IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යෝෂිත වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක

 

(යොහාන් භාසුර)


රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

යෝෂිත රාජපක්‍ෂ මහතා එහි රැඳවීමෙන් පසුව කිසිඳු විශේෂ යමක් ඉල්ලා නොමැති බව කී දිසානයක මහතා ඔහු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්‍ෂ සහ ඩී. වී. චානක යන මහත්වරු බන්ධනාගාරයට අද (26) පැමිණි බව ද සඳහන් කළේය.

එම දෙපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වීම නිසා බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා හමුවීමට කටයුතු සැළසු බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (14)

යෝෂිත වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක

Rasi Sunday, 26 January 2025 04:26 PM

ඔය ක්‍රමයත් නැති කරන්න ඕනෑ. නැත්තම් කුඩු කාරයෝ, මිනි මරුවෝ බලන්නත් මේ රටේ නායකයෝ පිරිවරාගෙන ගිහිල්ලා ජෝගි නැතුව මතක ඇති. මේ රාජපක්ෂ වරුණේ මේ රටේ හොල්මන් කරන එක නවත්තන්න ඕනෑ. මේ මගුල අවුරුදු 25ක් විතර මේ රටේ මිනිසුන්ව නැති කරලා තාමත් ප්‍රවෘත්ති වලින් භාගයක් විතර රාජපක්ෂ... මෙතැනින් එහාට දැන්වත් අපි යායුතුයි.

:       197       105

ඩිනේශ් කුමර් Sunday, 26 January 2025 05:29 PM

රටේ ප්‍රශ්න ජනතාවගෙන් අමතක කරන්න… ගැලරිය කුල්මත් කරන්න… කරන සක්කිලි වැඩ... අඩු ගානේ පොල් ගෙඩියක්, හාල් ටිකක් දීපල්ලා සම්බෝලයි, බතුයි කන්න. පච හැත්ත.

:       72       147

චතුරි Sunday, 26 January 2025 08:54 PM

ඩිනෙශ් ඔයා ඉන්දියන් වෙන්න ඇති ඔයාට සම්බෝලයි බතුයිවත් නැත්ද කන්න කොලකැද කිව්වානම් හරි මොලේ වැඩෙන්න කිසිම ගැලරියක් නැහැ මෙතන අද මේ හොරකම ඔයා කෙරුවානම් ප්ව්ලේ කට්ටියට බලන්න ඉඩ දෙයිද මෝඩයෝ අනුන්ට කඩේ යන්නෙ නැතිව තමුන්ට සලකන හැටි මුන්ට සලකන හැටි වෙනස බලපන් මෙයා බේබිලාට කඩේ යන්නෙ උන් ගෙන් කීය කීය හරි ලැබෙනවා ඇති තමන්ගෙ දෙමව්පියො දුක් විදාලා හමබකරලා කන්න දෙනවා ඒ නම්බුව තියපන් මීහරකෙක් වගේතෙරුමක් නැති කතා නොකියා මුන් වගෙ ගොන්නුත්මුන් එක්කම ඇතුලට දාන්න ඕන.

:       111       51

[email protected]Monday, 27 January 2025 06:13 AM

ඔයා කෝමා වෙලා හිටියද පසුගිය කාලේ වග කිව යුතු පුද්ගලයන් නිසි පරිදි කටයුතු කරලා තියේද බලන්න ඔයාට තේරුම් ගන්න පුලුවන්

:       1       3

fairoos Sunday, 26 January 2025 05:38 PM

කවුරු වැරැදි කරලා තිබ්බොත් දඬුවම් ලැබිය යුතුයි. රට බංකොළොත් කරපු අයට අනිවාර්යයෙන්ම...

:       1       3

ිටිගල මිලානෝ Sunday, 26 January 2025 08:14 PM

ඩී වී චානක පොහොට්ටු පක්ෂයේ නාමල්ට වඩා ඉදිරියෙන් සිටින නිසා එහි නායකත්වය ඩී වී චානකට දිය යුතුයි. නාමල්ට පිටිපස්ස දොරෙන් එන්න පුළුවන් වුනෙත් ඩී වී චානක නිසා…

:       66       26

රුවන් Sunday, 26 January 2025 08:51 PM

යුරෝපයේ කෝඑෂියාව ධනවත්, සංවර්ධිත රටක් වුනේ 2023, ඊට කලින් ඉතිහාසය ලංකාව වගේම කාලයක් යුද්ධය, කාලයක් යටත් විජිත රටක්. නායකයා යහපත්, එඩිතර, බුද්ධිමත් නම් රටක් ගොඩ ගන්න පුළුවන්. ලංකාව සිංගප්පූරුවට කලින් දියුණු කරන්න තිබ්බ රටක්. බලපොරොත්තු අපෙත් දවසක ලෝකයේ සංවර්ධිත රටක් කරන එක.

:       56       26

David Perera Sunday, 26 January 2025 09:31 PM

තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්.......ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා ………

:       34       87

බත් කන හරකා Sunday, 26 January 2025 10:29 PM

කුලියට වැළලෙන අපිට කන්න රතු හාල්, පොල්, බිත්තර නෑ. කුඹුරු කරලා ඊළඟ කන්නෙ අස්වැන්න එනකම්වත්, පොල්ගස් හිටවලා ඵලදාව එනකම්වත්, කිකිළි පැටව් ලොකුවෙලා බිත්තර දානකම්වත් අපිට ඉන්න බෑ. මාස තුනට ඕවා හැදෙන්නේ නැති කතා අපිට වැඩක් ඇත්තෙම නෑ.

:       5       110

nihal Monday, 27 January 2025 12:35 AM

දිනේෂ් කුමාර් විකාර කතා කියන්න එපා...

:       1       0

Kumar Monday, 27 January 2025 01:33 AM

යෝෂිත වරදක් නැති නම් උසාවිය නිදහස් කරයි. අත්අඩංගුවට ගන්නවා කියල ගියා නම් එතන පොඩි යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබුණා.

:       0       1

උඩුධුම්බරා වීරකෝන් Monday, 27 January 2025 08:33 AM

මුන් ඔක්කොම ලෙඩ්ඩුද. අල්ලනකොටම ලෙඩ. මේ සිස්ටම් එකත් චේන්ජ් කරන්න වෙයි.

:       4       3

H .jayasinghe Monday, 27 January 2025 10:03 AM

ඉතින් අපට මොකද ?

:       1       3

Nandalal de Silva - France Monday, 27 January 2025 09:23 PM

අපි අහලා තියෙන විදියට, "වාට්ටුවල" ඉන්නේ "ලෙඩ්ඩු" ? මී හරකෙක් වගේ තඩි කද බඩ තිබෙන මේකා , බෙලිඅත්ත සිට කොළඹට ගාල් කරගෙන එනකොට, මූට හැදුන මහ ලෙඩේ මොකක්ද, වාට්ටුවකට ඇතුල් වෙන්න ? තඩි ඇගේ ලෙඩක්ද, නැත්නම් කූරු ගනන් කරන්න බයට හැදිච්ච හිතෙ ලෙඩක්ද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 107 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1137 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 320 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 782 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site