IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


යාපනය සරසවියේ ස්මාරකය ඉවත්කළේ එහි උපකුලපතිවරයාගේ තීරණයක් අනුවයි

(රොමේෂ් මධුෂංඛ)               

යාපනය විශ්ව විද්‍යාලයේ  ඉදිකර තිබු යුද සැමරුම් ස්මාරකය අද දවසට මෙන්ම හෙට දවසටත් නොගැලපෙන නිසා එය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සද්ගුණරාජා මහතාගෙන් තීරණයට අනුව ස්මාරකය ඉවත් කිරිමට තීරණය කර  කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළේය.

‘යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්ධය පාදක කරගෙන විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාර්කයක් විශ්වවිද්‍යාලය තුළ ගොඩනැගීමට උත්සහ කරනු ලැබුවා. එත් එක්කම ඒ ස්මාර්කය කලින් කලට දියුණු කරමින් පැමිණ ආ බවක් තමයි දැනගැනීමට තිබෙන්නේ.නමුත් ඇත්ත වශයෙන්ම කියනවානම් එය උතුර හා දකුණ සමගියට බාධාවක් විය හැකියි.

දැනට විශ්වවිද්‍යාල පද්දතියේ අධ්‍යාපනය හදාරන දරුවො යුද්දය අවසාන කරන අදියරේදී වයස අවුරුදු 09, 10, 11 වැනි වයස්වල සිටි අපේ දරුවෝ. දෙමළ, සිංහල හෝ මුස්ලිම්  කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ශ්‍රීලාංකික අපේ දරුවෝ. ඒ නිසා අද කියන්න සතුටුයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල දරුවන් 1500 ක් පමණ අධ්‍යාපනය හදාරනවා ඒත් එක්කම දකුණේ විශ්වවිද්‍යාලවල සෑම විශ්වවිද්‍යාලයකම අවම වශයෙන් 600 ක් 700 ක් දමිළ දරුවන්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණෙන දමිළ දරුවන් අධ්‍යාපනය හදාරනවා. අපට තිබෙන වැදගත්ම දේ තමයි මේ දරුවන් අතර ප්‍රශ්න නැහැ.

  ඒ නිසා අපිට පෙර තිබුණු ඒ අත්දැකීම් ඉදිරියේදී දකින්නට නොලැබෙයි කියන එකට අපිට ඇති එකම සාධකය තමයි මේ දරුවන් අතර තිබෙන සමගිය සමාදානය. ඔවුන් ඉන්නේ සාමාන්‍ය පොදු නේවාසිකාගාරවල ඔවුන් සහභාගී වන්නේ පොදු දේශන සඳහා. ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වැනි සියල්ලක්ම සිදුවන්නේ පොදුවේ මේ දක්වා කිසිම ගැටලුවක් මේ විශ්වවිද්‍යාල තුල සිදු නොවීමට වගබලාගෙන තිබීම සම්බන්ධයෙන් අපි රටක් ජාතියක් වශයෙන් ඇත්තෙන්ම වාසනාවන්තයි.යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා තීරණයක් ගෙන මෙම ස්මාර් කය යාපනය විශ්වවිද්‍යාලයෙන් ඊයේ රාත්‍රියේ ඉවත් කරනවා මා සිතන පරිදි එය ඉතාමත්ම කාලෝචිතයි. අපට අවශ්‍ය වන්නේ යුද්දයේ ස්මාර් ක නොව සාමයේ ස්මාර් කයි. ඒ වෙනුවෙන් අපශ්‍ය කටයුතු අප අපේ දරුවන් සිදුකල යුතුයි. යනුවෙනි.

 



අදහස් (5)

යාපනය සරසවියේ ස්මාරකය ඉවත්කළේ එහි උපකුලපතිවරයාගේ තීරණයක් අනුවයි

කුමාර Sunday, 10 January 2021 10:54 AM

ඒ තර්කය අනුවම රටේ අනිත් ප්‍රදේශවල තිබෙන යුද සැමරුම් ස්මාරක උතුර හා දකුණ අතර සමගියට බාධාවක් නොවන අන්දම පැහැදිලි කරන්න.

:       0       0

janahitha UAETuesday, 12 January 2021 04:03 AM

ජවිපයේ ස්මාරක ඉදිවන්නේ රටක් දෙකඩ කිරීමට උරදුන් නිසා නොවේ. තම මියගිය වුන් සිහිකර දකුණේ ස්මාරක විශ්ව විද්‍යාල තුළ ඉදි නොවේ. එම නිසා උතුරේද එය සිදු නොවිය යුතුය. එය දකුණේ මෙන් වෙනත් තැනක ඉදිකිරීමට අවසර දිිය යුතුය. මෙතුළින් නැවත ස්ථාවර වී ප්‍රහාර දියත් වුණහොත් පළමුව ඔබ පෙරමුණට යා යුතු වෙනවා. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු එතැනදී ලැබෙනවා ඇත.

:       0       0

vikum Sunday, 10 January 2021 05:31 PM

අධ්‍යාපනික ආයතන තුළ මෙබඳු ස්මාරක තිබීම අත්‍යාවශ්‍ය නොවේ... වඩාත් වැදගත් වන්නේ දැනුම පාදක කරගනිමින් යමක් පිළිබඳව වචාරාත්මක කල්පනා කිරීමට, මාගේ සියැසින්ම දැක ඇති මෙම ස්මාරකයෙහි අන්තර්ගත පාඨය ශ්‍රී ලාංකීය අප සැමගේ එ්කීයත්වයට කෙරෙන ප්‍රබල බලපෑමක් වශයෙන් හැඳින්විය හැකියි. විශ්වවිද්‍යාලයක් වනාහී දේශපාලනික හෝ වෙනත් සමාජ බලවේගයක තෝතැන්නක් නොවිය යුතුයි..

:       0       1

janahitha UAETuesday, 12 January 2021 03:58 AM

ඔබගේ ස්වාධීන අදහස හරි. නමුත් දේශපාලන පක්ෂ මෙය අතකොලුවත් කරගෙන ඇත. දකුණේ පක්ෂ මෙය සාධාරණ ක්‍රියාවක් බව ජාත්‍යන්තරයට කියයි. එමනිසා පවත්නා පාලනයේ පැවැත්ම උදෙසා මෙය නැවත ඉදිකළ යුතු වෙනවා. එය අපට ගල් ගොඩක් පමණි. මියගිය අය සිහිකළ යුත්තේ ඔවුන්ගේ පවුල් සථාවර කිරීමෙන්, නගාසිටුවීමෙන් පමණි.

:       0       0

jabala asamagi Tuesday, 12 January 2021 04:07 AM

ද්‍රවිඩ ජනයා සැමවිටම ද්‍රවිඩ ජනයා වෙනවා. මුස්ලිම් ජනතාවත් එහෙමයි. නමුත් සිංහල ජනතාව එසේ නොවේ. සිංහල කතාකරන මුත් ද්‍රවිඩ, තෙළඟු, කර්ණාටක, මළබාර්, ඉන්දියානු, ආක්‍රමණිකයින් වන ඔවුන් කිසිදා සිංහලයන් ලෙස එකට කටයුතු කිරීමට බැරිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 247 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 170 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 446 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 226 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 312 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 500 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 467 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site