IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘රට හුදෙකලා කරන්න එපා‘

ප්‍රංශයේ  ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්‍රංශයේ සිය මෙහෙවර නිම කැර ශ්‍රී ලංකාවට ඒමට සැරැසෙයි.


ප්‍රශ්නය - ඔබ ප්‍රංශයට පැමිණ අවුරුදු දෙකක් ශ්‍රී ලංකාවේ තානාපති ලෙස සේවය කළා.  ගෙවී ගිය කාලය ගැන  තක්සේරුව කුමක්ද?

පිලිතුර - ලංකාව මට පැවරූ රාජකාරිය වුයේ,  ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය යන රටවල  තානාපති ලෙස සේවය කිරීමයි. ඊට සමාන්තරව පැරීසියේ යුනේස්කෝවේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කිරීමද ඉහත වගකීම් රැසට එකතු වෙනවා.

පසුගිය වසර දෙක සංෂිප්තව පැහැදිලි කලොත්, පශ්චාත් යුද සමයෙන් පසු ශ්‍රී ලංකාව දෙසට එල්ල කල සුප්‍රසිද්ධ ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඊනියා යුද අපරාධ චෝදනා ඇතුළත් වාර්තාව ඉදිරිපත් කළ යුරෝපා සංගමයේ කණ්ඩායමට ප්‍රංශයත් එක්තරා දුරකට සම්බන්ධව සිටියා. විශේෂයෙන් මුත්තූර් සිද්ධි වැනි දේවල් නිසා, අප පිලිබඳ ඔවුන් තුල සුබවාදි ආකල්පයක් තිබුණේ නැහැ. නමුත් පසුගිය දෙවසර තුල හොද තර්කානුකූල සම්බන්ධයක් ගොඩ නැගී ඇති බව කිවයුතුයි.

 

 

ප්‍රශ්නය - ඊට මුල් වූයේ ඔබට ද?

පිලිතුර - එසේ වූයේ මම නිසා යැයි කීම එක්තරා ප්‍රමාණයකට අතිශෝක්තියක්. එය සියයට සියයක් නිවැරදි වන්නේ නැහැ. නමුත් ඒ තත්ත්වය ඇති කිරීමට යම් දායකත්වයක් ලබා දීමට මට හැකිවීම ගැන මම සතුටුවෙමි. එම යහපත් වර්තමානය ගොඩ නැඟීමට ලංකාවේ ප්‍රංශ තානාපතිවරු දෙදෙනෙකුගේ සහායත් ලැබුණා. ඒ අනුව අප දෙරට අතර යම් සතුටුදායක සම්බන්ධයක් ගොඩ නැගීමට හැකිවුණා. එසේ වූ පමණින්ම අප ගැන ඔවුන්ට විවේචන නැතුවා නොවේ. එම විවේචන පුළුල් හා පොදු විෂයන් නොවී එක්තරා ඛේදවාචකයක් හා සිද්ධියකට පමණක් සිමාවු තත්වයක් ඇතිවී තිබුණා. ඔවුන් අපෙන් නිතරම අහන ප්‍රශ්න තිබෙනවා‍.

ප්‍රශ්නය - ඒ මොනවාද?

පිලිතුර - ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය සුළුතරය රාජ්‍ය බලය සමග ගනුදෙනු කරන ආකාරය, උතුර දකුණ සිංහල දෙමළ සංහිඳියාව හා සහජීවනය, ආදි ලෙස ඔවුන් අසන ප්‍රශ්න සතුරු ආකල්පයකින් අසන ප්‍රශ්න යැයි කිව නොහැකියි. මේ අනුව අප දෙරට අතර යම් අවබෝධාත්මක තර්කානුකූල හොද දෙබසක් පසුගිය කාලයේ ඇති කර ගැනීමට හැකි වුණා. ඊට අමතරව ප්‍රංශයේ බුද්ධිමතුන්, විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, බුද්ධි මණ්ඩල, විවිධ රාජ්‍ය ආයතන, විදේශීය රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ ලංකාව පිළිබඳ හොද තර්කානුකූල සත්‍යවාදි චිත්‍රයක් ගොඩ නැගීමට හැකිවු අතර ලංකාවේ ඇති යථාර්ථයේ සංකීර්ණත්වය පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමට හැකිවුණා. 

 

 

ප්‍රශ්නය - ඒ වෙනුවෙන් ඔබ විශේෂ දෙයක් කළාද?

