IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රට සල්ලි ගෝඨාගේ යාළු සමාගමකට

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ සිදුවූ අකටයුතුකම්,බලය අයුතු ලෙස භාවිතා කිරීම් ආදිය ගැන තොරතුරු දිනපතා වාර්තා වෙමින් තිබේ.ඒවා අතර ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ කි‍්‍රයාත්මක වූ එක් පෞද්ගලික ආයතනයක් හමුදා සේනාංකයක් බඳු කණ්ඩායමක් පවත්වාගෙන ගොස් තිබේ යැයි අනාවරණයව තිබීම වැඩි අවධානයක් දිනාගැනීමට සමත්ව තිබෙන්නකි.පොලිසිය පවසන ආකාරයට මේ සම්බන්ධයෙන් බරපතල ගණයේ අනාවරණයන් රාශියක් හෙළි වෙමින් පවතින අතර එම ඇතැම් කරුණු පිළිබඳව නීතිපති උපදෙස් ලබාගැනීමට පවා ඔවුන් යොමුව සිටී.

පොලිසියට ලැබී තිබෙන උපදෙස් වන්නේ රක්නා ලංකා සමාගම හා ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් ලිමිටඞ් නම් පෞද්ගලික සමාගමක් අතර තිබී ඇතැයි හෙළිව තිබෙන හවුලක ගැටලූකාරී ස්වභාවය පිළිබඳ සොයා බැලීමය.නීතියමට පැත්තෙන් සැළකූ කළ එම සම්බන්ධය කෙනෙකුගේ නළල රැලි නංවන සුලුය.මෙනිසාම නීතිපති උපදෙස් යටතේ නීතිඥවරුන් කණ්ඩායමක් මේ පිළිබඳව සොයාබැලීමට යොදවා ඇති අතර ඔවුන්ට පැවරී ඇති රාජකාරිය වන්නේ සියලු පරාසයන් ඔස්සේ මේ පිළිබඳ අධ්‍යයනය කර තොරතුරු වාර්තා කිරීමය.ඔවුන්ගේ කටයුතු එළැඹෙන සතියේ සිට ආරම්භ වීමට නියමිතය.මෙහිදී ප‍්‍රධාන තැනක් හිමිවන්නේ ශී‍්‍ර ලංකා රජයට ඔවුන් සන්තකයේ ඇති අවි ආයුධ පෞද්ගලික සමාගමක භාරයට පත්කිරීමට නීත්‍යානුකූලව අයිතියක් ඇත්දැයි සොයාබැලීමටය.පසුගිය රජය මෙසේ අවි ආයුධ පෞද්ගලික සමාගමකට භාරයට පත් කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ විමසීමකින් හෝ එසේ භාරයට පත් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා තෝරාගත් සමාගම් වලින් ටෙන්ඩර කැඳවීමක් හෝ සිදුනොකර බව  විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඇවන්ට් ගාඩ් සමාගමේ වෙබ් අඩවියේ ඔවුන්ගේ කාර්යභාරය දැක්වෙන්නේ මෙසේය.‘ශී‍්‍රලංකා රජය සතු හා පෞද්ගලික මුහුදු ආරක්ෂක සමාගම් සතු වන අවි ගබඩා කර  තබා ගැනීම’.නෞකා වල ආරක්ෂාව සදහා කිසියම් සමාගමකින් මෙම අවි ලබාගැනීමට ඉල්ලීමක් කළහොත් අවි සපයා දීම සිදුකරන බවද මුහුදු සීමාවෙන් පිටතට ගිය පසු එම අවි ශී‍්‍ර ලංකාවෙන් පිටත පිහිටන වරායන් වන මස්කට් හා මුරිසි වරායන්ට භාරදිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.සමාගම තමන් භාරයේ තබාගෙන සිටින බව කියන අවි  අතර චීනයේ නිෂ්පාදිත ටී - 56 ගිනි අවි,ඒකේ 47 වර්ගයේ ගිනි අවි,රයිෆල,උණ්ඩ,මැෂින් තුවක්කු,හිස් ආවරණ,ආරක්ෂක කබා,රාතී‍්‍ර දසුන් නැරඹිය හැකි දුරදක්න,ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර,විදුලි පන්දම් ආදිය ඇත.

කෝප් කමිටුව රක්නා ලංකා සමාගම ගැන ප‍්‍රශ්න කරයි.

රක්නා ලංකා සමාගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයේ නිර්මානයකි.සමාගම් රෙජිස්ටාර්වරයා යටතේ ලියාපදිංචි කර තිබෙන මෙම සමාගම රජයේ අනුදැනුම මත කි‍්‍රයාත්මක වුවත් පාර්ලිමෙන්තුවට මෙම සමාගමේ කටයුතු ගැන ප‍්‍රශ්න කිරීමමේ ඉඩ කඩ වුවමනාවෙන්ම අහුරා තිබුණි.පොදු සමාගම් සම්බන්ධයෙන්  වන පාර්ලිමෙන්තු කමිටුව (කෝප්) පසුගිය වසරේ සම්පාදනය කළ වාර්තාවේ රක්නා ලංකා සමාගම පිළිබඳව සඳහන්ව තිබුණේ මෙලෙසය.

සමාගමට බඳවාගෙන සිටින්නේ කවරාකාරයේ පුද්ගලයින්දැයි සොයාබැලීම - මෙම සමාගමට බදවාගෙන සිටින අයවළුන් ගැන කමිටුව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔවුන් ආරක්ෂක අංශ හා පොලිස් සේවයේ සේවය කර විශ‍්‍රාම ගොස් තිබෙන හා නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් ව සිටින පුද්ගලයින් බවය.විශ‍්‍රාම වැටුපට අමතරව රක්නා ලංකා සමාගමේ නමින් ඔවුන්ට වැටුප් ගෙවීමද සිදුවේ.

මුහුදු ආරක්ෂාව සම්බන්ධ සේවා සළසන බවක්ද සඳහන්ව තිබුණු බැවින් දිවයිනේ උතුරු ප‍්‍රදේශයේ මසුන් මරන ශී‍්‍රලංකා ධීවරයින්ට ඉන්දියා ධීවරයින්ගෙන් එල්ල වන තර්ජනය මර්දනය කිරීමට මෙම සමාගම දායකවී ඇත්දැයි සොයාබැලීම - මේ සම්බන්ධයෙන්  සමාගමේ අවධානය තවමත් යොමුව නොමැති බව පැවසුණි.

භාණ්ඩාගාරයේ අවසරයක් නොමැතිව සමාගම එහි කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජනය කර තිබීම ගැන සොයාබැලීම - පෞද්ගලික සමාගමක් බැවින් එසේ භාණ්ඩාගාරයේ අවසරයක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව සදහන් කෙරුණි.එසේ නමුත් ගැටලූකාරී තත්ත්වයක් ඇතිවන බව දන්නා හෙයින්දෝ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සමාගමේ මූල්‍ය කටයුතු සදහා විශේෂ අවසරයක් ලබාගැනීමට සමාගම් පාලනාධිකාරිය කටයුතු කර තිබුණි.

