(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.
මෙම කාර්යාලයේ සියලුම ගිණුම් සහ වියදම් කාලයක සිට නිශ්චිත විගණනයකට ලක්වී නොතිබූ බව කතානායකවරයාට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි සියලු කටයුතු රජයේ විගණකාධිපතිවරයා යටතට පත් කිරීමට කතානායකවරයා පසුගියදා පියවර ගත්තේය.
පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරීන් කීපදෙනකු විදේශ සංචාරවලදී මෙහි විදේශ මුදල්(ඩොලර්) අයථා ලෙස පාවිච්චි කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුවී ඇත.
එසේම එම අංශයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇත. ඒ පිළිබඳවද විගණන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියකුගෙන් ඊයේ අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා විදේශ සබඳතා අංශයේ පසුගිය කටයුතු කිහිපයක් ගැන මේ දිනවල පුළුල්ව සොයා බලාගෙන යන බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් අක්‍රමිකතා ඇති වීමට ඉඩ ඇති මාර්ග වසා දැමීමට කතානායකවරයා උපදෙස්දී ඇත.
වාරියපොළ , මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර ගුවන් අනතුරක් සිදුව ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලුණු සමාගම පවසයි.
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 ම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි
හසක Thursday, 20 March 2025 10:45 AM
මේ වරප්‍රසාද නැතිවෙනවට මේ අවභාවිතා කාරයෝ අකමැතියි. ඉතින් උන්ට පුළුවන් හැමදේම කරනවා මේ තියෙන ක්‍රමය රැකගන්න.
ddsThursday, 20 March 2025 12:07 PM
ඔය දේවල් මොනතරම් පෞද්ගලික මත (opinions) නැතුව කරුණු (facts) එක්ක කිව්වත් පිලිගන්න අකමැති, නැත්නම් නොතේරෙන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ දේවල් කියලා, වාදකරගෙන වැඩක් නැහැ, ඒ අයටම අවබෝධ වෙනකන්.
බකල ජයා Thursday, 20 March 2025 10:54 AM
මූල්‍ය අධ්‍යක්‍ෂක නොදැනුවත්ව මේක වෙන්න පුළුවන් කියන එක උපරිම හොඳටම පිලිගන්න වෙනවා. මම පුදුම මෝඩයෙක්. පරීක්ෂණය කරන්නෙත් එයාමයි. තවත් හොඳයි. හරිම සාධාරණව, අපක්ෂපාතීව වැඩේ වෙයි. අනේ මං වගේ මෝඩයෙක්.