පිළිතුර - ඔව්. ප්‍රංශයේදි ප්‍රථම වතාවට ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ බුද්ධිමත් තරුණ කොටස් එකතු කොට යම් සම්බන්ධීකරණයක් ගොඩ නැගීමට හැකිවුණා. ඒ ධනාත්මක කොටසයි. ඊලගට ලංකාව කියන රට ජාත්‍යයන්තර තලයේ පවතින ආකාරය පිලිබදවත් ලංකාව  ලෝකය අතර තිබිය යුතු , තිබිය හැකි හා දැනට තිඛෙන සම්බන්ධකම් පිළිබඳව වඩා යථාර්ථවාදි ලෙස දැක ගැනීමේ අවස්ථාවද ලැබුණා. ලංකාවට පුළුවන් ලෝකයට හොද චිත්‍රයක් පෙන්වන්න. එසේ කළහැකි රටක්.

 

 

ප්‍රශ්නය - ඊට වඩා තිබෙන බව ද ඔබ කියන්නේ?

පිලිතුර - නමුත් රාජ්‍යයේ විදේශ කටයුතු , ප්‍රචාරක කටයුතු , හා විදේශ පරිපාලනය යන අංශ වල වැඩ පිළිවෙළක් නොමැතිකම නිසා විදේශ කටයුතුවල යම් යම් දෝෂ ඇති බව පැහැදිලිව දැක ගන්න ලැබුණා. මෙයට හේතුව තානාපති කාර්යාලය තානාපති හා තානාපති සේවය යන්න ගැන පැහැදිලි මතයක් නොතිබීම. තානාපති කාර්යාලයක් යනු පඬ ශාඛාවක් හෝ ආගමික සිද්ධස්ථානයක් නොවේ. තානාපති කාර්යාලයක් යනු තමන්ගේ රටේ යථාර්තය තමුන් ඉන්න රටට ගෙන හැර පාමින් රටවල් දෙක අතර පාලමක් ලෙස කටයුතු කරන ආයතනයක්. එසේ නොමැතිව පක්ෂග්‍රාහි සීමා සහිත පටු විකෘති ආකාරයක දැක්මක් තිඛෙන තාක් කල් ලංකාව ජාත්‍යන්තර ලෙස ලෝක ජනමතය අතර තව තවත් හුදෙකලා වෙනවා. එසේ වුවොත් ලංකාවට විරුද්ධව පෙළ ගැසී සිටින ජාත්‍යන්තර සතුරු බලවේග වලට විශාල රුකුලක් අත්වෙන බව නියත දෙයක්.

 

 

ප්‍රශ්නය - ආපසු යන්නේ සතුටකින් ද?

පිලිතුර - අනිවාර්යයෙන්ම ඔව්. විශේෂයෙන් පැරීසියට. කුඩා කාලයේ සිට විදේශ රටවල මම සංචාරය කර තිඛෙනවා. නමුත් ප්‍රංශය හා එහි අගනුවර පැරීසිය මට අමතක නොවන අත්දැකීමක්. බුද්ධියට, ලේඛන කලාවට, සෞන්දර්යට, සංස්කෘතියට මේ වගේ සලකන වෙන රටක් වර්තමාන ලෝකයේ නැහැ. බලන්න මේ පැරීසියේ ඕනෑම පාරක්ම නම් කර ඇති ගැමි දාර්ර්ශනිකයන්, ලේඛකයන්, සංගීතඥයන්, කලාකරුවන් ආදි ලෙස මානව සංහතියට යමක් දායක කල අයකුගේ නම් මේ මාර්වල දක්නට තිබෙනවා. එයින් අපට ඉගෙන ගතයුතු බොහෝ දේවල් තියෙනවා. ලෝක ප්‍රකට බුද්ධිමතුන්ගේ නමක් කොළඹ තිබුනොත්, ගලවා ඉවත් කරන මානසිකත්වයකුත් අපේ රටට තිඛෙනවා. එනයින් මානව සංහතියේ ප්‍රගතිශීලි චින්තනයට මෙතරම් දායකත්වයක් දුන් නගරයක් වෙන කොහේවත් නැහැ. ඒවගේම පැරීසියේ බුද්ධිමය හා ගෘහ නිර්මාණ සංස්කෘතිය ගැන සැලකුවෝත්, පැරීසියට ලගාවිය හැකි වෙනත් නගරයක් ගැන හිතන්න අමාරුයි. ඊට අමතරව පැරීසියේදි  ලැබුණු ආචාර්යවරුන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් වගේම ශ්‍රී ලාංකික ප්‍රජාවේ බුද්ධිමත් කොටස් හා  අලූතෙන් මිතුරන් දැන හදුනා ගැනීමට ලැබීම ගැනත් ඇත්තටම මම සතුටු වෙනවා. එයින් මමත් මගේ බිරිදත් ඉතාමත්ම සුන්දර අත්දැකීමක් පැරීසියේදි ලැබුවා යැයි කීවොත් නිවැරදියි. නමුත් ඒ සුන්දරත්වය මැද එතරම් සුන්දර නොවූ අත්දැකීමුත් තිබුන අතර ඒවා කිසි ලෙසකින් ප්‍රංශ සමාජය හෝ ප්‍රංශ ආණුඩුව නිසා ඇතිවු දේවල් නොවන බැවින් ඔවුන්ටදොස්කීම වැරදියි. එසේම පැරීසියෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අනුව පසුගිය අවුරුදු  දෙකේදී  මම පෝෂණය වුණා යැයි කීවොත් එය නිවැරදි යි.