පෞද්ගලික සමාගමක් බව පැවසුනද රක්නා ලංකා සමාගමේ ස්වභාවය නම් පෞද්ගලික සමාගමක් හා කිසිසේත්ම සම නොවන්නකි.සමාගමේ කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ රජයේ මුදල්ය.එතැනිදු නොනැවතී ඔවුන් රජයේ අවි ආයුධ හා වෙනත් සම්පත්ද රිසි සේ භාවිතා කර ඇත.එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි එක් විශේෂ පුද්ගලයෙකු වන්නේ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්ය.කුමන්ත‍්‍රණයකට හවුල්වීයැයි වෙනම කතිකාවතක් මේ දිනවල ඔහු වටා ගොඩනැගෙමින් පවතී.රක්නා ලංකා සමාගම පසුගිය රජය සමයේ බොහෝමයක් රජයේ ආයතන වල ආරක්ෂක කටයුතු සැපයීමේ කොන්ත‍්‍රාත්තු තමන්  සතුකර ගැනීමටද සමත්ව ඇත.මෙම කොන්ත‍්‍රාත්තු දිනා ගැනීමට රක්නා ලංකා සමාගම හා තරගයට පැමිණි පෞද්ගලික සමාගම් වලට සැමවිටම අත්ව තිබෙන්නේ පරාජයයි.මෙනිසාමදෝ පසුගිය සමයේ බොහෝමයක් පෞද්ගලික ආරක්ෂක සමාගම් තම සේවක පිරිස කප්පාදු කරනු දැකගත හැකි වුණි.ආරක්ෂක කටයුතු වලට අමතරව රක්නා ලංකා සමාගම ආහාර සැපයීමේ කටයුතු හා අවන්හල් පවත්වාගෙන යෑමේ කටයුතු වලද නිරතවේ.වර්තමානයේ රක්නා ලංකා සමාගමේ 4000 ක් පමණ සේවය කරයි.

ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් යනු ඇවන්ට් ගාඩ් සිකියුරිටි සර්විසස් පෞද්ගලික සමාගමේ සහ සමාගමකි.මෙම සමාගමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ කෝට්ටේ ප‍්‍රදේශයේය.ඇවන්ට් ගාඩ්හි ප‍්‍රධානියා වන්නේ කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ හිටපු විශ‍්‍රාමික මේජර්වරයෙකු වන නිශ්ශංක සේනාධිපතිය.සමාගම් වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට එය සතුව 6500 කට ආසන්න සේවක පිරිසක් සිටී.මෙය තවත් විදියකින් කියතොත් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මුළු සේවක පිරිසෙයින් හතරෙන් එකක පමණ කොටසක් තරම් පිරිසක් මෙම පෞද්ගලික ආරක්ෂක ආයතනයේ සේවය කරයි.ශී‍්‍ර ලංකා වෙරළාරක්ෂක හමුදාවේ සම්පූර්ණ කණ්ඩායම් ශක්තිය ඇවන්ට් ගාඩ්හි මුළු සේවක පිරිසට වඩා 6 ගුණයකින් පමණ අඩුය.කරුණු මෙසේ නම් මේ පෞද්ගලික ආරක්ෂක සමාගමේ ශක්තිය සිතා ගත හැකිය.සේනාධිපති මහතා හට දිවයින හැරයා නොහැකි වන සේ තහනම් නියෝගයක් පැනවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය සිකුරාදා කටයුතු කළේය.ඇවන්ට් ගාඩ්හි විධායක මණ්ඩලය ගැන සඳහන්  කළහොත් එහි ප‍්‍රධාන තැන් උසුලා තිබෙන්නේ ආරක්ෂක අංශවල හා පොලිසියේ උසස්ම නිලතල වල සේවය කර විශ‍්‍රාම ගිය පුද්ගලයින්ය.මොවුන් අතර නාවික හමුදාවේ කොමදෝරුවරුන් දෙදෙනෙකුද සිටී.මේ සියලූදෙනාට විශාල වැටුපක් ගෙවා ඇත.සේනාධිපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල ආධාරකරුවෙක් වන අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම සගයෙකු ලෙසද සේනාධිපතිව හඳුන්වාදිය හැකිය.

මුල් පෙළේ නාවුක හමුදා නිලධාරියකු නාවික හමුදාවට සිදුකිරීමට ශක්තියක් නැති ඇතැම් කටයුතු ඇවන්ට් ගාඩ් සමාගම දියත් කර තිබෙන බව වරෙක සදහන් කළේය.මෙය ඔහුගේ සමකාලීනයන් මවිතයට පත් කිරීමට සමත්වූවක් විය.ඇතැමෙක් චෝදනා කළේ මේ පසුපස කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙතැයි කියාය.නමුත් ඒ බව තහවුරු කර ගැනීමට නොහැකි විය.එම නිලධාරියාගේ ප‍්‍රකාශය හමුවේ නාවුක හමුදාවේ කැළඹිලි ස්වභාවයක් ඇතිවූයේ ඒ වන විට ඉහළ තත්ත්වයෙන් යුතු අවි ආයුධ  ඇතිව,මනා පිරිස් බලයකින් යුතුව,හොදින් සංවිධානයව සිටි නාවික හමුදාවට මුහුදෙන් එල්ල වන  ඕනෑම තර්ජනයක් මර්දනය කිරීමට හැකියාව තිබුණු නිසාවෙනි.රක්නා  ලංකා සමාගම 2006 වසරේදී ඇති කෙරුනු පසු එය හා ඇවන්ට් ගාඩ් සම්බන්ධය ඇතිවීමටද හේතුවූයේ පෙරකී නිලධාරියාගේ ප‍්‍රකාශයයි.මෙම නිලධාරියා විශ‍්‍රාම ගිය පසු ඔහුව සමාගමේ උසස්ම නිලයකට බඳවා ගැනුණු අතර ඉලක්කම් 6 ක මාසික වේතනයකුත්,සුඛෝපභෝගී වාහනයක්, හා වෙනත් සැපපහසුකම් ඔහුට හිමි විය.

පරික්ෂණය ඇරඹුනේ ගාලූ වරායේ නැංගුරම් ලා තිබෙන ඇවන්ට් ගාඩ් සමාගමට අයත් සම්පූර්ණයෙන්ම වායු සමනය කර ඇති එම්.වී මහනුවර යාත‍්‍රාවේ අවි ගබඩාවක් ඇති බවට වරාය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුවය.පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පැවතියදී නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක මහතා එම අවි ගබඩාව නීත්‍යානුකූලව  පවත්වාගෙන ගොස් ඇති බව පවසා සිටි අතර එය පාවෙන අවි ගබඩාවක් ලෙස ඔහු එය  හඳුන්වාදුනි.පසු අවස්ථාවකදී තවත් ප‍්‍රකාශයක් සිදුකළ ඔහු පවසා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්යැයි චෝදනා නැගී තිබෙන බැංකු ගිණුමක් ඔහුගේ නොව ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම ඇතිව විධිමත් අයුරින් පවත්වාගෙන එකක් බවය.ඔහුගේ මේ ප‍්‍රකාශයත් නව ආර්ථික අමාත්‍ය රවී කරුණානායක මහතා එම ගිණුම පෞද්ගලික ගිණුමක් යැයි හදුන්වාදෙමින් කළ ප‍්‍රකාශයත් පරස්පරවිරෝධීය.කෙසේ නමුත් මෙම ගිණුමේ නීත්‍යානුකූල භාවය තවමත් පවතින්නේ ගැටලූකාරී තත්ත්වයකය.

