(අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රෝගීභාවයට පත්වෙන පුරවැසියාට ලබා දීය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල් තුළින් ලබාදීම මෙන් ම පුරවැසියාට සුවපහසු, සමීප තැනක් බවට රෝහල පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීමේ සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් එම රෝහලේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ වාට්ටු , සායන, ශල්‍යාගාර, රසා
ප්‍රමිතිගත රසායනාගාර සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය-SLAB මගින් රසායනාගාර වෙත පිරිනැමෙන ප්‍රමිතිකරණය ලබා ගැනීමට රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය අයැදුම් කර ඇති අතර රජයේ රෝහලක රසායනාගාරයක් ප්‍රමිතිකරණයට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි
K.A.D.SINIDU SHANTHA Sunday, 06 April 2025 06:05 PM
රෝගීන්ට රෝහල සුවපහසු කරන්න ඕනෑ නම් මුලින්ම කරන්න ඕන රෝහලේ ඉන්න කාලකන්නි ආරක්ෂකයේ අය ටික අයින් කරලා දාන්න. එහෙම නැතිනම් ඒ කාලකන්නි ටිකට කියලා දෙන්න ඕන රෝගීන්ට හා එන අයට කතා කරන්න ඕන විදිහ. රෝහල් වලට රජයෙන් වෙනම ආරක්ෂක අංශ දාන්න ඕනෑ. පුලුවන්නම් රජයේ සෑම තැනකටම රජයෙන් වෙනම සෙකියුරිටි එක්ක දාන්න...
ලූට මූස් Sunday, 06 April 2025 06:28 PM
බස්නාහිරෙන් ඉර පායයි…!
Neel Monday, 07 April 2025 03:29 AM
ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්...
පුරවැසියා Monday, 07 April 2025 04:27 AM
ආරක්ෂකයින් අයින් කරන්න කියන්නෙ හිසේ අමාරුවක්ද? ලෙඩුන් සහ බලන්න එන අය හුරතල් වෙන විදියට ආරක්ෂක අංශ තදින් ඉන්න අවශ්‍යයි. නැත්නම් ඕව කෝලම් මඩු වෙයි. ඕකට රජයෙ අය පත් කලොත් ස්ට්‍රයික් කරල තවත් විකාරයක් කරයි
nimesh Monday, 07 April 2025 05:09 AM
දොස්තරල,හෙදියන්, අනෙකෙඋත් සියලු පිරිස් වලට ඇඟිලි සළකුණු අනිවාර්ය කරන්න. ඒක තමා පලමුවෙන්ම විය යුත්තෙ. රජය මගින් මූලික වැටුප 80% කින් වැඩි කරපු නිසා ඉස්සර දොස්තර කෙනෙක් හොරට අතිකාල ගත්ත රු ලක්ෂ 1 ආසන්න මුදල ලක්ෂ 2 කකට ආසන්න වෙනව. කිසිම අවුලක් නෑ. සේවය කරන පැය ගනනට ගෙවන්න. නමුත් දිනපතා තමාගෙ පුද්ගලික කඩයට හවස 4 ට යන කෙනෙක් කොහොමද අතිකාල පැය 4 ක් දවසට ගන්නෙ කියලත් බලන්න.
Don Monday, 07 April 2025 01:18 PM
සෞඛ්‍ය සේවයේ, පොලිසියේ සහ ආරක්ෂක අංශවල අයට හැකි උපරිම වැටුපක් ලබාදිය යුතුයි. දිවා රෑ නොබලා ඒ අය කරන සේවයට ඇගැයීමක් නෑ. ඒ අයගේ මානසිකත්වය යහපත් වෙන්න නම් ආර්ථික තත්වය යහපත් වෙන්න ඕනේ. ගුරුවරුන්ටත් මේක අදාළයි..
ගුණරත්න Monday, 07 April 2025 06:13 PM
රෝහල් සැපපහසු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි, එකක් අපේ රට ඉතාම ධනවත් රටක් කරන්න ඕන, ධනවත් කියන්නේ සාමන්යෙන් සල්ලි තියෙන රටක් නෙවේ, සවුදිය වගේ මහා ධනවත් තෙල් රටක් වගේ වෙන්න ඕන, දෙවැනි ක්‍රමය සෞඛ්‍ය සේවා සඳහා මුදල් අය කරන එක. ඒ ඇරෙන්න මහජන මුදලෙන් බදු අය කරලා එකෙන් ඇබිත්තක් වෙන් කරලා කරන සෞඛ්‍ය සේවය කවදාවත් සුව පහසු සැප එකක් වෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න මහා විසාල බුද්ධියක් ඕන නැහැ, සාමාන්‍ය ආර්තික දැනුම ඇති