 

ප්‍රශ්නය - තානාපති කාර්යාලය ලාංකිකයන් උදෙසා සලසන මහජන කටයුතු ගැන විවිධ විවේචන තිඛෙනවා. ගමන් බලපත්‍ර හා වෙනත් සහතික ලබා ගැනීම ආදියේදි සාමාන්‍ය ජනයා අපහසුවට පත්වී තිඛෙනවා. තානාපති කාර්යාලයයේ කටයුතු සාමාන්‍ය වහරෙන් ඉබි ගමන හා ලා පතෝල වලට සමාන කරනවා?

පිලිතුර - තානාපති කාර්යාලයක කාර්යක්ෂමතාවය ප්‍රධාන ලෙස කරුණු දෙකක් මත රැදී පවතිනවා. ප්‍රථමයෙන් එම කාර්යාලයට කොලඹින් පත් කර එවන නිලධාරීන්. ඔවුන් සුදුස්සන් වුවොත් එහි කටයුතු කාœයඬම වෙනවා. ඒ සමගම පැරීසියෙන් බඳවා ගන්නා නිලධාරින් අපට සුදුසු ලෙස බඳවා ගැනීමට ඇත්නම්, එයද වැඩ වේගවත් කිරීමට ඛෙහෙවින් ඉවහල් වෙනවා. මන්ද මෙහිදී විදේශීය භාෂාවක් හෝ ප්‍රංශ බස අත්‍යවශ්‍ය සාධකයක්.  ඒ සදහා සුදුස්සෝ පැරීසියෙන් අනුයුක්ත කිරීමට අපට ඇති බලයලත් සීමාවද මෙහිදී වැදගත්. ඊලග සාධකය තානාපති කාර්යාලය හෝ තානාපති සේවයෙන් සිදුවිය යුතු කටයුතු පිලිබඳව මව් රටේ කොළඹ අදාල රාජ්‍ය ව්‍යුහයේ තිඛෙන ආකල්පත් මෙහිදී වැදගත්. ඉහත සාධක දෙක හොද තත්වයට පත් නොකර තානාපති කාර්යාලයේ වැඩ කටයුතු කාර්යක්ෂම කිරීම අපහසුයි.

 

 

ප්‍රශ්නය - දේශපාලන පත්වීම් ගැනත් පැමිණිලි තිබෙනවාද?

පිලිතුර - දේශපාලන හෝ ප්‍රදේශීය සම්බන්ධකම් මත පැමිනෙන නිලධාරින් කොළඹ සම්බන්ධකම් මත ඔවුන්ගේ වැඩ කරනවා. තානාපති කාර්යාලයේ නීති රෙගුලාසි වලට පටහැනිව සේවය කොට සේවයෙන් පහකළ සමහරුන් නැවත බඳවා ගන්නා ලෙසත් කොළඹින් අණ කරනවා. මෙසේ වුනාම තානාපති කාර්යාලයක තිබිය යුතු ගුණාත්මක බව නැතිවී යනවා. එබැවින් සෑම දෙයක්ම නීති රෙගුලාසි අනුව විනිවිද පෙනෙන, ක්‍රමවත්ව වැඩ කළයුතු වෙනවා. එසේ නොවුණාම එම ස්ථානය කළු කඩේක තත්වයට පත්වෙනවා. පැරිස් තානාපති කාර්යාලය ප්‍රධාන ලෙස එසේ නොවුනත් පැරීසියේ මෙන්ම හැම තානාපති කර්යාලයකම ඔවැනි පැති කඩක් තිඛෙනවා.

 

 

ප්‍රශ්නය - ජිනීවා අත්දැකීම් කෙසේද?

පිලිතුර - මම ජිනීවා සිටි සමයේ එම කාර්යාලයේ වැඩ කටයුතු බොහෝම හොඳට තිබුණා. මෙය මිනිසුන්ගේ හෝ ස්ථානය පිලිබඳ ප්‍රශ්නයක්දැයි විටෙක මට හිතෙනවා. එසේ නොවේ නම් වකවානුවේ ප්‍රශ්නයක්ද කියලත් විටෙක හිතෙනවා. ඒ කියන්නේ ඒ වකවානුව හා මේ වකවානුව අතර වෙනසක්ද? කියා සිතෙනවා. මන්ද යුද්ධයෙන් පසු හොඳ අතට පැමිණිය යුතු සමහර රාජ්‍ය ආයතන පරිහානියකට ලක්වෙලාද? යන ප්‍රශ්නය මතුවෙනවා. තරමක් හෝ හොදින් තිබුණු සමහර රාජ්‍ය ව්‍යුහයන් යුද්ධයෙන් පසු පැමිණි මෙම වකවානුව වන විට එහි යම් පරිහානියකට ලක්වී ඇති බව එයින් ගම්‍ය වෙනවා.