බස්නායක මහතාගේ ප‍්‍රකාශය පසුගිය බදාදා හවස්වරුවේ ප‍්‍රථම වතාවට රැස්වුනු නව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට බදුන් විය.එහිදී ආර්ථික අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ මේ කියන ලංකා බැංකුවේ තැප්‍රොබෙන් ශාඛාවේ තිබෙන ගිණුමේ හිමිකරු ලෙස සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ,ආරක්ෂක ලේකම් යැයි කියා බවය.ආර්ථික නීති හා රෙගුලාසි ප‍්‍රකාරව රජයේ කිසිදු අමාත්‍යවරයෙකුට හෝ ලේකම්වරයෙකුට හෝ එසේ පෞද්ගලික බැංකු  ගිණුම් විවෘත කර රජයේ දේපළ විකිණීමෙන් ලබාගන්නා මුදල් තැන්පත් කළ නොහැකි බවත් එම මුදල් ලබාදිය යුත්තේ මහා භාණ්ඩාගාරයේ විසර්ජන අරමුදලට බවත් ඔහු පෙන්වා දුනි.මෙම ගිණුමේ තිබෙන  මුදල් අත්තනෝමතික ලෙස හමුදා මූලස්ථානයට යාබදව පිහිටි ඉඩම් කොටසත්,හමුදාවේ ක්‍රීඩා පිටිය පිහිටි ප‍්‍රදේශයත් ෂැන්ගි‍්‍රලා හෝටලය සංකීර්ණය පිහිටුවීම සදහා විකිණීමෙන් ලබාගත් මුදල් බව කියැවේ.

ලේකම්වරුන්ට උපදෙස්

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඇමතිවරු මින් පසු රාජ්‍ය නිලධාරීන් සිදුකරන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයන්ට සීමා පැනවිය යුතුයැයි තීරණය කළෝය.මේ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරූ ජයසූරිය මහතාට උපදෙස් ලැබුණේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයන් සිදුකරද්දී තමන් සේවය කරන ආයතනයේ නීති ප‍්‍රකාරව කටයුතු කරන ලෙස රජයේ නිලධරයින් දැනුම්වත් කරන ලෙසය.සම්පූර්ණ මාධ්‍ය නිදහසක් (තොරතුරු  දැනගැනීමේ පණතක්ද සම්පාදනය කිරීමට පොරොන්දු වී සිටින) ලබාදෙන බවට සහතිකවූ නව රජය දැන් රජයේ නිලධාරීන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම සීමා කර ඇත.නව රජය බලයට පත්වී තවමත් ගතව ඇත්තේද දින 11 ක් වැනි සුළු කාලයකි.කෙසේ නමුත් මෙහි වරද ඇත්තේ මාධ්‍ය අත නොව රජයේ ඇතැම් නිලධරයින් අතය.අත්දැකීම් අඩු කම හෝ නොදන්නා කම හෝ නව රජයේ පිළිවෙත පිළිගන්නට  දක්වන මැළි කම හෝ නිසා මෙසේ ඉදිරිය ගැන නොසිතා,තමන් දරමින් සිටින ධූරයේ බරපතලකම ගැන නොසිතා කි‍්‍රයාකිරීමට ඇතැම් රජයේ නිළධරයින් පෙළඹෙන නිසා මෙවන් පියවරක් ගැනීමට නව රජයට සිදුව ඇත.රජයේ ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් බස්නායක මහතාගෙන් පෞද්ගලිකවම අදහස් විමසීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිතාගෙන සිටින බව හෙළි කළේය.මෙවැනිම තවත්  සිදුවීමක් පසුගියදා වාර්තා වුණු අතර එහිදී තොරතුරු දෙපාර්තමෙන්තුවේ එක් නිලධරයෙක් දෙපාර්තමේන්තුව පළකරන ‘දෙසතිය’ ප‍්‍රකාශනයෙන් ඉපැයෙන මුදල් සියල්ලද යැවෙන්නේ විසර්ජන අරමුදලට බව දෙවරක් නොසිතාම පවසා තිබුණි.

පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආර්ථික අමාත්‍ය රවී කරුණානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් වූ ගිණුමක රුපියල් බිලියන 7.5 ක මුදලක් තිබුණු බව පැවසීය.එම මුදල දැන් මහා භාණ්ඩාගාරයට ලබා ගෙන තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.නැගෙන චෝදනා වලට දැඩිව පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා පවසා සිටියේ එම  ගිණුම පෞද්ගලික ගිණුමක් නොවන බවයි.මේ සියල්ල තමන්ගේ නාමයට මඩ ගැසීමට නව රජය ගන්නා උත්සාහයන් බවට ඔහු චෝදනා කළේය.බදාදා කැබිනට් හමුවේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා කුමක් පවසා සිටියත් රජයේ මුදල් පෞද්ගලික ගිණුමක රදවාගෙන තිබී ඇති බව තහවුරුව තිබෙන බවත් එසේ රජයේ මුදල් පෞද්ගලික ගිණුමක රඳවාගෙන තබාගැනීමට ගත යුතු අවසරය ලබාගෙන ඇති සෙයක් පෙනෙනන්ට නැති හෙයින් මේ පිළිබඳව තවත් පරීක්ෂණ කළ යුතු බවත් අමාත්‍යවරුන් පෙන්වා  දුනි.’රජයේ දේපළ විකුණා ලැබෙන මුදල් එක එක අයගේ ගිණුම් වල තැන්පත් කර ගන්න පුළුවන්නම් භාණ්ඩාගාරයකින් වැඩක් නැහැනේ‘ යැයි එක් අමාත්‍යවරයෙකු පැවසීය.මෙවැනි දේ ඉදිරියට සිදුනොවීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබෙන බව නම් සදහන් කිරීමට අකැමැති වූ ඔහුගේ අදහස විය.මේ සම්බන්ධයෙන් දින දෙකක් පාර්ලිමෙන්තුවේ විවාදයක් පැවැත්වීමට තීරණය වූ අතර ඒ සදහා දින වෙන්කර ගැනීමට පක්ෂ නායකයෝ කථානායක චමල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.මෙවැනි පරීක්ෂණ රක්නා ලංකා හා ඇවන්ට් ගාඩ් වැනි සමාගම් වල කටයුතු සම්බන්ධයෙන්ද දියත් කළ යුතුව ඇතැයි පෙර සදහන් කළ ඇමතිවරයාගේ අදහස විය.

