මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම් ආයතනය) පිළිබඳ ප්රශ්නය විසඳීමට රජය විසින් ගෙන එන ලද යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. රජයේ එම යෝජනාවල පිටපතක් තවමත් ලැබී නැතැයිද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.
පසුගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගන්නා බවයි. සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ විභාගයකට පෙනී සිටීමට සිදුවන බවත්, හෝමාගම සහ අවිස්සාවේල්ල රජයේ රෝහල් වල සායනික පුහුණුව ලැබෙන බවත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් ගැසට් කරන බවත් පසුගිය සිකුරාදා නිවේදනය කෙරිණ.
කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයට දෙන විසඳුම තමන් විසින් බලධාරීන්ට ලබාදුන් කරුණු පහක් සහිත ලියවිල්ලට අනුව සිදුවිය යුතුයැයිද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියයි.
එම ලියවිල්ල සකස් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සියලුම වෛද්‍ය විද්‍යාල පීඨාධිපතිවරුන් හා ආචාර්යවරුන්ගේ සංගම් එක්ව ගත් තීරණ අනුවය. එම යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර මේ ගැටළුව අධ්‍යනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සඳහා කමිටුවක්ද පත් කෙරිණ.
සයිටම් ආයතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම නතර කරන ලෙසත්, එම ආයතනයේ උපාධි ප්රදානය කිරීමේ බලය අහෝසි කරන ලෙසත් හා සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට සුදුසු විසඳුමක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ සඳහන් වේ.
සයිටම් ආයතනය පිළිබඳ ප්රශ්නය විසඳීමට රජය ගෙන ආ යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරයේ ප්‍රතික්ෂේප කරන අතරම රජයේ ඉලක්කය විය යුත්තේ සයිටම් ආයතනය රජයට පවරාගැනීම බවත් එම ලියවිල්ලෙන් අවධාරණය කෙරේ.
“අපේ යෝජනාවලින් වෛද්‍ය අධ්‍යාපනයේ මෙන්ම රෝගීන්ගේ අයිතිවාසිකම් ද රැකෙනු ඇත“ යයි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අවධාරණය කරයි.
- සන්ඩේ ටයිම්ස් අනුග්රහයෙනි
(042)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ යෝජනා ප්‍රතික්ෂේප කරයි
aravinda Sunday, 09 April 2017 12:21 PM
තමන්ගේ ගෝත්‍රයට තර්ජනයක් වෙන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කිරීම හැර, වෙන මොනවා කරන්නද?
roshan Sunday, 09 April 2017 12:21 PM
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ යථාර්තය. ඇට නැති දිවෙන් බොරුව සමාජ ගතකරලා මීහරක් රැලක් මහපාරට බස්සවලා රෝහලක් හෝ අධ්‍යාපන ආයතනයක් වහන්න කාට හෝ පුළුවන් වෙයි එත්, සත්‍යය හැමදාම වහන්න ඔය කාටවත් බැහැ. වෙස් මුහුණු වලට රැවටිලා ඉන්න මනුසතුන්ට අසනීපෙකට බෙහෙත් ගන්න පෞද්ගලික රෝහලට ගිහිල්ලා රෝහලේ බිල දුටුවාම දන්නෙම නැතිව "උම්බෑ " කියලා කටින් පිටවෙද්දී,, අන්න එදාට තේරෙයි ශ්‍රී ලංකා වෙද මාෆියාවේ තරම??
විකුම් රංගන Sunday, 09 April 2017 12:40 PM
එකක් දැන ගන්න,.. අනෙක් අයට තියෙන අයිතියම තමයි මේ අයටත් තියෙන්න ඔනෙ. රටේ ජනතාවගේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපිටම කොකා පෙන්වන අයට නිසි පියවර ගත යුතුයි. මේ ප්රශ්නය විසඳීමට රජය කටයුතු කල යුතුයි.
රොමේෂ්Sunday, 09 April 2017 03:19 PM
පිනට ඉගෙනගත්ත එක නම්බුයි මේ වගේ පවට ලියවෙච්ච කොමෙන්ට්ස් කියවනවට වඩා.
විකුම් රංගනMonday, 10 April 2017 06:11 AM
රොමේෂ්, පිනට ඉගෙන ගත්ත එක නම්බුයි තමයි, දොස්තර කෙනෙකුත් වෙලා කළුකඩ මුදලාලිලා වගේ හැසිරෙන්නේ නැතිව, තමුන්ගේ මතය ඔහේ කැමති විදිහට ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න එපා....
රොමේෂ් Sunday, 09 April 2017 07:12 PM
දොස්තරවරු පිනට ඉගෙනගනිද්දී ඔය මහත්තයා ඉගෙන ගත්තේ පවටද ? හැමෝටම දොස්තරවෙන්න බැහැ. ඒවගේම තමයි හැමෝට කොන්දොස්තරලා වෙන්නත් බැහැ.
