවල් බොහෝමයි.නමුත් කෙටියෙන් කියනවානම් මම භාරගත්තේ අනෙක් රටවල් වලින් කොන්කර දමා තිබුණු, ප‍්‍රතික්ෂේප කර තිබුණු රටක්.

ඉතින් මේ ගෙවුණු කාලය පුරාම මා ඇතුලූ රජය උත්සාහ කළේ මේ තත්ත්වය ආපස්සට හරවන්න.මොකද අද කාලයේ රටකට තනියම දියුණු වෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ.අද තියෙන්නේ තාක්ෂණය මතින්ම ඉදිරියට යන ලෝකයක්.ඒ ප‍්‍රතිලාභ අපි අපේ රටටත්, විශේෂයෙන් අපේ තරුණ පරම්පරාවට ලබාදිය යුතුමයි.අනෙක් දේ තමයි අපි මත පැටවිලා තිබෙන රුපියල් බිලියන 9000 කට අධික ණය බර දරාගෙන සිටින්නට බලවත් රටවල සහය අනිවාර්යයෙන්ම වුවමනා වෙනවා.

පසුගිය අවුරුදු එකහමාරක කාලයේදී සිදුවුණු වඩාත්ම සාධනීයම දෙය තමයි 19 වැනි ව්‍යවස්ථෘ සංශෝධනය.ඒ දක්වා ජනපතිවරයාට හිමිව තිබූ බලතල බොහෝමයක් දැන් පාර්ලිමෙන්තුවට හිමිවෙලා තිබෙනවා.මේ කටයුතු සිදුවුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කැපවීම මත.අනෙක දැන් ව්‍යවස්ථා සභාවක් පිහිටුවලා තිබෙනවා.ඒ යටතේ ස්වාධීන කොමිෂන් නවයක් කි‍්‍රයාත්මකයි.පොලිසිය, මානව හිමිකම්, අල්ලස් හෝ දුෂණ, ඒ අතරින් කිහිපයක්.

 

අනෙක් රටවල් දැන් නැවතත් අප හා මිත‍්‍ර සබඳතා ගොඩනගා ගනිමින් සිටිනවා.යුද අපරාධ සිදුකළේ යැයි නැගුණු චෝදනා දැන් ක‍්‍රමයෙන් මැකී යමින් තිබෙනවා.අපට පනවා තිබූ සම්බාධක දැන් නැහැ.අධිකරණයත් ශක්තිමත්ව කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා.

අපේ විදෙස් සංචිත ප‍්‍රමාණයත් දැන් ක‍්‍රමයෙන් ඉහළ යමිනුයි තිබෙන්නේ.පරිසරයට සිදුවන හානිය සැළකිය යුතු මට්ටමකින් පහළට ගෙන එන්නට අපට හැකිවෙලා තිබෙනවා.වසරකට අපට වකුගඩු රෝගීන් 5000 කට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වෙනවා.මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව තමයි පමණ ඉක්මවා කෘෂි රසායන වර්ග භාවිතය.එය පාලනය කරන්නත් අපි පියවර ගෙන තිබෙනවා.

පෝෂණ ඌණතා වලින් මේ රටේ සියයට 20 කට ආසන්න ජන පිරිසක් පීඩා විදිනවා.ඒ තත්ත්වයට පිළියම් යොදන්න අප විවිධ වැඩසටහන් කි‍්‍රයාවට නංවා තිබෙනවා.රේගුවේ සහයත් එක්ක මත්කුඩු මර්දන වැඩසටහනකුත් අප කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ.කෘෂි රසායන වලින් වෙන හානි අවම කරගන්නට කාබනික පොහොර භාවිතයේ වැදගත්කම ගැන ගොවියන් හා වගාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩකටයුතු කි‍්‍රයාත්මකයි.මේ අපි දිනාගෙන තිබෙන දේවල් වලින් සමහරක් පමණයි.ඉතින් මට නම් සතුටුයි ගෙවුණු වසර එකහමාරක කාලය ගැන.

