(අංජුල මහික වීරරත්න)
මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව කටයුතු කිරීමේ දී ලැබෙන සහතිකය මත ශ්‍රී ලංකාවට අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හා මුදල් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රටේ ආර්ථික තත්ත්වය සහ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ‘රට කොතනද’ මැයෙන් අද (17) පැවති විශේෂ වැඩසටහනට එක්වෙමින් ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේය.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
‘රට කොතනද’ විශේෂ වැඩසටහනට එක්ව සිටි රූපවාහිනි මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන්ට ස්වාධීනව ප්‍රශ්න යොමු කිරීමට අවකාශ ලබාදී තිබූ අතර, එහිදී මාධ්‍යවේදියකු ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමට යෝජිත මූල්‍යාධාරය සම්බන්ධයෙන්’ යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පිළිබඳව අවබෝධයක් නොමැති කුඩා කණ්ඩායම් මෙම විස්තීරණ ණය මුදලෙන් අවුරුදු 4ක් පුරා ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ගැන පමණයි කතා කරන්නේ. නමුත් එය එතනින් නවතින්නේ නෑ. මේ වෙනකොට මේ පිළිබඳ කතා කරන බොහෝ කණ්ඩායම් රජය ගෙන ගිය වැඩ පිළිවෙළටත්, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ගෙන ගිය වැඩපිළිවෙළටත් දායකත්වයක් නොදැක්වූ කණ්ඩායම්.
ඒ වගේම තමයි අද රටේ පවතින විදේශ විනිමය අර්බුදය විසඳිය යුතුයි කියන කණ්ඩායම් වගේම මෙය විසඳා නොගෙන ජනතාව මේ ආකාරයෙන්ම අපහසුතාවලට පත්විය යුතුයි කියන ඉතාම සුළු පිරිසකුත් ඉන්නවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රජය ගත් තීන්දු තීරණවලට එරෙහිව කිසිවෙකුට යා නොහැකියි. මම දැක්කා විවිධ කණ්ඩායම්, විවිධ ආයතන, විවිධ පුද්ගලයින් මේ සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික මතය ප්‍රකාශ කරනවා. නමුත් අපි දැන් අවසාන අදියරට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සහ නොගැනීම කියන කාරණය සම්බන්ධයෙනුත් පැවති රජය තුළ බෙදීමක් තිබුණා. එක කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතුයි කියනවා වගේම, තවත් කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේ නැතිව දේශීය යාන්ත්‍රණයක් තුළින් රටේ ආර්ථිකය කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් අවසානයේ 2022 මාර්තු මාසය වන විට රජය තීරණය කළා රටේ පවතින අරුබුදය විසදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන්ගේ විස්තීරණ අරමුදල් පහසුකම් ලබා ගැනීමට.
අද අපි සිටින තත්ත්වය අනුව ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අපි ලෝකයේ පවතින්නේ ණය ගෙවා ගත නොහැකි රටක් ලෙසයි. ඒ නිසා මූලිකවම ණය ගෙවා ගත හැකි ආර්ථිකයක් ඇති රටක් බවට අපේ රට පරිවර්තනය කරගත යුතුයි.
එතනදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ඉතා වැදගත්. එයින් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලබා ගැනීම සමඟ අනෙකුත් ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ආධාර ලබා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා.
විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව පිළිබඳව විශ්වාසය ගොඩ නැගෙමින් පවතිනවා. අද ශ්‍රේණිගත කිරීමේ ආයතන අප රටේ ආර්ථිකය ඉතාම පහළ මට්ටමක තමයි ශ්‍රේණිගත කිරීම් කර තිබෙන්නේ. ඒ හරහා අපට තවත් අරමුදල් රැස් කරගන්න, මූල්‍ය සහයෝගයක් ලබා ගන්න හැකියාවක් නෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ මේ මාස 7-8ක කාලය අපි ගත්තොත් හදිසි මානුෂික අවශ්‍යතා වලට අමතරව කිසිම ආකාරයේ මූල්‍ය සහයෝගයක් කිසිම ආයතනයක් හෝ රටක් ලබා දී නෑ කියලා.
දේශීය වශයෙන් අපි උපයන විදේශීය මුදල් සහ මහා භාණ්ඩාගාරය අනුගමනය කළ ප්‍රතිපත්ති තුළ කළමනාකරණයක් තමයි අපි සිදු කර ගෙන යන්නේ. විදේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපිට ඒ විශ්වාසය ඇති කර ගැනීම, ශ්‍රේණිගත කිරීමේ ආයතන මීට වඩා ධනාත්මකව රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සළකා බලනු ඇති.
ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ඉතාම වැදගත්. ඒ නිසා අපි මේ වන විට සියළු ද්වී පාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡා වට තුනක් මූලිකව පවත්වා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය මූල්‍ය සහතික ලැබිලා මේ කාර්තුව අවසාන වීමට පෙර අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න හැකි වෙයි කියලා.
රටේ මේ ආර්ථික ස්ථාවරභාවය යම් තාක් දුරට ඇති වීම රජය බලාපොරොත්තු වන ආකාරයේ පූර්ණ ස්ථාවරභාවයක් නෙවෙයි. අපි සියළු දෙනාම මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි.
මා විශ්වාස කරනවා ආණ්ඩු පක්ෂයට වගේම රජයට සම්බන්ධ නැති පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටත් ඒ වගකීම තිබෙන බව. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේදී මේ ගෙන යන සුබවාදී වැඩසටහනට බාධා නොවන ආකාරයට එය සිදුකිරීම වැදගත්.
මොකද මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමේ වාසිය සමස්ත පුරවැසියන්ට ලැබෙනවා. ඒ වගේම රට නැවත ස්ථාවර කිරීමට නොහැකි වුණොත් එයින් ඇති වන පීඩනය සමස්ත රටටම තමයි අවාසිදායක ලෙස බලපාන්නේ. ඒ නිසා යම් කණ්ඩායමක් කඩාකප්පල්කාරි ක්‍රියාවලියක් ගෙන ගියහොත් රටේ ඇතිවන තත්ත්වය අනිවාර්යයෙන්ම 2022 වසරේ මාර්තු වැනි මාස කිහිපය තුළ තිබූ තත්ත්වයට වඩා බරපතල විය හැකියි. ඒ වගේම ආර්ථිකය යළි ස්ථාවර කිරීමට මීට වඩා දීර්ඝ කාලයක් ගතවිය හැකියි. ඒ නිසා මේ වැඩසටහන පිළිබඳ කිසිවෙක් අවතක්සේරු කළ යුතු නෑ.
රජය මැතිවරණයක් පැවැත්වුවහොත් එහි බර දැරීමට සිදු වෙන්නෙත් පාරිභෝගික ජනතාවට නේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා:-
පසුගිය වසර දෙක ප්‍රජාතන්ත්‍රවාදය විසින් නිර්මාණය කල දැවැන්ත බල ව්‍යාපාරයක් ආර්ථික ප්‍රශ්න නිසා සුනුවිසුනු කළ වසර දෙකක්. හැට නව ලක්ෂයක ඡන්දකික් පත් වුණු ජනාධිපතිවරයාට ආර්ථික පීඩනය දරාගන්න බැරි ජනතාවගේ අරගලය නිසා ගෙදර යාමට සිදු වුණා. ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වුණා. එම අරගලය ඉදිරියට ගෙන ගියානම් පාර්ලිමේන්තුවත් අකර්මණ්‍ය වෙන්න ඉඩ තිබුණා. මෙය මැතිවරණ වසරක්ද කියන ප්‍රශ්නය දැන් අපට තිබෙනවා. තවමත් අපි ඉන්නේ ආර්ථික අර්බුදයක. සමහර අංශ තවමත් පහළට ඇද වැටෙමින් තිබෙන්නේ.
සමහර අංශ කඩා වැටෙන වේගය අඩු වෙමින් තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉක්මනින්ම යා යුතුද කියන ප්‍රශ්නය තිබෙනවා. මේ වෙනකොට ඇස්තමේන්තුගත කර තිබෙන ආකාරයට මැතිවරණය සඳහා රුපියල් බිලියන 12 ක් වැය වෙනවා.
දැනට අපේ රටේ ආදායම සීයක් නම් වියදම තුන්සියයක් වෙලා තිබෙනවා. ඉතුරු දෙසීය අපිට හොයන්න වෙලා තිබෙන්නේ ණය ලබාගෙන හෝ මුදල් මුද්‍රණය කරලා.
මැතිවරණය පැවැත්වූවහොත් උද්ධමනය ඉහළ යනවා. බදු ආදායමෙන් ගත්තොත් ජනතාවගේ බත් පතට තමයි එය දැනෙන්නේ. මෙවැනි වෙලාවක බලය හුවමාරු නොවන පළාත් පාලන මැතිවරණයක්, මුදල් මුද්‍රණය කර පවත්වන්න ගියහොත් ඒක ලෝක වාර්තාවක් බවට පත් වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් තමයි. ඒත් ජනතාවගෙන් මම අහනවා මෙය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වේලාවක් ද කියලා. මේ වෙලාව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මෙරට ආර්ථික ප්‍රශ්න විසින් උඩු යටිකුරු කරන වෙලාවක්.