 

 

ප්‍රශ්නය - ප්‍රංශය යනු විදේශගත දෙමළ ජනයා අතර සිටින බෙදුම්වාදි කොටි කණ්ඩායම හොදින් ක්‍රියාත්මක වන රටක්. පසුගියදා ඔවුන්ගේ නායකයකු පැරීසියේදි වෙඩිතබා මරා දැමුවා. එහි සැක කරුවන්ගේ ප්‍රකාශ මත එම සැලසුමට තානාපති කාර්යාලයද සම්බන්ධ බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ සදහා ඔබ  ප්‍රතික්‍රියා දැක්වූ බවද වාර්තා වුණා. මෙලෙස හැසිරෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවතක්සේරු කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඔබ  පියවර ගත්තේද?

පිලිතුර - ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරීසියන් පුවත් පතේ සදහන් වී තිබුණා. නමුත් තානාපති කාර්යාලයයේ හෝ එයට සම්බන්ධ කිසිම කෙනෙකුගෙන් මේ වන තුරු ප්‍රංශ පොලීසිය ප්‍රශ්න කර නැහැ. ප්‍රංශයේ අපරාධ විමර්ශන අංශය හා ප්‍රංශයේ අධිකරණය පිලිබඳව මට විශාල විශ්වාසයක් තිඛෙනවා. ඒවා දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව තම රාජකාරිය හරිහැටි ඉටුකරන රාජ්‍ය ආයතන. ඉතින් එවැන්නකින් මේ වනතුරු ප්‍රශ්න කිරීමකට ලක්වී නැහැ. ඒ කියන්නේ එම වාර්තාවම තනිකර බොරුවක්. ඉහත සිද්ධිය ගැන ‘ලේ මොන්ඩ් ඔන්ලයින්‘ ප්‍රංශ වෙබ් අඩවියේ මාධ්‍යවේදිනියක් සමග මම විශේෂ සාකච්ඡාවක් කළා. ඉන් අනතුරුව ඇය ඒ ගැන විශේෂ වාර්තාවක් පළකළා. එම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධව කිසිම සදහනක් කර නැහැ. පසුගිය අවුරුදු දෙකේදී දෙමල එල්ටිටිඊ රැඩිකල් කොටස්  විවිධ කුපිකාරි ප්‍රදර්ශනාත්්මක කටයුතු සිදුවුනත් අපි ඒවට කලබල වුණේ නැහැ.

 

ප්‍රශ්නය - ඔවුන්ගේ යටි අරමුණක් තිබුණාද?

පිලිතුර - ඔව්. ඔවුනට අවශ්‍ය වුයේ අප කලබලයට පත්කොට ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර විරසකයක් ඇති කිරීම. නමුත් සතුරන්ගේ උගුල් වලට මා අසුවුණේ නැහැ. එවැනි අවස්ථාවලදී ප්‍රංශ රජය සමග ඉතා සුහදව එම පරිපාලන කටයුතු කළමනාකරනය කිරීමට මට හැකිවුණා. පසුගිය දෙවසරකදී දෙමළ ඩයොස්පොරාව තානාපති කාර්යාලය සමග තිබුණු පස මිතුරුකම තුරන්වී යම් කිසි සංහිදියාවක් ඇතිවී තිඛෙන බවට ප්‍රංශ රාජ්‍ය නිලධාරින් පවා පිළිගෙන තිඛෙනවා. අපි හැම මොහොතකම කටයුතු කලේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් හෝ වෙනත් ජාතින් ලෙස නොවේ ශ්‍රී ලාංකික ජාතියක් ලෙසයි. එය මගේ අවුරුදු දෙකක තානාපති කාලයේදි සිදුකළා.

 

 

ප්‍රශ්නය - අද ප්‍රංශයේ සමහර  ක්‍රියාකාරි සිංහල හා දෙමළ සංවිධාන විසින් සිදු කැරෙන විවිධ ව්‍යාපෘතිවල බාහිර පෙනුම කාල වර්ණ වලින් හැඩ ගන්වා ඔප් නංවා තිබුණත්, අභ්‍යන්තරය ජාතිය, ආගම, භාෂාව, කුලය ආදි ලෙස දැඩි අන්තවාදි මාර්ග ඔස්සේ ප්‍රතිපල බලාපොරොත්තුව කටයුතු කරන බව විමසිලි වන්නෝ දනිති. මෙවැනි පරිසරයක ප්‍රංශයේ සිංහල දෙමල සහජීවනය ගැන ඔබගේ නිරීක්ෂණ හා නිගමනකවරේද?