ලහිරුMonday, 10 April 2017 07:10 AM
හැමෝටම කුහකයො වෙන්නත් බෑ..
රොමේෂ්Monday, 10 April 2017 10:01 AM
ලංකාවේ මිනිස්සුන්ට "පිනට" ඉගැන්නුවේ නැතිනම් අද මේ ටික ලියන්න මම අකුරු දන්නෙත් නැහැ. මම ලියපු දේ කියවන්න ඔබ අකුරු දන්නෙත් නැහැ. මේ මොහොත වෙද්දී මේ පුවත්පත් කියවන ඕනෑම පාඨකයෙක්, ඔයා ඔය කියන "පිනට ඉගෙනගත්ත ඒක ප්‍රතිඵලයක්". මුලින්ම ඒක පිළිගන්න නිහතමානි වෙන්න. අපි එදා "පිනට" දුන්දේ වුවත් උපරිමයෙන් ගත්නිසා, හෙට නිදහස් අධ්‍යාපනය නැතිකලත් අපේ දරුවන්ට ඉගැන්වීම සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් හැමෝටම ඒ අවස්ථාව නැහැ. ඉහලට නගින්න උදවුකල ඉනිමඟ ගිනි තපින්න දරට ගන්න තරම් කුහක වෙන්න එපා. .
ලහිරුMonday, 10 April 2017 10:27 AM
ඇයි හැමතිස්සෙම වලිගෙ පාග ගන්නෙ...විකුම් කොතනද කියල තියෙන්නෙ පිනට උගන්නන්න එපා කියලා? පිනට ඉගෙනගෙන රටේ මිනිස්සුන්ට කොකා පෙන්නන්න එපා කියල තියෙන්නෙ. ඔයාගේ අදහස් කියවද්දී ඔයා ඉස්කෝල ගියාද කියලා සැකයි...
චන්ද්‍රා Sunday, 09 April 2017 02:55 PM
ඇත්ත තමයි. මේ දීලා තියෙන විසඳුම නෙවිල් ප්‍රනාන්දු දොස්තරගේ ප්‍රශ්නයට. රටට වත් ශිෂ්‍යයන්ටවත් නෙවෙයි ...
Gayan Sunday, 09 April 2017 03:10 PM
කොකා පෙනෙයි සුදු නැති අය දොස්තරලා වෙලා එකදිගටම මිනිස්සු මැරෙනකොට... ඕක රජයට පවරගත්තා නම් ඉවරයිනේ... කොහේද? ඉතින් රටේ මෙහා කොනේ ඉඳන් එහා කොනට යනකම් තියෙන සේරම විකුණගෙන කන්නනේ මේ ආණ්ඩුවට ඕනේ....
priyankara Sunday, 09 April 2017 03:20 PM
විදේශීය රටවල් වලට ගොස්, ඒ රටවල් වලින් උපාධිය අරන් මෙහේ වීභාගය ලියල රජයේ රෝහල් වල වැඩ කරන වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා. මේ සයිටම් එපා කියල කෑ ගහන වෛද්‍යවරු ඒවගේ ප්‍රමිතිය ගිහින් බැලුවද? මේ අයට ඕනේ කට්ට කාල ඔයාලත් අපි වගේ වෙන්න කියන හැඟීම. ඇයි අවූරුදු 05ක් කට වහගෙන ඉඳල දැන් කෑ ගහන්නේ, අහිංසක රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරගෙන මේ අය එයාලගේ අරමුණ ඉටු කරගන්න හදන්නේ. රජය ඉක්මනටම තීරණයකට එලඹිය යුතු කාලය හරි...
roshan Sunday, 09 April 2017 03:24 PM
ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. නමුත් ඒක සිදුවිය යුත්තේ ඉල්ලුම සැපයුම මත. මොකක් හරි අවාසනාවකට ලංකාවේ හැමෝටම ඕනේ තමන්ගේ ළමයා දොස්තර කරන්න. සයිටම් එකෙන් කරන්නේ ඒ මෝඩකම පාවිච්චි කරලා විශාල ලෙස මුදල් ඉපයීම... සයිටම් එකේ ඉන්න සිසුන් ගැන හරි අධ්‍යනයක් කරොත් ඒක තේරෙයි.