මෙහිදී මාධ්‍යවේදියකු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගෙන් විමසූයේ පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන මෙන්ම ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවීමට රාජ්‍ය භාණ්ඩාගාරය සතුව මූල්‍යමය හැකියාවක් තිබෙිද යනුවෙනි.
ඊට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා :-
රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව පොදුවේ ගතහොත් එදිනෙදා මූල්‍ය කළමනාකරණයේ දී අපට ගැටලු තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය ගෙවීම් කළ යුතුව තිබෙනවා. එම ගෙවීම් සිදු කරමින් තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට අවශ්‍යයි. විශාම වැටුප් සඳහා බිලියන 27.5 ක් අවශ්‍යයි. අනෙක් දීමනා සඳහා රුපියල් බිලියන 11ක් රජයට දැරීමට සිදු වෙනවා. ඖෂධ සඳහා පමණක් මාසයකට රුපියල් බිලියන 10ක් පමණ වියදම් වෙනවා. ඒ තත්ත්වය තුළ ආදායමෙන් ඉතුරු වෙන්නේ රුපියල් බිලයන 10ක පමණ ප්‍රමාණයක්. අපි ඉන්නේ ගැඹුරු සහ පුළුල් ආර්ථික අර්බුදයක.
අපට විදේශ ණය වලින් ලැබෙන ප්‍රමාණය ඉතා සීමිතයි. 2020 -2022 අවුරුදු දෙකේදී විදේශ මුදල් රටින් පිටතට ගලායාමක් සිදුවෙලා තිබෙනවා. ඉහළ පොලියක් බැංකු පද්ධතිය තුළ තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියෙකුට එදිනෙදා කටයුතු කරගෙන යාමේ අපහසුතාවක් තිබෙනවා. දැන් රටේ ඩොලර් ප්‍රශ්නය තිබෙනවා. ඖෂධ හිඟයක් රට තුළ ඇති නොවීමට නම් රුපියල් බිලියන 03ක් ඖෂධ සංස්ථාවට ලබා දිය යුතුයි.
වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා:-
මම මහ බැංකු අධිපති ධූරය බාරගන්නා විට මේ රටේ ආර්ථිකය අසීමිත ලෙස කඩාවැටී තිබුණා. භාණ්ඩාගාරය විශාල අවදානමකට ලක්ව තිබුණා. ඒ වෙනකොටත් අපි අත්දුටු ආර්ථිකය එලෙසම පැවතුණා නම් විශාල ආර්ථික අර්බුදයකට රට ගමන් කරනවා.
ඒ අවස්ථාවේදී අපේ උත්සාහය වුණේ එවැනි අවදානමකට ගමන් කරන්නේ නැතිව යම්කිසි ආකාරයකින් එම තත්ත්වය සමනය කර ගැනීමටයි. කෙටියෙන් කිව්වොත් තවමත් මෙය පහළට ගමන් කර කුඩු පට්ටම් වෙන්න තිබූ ආර්ථිකයක්, නමුත් යම්කිසි ආකාරයකින් දැන් එය ස්ථාවර කර තිබෙනවා. ඒ නිසා තමයි තවමත් ආර්ථික අර්බුදයේ දුෂ්කරතා ජනතාවට දැනෙමින් තිබෙන්නේ.
ආර්ථිකයේ යම් අසීරුතා තිබු නිසා තමයි ආර්ථිකය සංකෝචනය වුණා කියන්නේ. සෘණ 7.5කින් මෑතකදී සංකෝචනය වුණා කියලා කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම පසුගිය වසරට වඩා 7.5%කින් අඩු වන බවයි. ඒ වගේම උද්ධමනය වැඩියි. ඒ අනුව ආර්ථිකය සංකෝචනය වෙලා ආර්ථිකයට යම්කිසි බලපෑමක් වෙලා තිබෙන බව පැහැදිළියි. නමුත් දැන් කුඩු පට්ටම් වෙන්න ගිය ආර්ථිකය යම්කිසි ආකාරයකින් සංකෝචනය වුණත් ස්ථාවර කරලයි තිබෙන්නේ.