පිලිතුර - ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඇත්තේ ශ්‍රී ලංකාවේත් නොමැති වෙනත් ක්‍රමයකි. ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන බව කියන යම් යම් සංවිධාන දරන මත ශ්‍රී ලංකාවේ මතයට වඩා ඛෙහෙවින්ම වෙනස් පටු සහ අන්තගාමි යැයි පැවසිය යුතුය. 

 

 

ප්‍රශ්නය - ඇයි එහෙම කියන්නේ?

පිලිතුර - ශ්‍රී ලාංකික ප්‍රජාව  බහුතරයක් මෙම පටුගාමී අදහස් දරන්නෝ නොවෙති. නමුත් දේශපාලන සබඳකම් ඇති බව කියන, තානාපති කාර්යාලය සමග සුවිශේෂි සබඳකම් පැවැත්වීමට උත්සහා දරන පිරිස්වලට එකතුවු යම් යම් සංවිධාන ඉහත පටු මතවාදයේ ජීවත් වෙමින් හඩ නගති. ඔවුන් අතර ඇත්තේ පටු ජාතිවාදි, ආගම්වාදි, ජනවාර්ගික අදහස්. එම අදහස් ශ්‍රීලාංකික ජනතාව නියෝජනය කරන වැඩි දෙනෙකුගේ අදහස් යැයි ප්‍රංශ ජනතාව සිතුවොත් එයින් සිදුවන්නේ ලංකාවට හානියක්. මන්ද? මෙම පසුගාමි අදහස් වලින් සනාථ වන්නේ, එක්තරා ඛෙදුම්වාදි රැඩිකල් දෙමළ පිරිසක් ඉදිරිපත් කරන තර්කය. මොකක්ද ? ඒ තර්කය, ලංකාව කියන්නේ එක භාෂාවක් කථා කරන එක දේශපාලන පිරිසකට අයිති එක ආගමකට අයිති රටක් ලෙසයි. ඉතින් අපි එලෙස හැසිරුණාම සතුරා ඇටවු උගුලට අපි අහුවෙනවා. නමුත් ප්‍රංශයේ ශ්‍රී ලාංකික බහුතරයක් හා සිංහල හෝ දෙමල  වේවා තරුන බුද්ධිමත් පිරිස් අතර මෙම පටුගාමි අදහස් නැති බව  මම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා.

 

 

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදය යන්න මේ දක්වා ඔබ පැමිණි  ගමන් මගේ ප්‍රධානතම මාතෘකාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට හිමි ලක්ෂණ වැඩි ලෙස භුක්ති විදින රටක් ප්‍රංශය. අවුරුදු දෙකක් එම සුවද ලැබු ඔබ  තව නොබෝ දිනකින් ඔබගේ මව් රටට යෑමට බලා සිටිනවා. ඉදිරියේදි ඔබ විඳි හා විඳීමට සිදුවන ප්‍රජාතන්ත්‍රවාදය අතර ගුණාගුණ විස්තර කරන්නේ කෙසේද?.

පිලිතුර - ප්‍රංශය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩක් මෙන්ම උල්පතක්. එයින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ කරුණු ඇත්තේය.

 

ප්‍රශ්නය - ප්‍රංශයෙන් පමණක්ද?

පිලිතුර - නෑ.. නෑ.. නමුත් ප්‍රංශයෙන් හෝ බටහිර රටවලින් පමණක්ම ලාංකාවට ආදර්ශයක් ගත හැකි යැයි අපට කියන්න පුළුවන් කමක් නැහැ. ආසියාවේත් විවිධ ප්‍රජාතන්ත්‍රවාදි අත්දැකීම් අපට දැක ගන්න පුළුවන්. එබැවින් ආසියාවෙනුත් අපට ගත හැකි ආදර්ශයන් බොහෝමයක් තිඛෙනවා. ඉන්දුනීසිව හා පිලිපීනය වගේ රටවල තිබූ දරුණු ඒකාධිපති පාලන පෙරළා  ප්‍රජාන්ත්‍රවාදි සමාජයන් බිහිකළ අත්දැකීම් සමග මහා බිහිසුනු යුද්ධයන් පැවැති රටවල් යුද්ධය අවසන් කොට යුද මානසිකත්වයෙන් මිදී සාධාරණ සමෘද්ධිමත් ස්ථාවර සමාජයන් ගොඩ නඟා තිබෙනවා. එවැනි අත්දැකීම්ද අපට ඛෙහෙවින් ප්‍රයෝජනයට ගත හැකියි.