කරුණාපාල Sunday, 09 April 2017 04:05 PM
මේ රට පාලනය කරන්නේ, රජයද? එහෙම නැත්නම්, මාෆියා වෙද සංගමයද? මේ වෙද මාෆියාව තුල ජනතාව හිතනවාට වඩා වෙනත් අරමුණක් ඇත. වෛද්‍ය අධ්‍යාපනයට කලින් වෛද්‍ය මාෆියාවට එරෙහිව පෙළ ගැසෙව්!!! පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට හා පෞද්ගලික සෞඛ්‍ය සේවයට එරෙහිව පෙළ ගැසෙව්!!!
roshan Sunday, 09 April 2017 04:22 PM
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ යථාර්තය. ඇට නැති දිවෙන් බොරුව සමාජ ගතකරලා මහපාරට බස්සවලා රෝහලක් හෝ අධ්‍යාපන ආයතනයක් වහන්න කාට හෝ පුළුවන් වෙයි එත්, සත්‍යය හැමදාම වහන්න ඔය කාටවත් බැහැ. වෙස් මුහුණු වලට රැවටිලා ඉන්න මනුසතුන්ට අසනීපෙකට බෙහෙත් ගන්න පෞද්ගලික රෝහලට ගිහිල්ලා රෝහලේ බිල දුටුවාම දන්නෙම නැතිව "අම්මෝ" කියලා කටින් පිටවෙද්දී,, අන්න එදාට තේරෙයි ශ්‍රී ලංකා මාෆියාවේ තරම...
de silva Sunday, 09 April 2017 04:25 PM
ජනතාවගේ සල්ලි වලින්ම ඉගෙන ගෙන ජනතාව ප්‍රාණ ඇපයට අරන් වර්ජනය කරන ජනතා හතුරන්ට විරුධව ජනතාව පෙළ ගැසීමට කාලය පැමිණ ඇත .
S.M.R.SAMARAKOON Sunday, 09 April 2017 07:23 PM
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගන්නේනම්, අනතුරුව එහි නඩත්තුවට රජයේ මුදල් වැයකළ යුතු වන අතර, එය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන බවද එම පුවත්පත් නිවේදනයේ සදහන්ව ඇත. මේ ආකාරයෙන් සිදුවනුයේ නම් , රෝගීන්ට රජයේ රෝහලක සේ නොමිලේ ප්‍රතිකාර කල යුතු අතර, එම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම එය කිසියම්වෛද්ය පීටයකට අනුභද්ධ කොට, "Z" අගය පදනම් කරගෙන ඇතුලත් වන සිසුන්ට පමණක් භාව්තයට ඉඩදිය යුතුයි. ඒ මන්ද යත්, මීට වැය කරනුයේ රජයේ මුදල් නිසා. එය එසේ සිදුවේ නම් සයිටම් ප්‍රශ්නයට ද මෙය විසදුමක්හි වීමට ඉඩ ඇති අතර,එවිට මෙමගින් ඇතිවන ගැටළුවක් මා නොදකිමි.
channa Monday, 10 April 2017 12:41 AM
ඔය ප්‍රශ්නයට වෛද්‍ය සංගමයට චෝදනා එල්ල කරලා වැඩක් නැ. ඒ අය පහුගිය කාලේ කල උද්ඝෝෂන දෙස බලල හරි තමුන්ගේ දේශපාලන පක්ෂය රටේ ආණ්ඩුව කරනවා කියල හරි බැනල වැඩක් නැ. මේ උද්ඝෝෂන ඇති වෙන්න කලින් කොච්චර කාලයක් තිබ්බද ඔය ප්රශ්නය විසදන්න. ඔය සයිටම් ප්රශ්නයේදී රජය පැත්තෙන් ඉන්න බලධාදාරිය වන්නේ වෛද්‍ය සබාවයි. ඒ අය තමයි පුද්ගලික වේවා රජයේ වේවා සියලු වෛද්‍ය අධ්‍යාපනය ගෙන තීන්දු තීරණ ගන්නේ. එහෙම නැතුව ඇමැතිවරුයි නෙවිල් ප්රන්දුයි හෝටල්වලට ගිහින් මත්වෙලා නෙමෙයි. වෛද්‍ය සබාවේ තීරණයට අකමැති නම් ඔය සයිටම් එක අනිවාර්යයෙන් රජය විසින් වහල දාන්න ඕන. එක තමයි අවසාන විසදුම විය යුත්තේ. මොකද වෙනත් විෂයක් වගේ නෙමේ වෛද්‍ය වෘත්තියවෛද්යවරයෙක් සේවය කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක.
NimalasiriMonday, 10 April 2017 04:21 AM
ප්‍රමිතිය තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය. කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගව ගාල් වැනිය. ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද ? මේ කෑ ගහන දොස්තරලාගේ දරුවෝ...., බංගලිදේශයේ, ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ, පිලිපීනයේ, රුසියාවේ, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන් කරන්නට දඟලන ඒකත් මේ වගේමය. බමුණු කුලය රැක ගත යුතුය. ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ. හොද්ද බොරවෙන බව දන්නා නිසාය . නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩ දෙන්නේ නැත. මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ.