 

ප‍්‍රශ්නය - චෝදනාවක් තිබෙනවා ජනපතිවරණ සමයෙත්, පාර්ලිමෙන්තු මැතිවරණ සමයෙත් ඔබ ඇතුලූ කණ්ඩායම වංචනිකයින් නීතිය හමුවට ගෙන එන බවට දිගින් දිගටම පොරොන්දු දුන්නත් ඒ කිසිවක් ඉටුව නොමැති බවට.ඇයි මේ ?

 

පිළිතුර - මේක නිකන් කෙසෙල් කැනක් කපාගෙන ගිය හොරෙක් අල්ලනවා වගේ වැඩක් නෙවෙයි.මේ වංචා කටයුතු වල නිතර වෙලා තියෙන්නේ දේශපාලන ලෝකයේ සහ ව්‍යාපාර ලෝකයේ බලවත් පුද්ගලයින්.ඔවුන් තමන්ගේ දැනුම හා බලය පාවිච්චි කරලා තමයි මේ කටයුතු වල යෙදිලා තියෙන්නේ.

මාසයකින් දෙකකින් මේ වගේ විමර්ෂණ කටයුතු අවසාන කරන්නට බැහැ.සමහර රටවල මේ කටයුතු වලට අවුරුදු නවයක් - දහයක් ගතවූ අවස්ථා තිබෙනවා.කැළෑ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ හැකියාවක් අපට නැහැ.මානව හිමිකම් කඩවන අයුරින් හෝ නීතිය කඩවන අයුරින් අප කටයුතු කරන්නේ නැහැ.සමහර විමර්ෂණ කටයුතු දැන් අවසාන කරා ළගාවෙමින් තිබෙන්නේ.බරපතල ගණයේ මූල්‍ය අපරාධ විමර්ෂණය කරන්න ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ඉන්දියාව වගේ රටවල සහයත් අපට ලැබෙමින් තිබෙනවා.

මේ විමර්ෂණ කටයුතු සිදුකරන අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, ආදී ආයතන තවත් ශක්තිමත් කරන්නත් මම පියවර ගෙන තිබෙනවා.

 

ප‍්‍රශ්නය - ඔබ ප‍්‍රකාශ කර තිබෙනවා යුද අපරාධ සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා විභාග කරන්න විදෙස් විනිසුරුවරුන් හවුල්කර නොගන්නා බවට.මේක රජයේ නිල ස්ථාවරයද?

 

පිළිතුර - ඔව්.පැහැදිලිව අපට වුවමනා නැහැ විදෙස් විනිසුරුවරුන් මේ කටයුතු වලට හවුල් කරගන්න.ඒ සහය නොමැතිව අපට අපේ ගැටලූ විසදාගන්නට පුලූවන්.අවශ්‍ය වුවහොත් අපට විදෙස් රටවල් වලින් තාක්ෂණික සහය ලබාගන්න පුලූවන්.නමුත් ඒ සහය ලබාගන්න කියලා අපි කිසිම දෙයකට බැදිලාවත්, කොන්දේසි වලට එකගවෙලාවත් නැහැ.

 

ප‍්‍රශ්නය - ඔබගේ ප‍්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂටත් සහය දක්වන කොටසක් සිටින ඔබ නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මොන වගේද?

 

පිළිතුර - මම ජනපති ලෙස දිව්රුම් දුන්නේ 2015 ජනවාරි මස නම වැනිදා.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත්වන්නට ආරාධනය මට ලැබුණේ ජනවාරි 13.එය මා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් නෙවෙයි.අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන්ව තිබුණා ප‍්‍රධාන පක්ෂ දෙක එක්ව රජයක් පිහිටුවන බවට.මේක තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න අපට ශක්තියත් වුනෙත්.මම පක්ෂයේ නායකයා ලෙස පත්වුනත්, සමහර සාමාජිකයින්ගේ සහය මට ලැබුණේ නැහැ.

නමුත් පසුගියදා ගාල්ලේ මැයි රැලියේදී පැහැදිලිව පෙනී ගියා මගේ නායකත්වය පිළිගන්නා විශාල කොටසක් පක්ෂයේ සිටින බව.අපි දැනට මැතිවරණ දෙකකින් පරාජයට පත්ව සිටින්නේ.ඉදිරියේ එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවෙමින් තිබෙනවා.