ගාල්ල කලූවෙල දක්ෂිණ නාවුක හමුදා කදවුරේ ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් සතු කන්ටේනර 3 ක් තිබෙන බවත් එම කන්ටේනර වල අවි හා උණ්ඩ පුරවා තිබෙන බවත් ප‍්‍රථම වතාවට හෙළි කිරීමට සන්ඩේ ටයිම්ස් අපට හැකිවිය.දකුණු නාවික කලාපය භාර රියර් අද්මිරාල් ඞී.ඊ.සී ජයකොඩි මහතා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.කේ  වීරසිංහ මහතා හට පවසා තිබෙන පරිදි මෙම කන්ටේනර නාවික හමුදා කඳවුර තිබුණද එම කන්ටේනර විවෘත කර බැලීම ඔවුන්ට තහනම් කර ඇත.මෙම කන්ටේනර වල තිබෙන්නේ ගිනි අවි බව සදහන් කර ආරක්ෂක ලේකම්වරයා වෙනුවට විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දුගේ අත්සනින් යුතුව ලැබුණු ලිපියක් හැරෙන්නට එයින් ඔබ්බට කිසිදු දෙයක් ගැන දැනුම්වත් කිරීමක් හෝ දැනගැනීමට අවස්ථාව ලබාදීමක් හෝ සිදුව නොමැත.

පාලිත ප‍්‍රනාන්දු යනු ආරක්ෂක අමාත්‍යංශයේ ප‍්‍රකාශක ධූරය හොබවන්නා වන අතර මෙසේ පෞද්ගලික අවි ගබඩාවක් නාවුක හමුදා කදවරක තබා ගැනීමට අවසර ලබාදීමේ බලයක් ඔහුට නැත.එසේ ගබඩාවක් කදවුරේ රැුදවීමට තමන්ට හිමි බලතල කවරේදැයි ඔහු තම ලිපියේ දක්වාද නැත.තත්ත්වය තවත් ගැටලූකාරී වන්නේ ඔහු රක්නා ලන්කා සමාගමේ ප‍්‍රධානියා වීමද නිසාය.දකුණු නාවික හමුදා කලාපය භාර නාවික හමුදා ප‍්‍රධානියාට ඔහු එවා ඇති ලිපියේ සදහන් වන්නේ අවි ගබඩාව බලාකියා ගන්නා ලෙස  පමණි.අවි ගබඩාවක් නම් එය විවෘත කර බලා එහි ඇති අවි වල තත්ත්වය පරීක්ෂා කර බැලීමට අදාළ නිලධාරීන්ට අවසරය ලබාදිය යුතුව තිබුණත් එවැනි සදහනක් මේ  ලිපියේ නැත.අනෙක් අතට කන්ටේනර වල යතුරු නාවුක හමුදා කදවුර වෙත ලබාදීද නැත.කන්ටේනර රඳවා තබාගන්නවාට වෙනම ගෙවීමක් හෝ නාවුක හමුදාවට සිදුකර නැති බව සදහන්වුවද ඒ බව නිශ්චිතවම තහවුරු කර ගැනීම අපහසුය.ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට  මෙම ලියමනේ එකම අරමුණ අවි ගබඩාව නාවික හමුදා කදවුරේ තබන බවට කෙටි සදහනක් කිරීම පමණකි.ඇවන්ට්ග්‍රෙඞ් සමාගම ඔවුන්ගෙන් ලබාගන්නා අවියකට නියමිත ගෙවීමක් ඔවුන්ගේ සේවාදායකයින්ගෙන් ලබාගෙන ඇතත් ඒ ඒ අවි වලට නියමිත මිල ගණන් මොනවාද යන්නත්,එසේ ලබාදුන් අවි වලින් උපයාගත් මුදල් ප‍්‍රමාණය කොපමණද යන්නත් නාවික හමුදාවෙන් සැගවීමට ඔවුන් කටයුතු කර ඇත.

මෙවැනිම සිදුවීම් දාමයක් පසුගිය අවුරුදු කිහිපයක් කාලයේදී බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ තිබුණු රහසිගත අවි ගබඩාවක් මුල් කරගෙන වාර්තා වුනි.එම අවි ගබඩාවේ හිමිකාරීත්වය දැරූයේ රක්නා ලංකා සමාගමයි.මෙම අවිගබඩාව කෙතරම්  රහසිගත අයුරින් පවත්වාගෙන ගියේද යත් 2013 වසරේ නොවැම්බර් මාසයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් ගේ පැමිණීමට පෙර දිවයිනට පැමිණ ආරක්ෂක  කටයුතු සම්බන්ධයෙන් සොයාබැලූ එම රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂක පිරිවරෙන් මේ අවි ගබඩාව සම්බන්ධ තොරතුරු වසන් කිරීමටද ශී‍්‍රලංකා බළධාරීන් කටයුතු කළේය.එම  ආරක්ෂක නිළධාරීන් මේ අවි ගබඩාවෙන් තමන් ආරක්ෂා කිරීමට බැදී සිටින රාජ්‍ය නායකයින්ට අනතුරක් සිදුවේය සිතා එම ගබඩාව එතැනින් ඉවත් කිරීමට බල කරනු ඇතැයි ශී‍්‍රලංකා බළධාරීන් බියවූ බව සදහන්ය.මෙලෙසම පාප්වහන්සේගේ ආගමනයට පෙර දිවයිනට පැමිණි උන්වහන්සේගේ ආරක්ෂක නිලධාරීන්ගෙන්ද මෙම අවි ගබඩාව ගැන තොරතුරු වසන් කර ඇත.ජනාධිපතිවරණයෙන් පසු පොලිසිය කළ හදිසි වැටලීමකදී මෙම ගබඩාවේ තිබී සොයාගැනීමට හැකිවූයේ අවි 152 ක් පමණකි.3322  ගණනක ගිනි අවි අතුරදන්ව තිබුණි.අදාළ බලධාරීන් පොලිසියට පවසා සිටියේ එම අවි විවිධ පාර්ෂවවලට ලබාදුන් බවය.කුමන් පටිපාටියක් යටතේ එසේ අවි ලබාදුන්නේද යන්නත්,එම කටයුතු වලදී මුදල් ගනුදෙනු සිදුවී ඇත්ද යන්නත් සම්බන්ධයෙන් පොලිසිය  පරීක්ෂණ කරමින් සිටී.

ඇවන්ට් ගාඩ් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන තවත් දෙයකි.’සියලූ අවි වල හිමිකාරීත්වය ඇත්තේ ශී‍්‍ර ලංකා රජයටය.එනිසා එම අවි හිමිකාරීත්වය ගැන ගැටළුවක්  ඇතිකරගත යුතු නැත.මෙම අවි සෑම එකක්ම නිකුත් කෙරෙන්නේ  ආරක්ෂක අමාත්‍යංශයේ සහතිකයක් ඇතිවය.ගොඩබිමින් පිටතට යන සෑම අවස්ථාවකදීම රක්නා ලංකා සමාගමේ සී මාර්ෂල්වරයෙකු එම අවි වල භාරකාරීත්වය දරනු ඇත.