WijebahuMonday, 10 April 2017 05:55 AM
හැමදේම නිකන් දෙන්න ගියාම වෙන දේ එකයි.
d bandula Monday, 10 April 2017 12:58 AM
මේ ගැටලුව තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මුන්ගේ මොලේ , දැන් නම් අහෝසි කරන්න ඕන සයිටම් එක නෙමයි වෛද්‍ය සභාව , මේ හදන්නේ මිනිස්සුන්ට බෙහෙත් ගන්න පුද්ගලික රෝහල් වලට තල්ලු කරන්න ඇයි රජයේ ඒවා වහගෙන නේ ඉන්නේ , ඔන්න ජනාධිපතිතුමනි මඩු වලිගෙ එලියට ගන්න හොඳම වෙලාව
සිරිMonday, 10 April 2017 07:52 AM
වෛද්‍ය සභාවයි, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයයි පටලවා ගන්න එපා. දෙවැන්න වෘත්තිය සමිතියක්. වෙනත් වෘත්තිය සමිති වගේ ඒ ගොල්ලන් කියන්නෙත්, දියව්, වහවු, කරවු, ගනිවු, පලයවු වගේ සෘණාත්මක දේවල් විතරයි. ඒ ගොල්ලන්ට කවදාවත් ධනාත්මක චින්තනයක් වත් ප්‍රශ්නයක් විසඳීමට ප්‍රයෝගික විසඳුම්වත් නැහැ. තමන්ගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා වෙනුවෙන් පමණයි පෙනී සිටින්නෙ.
ඉයන් Monday, 10 April 2017 01:16 AM
ලෙඩුන් වෙනුවෙනුයි සටන් කරනේ එහෙම කරන්නේ සයිටම් ලමයින්ට සායනික පුහුණුව නැහැ කියන එක උඩ නේද වර්ජන කලේ? සායනික පුහුණුව දෙන්න ක්‍රමය හරිගැස්සුවයින් පස්සේ ඊලඟට ආයතනය වහන්න කියන්නේ ඇයි. සායනික පුහුණුව සහ වෛද්‍ය මණ්ඩල විභාගය සමත් වුණත් ඒ අය ලෙඩ්ඩුන්ට හොඳ නැත්ද? ඒක ලෙඩ්ඩුන්ට සහ සමාජයට තීරණය කරන්න දෙන්න. ඔයගොල්ලෝ කාර් පර්මිට් හොර ඕටී දාගෙන වරජනය කරකර ඔය විදිහටම යන්න.
lanka Monday, 10 April 2017 01:44 AM
මේ දොස්තරලට පුද්ගලික රෝහල් හරිම ශෝක්. නිදහස් සෞඛ්‍යට ඒවා ඕන. නැත්නම් මේ අය ඒවටත් විරුද්ද වෙන්න ඕනෙනේ. මේ අය ජනතාවගෙන් ගුටිකන දිනය ලංවෙනවා.
Ariyapala Hewage Monday, 10 April 2017 02:02 AM
වර්තමානයේ ශ්‍රී ලංකාවේ උගතුන්ට ලෝකයේ ඉහල පිළිගැනීමක් තියෙනවා. ඒ උසස් ප්‍රමිතිය සහ පූර්ණ දැනුම නිසා. මෙම තත්වය බාල කිරීමක් තුල ලෝකයේ අපේ උගතුන්ට තිබෙන තැන නැතිවී යනවා. එතකොට වර්තමානයේ අනෙකුත් සියලු දේවල් පිටරටින් ගේනවා වගේ උගතුන් පිටරවලින් ගේන්න සිදු වෙනවා.
ChandanaMonday, 10 April 2017 08:36 AM
ඔය කියන විදිහේ උගතුන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවුනේ ඉස්සර... තවමත් පිළිගැනීමක් තියෙන්නේ 70-80-90 දශක වල අපේ විශ්වවිද්‍යාල වලින් බිහිකළ උගතුන්ට පමණි. වර්තමානයේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ උගතුන් නොව ආත්මාර්ථකාමී පිරිසකි. ඒ බව GMOA එකේ ඉන්නා රැලේ කෙරුවාවෙන් මොනවට පැහැදිලි වෙයි.