 

ප‍්‍රශ්නය - මැතිවරණයෙන් පරාජයට පත්වුණු ඇතැම් එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට එක්කර ගත් බවට ඔබට තවත් චෝදනාවක් නැගෙනවා.මේ අයට ජනතාවගේ කැමැත්ත නොලැබුණු බවට තවත් අය තර්ක කරනවා.මේ අය පාර්ලිමෙන්තුවට එක් කර ගැනීමට හේතුව රටට වඩා පක්ෂයේ ඔබේ ස්ථාවරය තහවුරු කරගැනීමට ඔබට අවශ්‍ය වීමද?

 

පිළිතුර - ඔවුන් පරාජයට පත්වුනේ ඔවුන් වෙනුවෙන් වැඩ කළ නමුත් මට විරුද්ධව පෙනී සිටි පුද්ගලයින්ගේ කි‍්‍රයාකලාපය නිසා.ජනතාව ඔවුන්ව පරාජය කළේ නැහැ.පසුගිය මැතිවරණ වල මනාප ලැයිස්තුවේ පළමු තැන් වල සිටි අය පහතටම වැටිලා තිබුණා.රට ඉදිරියට ගෙන යන්න දිගු කාලීන දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සිටීම මට අවශ්‍යයි.ඒ නිසා මම ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ව පාර්ලිමෙන්තුවට එක්කර ගත්තා.

 

ප‍්‍රශ්නය - ඒකාබද්ධ රජයේ කටයුතු ඔබ දකින්නේ කොහොමද? 2001 - 2004 අතර කාලයේ තිබී වසර තුනකින් බිදී ගිය සහවාස රජයත් මේ රජයත් අතර වෙනස්කම් තිබෙනවාද?

 

පිළිතුර - අවුරුදු 60 කට පස්සේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙක එකට එක්වෙලා සිටිනවා.මේක අලූත් දෙයක්.පක්ෂ දෙකම එකිනෙකාට විරුද්ධ නිසා වැඩ කටයුතු සිදුකිරීම අපහසු වන අවස්ථා තිබෙනවා.ඉතින් ලෙහෙසි නැහැ.නමුත් අපි සාර්ථකයි.සමහරු පවසනවා රජය ශක්තිමත් නැහැ කියා.මම ඔවුන් හා එකඟ වන්නේ නැහැ.

අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා.මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් වල නිසි තැන් ලබාදී තිබෙනවා.අධිකරණය ශක්තිමත් කර තිබෙනවා.සංහිදියා කි‍්‍රයාවලිය ශක්තිමත් කර තිබෙනවා.පශ්චාත් යුද සමයේ පසුගිය රජය සිදුකළ යුතුව තිබූ කටයුතු අද අපි සිදුකරමින් සිටිනවා.

සංහිදියාව කියන දෙය සිමෙන්ති, ගල්, වැලි, වලින් හදන්න පුලූවන් දෙයක් නෙවෙයි.යුද ජයග‍්‍රහණයත් එක්කම යුද්දයට හේතුවුනු කරුණු මොනවාද යන්න සොයාබැලිය යුතුයි.නැවත එවැනි තත්ත්වයක් ඇතිනොවන තැනය අප වගබලා ගත යුතුයි.උතුරේ තරුණයෝ නැවත අවි අතට ගත්තොත් ඒක රටක් හැටියට අප ලබන පරාජයක්.එනිසා ඔවුන්ට ඇති ගැටලූ වගකිවයුතු රජයක් ලෙස අප විසඳා දිය යුතුයි.

සංහිදියාව ශක්තිමත් කළ යුතුයි.දකුණේ බෞද්ධ ජනතාව මේ කටයුතු සම්බන්ධයෙන් තවත් දැනුම්වත් කළ යුතුයි.මේ රට අපි හැමදෙනාටම අයිතියි.

 

ප‍්‍රශ්නය - සංහිදියා කි‍්‍රයාවලියට බාධා පමුණුවන පුද්ගලයින්, බලවේග, ආදිය සමග ඔබ ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද?

 

පිළිතුර - මේ වගේ අයව මට හදුන්වන්නට තිබෙන්නේ ජාති ද්‍රෝහියෝ නැතිනම් අන්තවාදීන් ලෙස.උතුරේ වගේම දකුණෙත් මේ වගේ අන්තවාදීන් සිටිනවා.රටෙන් පිටත් එවැනි අය සිටිනවා.ඔවුන් අපට බාධා කළොත්, දැඩි පියවර ගන්න අප පසුබට වන්නේ නැහැ.

 

ප‍්‍රශ්නය - බටහිර සමග ඔබ සබදතා ගොඩනගාගෙන තිබෙනවා.නමුත් චීනය ගැන කොහොමද?

 

පිළිතුර - චීනය එක්කත් අපිට හොඳ සබදතා තිබෙනවා.මට තවත් ආරාධනාවක් ලැබී තිබෙනවා චීන සංචාරයකට.පසුගිය මාසයේ මම ඉන්දියා අගමැති නරෙන්ද්‍ර මෝදි හමුවුනා, ඔහුගේ ආරාධනයක් මත.ඉතින් අපිට මේ හැමෝම එක්ක හොද සබදතා තිබෙනවා.සමතුලිත විදෙස් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා ලැබී තිබෙන ප‍්‍රතිඵල තමයි මේ.

 

ප‍්‍රශ්නය - ඉහළ යන ජීවන වියදම නිසා ජනතාව රජයට චෝදනා නගනවා.ඔබේ අදහස?

 

පිළිතුර - ඇත්ත.ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා.නමුත් මේ පියවර ගන්නට රජයට සිදුවෙලා තිබෙන්නේ රට මත පැටවී තිබෙන විශාල ණය බර නිසා.මා දැඩිව විශ්වාස කරනවා ජනතාවට ඉක්මනින්ම සහන ලැබිය යුතු බවට.මම ඒ සම්බන්ධයෙන් විවිධ යෝජනා රජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ප‍්‍රශ්නය - රටේ ආර්ථික තත්ත්වය ගැන අදහස් දක්වන්න පුලූවන්ද?

 

පිළිතුර - ගැටලූ තිබෙන බව මා පිළිගන්නවා.අපි නිවැරදි පියවර ගතයුතුයි.

 

ප‍්‍රශ්නය - මේ සම්බන්ධයෙන් අලූත් සැළසුම් තිබෙනවාද??

 

පිළිතුර - ඔව්.ආර්ථිකය ශක්තිමත් කරන්නත්, ජීවන වියදම පහත හෙළන්නත් මම යෝජනාවලීන් සකස් කර තිබෙනවා.ඒවා මේ දිනවල වැඩිදුර අධ්‍යනය කෙරෙමින් පවතින්නේ.

 

ප‍්‍රශ්නය - රජය හා එකාබද්ධ විපක්ෂය අතර අර්ජුන මහේන්ද්‍රන් නැවත මහ බැංකු අධිපතිධූරයට පත්කර ගැනීම හා නොගැනීම මුල් කරගෙන ගැටුමක් ඇතිව තිබෙනවා.මොකක්ද රජයේ ස්ථාවරය?

 

පිළිතුර - (සිනාසෙයි) තවත් දවස් තිබෙනවා ඒ ගැන තීරණයක් ගන්න.

 

අසුනින් නැගිටිමින් ජනපති සිරිසේන නැවත වරක් පවසා සිටියේ රජයක සමස්ත ප‍්‍රතිඵල වසර එකහමාරක් වැනි කාලයකින් දැකිය නොහැකි බවය.

කරන්න ගොඩක් දේවල් තියෙනවා.අපට කාලය අවැසියි.අපි මේ අභියෝග ජයගෙන රට ඉහළටම ඔසවා තබනවා.නමුත් මේ කටයුතු වලදී මට සියලූදෙනාගේම සහය අවශ්‍යයි. ජනපතිවරයා සාකච්ඡාව අවසන් කරමින් පැවසුවේය.