 

 

ප්‍රශ්නය - ඔබ දේශපාලන විද්‍යා ආචාර්යවරයෙක්. ඒ අතින් හොඳ අත්දැකීම් ලබන්න ඇති.?

පිලිතුර - ඔව්.  බටහිරෙන් මෙන්ම ලෝකයෙන් ලබාගත හැකි පාඩම් ලක්වැසි ජනතාවට හා දේශපාලන බලවේග වලට ගෙන හැර පෑම දේශපාලන විද්‍යා ගුරුවරයකු ලෙස මගේ යුතුකමක් වගේම අද ලංකාවට විරුද්ධව ලෝකයේ  විවිධ බලවේග බලමුළු ගැන්වෙන මෙවැනි අවස්ථාවක එම අභියෝග ජය ගන්නේ කෙසේද යන්න ගැනද මට ඇති අත්දැකීම් හා අදහස් ලාංකික සමාජයේ වැපිරීමද මගේ වගකීමක් ලෙස  සලකනවා.

 

 

ප්‍රශ්නය - අවුරුදු දෙකකට සිමාවූ තානාපති සේවා කාලය අවශ්‍ය නම් තවත් වසරකින් දීර්ඝ කර ගන්න තිබුණාද? ඇයි නොකරන්නේ?

පිලිතුර - එම තීන්දුව මම බොහෝම අපහසුවෙන් ගත් තීරණයක්. විදේශ ඇමති ජී ඇල් පීරිස් මහතාගේ ඉල්ලීම හා  ජනාධිපතිතුමාගේ ඇරැයුම පරිදි ප්‍රංශයේ තානාපති තනතුර භාර ගත්තා. ඒ වනවිට මම විරැකියා පොලිමේ සිටි කෙනෙක් නොවේ. ප්‍රංශයේ අවුරුදු දෙකක සතුට, අසතුට, කලකිරීම සියලූ දෙයින් සමන්විත වු තුලනාත්මකව සන්තෝස විය හැකි බව පැවසිය යුතුය. නමුත් අවශ්‍යම නම් දීර්ඝ කර ගැනීමේ පහසුකම් තිබියදී, මම එසේ නොකිරීමට තීරණය කළේ මගේ පැහැදිලි අදහසක් තිඛෙනවා, ජාත්‍යන්තර රණබිමේ ලංකාවට එරෙහිව බලමුලූ ගැන්වෙන ජාත්‍යන්තර බලවේග පරාජය කිරීමට නම්, දේශීය වශයෙන් යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හා ඒ සදහා අවශ්‍යය විඤාණය නිර්මානය කළයුතුව තිඛෙන බව. බාහිර සතුරාගෙන් රට ආරක්ෂා වන්නේ එසේ කළොත් පමනි .තව දුරටත් ජාත්‍යන්තර තලයේ ස්ථාන ගත වීමෙන් රට ආරක්ෂා කර ගත හැකි සීමාව දක්වායි දැන් මම පැමිණ සිටින්නේ.

 

 

ප්‍රශ්නය - එහෙනම් තව කාලයක් ප්‍රංශයේ සිටීම නේද වැදගත්?

පිලිතුර - ඉතින් ජාත්‍යන්තරව රට වෙනුවෙන් යමක් කිරීමට නම් ප්‍රථමව දේශීය වශයෙන් එයට දායකවී බාහිර සතුරාගෙන් රට ආරක්ෂා කර ගත යුතුවෙනවා. එබැවින් රට තුල කලයුතු ප්‍රතිසංස්කරන හා එයට අවශ්‍යය අදහස් සමාජය තුල කථීකාවට ලක් කලයුතු බැවින් එවැනි මැදිහත්මක් බලාපොරොත්තුවෙන් මම මෙම රාජකාරියෙන් මිදීමට තීරනය කලෙමි.

 

 


ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ දැනට ඇතිවී තිඛෙන විධායකය, ව්‍යවස්ථාධායකය හා අධිකරණය අතර ඇතිවී ඇති අර්බුදය ඔබ තුමාගේ බුද්ධි කෝනයෙන් විස්තර කරන්නේ   කෙසේද?

පිලිතුර- දැන් විපක්ෂ නායකයා පවා මේ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කර නොමැති අවස්ථාවක තවමත් රාජ්‍ය සේවයේ තානාපති කෙනෙක් ලෙස සේවය කරන මගෙන් ඔය ප්‍රශ්නය ඇසීම සාධාරන නොවේ. නමුත් මම ජනවාරී 06 වෙනිදායින් පසු එයට උත්තර දීමට සුදානම්.  විපක්ෂ නායකයාගේ හා මගේ ඇති වෙනස එයයි මම ජනවාරි 06 වෙනිදා වනතුරු ඔබගේ ප්‍රශ්නයට  නිහඩවෙමි.