Dhanushka Monday, 10 April 2017 02:12 AM
මේ පෙළගැසෙන්නේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව තේරුම් ගැනීමට මහා මොලයක් අවශ්‍ය නැත. මේ පෙළගැසෙන්නේ හොඳම දොස්තරලා පසුපස දුවන අහිංසක මිනිසුන්ගේ අනාගතය උදෙසාය. මොකද දේශපාලුවන් (මොන පක්ෂේත්) කැස්සට බෙහෙත් ගන්නෙත් සිංගප්පූරුවෙන් නිසා ඔවුනට මේ ප්රශ්නය අදාල නැත. අඩු ප්‍රමිති වෙදුන් බිහි උනාට රජයේ වෙද සිසුන්ට ගැටළුවක් නැත.ඔවුන් නව වෙද පරපුරක් බිහි වෙනවට අකමැති නම් කුමටද වයඹට සහ සබරගමුවට වෛද්‍ය පීට ඉල්ලන්නේ? ඒ සුදුසුකම් ලත්,සල්ලි ඇති හෝ නැති, වෛද්‍යවරයෙක් වීමට එදාට නොහැකි වන තවත් දක්ෂ පිරිසකට වෛද්‍යවරයෙකු ලෙස පුහුණු වී අප රටට,ලෝකයට සේවය කිරීමටය.
samira Monday, 10 April 2017 02:15 AM
දැන් මෙතන GMOA එකට පලුයන්න බනින්නේ නෙවිල් ප්‍රනාන්දුගේ ඉස්පිරිතාලේ විතරක් අරගෙන එයාගේ දොස්තරලා පුහුණු කරන බිස්නස් එක එයාට ඕන විදියට කරගෙන යන්න දෙන්නේ නැහැ කියලනේ ඉතින් ඔය කියන වෙද්‍ය විද්‍යාලෙත් ආණ්ඩුවට දීල දමන්නකෝ එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ එතකොට ලංකාවේ එකම විභාගෙකට පෙනිලා ඉඳපු එක සුදුසුකම් වලින් කට්ටිය තේරිලා ඕකට යයි
damith Monday, 10 April 2017 02:45 AM
ඔය කමෙන්ට් දාන මහත්තරුන්ට කියමු අපි සයිටම් දොස්තර මහත්වරුන්ගෙන් බෙහෙත් ගන්න කියල අනික ඇමතිවරු රට ගිහින් බෙහෙත් කරන එකත් නවත්තමු. මොකද එයාල කියනවනේ සයිටම් දොස්තර මහත්වරු හොදයි කියල
ලුම්බිණි Monday, 10 April 2017 02:55 AM
ආර්ථික විද්‍යාව කල ඕනෑම කෙනෙක් දන්නවා ඒකාධිකාරයක තිබෙන අනිසි ප්‍රතිපල. රජයේ රෝහල් වල සේවය කරන දොස්තරලට පුද්ගලික මධස්ථාන වල සේවය කිරීම තහනම් කල යුතුයි. එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නම් සයිටම් රජයට පවරා ගන්න.
sg Monday, 10 April 2017 03:01 AM
රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේදී තීන්දු ගත යුත්තේ රජය මිසක් වෘත්තිය සමිති නොවේ. ඔවුන්ගේ හඩට ඇහුම්කන් දීම රජයේ ප්‍රතිපත්තිය විය යුතුය
roshan Monday, 10 April 2017 03:53 AM
මාත් ඉල්ලා සිටිනවා කොමෙන්ට් දාන වීරයන්ගෙන් තමන්ගේ ළමයින්ගේ ඔපරේෂන් එකක් එහෙම සයිටම් දොස්තරලාගෙන්ම කර ගන්න කියල.
roshan Monday, 10 April 2017 03:59 AM
මෙතන ප්රශ්නය තියෙන්නේ සයිටම් එකට යන ළමයින්ට දොස්තර කෙනෙක් වෙන්න කුසලතාව තියනවද කියන එක. එහෙම තියනවා නං ඇයි උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට නොගියේ.
kalpa Monday, 10 April 2017 04:02 AM
වෛද්‍ය සංගමයට රටේ පාලනය ලැබුනොත් සයිටම් අහෝසි කරන්නේ නැහැ මොකද ඔවුන් දන්නවා විදේශ වලින් වෛද්‍ය උපාධි ගැනීමට විශාල මුදලක් පිටරටට ඇදියන බව ඔවුනුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරාවී ඉන් පස්සේ කියාවි කියනකොට එහෙම වුනත් මිනිසුනේ දැන් වෙනු සමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියල
roshan Monday, 10 April 2017 04:03 AM
අන්තිමට හැමෝම දොස්තර නං ඇයි සුදුසුකම් දෙකකින් බදවා ගන්නේ.