අදහස් (0)

"යුද අපරාද පිරික්සුමට විදෙස් විනිසුරුවන් නෑ"

රණේ Sunday, 12 June 2016 04:50 PM

පොරොන්දු? මොන පොරොන්දුද? මට නම් මතක නැහැ (නි)

:       0       0

තෙෂාන් Tuesday, 14 June 2016 07:51 AM

දුක යනු තවමත් නිදා ගත් පිරිසක් ලංකාවේ ඉන්න එකට. (ර)

:       0       0

සිල්වා Sunday, 12 June 2016 10:56 PM

අනේ රොහාන්, වින්සන්ට් මහත්වරුනේ, ඔබලාට යහපාලනයේ රස්නය හින්දා ඇස් පෙන්නේ නැතුව ගිහින් වගෙයි. ඕනෑ කෙනෙකුට පේනවා තේරෙනවා 2005-2014 ලංකාවට මොකද වුණේ, 2015 ඉඳලා මේ වෙනකම් මොනවද වුණේ කියලා. ඇමතිවරුන්ට සැප වාහන ගෙනෙන්න නම් තදියම. (නි)

:       0       0

සත්‍යයා Monday, 13 June 2016 12:51 AM

බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කොත් එක්ක නැගිටින්න සිදුවෙන බව කියාදීපු මහින්දගෙන්වත් සමහරු පාඩමක් ඉගෙනගත් බවක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

අයිරාංගනී Monday, 13 June 2016 01:57 AM

කතාවේ හැටියටම අපි වැඩත් බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

රොකී Monday, 13 June 2016 02:35 AM

විදේශීය විනිසුරන් උවමනා නැහැ. අපිට ශ්‍රේෂ්ඨ විනිසුරුවරු ඉන්නවානේ! (නි)

:       0       0

අමා Sunday, 12 June 2016 07:22 AM

කොච්චර කාර්ය බහුල වුණත් හවස නිදාගෙනත් තියෙනවා (බ)

:       0       0

සේනක Sunday, 12 June 2016 09:00 AM

කිසියම් ධනාත්මක තත්වයක් - තිබුනත් යායුතු තැන අනුව බලනකොට ඇවිත් තිබෙන දුර කොහොමවත් ප්‍රමාණවත් නැහැ, ඇත්තම කිව්වොත් ආපස්සට යන තත්වයක් දැනට තිබෙන්නේ. (හේ)

:       0       0

අසාද් Sunday, 12 June 2016 09:04 AM

කල යුත්තේ යන පාරේ වලවල් කැපීම නොව අඩුපාඩු පෙන්වාදෙමින් ඉදිරි ගමනට ශක්තියක් වීමයි.(හේ)

:       0       0

වික්‍රම Sunday, 12 June 2016 09:14 AM

මේගොල්ලෝ පත්වුණේ වසර 5 කටනේ. ඉවසලා බලාඉන්න වෙනවා.

:       0       0

ඩිල්ෂාන් Sunday, 12 June 2016 09:19 AM

අද ඒකාබද්ධ විපක්ෂය කියා තිබෙන්නේත් සන්ධානයේම කොටසක්. මේ අය රටට ආදරේ නම් කළයුත්තේ ආණ්ඩුවට නියමිත කාලය වැඩකරන්න ඉඩදී බලාසිටිමයි. (නි)

:       0       0

රොහාන් Sunday, 12 June 2016 09:32 AM

වසර 10ක් විනාශකළ රටක් ගොඩගන්න වසරකින් හමාරකින් පුළුවන් කියලා මම නම් කියන්නේ නැහැ. මොකද එහෙම කරන්න බැරි නිසා. නමුත් රජයේ මැති ඇමතිවරු රට ගොඩගන්න කරන කැපවීම නම් ප්‍රමාණවත් මදි. තමන්ගේ සුඛවිහරණය සඳහා සටන් කරන බවක් තමා පෙනෙන්නේ. (නි)

:       0       0

ගමගේ Sunday, 12 June 2016 10:25 AM

අපේ රටේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Sunday, 12 June 2016 10:26 AM