 


ප්‍රශ්නය - ප්‍රංශය වැනි දියුනු රටවල කවුරු බලයට පැමිනියත් විශේෂයෙන් අධ්‍යාපනය ආර්ථීකය , විදේශ හා ආරක්ෂාව පිළිබදව තීන්දු තීරන ගැනිමේ බලයලත් විද්වතුන්ගෙන් සමන්විත බුද්ධි මන්ඩලයන්හී උපදේශයන්ට සවන් දීමේ ක්‍රමවේදයක් ප්‍රංශයට ඇත. එවැනි බුද්ධි මන්ඩල අපේ රටවල තිබේද? එසේ නොමැති නම් ශ්‍රී ලංකාව වැනි රටවලට එහි ඇති වැදගත් කමක් නැද්ද?.


පිලිතුර - ප්‍රංශයේ ඇත්තේ උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සපිරි දේශපාලනයක්. පාර්ලිමේන්තුව, සෙනට් සභාව, කැබිනෙට්ටුව, රාජ්‍ය නිලධාරීන් මේ සියලූ දෙනාම ප්‍රංශයේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගත් උගතුන් මෙන්ම බුද්ධිමතුන්. මේ මෑතකදි පැරීසියේ පොලිස්පති තුමා සමග හමුවක් තිබුනා. තානාපති කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරියා, භාෂා පරිවර්තනයට එහි සේවයේ නියුතු ප්‍රංශ විශ්ව විද්යාලයක පශ්චාත් උපාධිධාරි තරුනියක් මා සමග සහභාගි වුනා. එහිදි පැයකට අධිකව පැවැති හමුවේදි ඔහු කාලෝචිත බුද්ධිමත් විවිධ ප්‍රශ්න මගෙන් ඇසුවා. උදාහරනයක් ලෙස ලංකාවේ දෙමල ජාතික සංධානය හා රැඩිකල් ඛෙදුම්වාදි දෙමල කොටස් සමග ඇති අවබෝධය කෙසේදැයි පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියා. හමුවෙන් පසු සොයා බලන විට ඔහු ඉහත උගතුන් බිහි කරන අධ්‍යාපන ආයතනයේ හිටපු ලොක්කා. මෙහි දේශපාලනයේ පමනක් නොව නිලධාරි තන්ත්‍රයේ පවා වැඩි තැනක් ලැබී ඇත්තේ උගතුන්ට හා බුද්ධිමතුන්ටය. ඇමෙරිකාව, ඉන්දියාව වැනි රටවලද එසේමය. නමුත් අපේ රටේ ඇති කනගාටුදායක තත්වය නම් ලංකාවේ උපාධි විරහිත රැකියාධාරින් සිටින අතරම රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා. ඒ කියන්නේ රැකියාධාරීන්ට උපාධි නැහැ. උපාධිධාරීන්ට රැකියා නැහැ. මේ අනුව උගතුන්ට බුද්ධිමතුන්ට නිසි තැන ලැඛෙන ක්‍රමවේදයක් තිබිය යුතු වෙනවා. එසේ නොවුනොත් රටක් ලෙස අප ඉදිරියේ ඇති ජාත්‍යන්තර සතුරු බලවේග වලට මුහුන දෙන්නේ කොහොමද?. පසුගිය දිනවල ලංකාවේ කථීකාවක් තිබුනා දල දේශීය ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වැය කරන මුදල සම්බන්ධව. යුද්ධයක් පැවැතුන බැවින් ආරක්ෂාවට වැඩියෙන් වෙන් කල බව සමහරුන් පැවැසුවා.අධ්‍යාපනයෙන් තොරව ආරක්ෂාවක් නොමැති බව හොදට මතක තබා ගත යුතුයි. නමුත් ඉතාමත් අනාරක්ෂිත කුඩා රටක් වන කියුබාව අධ්‍යාපනය සදහා ඔවුන්ගේ දල දේශීය සංචිතයෙන් ආරක්ෂාවටත් වඩා සියයට 13 හා 14 ක ප්‍රමානයක් වෙන් කරනවා. මන්ද ? අධ්‍යාපනයක් නොමැතිව ආරක්ෂාවක් නොමැති බව තේරුම් ගැනීමට එහි රාජ්‍ය සැලසුම් ප්‍රතිපාදකයන්ට අධ්‍යාපනයක් තිඛෙනවා. එවැනි පාඩම් අපි ඉගෙන ගතයුතු වෙනවා.