Nimalasiri Monday, 10 April 2017 04:27 AM
සයිටම් ආයතනයේ ශිෂ්‍ය ඩිල්ෂාන් සම්පත් 2011 අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විෂයයන් තුනටම ‘ඒ‘ සාමර්ථ ලබා ගනිමින් සමත් විය. ඔහුගේ ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9191 කි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන් රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගැනීම සඳහා සළකා බැලූණු ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9196 කි. ඒ අනුව, කොළඹ මට්ටමට සාපේක්ෂව 0.0005 ක් වැනි හිඟයක් නිසා ඔහුට විශ්ව විද්‍යාලයේ දොර වැසුණි. මතක තබා ගත යුතු කාරණය වන්නේ, මොහුට විශ්ව විද්‍යාලයේ දොරටු වැසෙන්නේ විභාගය අසමත් වීම නිසා නොව, විභාගයෙන් ඉහළම ‘ඒ‘ සාමර්ථ තුනක් ලබා සිටියදීත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම නිසා වන බවයි. මේ ක්රමයේ අමානුෂික හෙළුව පෙන්වන අපූරු ඛේදවාචකය මේ කතාව පසුපසම සැඟවී තිබේ. ඇත්තෙන්ම ඩිල්ෂාන් ඉපිද ඇත්තේ කොළඹ නොවේ. ඔහු උපන්නේ මාතර ය. එහෙත් මාතර නොදියුණු පාසලක 5 ශිෂ්‍යත්වයෙන් ඔහු ඉහළින්ම සමත් විය. ඉතිං ඔහුගේ ඉදිරි අධ්‍යාපනයට ‘අතහිත දීමක්‘ වශයෙන් ඔහුව කොළඹ ආනන්ද විද්‍යාලයට තෝරා ගැනුණි. අවසානයේ, ඔහුට රජයේ විශ්ව විද්‍යාලය අහිමි කරනු ලැබුවේ, රජයේ 5 ශිෂ්‍යත්වයෙන් ලද ඒ ‘අතහිත දීමයි.‘
SusilMonday, 10 April 2017 09:24 AM
මේ ගැන මොකක් කියාවිද? දන්නෙ නැහැ... අර "සයිටම් එකේ ඉන්නෙ සුදුසුකම් නැති අය" ය කියන එක්කෙනා.
අයි. ඕ. සිරිසේන, Monday, 10 April 2017 04:55 AM
අතීතයේ සිටම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලංකාවේ පටන් ගන්න කරපු සියලු උත්සාහ නිෂ්ඵල කලේ එමගින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙනවාය කියමින් විශ්ව විද්‍යාල සිසුන් උසිගන්වා මහත් කලබැගෑනියක් රටේ ඇති කිරීමයි... වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොහොතකටවත් රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් පිටරට ඇදිල යන එක නවත්වන්න වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවද? සමහර පිටරට වෛද්‍ය විද්‍යාල උපාධිය ලබාදීම දක්වා අයකරන මුදල රුපියල් කෝටි 3-5 ක් විතර වෙනවා. ලාබෙට උපාධිය ලබාදෙන රට වලට තමා හුඟක් සිසුන් යන්නේ. සමහර එවැනි උපාධි පාඨමාලා සමහරක ලංකාවේ මෘත ශරීර කපලා ඉගෙන ගතයුතු anatomy වගේ විෂයයන් අන්තර්ජාලය මගින් තමා උගන්නන්නේ. එවැනි තැන් වල තියෙන අඩුපාඩුත් GMOA එක පෙන්නන්න යනවාද ? නැහැ. ඒ අයගේ ප්‍රමිතිය මනිනු ලබන්නේ Act 16 විභාගය සමත් වීම මගිනුයි. සයිටම් උපාධිධාරීන්ටත් Act 16 විභාගයට පෙනිසිට සමත් වීමට ඉඩහැරීම පමණක්මයි කලයුත්තේ. රෝහල රජයට ගැනීමේ තීන්දුව ප්‍රශංසා කලයුතු හොඳ පියවරක්. එමගින් එම රෝහල නොමිලයේ ප්‍රතිකාර කරන ශික්ෂණ රෝහලක් වගේම, තියෙනව කියන අඩුපාඩු රහිත තැනක් බවටත් පත්වේවි.
Sena Monday, 10 April 2017 05:01 AM
රජයේ වෛද්‍යවරුන් එක්ක තරහට සයිටම් එකට කඩේ යාම තරහට නහය කපා ගැනීම වගේ. මොකද සයිටම් කට්ටියත් ඉල්ලන්නේ රජයේ වෛද්‍යවරු වෙන්න. ඔවුනුත් පසුව GMOA සාමාජිකයෝ වෙනවා. එහෙනම් ඇයි මේ අය ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් වල රැකියාවට ඉල්ලුම් කරන්නේ නැත්තේ, මොකද සයිටම් කට්ටිය දන්නවා ඒවගේ ඔවුන්ට කම්කරු රැකියා හැර වෙනත් ඒවා නොලැබෙන බව. සයිටම් හදන්නේ රජයේ රෝහල් වලට එන දුප්පත් රෝගීන් බිල්ලට දීල තමන්ට දොස්තර වීමේ හීනය හැබෑ කරගන්න. මේක තේරුම් ගන්නැතුව සයිටම් මගඩියට කඩේ යන රැලක් සිටීම රටේම අවාසනාව.