සේනක, මම ඔය කවුද දන්නේ නැහැ. එත් ඔයා කියන දේ හරි වැරදි කතා කරන්න වෙනම විවාදයක් අවශ්‍යයි. මෙම අදහස් තම තමන්ගේ දේශපාලන අදහස් සමාජගත කිරීමට යොදාගැනීමට ඉඩ නොදිය යුතුයි (නි)

:       0       0

ශ්‍රියන්ත Sunday, 12 June 2016 10:26 AM

කොහොම කිව්වත් ජාත්‍යන්තර ගුණ්ඩු වලට අපි අහුවෙලා ඉවරයි (නි)

:       0       0

අනිල් Sunday, 12 June 2016 11:07 AM

රොහාන්, මොනවද අවුරුදු 10න් වුන විනාශය? ලංකාවේ 2005 තිබ්බ හැටිත් 2015 තිබුන හැටිත් අතර වෙනස නොදැකපු කෙනෙක්ද එහෙම නැතිනම් කුහක කමට එ්ක නොදැක්ක වගේ ඉන්න කෙනෙක්ද? (බ)

:       0       0

සුසන්ත Sunday, 12 June 2016 11:09 AM

කොස්ගම අනතුර ගැන දැන් කියන කරන දේවලින් පේනවා ඒක හදිසි අනතුරක්ම බව. උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවටත්, දැනට හමුදාවේ තිබෙන අවි ආයුධ රටෙන් ඉවත් කළ යුතු බවටත් මතයක් හානි හනික සමාජගත කරමින් පවතිනවා. ඉතින් හදිසි අනතුරේ හදිසිය හිතා ගත හැකියි අපිට. (බ)

:       0       0

සුදේව Monday, 13 June 2016 06:08 AM

වැරැද්දට වැරදි කීම වැරද්දක් නෙමේ මහත්වරුනි, (ම)

:       0       0

ගයාන් Sunday, 12 June 2016 11:38 AM

ශ්‍රියන්ත, ඔබ කියන දේ නම් සහතික ඇත්ත. (බ)

:       0       0

සේනක Sunday, 12 June 2016 11:47 AM

චන්දන මහත්තයෝ, අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් අනිත් අයටත් දැනගන්න සලස්වන්න ලංකාදිපෙන් ඉඩදීලා තියෙනවා ඒගැන ලංකාදිපෙට ස්තුතිවන්ත විය යුතුයි, එ්කට ඔයා වළකපන්න එපා. (බ)

:       0       0

වින්සන්ට් Sunday, 12 June 2016 01:22 PM

මෙතුමා ගැන අපට සැකයක් නැත. මෙතුමාගේ පත්වීම රටේ වාසනාවකි. එහෙත් අවුරුදු 68 ක් තුළ පැවති අසාර්ථක රාජ්‍ය පාලනයේ දුෂිත අවතාර එලෙසින්ම පැවතීම දැනටත් අපි දකින්නෙමු. ආණ්ඩු ආරක්ෂා කර ගැනීමත්, නැවත බලය ලබා ගැනීමටත් , වැරදිකරුවන් ආරක්ෂා කර ගනිමින් යන ගමනකින් තව දුරටත් මෙතුමා බලාපොරොත්තුවෙන සාර්ථකත්වය ලබාගත හැකිවන්නේදැයි සැක සහිතය. (බ)

:       0       0

නිම්මි Sunday, 12 June 2016 02:41 PM

සේනක හරි. මේ රටේ පය ගහල මේ රටේ ප්‍රශ්න එක්ක ජීවත් වෙන මිනිස්සු නෙමෙයි මේ රට ගැන කතා කරන්නේ (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 12 June 2016 03:12 PM

ජනාධිපති මෛත්‍රී මොනවා කිවත් දැන් බහුතරය විශ්වාස නොකරන තරම් , මොකද එන්න කලින් දීපු පොරොන්දුත් කිසි දිනක ඉෂ්ට නොවූ නිසාත් පසු කාලයේ දීපු පොරොන්දුත් එලෙසෙම ඉෂ්ට නොවූ නිසාත් , අපිට ඕනේ ඡන්දෙන් දිනීමට දුන් පොරොන්දු ඉෂ්ට කරනවා දකිනට පළමුව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 57 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 37 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 196 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 446 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1006 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1203 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site