නීතියට අනුව විදේශ ගිනි අවි නිශ්පාදන සමාගමකින් ගිනි අවි මිලයට ගන්නා රජයක්,එම ගිනි අවි වල අවසානයේ භාරකාරීත්වය දරන්නේ කවුරුන්දැයි තහවුරු කරන සහතිකයක් එම සමාගමට ලබාදිය යුතුය.මෙය උදාහරණයකට ගෙන සැලකුවහොත් ශී‍්‍රලංකාව විදේශ සමාගමකින් ගිනි අවි මිලයට ගන්නේ නම් එම මිලයට ගත් ගිනි අවි වල භාරකාරීත්වය දරන්නේ තමන් බව සඳහන් කෙරුණු සහතිකයක් අදාළ සමාගමට ලබාදීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කළ යුතුය.මෙවන් සහතිකයක් ලබාදීමේ බලතල ඇවන්ට් ගාඩ් වැනි පෞද්ගලික සමාගමට ලබාදීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කර තිබීම අදාළ ගිනි අවි නිෂ්පාදක සමාගම හා ශී‍්‍ර ලංකාව අතර තිබෙන විශ්වාසය පලූදු වීමට  හේතුවන්නක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.මෙසේ සහතික නිකුත් කර අවි ලබාගැනීම වෙනුවෙන් එම සමාගම ආරක්ෂක අමාත්‍යංශයට ගෙවීම් සිදුකර ඇත්දැයි  පැහැදිලි නැත.මේ සම්බන්ධයෙන් සිදුකෙරීගෙන යන පරීක්ෂණ වලින් අනාවරණයව තිබෙන පරිදි ඇවන්ට් ගාඩ් සමාගමට ගිනි අවි නිශ්පාදකයන්ගේ හිතවත්කම දිනා  දීමටත්,ගිනි අවි සදහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගමකට පැවරීම සාධාරණීකරණය කිරීමටත් පසුගිය රජයේ විදේශ කටයුතු යාන්ත‍්‍රණය ප‍්‍රබල ලෙස භාවිතා  කෙරී ඇත.එම විදේශ සමාගම් ශී‍්‍ර ලංකාවේ සැබෑ තත්ත්වය නොදැන ඇවන්ට් ගාඩ් ගැන විශ්වාසය තබා ඇති බවක් පෙනෙන්නට තිබේ.නිල ආරංචි මාර්ගයකින් පැවසෙන පරිදි  රක්නා ලන්කා හා ඇවන්ට් ගාඩ් අතර සබඳතාවයේ නීතිමය කරුණු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සිදුවිය යුතුවන සේ නීතිපති දෙපාර්තමෙන්තුවෙන් උපදෙස්ද ලබාගෙන නොමැත.

 

මේජර් ජෙනරාල්වරයාගේ ලිපිය

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධරයින්ට තම කඳවුරේ රඳවා තිබුණු පෞද්ගලික අවි ගබඩාවක් පරීක්ෂා කිරීමට අවසර නොලැබීමට අමතරව තවත් බලපෑම්  වලට මුහුණදීමට සිදුවිය.කඳවුරේ සේවා වනිතා ගොඩනැගිල්ලේ ඇතැම් කාමර පවා අවි හා උණ්ඩ ගබඩා කිරීමට යොදාගෙන තිබුණු අතර එම කාමර වලට ඇතුල්වීම  පවා කඳවුරේ නිලධරයින්ට තහනම් විය.මෙම කාමර අවි ගබඩා කිරීම  සඳහා වෙන්කර තිබුණේ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා 2012 නොවැම්බර් 20 වැනිදා වැනි ඈත දිනයකදී ගාල්ල නාවික හමුදා කලාපය භාර නාවුක හමුදා කොමදෝරුවරයාට එවා තිබුණු ලිපියකට අනුවය.එම ලිපියේ පාලිත ප‍්‍රනාන්දු මහතා තම නිලය ලෙස සදහන් කර තිබුණේ හමුදා සම්බන්ධීකාරක නිලධාරියා  ලෙසය.විශ‍්‍රාමලත් හමුදා නිළධරයෙකුට නාවුක හමුදාව හා තිබෙන ගනුදෙනුව තේරුම් ගැනීමට අපහසුය.ඊටත් වඩා ආරක්ෂක අංශ වලට අයත් කදවුරක පෞද්ගලික අවි  ගබඩාවත් රැඳවීමට ඔහුට බලතල හිමිවීමද පුදුම සහගතය.ඔහුගේ ලිපියේ සදහන් වන්නේ මේවාය.

 

1.ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුම යටතේ කි‍්‍රයාත්මක වන රක්නා ලන්කා සමාගමේ නාවුක ආරක්ෂක අංශයේ නිළධාරීන්ට භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ආරක්ෂා කිරීමට අවශ්‍ය ගිනි අවි හා උණ්ඩ ලබා දී තිබේ.

2.රක්නා ලන්කා ආරක්ෂක අංශයේ ප‍්‍රධාන විධායක නිළධාරී තැන අපට දැනුම්දී තිබෙන ආකාරයට ගාල්ල කොටුවේ රදවා තිබෙන අවි ගබඩාව සමාගම සපයනු ලබන සේවයේ  ගුණාත්මක භාවය නිසාත්,සේවාවන්ට තිබෙන ඉල්ලූම ඉහළ යමින් තිබෙන නිසාත්,සමාගමේ ඉදිරි කටයුතු වලට ප‍්‍රමාණවත් නොවේ.

3.එනිසාවෙන් දක්ෂිණ ලංකා නාවුක කදවුරේ පවත්වාගෙන යන අවි ගබඩාවක් රක්නා ලන්කා සමාගමේ කටයුතු වෙනුවෙන් ලබාදෙන ලෙස මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.එය ආධාරයෙන් ඉදිරියටත් ජාත්‍යන්තර තත්ත්වයේ සේවා සැපයීමට රක්නා ලන්කා සමාගමට හැකිවනු ඇත.

විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ ලිපියේ ඉතා වැදගත් දෙයක් සදහන්ව තිබේ.රක්නා ලංකා සමාගම යටතේ නාවුක ආරක්ෂක අංශයක්,එනම් රජය වූ ව්‍යාපාරයක් කි‍්‍රයාවට නැංවෙන බව ඔහු පවසයි.මෙය වැදගත් ගැටලූවකට මං පාදන්නකි.ශී‍්‍ර ලංකාවට නාවුක  හමුදාවක් සිටියදී මෙවන් සමාගමක් නාවුක ආරක්ෂක කටයුතු භාරගත යුතුද? වාර්තා වන ආකාරයට මෙසේ භාණ්ඩ ප‍්‍රවාහන නෞකා වලට ආරක්ෂාව සැපයීමේ වගකීම දැරීමට  නාවික හමුදාව ඉදිරිපත්ව ඇතත් අවසරය හිමිව නොමැත.එසේ අවස්ථාව ලැබුණේ නම් මෙය නාවික හමුදාවට විශාල වශයෙන් විදේශ විනිමය ගලා එන මාර්ගයක් කර ගන්නට ඉඩ තිබුනි.අනෙක් අතට නාවික ආරක්ෂක කටයුතු වල භාරකාරීත්වය දැරිය යුතු වන්නේ නාවික හමුදාවත්,වෙරළාරක්ෂක හමුදාවත්ය.නමුත් එවැනි භාරදුර රාජකාරියකට සුදුසු හා පුහුණුව ලබා තිබෙන නාවික හමුදා භටයින් දකුණේ තල්මසුන් නැරඹීමට එන සංචාරකයින්ගේ ආරක්ෂාවට යෙදවීමට,අවන්හල් පවත්වාගෙන යෑමට,විශේෂ යැයි කියන  පුද්ගලයින්ගේ ගෙදරදොර වැඩට සහයකයින් ලෙස බදවා ගැනීමට, කටයුතු කර තිබෙන ආකාරය නින්දා සහගතය.

නීතිමය ගැටලූ වලට අමතරව රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධව ව්‍යවස්ථාමය ගැටලූද ඇත.සේනාධිනායකයා වන ජනාධිපතිවරයා සියලූ ආරක්ෂක අංශ හා පොලිසියේ නායකයා වන වාතාවරණයක,වෙරළාරක්ෂක හා සිවිල් ආරක්ෂක සේවා වැනි සාමාජිකයින් 35000 කට අධික 

පිරිසක් සේවය කරන අංශ ඇති තතත්වයක,විශ‍්‍රාමික ආරක්ෂක අංශ නිළධාරීන්ට මෙවැනි සේවා වල හොද රැකියා අවස්ථා සොයාගැනීමට හැකියාව තිබෙන විට,පෞද්ගලික සමාගමක් රටේ නාවුක ආරක්ෂාව පිළිබඳ වගකීම තම කරට ගෙන සිටී.එම වගකීම බිල්ලට තබමින් මුදල් ඉපැයීමේ මාර්ගයක්ද ඔවුන් සකස් කරගෙන ඇත.

නාවුක හමුදා කඳවුරක අවි ගබඩාවක් පවත්වාගෙන යෑමෙන් ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකිව තිබූ තර්ජනයද සුළුපටු නොවේ.වාසනාවට එවැන්නක් සිදුව නැති වුවත් නැවට ගිය විට සී මාර්ෂල්වරයා යටත් කරගෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමටත්,අවි ගබඩා වල තොරතුරු බලහත්කාරයෙක් ලබාගැනීමටත්,නැව් රදවා තබාගෙන කප්පම් ඉල්ලා සිටීමටත් නාවික හමුදාවේ අනුදැනුමකින් තොරව කටයුතු සිදුවූ මේ වාතාවරණයේ කඩාකප්පල්කාරීන්ට හොද අවස්ථාවක් තිබුණි.මේ බව සළකා පොලිස් මූලස්ථානයේ ඉහළ නිළධාරීහු පිළිතුරු සෙවිය යුතුව ඇති බරපතල ගැටලූ රාශියක් ලැයිස්තු ගත කර තිබෙන අතර පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයකි.

ශී‍්‍ර ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් රතු මුහුද දක්වාම රක්නා ලංකා හා ඇවන්ට් ගාඩ් සමාගම් වලට මුහුදු ආරක්ෂණ සේවා සැපයීමට අවසර දුන්නේ කවුරුන්ද? රජයට අයත් අවි භාවිතා කිරීමට එම සමාගම් වලට අනුමැතිය ලබාදී තිබුණේ කවර නීති යටතේද? සේවා සැපයුම් වලින් ලැබුණු මුදල් එකතු කළේ කවුරුන්ද? කාහටද?

කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු යුධ හමුදාව,ගුවන් හමුදාව,නාවික හමුදාව සතුව තිබූ අවි මෙම සමාගම් වල භාවිතයට ලබා දුන්නාද? එසේ ලබා දීමට අවසරය තිබෙන්නට ඇත්තේ කාහටද?

රක්නා ලංකා හා ඇවන්ට් ගාඩ් සමාගම් අවිගබඩා පවත්වාගෙන යෑමට ආරක්ෂක අංශ වලින් හෝ පොලිසියෙන් අවසරයක් ලබාගෙන තිබේද? මේ තත්ත්වයේ හැටියට නාවුක හමුදා මූලස්ථානයේ අවසරය ලබාගෙන තිබේද? නාවුක හමුදා ආඥාපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත්ද?

රජයට අයත් මෙම අවි මිත‍්‍ර පාර්ශවයකට එරෙහිව යොදාගත්තේ නම් කුමක් වනු ඇත්ද? එවැනි දෙයක් සිදුවූයේ නම් වගකීම භාරගැනීමට සිටියේ කවුරුන්ද?  ගැටුමින් සිදුවන හානි වලට වන්දි ගෙවනු ඇත්තේ කවුරුන්ද?

එල්.ටී.ටී.ඊ යේ පරාජයෙන් පසු රාජකාරි වලින් මද විරාමයක් ලබා සිටින නාවික හමුදාවට මෙම කටයුතු භාරදීම නොකළේ ඇයි? මෙයින් නාවික හමුදාවට ඩොලර් ලක්ෂ ගණන් විදේශ විනිමය උපයාගත හැකිව තිබුණා නොවේද? මෙම පෞද්ගලික සමාගම් මේ  ගනුදෙනුවෙන් කොපමණ මුදලක් උපයාගෙන ඇත්ද?

ශී‍්‍ර ලංකා රජය අවසාන භාරකරුවා ලෙස සදහන් කර ලබාගත් ගිනි අවි තෙවැනි පාර්ශවයකට ලබාදීමට අවසරයක් ඇත්තේ කාහටද? එවැනි බලපත‍්‍ර වලංගුද?

පාවෙන අවි ගබඩාවේ වගකීම දරන්නේ කවුරුන්ද? එය නාදුනන පුද්ගලයින් පිරිසක් අත්පත් කරගතහොත් අවි ගබඩාවේ සේවය කළ පුද්ගලයින්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් ඔවුන් වගකියනවාද? රක්ෂණාවරණ සපයාදීමක් සිදුව තිබෙනවාද?

ශී‍්‍ර ලංකා රජය හා රක්නා ලංකා සමාගම අතර මෙම ගනුදෙනුවෙන් ඉපැයෙන ලාභය බෙදා ගැනීමට ගිවිසුමක් පවතිනවාද? ඇවන්ට් ගාඩ් සමාගම හා එවැනි ගිවිසුමක් තිබෙනවාද?

