IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය තාන්ත්‍රික සටනට දයාන් උදව් ඉල්ලයි

දයාන් ජයතිලක ප්‍රවීන ලේඛකයෙකි. විද්වතෙකි. දේශපාලන විචාරකයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ආචාර්ය ජයතිලක දැන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතියග එසැණ වාර්තාකරු සුනිල් ආනන්ද ඔහු සමග කතා බහ කෙළේය. ප්‍රශ්නය - තනාපතිවරයකුගේ ප‍්‍රධාන රාජකාරිය කුමක්ද? පිළිතුර -  තානාපති රාජකාරිය වනුයේ තමන්ගේ රාජ්‍යය සෙසු රාජ්‍යය අතර නියෝජනය කිරීම. එතැනදී මාගේ රාජකාරිය ශ්‍රී ලංකා රාජ්‍යය හා ප‍්‍රංශ රාජ්‍යය අතර ඇති නිල සම්බන්ධතා වර්ධනය  කිරීමයි. එය කළ යුත්තේ පිළිගත් ජගත් සම්මතයන් අනුවයි. ප‍්‍රශ්නය - ඔබ ප‍්‍රංශයට පැමිණ වසරකි. ඒ දෙස හැරී බලන විට සතුටු විය හැකිද? පිළිතුර - මගෙන් සිදුවු ප‍්‍රධාන කර්තව්‍යය වන්නේ ශ්‍රී ලංකාවේ, පශ්චාත් යුද සමයේ සිදුවීයැයි කියන ඇතැම් දේ පිළිබඳ ශ්‍රී ලංකා රජයට විරුද්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය යන මතය යම් ප‍්‍රමාණයකට බල රහිත කිරීමයි. පශ්චාත් යුද සමයේ අවසානය පිළිබඳ යථාර්ථවාදි විග‍්‍රහයක් ප‍්‍රංශයේ ඉහළ නිලධාරින්ටත් ප‍්‍රංශයේ මත නිර්මාණය කරන බුද්ධිමතුනටත් පහදා දීමයි. එහි ප‍්‍රතිපලයක් ලෙස ජගත් මහලේකම්ගේ වාර්තාවට විරුද්ධව ජාත්‍යන්තර මතයක් බිහි කිරීමට හැකිවී තිබෙන බව මගේ තක්සේරුවයි. ප‍්‍රශ්නය - ප‍්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සමාජීය කටයුතු වලට සහභාගි වීම ඔබේ රාජකාරියට අයත් කොටසක්ද? පිළිතුර - ප‍්‍රංශ රාජ්‍යය සහ ප‍්‍රංශ සමාජයේ  ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මගේ ප‍්‍රධාන වගකීමයි. ලෝක බලවතුන් පස් දෙනාගෙන් කෙනෙකු වන ප‍්‍රංශය අපේ රට ගැන දරන මත සහ අදහස් තුලනය කිරීම හා යහමගට හැරවීම මගේ වගකීමයි. ප‍්‍රංශයේ මාධ්‍ය, බුද්ධි ආයතන, සරසවි සමග සබඳතා පවත්වා එම ආයතනයන්හි මත සහ අදහස් අපේ රටට සුභදායක ලෙස යොමුකිරීම මගේ පරම වගකීමයි. මා ප‍්‍රංශයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නියෝජිතයා වශයෙන් මිස ප‍්‍රංශයේ වෙසෙන ලාංකික සම්භවයේ තානාපති ලෙස නොවන බව සැම දෙනාම හොඳට මතක තබා ගත යුත්තකි. ප‍්‍රංශය වැනි විශාල රටක, විශේෂයෙන් පැරීසිය වැනි විශාල අග නගරයක තුන්වන ලෝකයේ රටක් නියෝජනය කිරීම සුළුපටු කරුණක් නොවේ. මහා බලවතකුට ලෝකයේ සිදුකල