ආර්ථිකයක් සංකෝචනය වීමට ප්‍රධාන හේතුවක් තමයි රටේ විදේශ විනිමය නැති කම. ඇත්ත වශයෙන්ම ආර්ථිකය සෘන 1.5කින් සංකෝචනය වීම ආරම්භ වුයේ 2022 පළ වැනි කාර්තුවේදී. ඉන් පසුව එම තත්ත්වය දිගටම වැඩිවෙමින් ගියත් දැන් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා.
හොඳම උදාහරණය තමයි අපි බැලුවොත් කොවිඩ්වලට පෙර ඉතිහාසයේ පළමුවරට ආර්ථිකය සංකෝචනය වුණේ 2001 වසරේදී. ඔබට මතක ඇති ඒ සෘණ 1.5කින්. එතකොටත් තිබුණේ මේ වගේම අර්බුදයක්. විශේෂයෙන් විදේශ විනිමය නොමැතිකමේ අර්බුදය. ඒ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් විදේශ විනිමය ආධාරයක් අරගෙන තමයි ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත් කර ගත්තේ.
එසේ නම් විදේශ විනිමය යම්කිසි ආකාරයකින් ස්ථාවර කළයුතුයි. රටට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය ලැබෙනවා නම් තමයි ආර්ථිකය ස්ථාවර වෙන්නේ. දැන් මෙතෙක් කල් අපි කරලා තියෙන්නේ සීමිතව තිබූ විදේශ විනිමය ප්‍රමාණය කළමනාකරණය කර ගෙන, අත්‍යවශ්‍ය දේවලට පමණක් එය වියදම් කිරීමයි.
රටේ කිසිම ආර්ථික ක්‍රමයක් නොතිබුණ අවස්ථාවක, උදාහරණයක් ලෙස බැලුවොත් මාර්තු මාසයේ සිට ජූලි මාසය වන තුරුම විශාල වශයෙන් තෙල් හා ගෑස් පෝලිම් තිබුණා. එම තත්ත්වය දිගටම පැවතුණා නම් රටේ ආර්ථිකය කුඩු පට්ටම් වෙලා යනවා. එතකොට කිසිම කෙනෙකුට දේශීය කර්මාන්තයක් හෝ අපනයනය කරන්න හැකියාව නැතුව යනවා.
නමුත් දැන් මූලික අවශ්‍යතාවය තමයි මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය කළමනාකරණය කර ගන්නේ කෙසේද, කියන එක. මෙතෙක් කල් අලුතින් විදේශ ණය හෝ කිසිවක් නොගෙන එය කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව ලැබුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටෙි ආර්ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති
AB Wednesday, 18 January 2023 05:56 AM
මාධ්‍ය වේදීන් සියල්ලට අවස්තාවක් ලබාදීම සුදුසු වේ. රටෙි ආර්ථිකය පිලිබදව භාරකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථවට Q- A කිරීමට - විද්වත් හරවත් ප්‍රශ්න කිරීමක් සදහා ආර්ථිකය පිළිබද හසල දැනුමක් සහිත මාධ්‍ය වේදීන් නොවන කාන්තා නියෝජනයක් සහ සහ පිරිමි නියෝජන දෙකක් ප්‍රශ්න කිරීම් සදහා ගෙන්වා ගැනීමට තිබිණි. මොවුන් 4දෙනාගේම පිළිතුර වුයේ ( The country is going through economic turbulence ) පටි තවදුරටත් තදකර ගන්න මෙනි
Lalla Wednesday, 18 January 2023 09:30 AM
පිටපත රචනය ප්‍රකාශන අයිතිය නලු නිලි සියල්ල ජනපති කාර්යාලය සතුය. නැරඹීම හුදීජනයා සතුය. මත පලකිරීම......තහනම්ය....
ranji Wednesday, 18 January 2023 10:00 AM
ආර්ථික දුෂ්කරතාවක් ඇත්නම් හිටපු ජනාධිපති වරුන්ට ඔවුන්ගේ වැන්දබුවනට ධූරය දාලා ගිය ජන්ධිපතිවරයාට මාස් පතා විශ්‍රාම වැටුප හැර වෙනත් කිසිවක් නොගෙවන්න. ඇත්තටම රට බංකොලොත් කරපු මේ අය තව දුරටත් මහජන මුදල් වලින් යැපීම සදාචාර නැත
fairoos Wednesday, 18 January 2023 12:51 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ. දැන් ඡන්දයක් තිබ්බොත් මේ සෙට් එකම තොලොංචි වෙලා යනවා. ඒකයි ඡන්දයට බය...
Ajantha Wednesday, 18 January 2023 01:02 PM
රට මේ තරමට වැටෙනකන් නුඹලා මොනවද කළේ? දැන් එනවා අපිට බණ කියන්න...