රජයට උපදේශකවරුන් සිව්දෙනෙක්පසුගිය රජයේ වංචා,දුෂණ සම්බන්ධයෙන් වූ සාකච්ඡා අතරතුර නව රජයට උපදේශකවරු සිව්දෙනෙක්ද පත් කර ගැනීමට පසුගිය බදාදා පැය 2 ක් පුරාවට පැවැත්වුනු කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය විය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමංසිහ මහතා ගෙන ආ යෝජනාවකට අනුව එසේ උපදේශකවරු පත්කර ගැනීමට කැබිනට් අමාත්‍යවරු කැමැත්ත පළ කළ අතර එන්.කේ වේරගොඩ,චරිත  රත්වත්තේ,මලික් සමරවික‍්‍රම,හා නිරාජ් දේවා එම උපදේශකවරුන් සිව්දෙනා විය.අන්තිමට සදහන් කෙරුණු නිරාජ් දේවා යුරෝපා පාර්ලිමෙන්තු සභිකයෙකු වන අතර  පසුගිය එක්සත් ජනතා සන්ධාන රජයේ ප‍්‍රබල ආධාරකරුවෙකුද වේ.එක්සත් ජාතික පක්ෂය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට කටයුතු කළ ඔහුගේ ප‍්‍රකාශයනට පසුගිය සමයේ රාජ්‍ය මාධ්‍ය වල විශාල තැනක් හිමිව තිබුණි.නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු ඔහු නව රජයට තම පක්ෂපාතීත්තවය පළ කර සිටින්නෙකි.කැබිනට් ඇමතිවරු දිව්රුම් දුන් අවස්ථාවට හේ විශේෂ ආරාධිතයෙකු ලෙසද සහභාගීව සිටියේය.උපදේශකවරු සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට අමතරව අග‍්‍රාමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ සභාපති ලෙස පත් කෙරෙන කැබිනට් පති‍්‍රකාවක්ද  ඉදිරිපත් කළේය.එහිදී එක් කැබිනට් අමාත්‍යවරයෙකු මහේන්ද්‍රන් ශී‍්‍ර ලංකා පුරවැසියෙකු නොවන බව සදහන් කළ අතර එයට පිළිතුරු දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා රටක පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු එම රටේ  වැදගත් රාජ්‍ය ආයතන වල ප‍්‍රධාන ධූරයන් සාර්ථකව ඉසිලූ අවස්ථා රාශියක් තිබෙන බව  පැවසීය.මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසිභාවය යටතේ ශී‍්‍ර ලංකා පුරවැසිභාවයද ලබාගනු ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.

වෙනත් කරුණු සම්බන්ධයෙන් සිදුකෙරුණු සාකච්ඡාවේදී පසුගිය ජනාධිපතිවරණයේදී අපක්ෂපාතීව තම වගකීම අකුරටම ඉටුකළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හා ඔහුගේ කාර්ය මණ්ඩලය ඇගයිය යුතුව ඇතැයි කරූ ජයසූරිය මහතා පැවසීය.ඔහුගේ කාර්යභාරය නිසා නොවන්නට එදා ජනාධිපති කාර්යාලයේ අසුන්ගෙන  සිටි ඇමතිවරුන්ට එතැනට පැමිණීමට කිසිදිනෙක නොහැකි වන්නට ඉඩ තිබුණු බව ඔහු  කීය.දේශපි‍්‍රය මහතාට කෘතගුණ දැක්විය යුත්තේ කෙසේදැයි ඉදිරියේදී සාකච්ඡාවට බදුන්වීමට නියමිතය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ශී‍්‍ර ලංකා ජනතාවට දෙන බවට නව රජය පොරොන්දු වූ පළමු සහනය ඉදිරිපත් වුනු අතර එයින් ඉන්ධන  මිල පහත දැමුණි.එළැඹෙන ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කෙරෙන අතුරු අයවැයෙන් ජනතාවට පොරොන්දුවූ සහන සැලසීමේදී ඇතිවය හැකි අගහිගතා පියවා ගැනීමට රජය  ඩොලර් ලක්ෂ 200 ක පොරොත්තු ණයක් ලබාගැනීමටද සැලසුම් කර ඇත.

ගාලූ මුවදොර ව්‍යාපෘතිය

පසුගිය එක්සත් ජනතා සන්ධාන රජය ප‍්‍රමුඛත්වය දී තිබූ වරාය නගරය ව්‍යාපෘතියට අනතුරුව කැබිනට් මණ්ඩලයේ අවධානය හිමි විය.රුපියල් බිලියන 172.4 ක් වටිනා මෙම ව්‍යාපෘතියෙන් චීනයට ගාලූ මුවදොර සාගර කලාපයෙන් අක්කර 575 ක් පවරා දීමටත්,වසර 25 ක කාලයකට ව්‍යාපෘතිය සියලූ බදු වලින් නිදහස් කිරීමටත් කෙරී තිබේ.ව්‍යාපෘතිය භාරව කටයුතු කරනා සී.එච්.ඊ.සී පෝට් සිටී කලම්බු ආයතනයට එම බදු සහනයට අමතරව තවත් සහන ලබාදීමටද පසුගිය රජය කටයුතු කර  ඇත.මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය අවසරය පසුගිය වසරේ ජනවාරි මස 24 වැනිදා ක‍්‍රමෝපායික සංවර්ධන පණතේ අංක 3 (2) දරන වගන්තිය යටතේ ලබාදුන් අතර මෙම ව්‍යාපෘතිය සදහා වන වියදම මත්තල ගුවන්තොටුපලට,හම්බන්තොට වරායේ පළමු අදියරට,කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට වියදම් කළ වැය කළ මුදල් ප‍්‍රමාණයක්  එක්කළ විට ලැබෙන අගයටත් වඩා ඉහළය.

ව්‍යාපෘතියට ලබාදී තිබෙන අනෙකුත් සහන අතර ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබාගන්නා විදෙස් ණය වලට ගෙවිය යුතු වන බදු වලින් භාරකරු නිදහස් කිරීමටත්,තාක්ෂණික සහය වෙනුවෙන් හා උපදේශන කටයුතු වෙනුවෙන් වැය වන මුදල් වලට සහන ලබාදීමත්,කළමණාකරණ කටයුතු වලට ලබාගන්නා ණය වලට ආදිය ඇතුළුව මේ සියලූ දේ වල මුළු වියදම මුළු ව්‍යාපෘතියේ වටිනාකමින් සියයට 3ක් ඉක්මවා  නොවන තාක්කල් එම වියදම් වලට සහන සැලසීමටත්,වෙළඳ ප‍්‍රවර්ධන කටයුතු වලට වැයවන වියදම මුළු ව්‍යාපෘතියේ වටිනාකමින්  සියයට 1.5 ක් ඉක්මවා නොවන තාක් කල් සහන සැලසීමටත්,ව්‍යාපෘතියේ සේවය කරන පුද්ගලයින් 30 දෙනෙකු උපයන තරමට බදු ගෙවිය යුතුය’ යන නීතියෙන් නිදහස් කිරීමටත්,ව්‍යාපෘතිය දැනට කි‍්‍රයාත්මක කරනා හා ව්‍යාපෘතිය අවසානයේ එහි ඉදිරි වැඩකටයුතු භාරගැනීමට සිටින පුද්ගලයින්  අතුරින් තෝරාගනු ලැබෙන මේ 30 දෙනාට ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකව වසර 10 ක් ගතවන තෙක් මෙම සහනය සැලසීමටත්,කල්ගතවීමේදී දේශීය ශ‍්‍රමිකයින්ටත් ව්‍යාපෘතියේ  කටයුතු සදහා හවුල්වීමට ඔවුන්ගේ කැපවීම පදනම්ව අවස්ථාව ලබාදීමටත් දෙපාර්ශවය අතර එකඟතාවයන් ඇතිව තිබුණි.තම ශී‍්‍ර ලංකා සංචාරය අතරතුරදී චීන ජනපති ෂි ජින්පින්ග් මේ ව්‍යාපෘතියට මුල් ගල තැබූයේ පසුගිය සැප්තැම්බරයේය.