හැකි දේ බොහෝය. එය අපි ලිබියාවේ දි දුටුවෙමු. අදවන විට සිරියාව සම්බන්ධයෙන් ද එම දේ දැකගැනීමට හැකියි, ලංකාවට ඇති ප‍්‍රධානම උවදුර වැනිදරුස්මාන් වාර්තාව‘ හා එයට අදාල ව්‍යාපාර හමුවේ ඇති භයංකර තතත්වය නිවැරදි කොට ප‍්‍රංශ බුද්ධිමතුන්ගේ මත නිසිම, හැරවීම මගේ වගකීමයි. දෙකෝටියක් වූ ශ්‍රී ලාංකික ජනතාව මගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. ප‍්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සමාජීය, සංස්කෘතික කටයුතු සදහා තානාපති කාර්යාලය නියෝජනය කිරීමට අදාල නිලධාරීන්ට මම උපදෙස්දී ඇත. ප‍්‍රශ්නය -  විශේෂයෙන් ප‍්‍රංශයේ ලාංකික සිංහල පිරිස් මුණනොගැසීම, ඔවුන්ගේ සමාජීය කටයුතු වලට සහභාගි නොවීම, සිංහල භාෂාවෙන් ඇති ලිපි ලේඛන සම්බන්ධව දියාරු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආදි ලෙසට පැරීසියේ සමහර ලාංකිකයන්  චෝදනා කරනවා. ඒ  ගැන කියන්නේ කුමක්ද? පිළිතුර - අපට මෙතැනදී තරග කිරීමට ඇත්තේ විශාල බලවේග සමග සහ දෙමළ බෙදුම්වාදයට හිතවත් සංවිධානය වූ මහා පිරිසක් සමග මොවුන් ප‍්‍රංශ දේශපාලන පක්ෂ සමග විවිධ සම්බන්ධකම් පවත්වනවා. විශේෂයෙන් 2012 ප‍්‍රංශයට ඡන්ද වසරක්. මෙම ඡන්ද වසර ලංකාවට විරුද්ධ බෙදුම්වාදි පිරිස සිය ක‍්‍රියාවලිය උත්සන්න කරනු ඇත. එම නිසා මෙම ඡන්ද සමය හා ඡන්දයෙන් පසු පත්වන ආණ්ඩුව ලංකාව සම්බන්ධව දරන මතය අතිශය වැදගත්. මම පැය විසි හතරම කටයුතු කරන්නේ මෙම ගැටළු ඔළුවේ තබාගෙනයි, එබැවින් සංස්කෘතික කටයුතු භාර නිලධාරියාගේ වැඩ තානාපති විසින් කළයුතු නැත.  මා පත් කැරුණේ අපේ රටේ පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්වු රාජ්‍ය නායකයා විසිනුයි. මා පත් කලේ ප‍්‍රංශයේ සිටින ලාංකිකයන් හෝ වෙන කිසිවකු හෝ සංවිධාන විසින් නොවේ. මා පත්කලේ ලංකාවට ඇති භයානක තර්ජන හමුවේ ලංකාව ආරක්ෂා කිරීමට මිසක වෙනත් කිසිම කෙනකු නැළවීම සදහා නම් මම මෙම තනතුර බාර ගන්නේ නැහැ. ප‍්‍රශ්නය - පැරීසියේ පන්සලක සිංහල සඟරාවක් කියන්නේ, 2011 පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ සේවකයන්ට ද එහි සේවය බලා පැමිණෙන ලාංකිකයන්ට ද ශ්‍රී ලංකාවට ද, මහත් ශෝචනීය තත්ත්වයක් උදාවී ඇති බවයි. රාජ්‍ය නොවන සංවිධානයක හා වරක් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ අසාර්ථක ව්‍යායාමයකට ඍජුවම දායක වූ දයාන් ජයතිලකගේ ආගමනයත් සමග එවැනි