 

 

ප්‍රශ්නය - අදවන විට සිරියාව තුල පාලක බලයට විරුද්ධව දරුනු සටන් ඇතිවී තිඛෙනවා. ටියුනීසියාව, ඊඡිප්තුව ලිබියාව වැනි රටවලත් ආරම්භය ඇති වුයේ ඉහත ලෙසය. බසාර් අල් අෂාඩ් පාලනය අවසන් කිරීම බටහිර බලවතුන්ගේ උවමනාවයි. සිරියාව සම්බන්ධව මහා බලවතුන් අතර පවා ඛෙදීමක් ඇති මෙවැනි අවස්ථාවක සිරියාවේ අනාගතය කෙසේ වේ දැයි ඔබ තුමාගේ රාජ්‍ය තාන්ත්‍රික දැනුමෙන් විස්තර කරන්නේ කෙසේද?.

පිලිතුර -  අරාබි වසන්තයේදි සිදුවුයේ සමාජයේ ගර්භාෂයෙන් පැන නැගුනු ඒකාධිපති වාදයට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයක්. ටියුනීසියාවේ හා ඊඡිප්තුවේ සිදු වුයේ එවැන්නක්. එහිදි රට දෙකට කැඩුනේ නැහැ. අරාබි වසන්තයේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදි මහජන විප්ලව සදහා සමස්ත ලෝකයා සහයෝගය දෙන අතරම ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපද සහය පලකල යුතුය. අනෙක් අතින් බටහිර අධිරාජ්‍යවාදි අත පෙවීම් හා සන්නද්ධ ක්‍රියා හේතු කොට රාජ්‍ය පෙරලි හා ආණ්ඩු කුඩු පට්ටම් කිරීම් සිදුවෙනවා. ඉහත අදියරයන් එකිනෙකට වෙනස් සිදුවීම් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රටක ජාතියක, ෙසේවරී භාවය විනාශ කර රට කෑලි කෑලි වලට කඩා බිද දමන බාහිර ආක්‍රමන හෝ කෘතිම විප්ලව නිර්මානය කරන බාහිර අතපෙවීම් අපට අනුමත කල නොහැක. ඒ අනුව සිරියාවට විරුද්ධව කෙරෙන අතපෙවීම් වැරදිය. ඒ සමගම සිරියාවේ ජනතාවට සිරියාවේ ඉරනම තීන්දු කිරීමට ඉඩ  ප්‍රස්ථාව තිබිය යුතුය. එය ලංකා ආන්ඩුවේත් විශේෂයෙන් දේශපාලන විද්යාඥයෙක් ලෙස මගේද පුද්ගලික ස්ථාවරය වන්නේය.

 

 

ප්‍රශ්නය - ප්‍රංශයේ හිටපු තානාපති ලෙස ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඔබතුමා දෙන පණිවිඩය කුමක්ද?

පිලිතුර - කිසි කෙනෙක් සිංහල, දෙමල මුස්ලිම් බෞද්ධ, කතෝලික, උඩරට පහතරට උතුර දකුන ආදි ලෙස හිතන්න එපා. ප්‍රංශ සමාජයේ එවැනි හැසිරීමක් දකින්න ලැඛෙන්නේ නැහැ. එවැනිදේ ආදර්ශයට ගන්න. විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එක ජාතියක් ලෙස සිතීමටත් එලෙස ජීවත් වීමටත් හැකියාව තිබිය යුතුය. ප්‍රංශයේ පුංචි ලංකාවක් බිහි කරන්න. සැබෑ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට ඉවහල් වෙන ඇසුරට මෙහි සැබෑ ශ්‍රී ලංකාවක් බිහි කරන්න පුළුවන්. ඒ සදහා ඔබලාගේ උගත් බුද්ධිමත් දරුවන්ට පෙරමුන දෙන්න. ඒ මගින් ලංකාව හා ප්‍රංශය අතර හැකි තරම් සජීවි සබඳතා ගොඩ නගන්න.රට හුදෙකලා කරන්න දෙන්න එපා. රට හුදෙකලා වෙන්න දෙන්න එපා. හැකි තරම් ප්‍රංශය හා ලංකාව අතර සජීවි පාලම් ලෙස කටයුතු කරන්න.

 



අදහස් (0)

‘රට හුදෙකලා කරන්න එපා‘

රජිත් Monday, 31 December 2012 02:00 PM

විශිෂ්ට කතාවක් ......... (ස)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 01:43 PM

මෙතුමාගේ අදහස්නම් හොඳයි. (ස)

:       0       0

දයාරත්න Monday, 31 December 2012 12:48 PM

ඇයි දන්නෙ නැහැ හැමෝගෙම උත්තර ප්‍රශ්න වලට වැඩිය දිග? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 428 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 367 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2258 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 944 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 809 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 350 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site