සන්ඩේ ටයිම්ස් පළමුවර අනාවරණය කළ පරිදි මෙම වරාය නගරයෙන් විශාල ප‍්‍රදේශයක් වසර 99 ක බදු සහනයකට යටත්ව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමට ලැබේ.මෙම ප‍්‍රදේශය පිහිට



අදහස් (0)

රට සල්ලි ගෝඨාගේ යාළු සමාගමකට

දුමින්ද Monday, 26 January 2015 08:05 AM

මේවා ඡන්ද දායකයන්ගේ සිත් සනසන පිනවන කතා නොවේ.(හේ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Monday, 26 January 2015 08:59 AM

මොනවා කළත් පරණ පාලකය සහ පවුලේ අය රාජ්‍ය ආරක්ෂාව තවමත් ලබමින් යහතින් සිටි , ඡන්දය දීපු අය කට අැරගෙන බලන් ඉන්නේ , (අ)

:       0       0

ශෂී Monday, 26 January 2015 09:04 AM

මේවායෙන් රටට වියදමක් මිස ආදායම් නොලෙබුන බවත්.. ආදායම් බදු වලින් තොරව සියලුම දෙනා කළු සල්ලි උපයා ඇති බවත් මොනවට පෙනේ . මේ තරම් ආදායම් මාර්ග රටට නොලේබෙන හේතු වගේම. මේවයේ ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි තර්ජනයද සුළුපටු නොවේ. ලොකු මොළ එකතු වෙලා රටට මීට වඩා හොඳක් කලා නම්, විනිවිදභාවයෙන් කලානම් නේද හොඳ.(හේ)

:       0       0

තුවාන් Monday, 26 January 2015 09:23 AM

මෙය බොරු කියා කියා උතුරේ ඕනි දේවල් එයාල කර ගන්නවා.(හේ)

:       0       0

රූපවතී Monday, 26 January 2015 09:17 PM

කව්රු මොනවා කීවත් කාගෙන් පළිගත්තත් රටක් අභ්‍යන්තරයේ මිලිටරිය ලෝකෙට හෙළිකිරීම බුද්ධිමත් ජනතාවක් කිසිසේත් නොකළ යුතු දෙයකි, මන්ද මිලිටරිය යනු එම රටේ හදවතයි. (බ)

:       0       0

සමන් Monday, 26 January 2015 09:32 AM

මගේ අම්මෝ මේවා කියවපුහම බය හිතෙනවා, සමහරවිට කොරහේ කිඹුලෝ දකිනවද කියලත් හිතෙනවා (බ)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 09:56 AM

ධර්මේ නිකන් බොරු කතා කියන්න එපා මිලේනියම් සිටි සිදුවීම යනු එදා කොටි සංවිධානයට විරුද්ධව ආරක්ෂක හමුදාවන් මෙහෙයුම් සැලසුම්කල හා ක්‍රියාත්මක කල ස්ථානයක්,එය එළිදරව් වීමෙන් හමුදා බුද්ධි අංශ නිලධාරින් කොටි සංවිධානයට එලිදරව්විම නිසා බුද්ධි අංශයේ නිලධාරින්ට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ අතර මෙම රක්නා ලංකා,අවන්ගඩ් සිදුවීම හිටපු ආරක්ෂක ලේකම්වරයා හා පුද්ගලික ආරක්ෂක සමාගම් දෙකක් අතර සිදුවූ කුඨ ගනුදෙනුවක් බව ඉහත වාර්තාවෙන් පැහැදිලි වන අතර මෙය හෙළිකිරීමෙන් රටේ ආරක්ෂාව තහවුරුවීමත් මෙතෙක් කලක් රටට ලැබෙන්නට තිබෙනු විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් පුද්ගලයන් කිහිප දෙනුකු අතට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.(හේ)

:       0       0

සමන් Monday, 26 January 2015 10:12 AM

මේ ලිපියට උත්තරයක් මෙම ලින්ක් එකේ තියනවා http://agamatajathiyata.blogspot.com/2015/01/blog-post.html (බ)

:       0       0

ලලිත් Monday, 26 January 2015 10:40 AM

තනිකර හොර වැඩක් වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

ටිම් Monday, 26 January 2015 06:05 AM

මේවා හොයන්න දින සීය මදි.. මුලින්ම කලයුත්තේ විමර්ශන පමා කරන හෝ වැරදි වලට සම්බන්ධ නිලදාරීන් එම කටයුතු වලින් අයින් කිරීමයි. (බ)

:       0       0

ධර්මේ Monday, 26 January 2015 06:19 AM

මිලේනියම් සිටි 2.(හේ)

:       0       0

අසිත Monday, 26 January 2015 06:27 AM

මෙම පරීක්ෂණ ඉහලම රහස්‍ය බාවයකින් ..ආරක්ෂක මණ්ඩලය යටතේ සිදුවන්නේ නම් යහපත් වේ (හේ)

:       0       0

සමරවීර Tuesday, 27 January 2015 05:05 AM

ආශ්චර්යයට එරෙහි නොවන්න! (නි)

:       0       0

වෙරංග Monday, 26 January 2015 07:03 AM

අගවිනිසුරු තුමත් නැති තැනක් නැහැනේ බලාගෙන යද්දී.ගොඩක් කාර්යබහුල ජ්විතයක් නේ ගෙවලා තියෙන්නේ රට වෙනුවෙන්.(හේ)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 07:11 AM

මේක කියෙව්වාම මව නිකන් කරකවලා අත ඇරියා වගේ,බලන් ගියාම මේ රටේ ආණ්ඩුවක් කියලා දෙයක් තිබිලම නැහැ ,(හේ)

:       0       0

රන්ජිත් ඩුබායි Monday, 26 January 2015 07:25 AM

මම හිතන්නේ මේකත් මිලේනීයම් සිටි වගේ පාවා දීමක්. කරුණාකරලා රට අාගාදයකට නොදා රහසිගතව පරීක්ෂණ කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 528 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 142 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2086 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2482 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3831 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site