දෙයක් සිදු වී ඇතැයි කියනවා. පිළිතුර, එය හාස්‍යය ජනක චෝදනාවක්. මට මතක හැටියට මගේ ජීවිතයේදි රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමග සම්බන්ධවී කටයුතු කළා ඒ 70  80 දශක වලදී ඉන් එකක්  ජාතීන්ගේ යුක්තිය හා සමානාත්මතාවය පිළිබඳ සංවිධානය හෙවත් මර්ඡ්  අනෙක සමාජ විද්‍යාඥයන්ගේ සංවිධානය. මෙම සංවිධාන දෙකේම මම ආරම්භක සමාජිකයෙක්. දැනට දශක දෙකක පමණ සිට එම ක‍්‍රියාවන්ගෙන් දුරස්වී සිටිමි. මෙම වකවානුවේ මගේ තරුණ දේශපාලන ක‍්‍රියාකාරිත්වය මත ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මගින් එවකට ජයවර්ධන රජය පෙරැළීමට කුමන්ත‍්‍රණය කළැයි මා ඇතුළු 23 ‍දෙනකුට අධිචෝදනා 14ක් යටතේ ත‍්‍රස්තවාදය වැළැක්වීම හා හදිසි නීතිය යටතේ නඩුවකට මුහුණ දීමට සිදුවුණා. ඉහත කිසිම චෝදනාවක් අතරට රට දෙකඩ කිරීමේ චෝදනාවක් ඇතුළත් නැහැ. ඒ පමණක් නොව එම නඩුවේ අටවැනි විත්තිකරු වූ එවකට ඊපිආර්එල්එෆ් නායක පද්මනාභ 1990දි ප‍්‍රභාකරන් විසින් ඝාතනය කැරුණා.  නමුත් මොවුන්ගේ දේශපාලන ක‍්‍රියාවලියේ පසුබිමට අයත් වුයේ දමිළ තරුණ ව්‍යාපාරයේ මාක්ස්වාදි කොටස නියෝජනය වු පිරිසයි. ඔවුහු බෙදුම් වාදීහු නොවුහ. එදා එම ව්‍යාපෘතිය වුයේ රට දෙකඩ කිරීම නොව, දකුණේ ජේ ආර් පාලනයෙනුත්උතුරේ ප‍්‍රභාකරන් පාලනයෙන් දෙකඩ වෙමින් තිබු රට එක් කිරිමේ ප‍්‍රයත්නයට උරදීමයි. මෙවැනි හාස්‍ය ජනක ප‍්‍රශ්න අසන පිරිස් එදා සිටියේ කොහේ දැයි මම දැනගැනීමට කැමැත්තෙමි. ඒ පමණක් නොවේ මම රට දෙකඩ කිරීමේ චේතනාවක් හෝ ඒ සමාන ක‍්‍රියාවලියකට සම්බන්ධ වී සිටියේ නම් එදා පශ්චාත් යුද සමයේ ඇති වූ අනතුරෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට මානව හිමිකම් සමුළුවේදි මම මෙසේ ක‍්‍රියා කරනු ඇද්ද? එදා සිට අද දක්වා ජාත්‍යන්තර සමුළුවකදී වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ලංකාවට වාසිදායක ලෙස ලබා ගැනීමට ජිනිවාහි දි එදා මට හැකියාව ලැබුණා. ප‍්‍රශ්නය -  තානාපති ක්‍යයාලයේ තිබූ බුදු පිළිමය ඉවත් කළ බවට පැරීසියේ සමහර සිංහල බෞද්ධ ගිහි පැවිදි පිරිසක් චෝදනා කරනවා. පිළිතුර - ප‍්‍රංශයේ දි අපි කරන්නේ ලංකාවට විරුද්ධව ඇති සීතල සංග‍්‍රාමයෙන්‘ ලංකාව ආරක්‍ෂා කිරීමයි. ප‍්‍රංශයේදි ඇත්තේ භූමි සටනක් නොව බුද්ධි සටනකි. ප‍්‍රංශය යනු ආගම හා රාජ්‍ය වෙන වෙනම තිබිය යුතුයි කියනල ඒ අනුව වැඩ කරන රටක්. එබැවින් එම රටට සුවිශේෂිවූ ක‍්‍රම වලට අපි හැඩ ගැසීම වගේම උපක‍්‍රමශීලීව වැඩ කළ යුතුයි. දෙමල ඩයස්පොරාව ලංකාවට විරුද්ධව නඟන එක චෝදනාවක් තමයි, ලංකාව යනු එක ආගමකට,එක ජාතියකට එක භාෂාවකට පමණක් ආධිපත්‍යය පතුරුවා සෙස්සන්ට දෙවැනි තැන හිමිකර දෙන රටක් ලෙස හංවඩු ගැසීම ඉතින් සතුරාට  වාසිවෙන අයුරින් කටයුතු කිරීමට මම සුදානම් නැත. ප‍්‍රශ්නය -  එවැනි කරුණු ද ඇතුළත් චෝදනා පත‍්‍රයක් ඉහත සඟරාව විසින් පැරීසියේ සිංහල ජනයා අතරට පත්කර තිබෙනවා. පිළිතුර - මෙම ලිපිවල ඇති මුසාව ද්වේශය, වෛරය ගැන මම කනගාටු වෙනවා මුසාව, ද්වේශය, වෛරය නොතිබිය යුතු තැන් හී එය දැකීමට ලැබීම කනගාටුවක්. එය සිදුවන්නේ එසේ නොවිය යුතු පුද්ගලයන්ගෙන් වීම ගැන කනගාටු වන අතරම මම දොස් පවරන්නේ නැහැ. ඉතා දුෂ්ට ලෙස මට චෝදනා කරමින් ඉතා වටිනා දහමක යතිවරයන් අත්සන් තැබීම කනගාටුවට කරුණක් මෙන්ම මම ඔවුනට වෛර නොකරමි. සමාව දෙමි. ඒ වගේම ඔවුන්ට නිසි ආකල්ප බිහිවේවායි ප‍්‍රර්ථනා කරමි. ප‍්‍රශ්නය -  ප‍්‍රංශයේ කොටි හිතවාදි දෙමළ හා හිතවාදි නොවන දෙමළ ජන කණ්ඩායම් දිනාගැනීම සදහා තානාපති මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් ඔබට සැළසුම් තිබේද? පිළිතුර -  ඔව්  එය වැදගත් ප‍්‍රශ්නයක්. කොටි බෙදුම්වාදි පිරිස් සමග මගේ කිසිම හිතවත් කමක් නැතුවා පමණක් නොව එවැන්නන් සමග සබඳකම් පැවැත්වීමට මගේ කිසිම බලාපොරොත්තුවක් ද නැත. නමුත් දෙමළ ඩයස්පොරාවේ මධ්‍යස්ථ මතධාරී දමිළ ප‍්‍රජාව දිනා ගැනීම සදහා මම වෙහෙසෙමි. එමගින් සිංහල දමිළ සහෝදරත්වයේ පාලමක් බිහිකර ගැනීම මගේ ඉලක්කයයි. ඒ සදහා සාක්කියක් පෙන්විය හැකියිග ලෙස පසුගියදා පැරීසියට පිටතින් පිහිටිල වැඩි දෙමළ ප‍්‍රජාවක් වාසය කරන බොන්ඩි නගරයේ දෙමළ පාසලක ත්‍යාග ප‍්‍රදානෝත්සවයක් සදහා මමත් බිරියත් ප‍්‍රධාන අමුත්තන් ලෙස සහභාග වුණා. ඇත්ත වශයෙන්ම එම ජන කොට්ඨාසයේ විවෘතභාවය එයින් හොඳට පැහැදිලි වෙනවා. මෙම සම්බන්ධීකරණ කටයුතු සිදුකළ තානාපති කාර්යාලයයේ නිලධාරීන්ට ස්තුති කරමි. ඒ සමගම දීර්ඝ කාලයකට පසු ශ්‍රී ලංකා තානාපති වරයකුට ලැබුණ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව මගේ වැඩ ගැන ඒ කොටස් අතර  යම් පැහැදීමක් ඇති බව එයින් ගම්‍ය වෙනවා. ප‍්‍රශ්නය -  පසුගියදා ප‍්‍රභාකරන්ගේ හා කොටි ලාංඡන ඇතුළත් මුද්දර ටිකක් ප‍්‍රංශයේ තැපැල් සමාගමෙන් නිකුත් කළා. ඔවුන්ගෙන් සිදුවූ අත්වැරැදීමට සමාව ඉල්ලූවග