ඇසළ Monday, 10 April 2017 05:05 AM
ඇයි දොස්තර සංගමේට මෙහෙම කියන්න බැරි. රටේ සම්පත උන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සම්පුර්ණයෙන්ම සයිටම් රජයට පවරා ගන්න. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන අහිංසක ජනතාවගේ බදු මුදල් වල නියම ප්‍රතිඵලය ජනතාවට ලබා දීම සදහා පුද්ගලික රෝහල් සියල්ලම රජයට පවරා ගන්න. පුද්ගලික චැනල් සේවා තහනම් කරන්න. සෞඛ්‍ය සේවය, පොලිස් සහ හමුදා සේවා මෙන් අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න. සියලුම රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරන්න. කොටින්ම වැඩේ ගොඩින් බේරා ගත හැකියි. වැඩ වර්ජන අවශ්‍ය නැහැ. මේ ගොල්ලෝ මෙහෙම කියයිද?
gamunu Monday, 10 April 2017 05:25 AM
මේ ප්රශ්නයේදී රජයට සහයෝගය දීම විරුද්ධ පක්ෂයෙන් සිදුවිය යුතුයි. රජයේ වෛද්‍යවරු ලබන ආත්මයේ අළුගෝසු ආත්මය ලබයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අපට අවශ්‍යයි.
Pitigala milano Monday, 10 April 2017 05:32 AM
මෙය රජයට පවරාගෙන අනෙක් විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කරන ක්‍රමයටම කටයුතු කරන්න.නෙවිල්ගේ රෝහල නෙවිල්ටම තියාගන්න දෙන්න. දැනට ඉන්න සිසුන්ට නෙවිල්ගේ අත්සනින් උපාධියක් දී වහාම විදුහලෙන් පිට කරන්න. රැකියාවක් සොයා ගැනීම ඒ අයටම බාරයි.
WijebahuMonday, 10 April 2017 06:00 AM
ඔබතුමාගේ සිතුවිල්ල හරිම නපුරුය.
Lalin Monday, 10 April 2017 06:13 AM
දොස්තරලාට බෙහෙත්කඩ දා ගන්න හොඳයි. මේක විතරයි වැරදි. හොර දොස්තරලව අයින් කළානම් ඉවරනේ...
විකුම් රංගන Monday, 10 April 2017 06:37 AM
මේ වෛද්‍ය සංගමයට රටේ ජනතාව ගැන ඔච්චරටම ආදරයක් තියනවා නම්, ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත්ත ඔවුන්ට පුළුවන්නේ, රජයේ රෝහල්වල පමණක් සේවය කරන්න. එවිට සයිටම් වගේ පෞද්ගලික ආයතන වලින් ඉගෙන ගත්ත අයට වෙන්නේ, පෞද්ගලික රෝහල් වල පමණක් සේවය කරන්න. එවිට රෝගී ජනතාව මුදල් වැයකොට නුසුදුසු වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න පෞද්ගලික රෝහල්වලට යන එකක් නැහැ. එහෙම උනොත්, චැනල් කළුකඩ හා පෞද්ගලික රෝහලුත් ඉබේටම වැසෙයි. රජයේ රෝහල් වල දක්ෂ වෛද්‍යවරුන් සේවය කරන විට රෝහල් වල ප්‍රමිතියත් ඉහල යයි. වර්තමානයේ ප්‍රමිතියෙන් යුත් නිදහස් සෞඛ්‍ය සේවය ගැන වෛද්‍යවරු කතා නොකරන්නේ, තමන්ගේ පොකට් එකට තට්ටු වෙයි කියන බිය නිසා තමයි කියලයි අපට හැඟෙන්නේ.....
sugath Monday, 10 April 2017 08:09 AM
අනේ මෙහෙම කුහක හා පටු ආත්මාර්ථය වෙනුවෙන් සටන් කරන ගොන් රැලක් , ලෝකේ කිසිම රටක නැතිව ඇති මෙවැනි තත්වයක්. අද ඉන්දියාව, නේපාලය, සින්ගපුර් , චීනේ, රුසියාවේ හැම රටකින්ම කරන්නේ පුළුවන් තරම් වෘත්තිකයන් (වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණික, ) බිහි කර දේශීය හා විදේශීය ඉල්ලුම සඳහා සැපයීමි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ කුඩාම ප්‍රාන්තයක වුනත් රජයේ වෛද්‍ය විද්‍යාල 10 ක් තියෙනකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාලත් 7ක් හෝ 8ක් තියෙනවා. ඔවුන් මුලික සුදුසුකම් සම්පුර්ණ කර බැංකු ණයක් ගෙන හෝ ඉලක්කය වෙත ළඟ වී පිට රටක රැකියාවට යනවා. රටට විශාල ලෙස විදේශ විනිමය ගේනවා. ගෘහ සේවයට හෝ රියදුරු ලෙස නෙමෙයි රට යන්නේ. මගේ අදහස පුද්ගලික විද්‍යාල එපානම් පුද්ගලික රෝහලද එපා.
ප්‍රීතිMonday, 10 April 2017 09:11 AM
සුගත්, මෙතන වැරදිලා තිබෙන්නේ, ආත්මාර්ථකාමින්ට,.. වෙද මාෆියා ඒකාධිකාරය වෙනුවෙන් සටන් කරන දොස්තරලා නොවෙයි. "සයිටම්" කියන බිල්ලෙකුට බයවෙලා මුලා වෙලා ඉන්න මෝඩ රැලයි. තමන්ගේ මුදලින් ඉගෙනගත් අයට වඩා, අනුන්ගේ මුදලින් ඉගෙනගත් අයට යුතුකමක් තිබෙනවා, නිදහස් සෞඛ්‍ය සේව්‍ය රැක ගන්න. හවස් වරුවේ රජයේ රෝහලක වෛද්‍යවරයෙක් හොයා ගන්න පුලුවන්ද? ඔය කෑ ගහන දොස්තරලා හවස් වරුවේ ඉන්නේ චැනල් කඩේ එහෙම නැත්නම්, පෞද්ගලික රෝහල් කඩේ. ඒක තමයි ඇත්ත, පැය අටම රජයේ රෝහලේ සේවය කරන වෛද්‍යවරු ලංකාවේ සිටිනවාද? මේවා ගැන සොයන්න ගියොත් පසුවදාම, දොස්තරලා වැඩ වර්ජනය කරනවා. ඉතින් පේනවනේ මේ වෙද මාෆියා සංගම් වල තරම.... !!
lalithsjm Monday, 10 April 2017 09:52 AM
මොනදේ උනත් පිටරටවලට අපේ උගතුන්ගේ වටිනාකමක් තියනවා තාම. ඒක බාල්දු කරලා නමට දොස්තරලා නැත්නම් උගතුන් වෙලා ගිහින් රටේ නම කන්න තමයි ඔය එකඑක කඩ දාලා තියෙන්නේ. විනාසයි අපේ නිදහස් අධ්‍යාපනේ...
PRIYANKARA Monday, 10 April 2017 10:05 AM
අද පුද්ගලික රෝහල් වල පිටරට වෛද්‍යවරු අපිව ගසා කන හැටි මේ දොස්තරලට පේන්නේ නැද්ද? මිනිස්සු සල්ලි තියෙනවට මේවට යන්නේ නැහැ. තියෙන දෙයක් විකුණලා තමයි ඇතුල් වෙන්නේ. මේ වගේ දේවල් ඔය බොරුවට කෑ හගන තොත්ත බබාලා නොදැන ඉන්න විදිහක් නැහැ. රටට ආදරේනම් ජනතාවට ආදරේනම් මේවා වෙනුවෙනුයි හඬ නැගිය යුත්තේ....
විකුම් රංගන Monday, 10 April 2017 11:04 AM
රොමේෂ්, මට හිතෙන්නේ, ඔබ "පිනට" ඉගෙනගෙන "පිනා" චාන්ස් එකකින් යම්තම් ඉස්සරහට ගිය, සියල්ල "පිනටම " කියන සංකල්පය තුලම ජීවත් වෙන අයකු බවයි. ජනතාවගේ මුදලින් "පිනට" ඉගෙන ගෙන ඒ "පින්" ඉනිමගට පයින් ගසා "සල්ලි" ඉනිමග දිගේ දුවන්නේ, අපි නොවේ, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුනුයි. පෞද්ගලික රෝහලේදී, මුදල මත අසරණ රෝගියාගේ ජීවිතය ගැන තීන්දු කරන්නේ වෙන කවුරුත් නොවෙයි. මේ වෛද්‍යවරුම තමයි. රෝගීන් ගැන එතරම්ම සානුකම්පික දොස්තරලා, රජයේ රෝහල් වල සේවය වර්ජනය නොකොට, පෞද්ගලික රෝහල් වල සේවය එක දිනකට හෝ වර්ජනය නොකරන්නේ ඇයි? මේ ව්‍යාජ මානව හිතවාදීන්ට පුළුවන් නම්, එසේ කර පෙන්වන මෙන් අපි අභියෝග කරනවා? මුලා කරමින් නටන මේ වෙස් නැටුමේ වෙස් තට්ටුව ගැලවෙන දවස වැඩි ඈතක නැහැ කියලා අපි ඔවුන්ට මතක් කරනවා.
jayamaha Monday, 10 April 2017 01:08 PM
ජනාධිපතිතුමනි දොස්තර මහත්වරු දැන් වෙනස් වෙලා .. හැකිනම් කෙසේ හෝ දොස්තරලා 10000 ක් අවුරුද්දකට බිහිකරමු.