IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න

(ඥාණසිරි හෙට්ටිආරච්චි)

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්නේය.

වී අලෙවි මණ්ඩලයේ අම්පාර තිස්සපුර ෆබඩාවට එම වී තොගය අලෙවි කළේය. දසුන් චානක හේරත් නමැති  ගොවි මහතකු ලබා දුන් වී තොගයේ වී කිලෝ 650ක් තිබුණි.

වී මිලදී ගැනීමේ අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම , වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරු එන්. එස්. සේනානායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුෂාර පෙරේරා සහ ගබඩා නිලධාරි ප්‍රියන්ත කුමාර, යන මහත්වරුන් එක්ව සිටියහ.

 



අදහස් (10)

රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න

රටවැසියා Thursday, 13 February 2025 07:46 PM

වී කිලෝ 650 ගන්නා මෙච්චර නිලධාරි මඩුල්ලක්...

:       13       18

ලක්විදුThursday, 13 February 2025 08:41 PM

රටවැසියෝ, ඔහු පීලිපැනීමට ඒ නිලධාරී මඩුල්ල විතරක් නොවෙයි, බත් කන අප හැමෝම යා යුතුව තිබුණා...!

:       6       18

ලක්විදු Thursday, 13 February 2025 07:47 PM

කරුණාකර මට ඔහුගේ දුරකථන අංකය ලබා දෙන්න. රජුන් කියාගන්නා කුහකයින් අතර රට ගැන සිතූ ඒ අහිංසක ගොවි මහතාට ත්‍යාගයක් ලබාදීමට මම සූදානම්...!

:       5       58

karolisThursday, 13 February 2025 08:13 PM

ආණ්ඩුවට වී ඇටයක් දෙන්න එපා කිව්වා නේද ඒ කාලේ? දැන් ආණ්ඩුවට දුන්නාම තෑගි දෙන්නත් ඉදිරිපත් වෙන මී හරක් ඉන්න කොට බොරුකාරයෝ රජ වෙන එක අහන්නත් දෙයක්ද?

:       37       14

බකල ජයාThursday, 13 February 2025 09:04 PM

ජනතාවගේ බදු මුදලින් පොහොර සහනාධාරය අරගෙන, වගා හානි වුණාම වන්දිත් අරගෙන, රටේ හැමකෙනෙකුටම අයිති ජල, වාරිමාර්ග සම්පත නොමිලේ පාවිච්චියට අරගෙන හදන වී, රටේ ජනතාවට වැඩි මුදලකට ගන්න පුළුවන් විදිහට විශාල මෝල් හිමියන්ට අලෙවිකර රටේ දියුණුවට දායක වෙන ගොවි රජුන්ට ජයෙන් ජය!

:       3       18

සෙනෙවිරත්න Thursday, 13 February 2025 08:16 PM

ඔන්න වක්කඩ කැඩුවා, ඉස්සරහට බලාගන්න ගොවියෝ වී දෙන හැටි, කුහක මාධ්‍ය සහ පොහොට්ටු ගෝලයෝ මේක අසාර්ථක වෙලා හාල්මිල වැඩිවෙලා ජන ජීවිතය අවුල් වෙනකං බලාගෙන හිටියට ඒවා වෙන්නේ නැහැ පුතෝ, මේ රජයේ මැති ඇමැතිලා සැප විඳින්නේ නැහැ, ජනතාව ඒක දන්නවා, ජනතාව හිටපු අය හදවතින්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එන කෙනෙක් එනවා නම් මීට වඩා ජනතාවාදිව එන්න, අපිත් සහයෝගය දෙන්නම්...!

:       8       31

යෝගා Thursday, 13 February 2025 08:35 PM

පක්‍ෂ අරමුදලෙන් යැපෙන ගොවියෙක්ද කොහේද? ඔය ටික දෙන්න කියලා කිව්වේ ටිල්වින්ද?

:       18       9

Sue Thursday, 13 February 2025 08:42 PM

ඔව් මමත් කැමතියි ඒ අදහසට...

:       4       2

Ruwan R Thursday, 13 February 2025 08:58 PM

මහ මෝල්ලු කකුල් දෙක ළඟටම ගිහින් වී මිලදී ගන්න වෙලාවෙ මේ මිනිසුන් කරන කැප කිරීම අගය කල යුතුමය. නරකද රජය මේ වෙලාවේ ගබඩා වලට වී ගෙනෙන ගොවීන්ට ප්‍රවාහන දීමනාවක් වගේ දෙයක් දෙන්න කටයුතු කළොත්. තම බත් පතට වඩා රටක බත් පත වෙනුවෙන් පෙරට ආ ඔබ තුමන්ට ගොඩාක් පින්.

:       1       16

ගමේ එකාලා Thursday, 13 February 2025 09:12 PM

කරෝලිස් වගේ උන් වෙන්ඩැති ආණ්ඩුවට වී දෙන්ඩ එපා කියන්ඩ ඇත්තේ , කුහකකම ඒකෙන්ම පේනවා. ගොවියෝ මහන්සි වෙලා ගන්න වී ටික හාල්මෝල්කාරයෝ අරගෙන වැඩි මිලට විකුණලා ලාබ ගන්නකොට හොඳයි කියලා හිතෙනවා ඇති...

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’
2025 පෙබරවාරි මස 13 118 0

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 13 396 0

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප


අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 700 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 3553 10

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 780 1

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 312 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 163 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site