එවැනි කරුණු සම්බන්ධව පසුවට සමාව ඉල්ලීම ප‍්‍රංශයට සුපුරුදු ජනප‍්‍රිය ක‍්‍රමයක් බව අපි අත්දැකීමෙන් දන්නවා. මේ සම්බන්ධව ඔබ රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් ගත් පියවර කුමක්ද? ඉහත කරුණ මුලාශ‍්‍රය ලෙස පසුගිය 22 වැනි ඉරිදා පැරීසියේ ලා බුර්ඡ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී; තානාපති කාර්යාලයයේ බුද්ධි අංශය හරි හැටි ක‍්‍රියා නොකර නිදි කිරන බවට සමහරුන් චෝදනාවක් නැඟුවා. පිළිතුර - මෙම කරුණ ප‍්‍රංශයට පමණක් විශේෂ වූ දෙයක් නොවේ. මින් පෙර ඇමෙරිකාව, කැනඩාව, ස්විට්සර්ලන්තය, මහා බි‍්‍රතාන්‍යය යන රටවලද මෙවැනි උත්සහා දරා ඇත. ඇමෙරිකාවේදි එය සාර්ථක විය. මේ සම්බන්ධව මගේ තානාපති නිලධාරින් ප‍්‍රංශ රජය සමග සාකච්ඡා කළා. එක් අතකින් මෙම සිදුවීම බෙදුම්වාදීන්ගේ මානසික ජයග‍්‍රහණයක් වුවත්, මොවුන්ගේ මෙම ක‍්‍රියාව හෙළාදැකීම සහ ප‍්‍රංශ රාජ්‍යය හා සමාජය  පිළිකුලකට පත්වීම අපි ලැබූ ජයයහණයක්ග  මෙවැනි කටයුතු සදහා විශාල පිරිසක් අවශ්‍ය නැත. දෙතුන් දෙනකුට ඉතාමත් රහසිගත ලෙස කළ හැකියි. මෙම ක‍්‍රියාකාරකම් සිදුවීමට ප‍්‍රථම දැනගැනීමට නම් එම ප‍්‍රජාව ගෙන්ම එම තොරතුරු දැනගැනීම අත්‍යවශ්‍යවේ. ඒ සදහා ඔවුන් අපවෙත දිනා ගැනීම අනිවාරය සාධකයකි. එසේ නොවී මෙම තොරතුරු දැනගැනීමට නොහැකිවනු ඇත. එය අපේ බුද්ධි අංශයේ වරදක් ලෙස හැදින්විය නොහැකියි. ප‍්‍රශ්නය - අද නැවත වරක් ශ්‍රී ලංකා රජය ජාතික ප‍්‍රශ්නය අරභයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. මින් පෙර තිස්ස විතාරණ කමිටුව හා සර්ව පාක්ෂික කමිටු පත්කර තීන්දු ගත්තාග තවත් සර්ව පාක්ෂික කමිටු පත් කරන්නේ කුමක් සදහාද?. පිළිතුර - වෙනත් සර්ව පාක්ෂික කමිටු පත් කරන්නේ කුමකටදැයි මම නොදනිමි. නමුත් සර්ව පාක්ෂික කථිකාවට සියල්ලන්ම සහභාගිවීම විය යුතුයැයි මම සිතමි එබැවින් කාලය අපතේ නොහැර අවශ්‍යය අදහස් යෝජනා සමග සාකච්ඡා කැර අවසාන තීරණයකට පැමිණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අවශ්‍යය නීතිමය අදියරට පැමිණීම අත්‍යවශ්‍යවේ. එහිදි ඊට විරුද්ධ පිරිසක් හෝ දේශපාලන කණ්ඩායමක් සිටී නම් ඔවුන් ලෝකයා ඉදිරියේ හාස්‍යයට ලක්වේවි. ප‍්‍රශ්නය -  1987 ඉන්දු ලංකා ගිවිසුමට සමගාමිව කරලියට පැමිණි 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහි දැනට ඇති සීමාවෙන් ඔබ්බට ද ගොස් ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත ප‍්‍රකාශ කළබව පසුගියදා ඉන්දීය විදේශ ලේකම්ගේ ආගමනයෙන් පසු මාධ්‍ය වාර්තා කැර තිබුණ. මේ දක්වා කිරීමට නොහැකි වූ මෙම ව්‍යවස්ථා වෙනස වර්තමානයේ දි සංශෝධනයකර ක‍්‍රියාත්මක කළ හැකිදැයි ඔබගේ දැනුම හා රාජ්‍ය ත‍්‍රාන්තික අත්දැකීම් ඇසුරෙන් විස්තර කරන්නේ කෙසේද? පිළිතුර –'දහතුන ධන' ගැන කථා කරන විට අපි දැනට ඉන්නේිදහතුන ඍන‘ කියන තැන. ඉතින් ‘දහතුන ධන‘ කෙසේ වෙතත්ිප‍්‍රතිසංශෝධිත දහතුන‘ කියන තැනට පැමිණීමවත්  වටී. එතැනදී බුද්ධිමත්ව පරිග්‍යාගශීලීවීමද වටින්නේය. ප‍්‍රශ්නය -   දැනට ලංකවේ සංවර්ධන කටයුතු සදහා විශාල ලෙස  මුදල් ආයෝජනය කරනුයේ චීනය හා ඉන්දියාවයි. අනාගතයේදි අපේ රටට අනතුරක් විය හැකිද? පිළිතුර - දැන් චීනය හා ඉන්දියාව සම්බන්ධයෙන් අපේ රටේ අවාසනාවන්ත පිල් බේදීමක් තිබෙනවා. එය යථාර්ථයට පටහැනි දෙයක්. අද ලෝකයේ බ‍්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව නව ආර්ථික බලවතුන් ලෙස ඉදිරියට පැමිෙණන එකතුවක් තිබෙනවාග ඉන්දියාව හා චීනය අතර අද ආසියාවේ  හොඳ සමීකරණයක් පවතිනවා. අන්තවාදී නොවී එම සමීකරණය අප විසින් හොඳ හැටි තේරුම් ගතයුතුයි. අසල් වැසියා තමා ළඟ සිටින තුරු පිටස්්තරයාට අපට අනතුරු කළ නොහැකියි. එබැවින් චීනය ඉන්්දියාව හා ඉන්දියාව චීනය යන සමීකරණයේ පිහිටා කටයුතු කළයුතුයි. ඒ සදහා අද බුද්ධිමත්ව කටයුතු කිරීම අනිවාර්යවේ. ප‍්‍රශ්නය -   දැනට යුරෝපයේ ඇතිවී ඇති මුල්‍ය අර්බුදයට සාපේක්ෂව අපි වගේ දුප්පත් රටවලට යම් බලපෑමක් ඇති කරන්නේද?   එයින් ගැලවීමට මඟක් තිබේද? පිළිතුර - යුරෝපයේ ඇති ආර්ථික අර්බුදය 2012 වසරේදි ජාත්‍යන්තර අර්බූදයක් බවට පත්විය හැකියි. මෙතැනදී අපට කළ හැකි ක‍්‍රම දෙකක් තිබේ. එකක් අපේ ආර්ථික ප‍්‍රතිපත්ති බුද්ධිමත්වල ප‍්‍රඥාගෝචරවල සහේතුකවාදීවල ක‍්‍රියාත්මක කිරීමයිග දෙවැන්න බුද්ධියටල උගත්කමටල සුදුස්සාට නිසිතැන දීමයිග සුදුස්සාට සුදුසු තැන දුන්නොත් අනිවාර්යයෙන්මල ආර්ථිකයල ශක්තිමත්වල හැඩ ගැසේ. එසේ නොදුන්නොත් බාහිර ආර්ථික චණ්ඩ මාරුත ඇතිවන විට දේශීය ආර්ථිකය විශාල තෙරපුමකට හෙල්ලූමකට කඩා වැටීමකට ලක්වෙනවා. එබැවින් අභ්‍යන්තරය ශක්තිමත්ව තබා ගතයුතුයි. අභ්‍යන්තරය ශක්තිමත් යනු තද ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නොවේ. ශක්තිය යනු බුද්ධියයි. සැබෑ ශක්තියක් විය යුතුයි. සැබෑ ශක්තිය යනු බුද්ධිය හා යුක්තය එකතු වූ තැනයි. අද ආසියාවේ සිදුවී ඇති විශාල ආර්ථික ප‍්‍රගතියේ හා ආර්ථික පිබිදීමේ සාධකය එම සැබෑ ශක්තියයි. ආසියාවේ මහා ආර්ථික විප්ලවයේ සැඟවුණු රහස වන්නේ එයයි. යුරෝපයේ ඇතිවී ඇති ආර්ථික පරිහානිය සුළඟක් නම් ආසියාවේ හමා යන මහා ආර්ථික සුළඟට අසුවෙන ලෙසට අපේ රුවල හැරවිය යුතුයි. ප‍්‍රශ්නය - ප‍්‍රංශ පාර්ලිමේන්තුව හා සෙනෙට් සභාව තුර්කියේ සිදුවු  ආර්මේනියා මිනිස් සංහාරය හෙළා දැකීම සඳහා පනතක් සම්මත කළා.  එවැනි දෙයක් කිරීමට අපේ රටට මෙම රට වලින් යම් බලපෑමක් ඇතිවිමේ අවදානමක් පවතීද? පිළිතුර - ඇත්තෙන්ම මම නියෝජනය කරන මෙම රටේ දේශපාලන හැසිරීම කථා කිරීම එතරම් යෝග්‍ය නොවේ. නමුත් යථාර්ථය ගැන යමක් පැහැදිලි කළයුතුයි. විශේෂයෙන් මෙය ප‍්‍රංශයේ මැතිවරණ වසරක්. නැත්නම් මැතිවරණ සමයක් එබැවින් විවිධ ජන කණ්ඩායම් වල දේශපාලන ක‍්‍රියාකාරකම් මත මෙම මැතිවරණ සමයේ විවිධ වෙනස්කම් සිදුවීමට හැකියිග බොහෝම දළ වශයෙන් ප‍්‍රංශයේ සිටින ආර්මේනියා ජන අනුපාතය ලක්ෂ පහක් පමණවේ. තුර්කිය යන විශාල රට විවිධ අංශ වලින් යුරෝපයටත් ප‍්‍රංශයටත් අතිශය වැදගත් රටකි. එසේ නමුත් ඔවුන්ට එරෙහි පනතක් ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ හා සෙනට් සභාවේ සම්මත වුණාග මම හිතතවා මෙය පාඨකයාට තේරුම් ගැනීමට හැකිවේවි කියා. ප‍්‍රශ්නය - ප‍්‍රංශ රජය  ශ්‍රී ලංකාව අරබයා ඇති ආකල්පය ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඔබ විස්තර කරන්නේ කෙසේද?. පිළිතුර - ශ්‍රී ලංකාව පිලිබඳ ඇත්තේ පස මිතුරු ආකල්පයක් නොවේ. එය සුහද එසේ නමුත් සුපරික්ෂාකාරී ආකල්පයක් යැයි හැදින්වීම යෝග්‍ය යැයි සිතමි. ප‍්‍රශ්නය - පැරීසියේ ඓතිහාසික සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ සිසුන් හමුවේ ඔබ දෙසුමක් කළ බව ආරංචියි. පිළිතුර - ප‍්‍රංශය යනු බුද්ධියට ගරු කරන බුද්ධිමත් සමාජයක් හිමි ඒ අනුව ගොඩ නැඟුණු දියණු රටක්. එබැවින් එහි පමණක් නොව ප‍්‍ර‍්‍රංශයේ බුද්ධි ආයතන, සංස්කෘතික මධ්‍යස්ථාන, විශ්ව විද්යාල, උසස් අධ්‍යාපන ආයතන ආදි ආයතන වල දේශන සදහා ඇරියුම් ලැබෙනවා. පසුගියදා රුසියා සංස්කෘතික මධ්‍යස්ථානයේදි නව මානව වාදය යටතේ දේශනයක් කළා. පසුගිය සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පැරීසියේ යුනෙස්කෝ මුලාස්ථානයේදි මානව වාදය, සාමය හා විශ්වත්වය වෙනුවෙන් බුදු දහමේ ඉගැන්වීම යටතේ දේශනයක් කළා. ඒ සදහා තායිලන්තයේ බෞද්ධ විශ්ව විද්‍යයයාලයේ නායක හිමි රන් ආලේප කළ බුදු පිලිමයක් තෑගි කළා. දැන් රන් ආලේප බුදු පිලිමයයිල තානාපති කාර්යාලයේ තිබු බුදු පිළිමයයි දෙකම මගේ නිල නිවසේ උසම ස්ථානය වූල පුස්තකාල රාක්කයේල උසම තැන, ගෞරවයෙන් තැන්පත් කර තිබෙනවා ඉදිරියේදි මම මහන්සි වෙනවා ප‍්‍රංශයේ උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික දරුවන් සදහා බුද්ධි සංගමයක් ආරම්භ කර ඒ මගින් එම දරුවන්ගේ අනාගතයටත් අපේ රටටත් ඔවුන්ගේ බුද්ධියේ සේවය ලබා ගැනීමට. ඒ සදහා මට උදව් කරන්න ප‍්‍රශ්නය -  ජිනීවාහි සේවය  කළ සමයේ ඔබ ගෙන් රටට ඉටුවූ   කාර්යය භාරය ලාංකිකයන්ට දැන ගැනීම පිනිස විස්තර කළ හැකිද? පිළිතුර - එදා මා ඇතුළුව අපි කළ සටන හා එයින් ලැබු ජය සජීවි ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට දැක ගැනීමට ලැබුණා. ප‍්‍රශ්නය -   පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ට ඔබතුමා දෙන පණිවුඩය     කුමක්ද? පිළිතුර -   මම කරන්නේ රාජ්‍ය ත‍්‍රාන්තික කටයුතු. අපේ රටේ සතුරු උවදුරු වලින් බේරා ගැනීම මගේ ප‍්‍රධාන රාජකාරියවේ. එබැවින් එයට අකුල් නොහෙළා මට සහායවී ධෛ ර්‍්‍යය දෙන ලෙස ඉල්ලා සිටිනවා.



අදහස් (0)

රාජ්‍ය තාන්ත්‍රික සටනට දයාන් උදව් ඉල්ලයි

අමිල Wednesday, 01 February 2012 08:30 PM

මොහු අද සිටින තැන ගැන සතුටුයි..

:       0       0

නෙල්සන් Wednesday, 01 February 2012 10:49 PM

දයාන් මහතාට ජයවේවා..

:       0       0

සුදත් Wednesday, 01 February 2012 11:04 PM

ශ්‍රී ලංකාව එක ආගමකට විතරක් සලකනවා කියන චෝදනාවෙන් මිදෙන්න තානාපති කාර්යාලයෙ බුදු පිලිමය ඉවත් කරල හරි යනවද? හැම ආගමකටම සලකන බව පෙන්නන්න හැම ආගමකම නියෝජනයන් ප්‍රදර්ශණය කලානම් නේද හොඳ?

:       0       0

නෙල්සන් Wednesday, 01 February 2012 11:38 PM

ජයවේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 656 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 803 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 365 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 219 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 316 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 692 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site