රොබෝ අතක් යොදාගෙන සිදුකෙරෙන සැත්කම් අද දිනයේ වෛද්‍ය විද්‍යාවේ ඉහළම පිම්ම සනිටුහන් කර තිබෙන්නකි.කෙසේවුවත් සැත්කම සිදුකරනා රොබෝ අත මෙහෙයවෙන්නේ සැබෑ මිනිස් වෛද්‍යවරයෙකුගේ අතින් බවද ඇත්තකි.
රොබෝ සැත්කම් පිළිබඳ අන්තර් ජාතික තලයේ විශේෂඥයින් එක් අයෙකු නොව දෙදෙනෙකුටම අනුව ඒ පැනයට ප‍්‍රශ්නාර්ථයක් දැනවීමට අවශ්‍ය නැත.ඔවුන්ට අනුව ආසියාවේ රොබෝ සැත්කම් වල මධ්‍යස්ථානය බවට පත්වීමට ශී‍්‍ර ලංකාවට ඉහළින්ම සුදුසුකම් ඇත.
මෙම විශේෂඥයින් දෙදෙනා අතුරින් එක් අයෙක් ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇත්තෙකි. මෞත‍්‍ර චිකිත්සාව පිළිබඳ උපදේශක ශල්‍ය වෛද්‍යවරයෙකු වන ඔහු දොස්තර රන්ජන් තිලාගරාජාය. අනෙක් වෛද්‍යවරයා මෞත‍්‍ර චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය ජෝන් කෙලීය. එංගලන්තයේ සේවය කරන මේ දෙදෙනා රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් සම්බන්ධයෙන් ලොවම පිළිගත් විශේෂඥයෝය.
වෛද්‍ය රන්ජන් තිලාගරාජාගේ ශී‍්‍ර ලංකා සම්භවය නිසාවෙන්ම රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් සම්බන්ධයෙන් දැනටමත් රටේ කතිකාවතක් ගොඩනැගී ඇත. ශී‍්‍ර ලංකා මෞත‍්‍ර චිකිත්සකයින්ගේ සංගමය වාර්ෂිකව නව වැනි වරටත් සංවිධානය කර තිබූ වැඩසටහන් වලට පෙරාතුව කොළඹ ආසිරි රෝහලේ ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණු මෞත‍්‍ර චිකිත්සාව පිළිබඳ වැඩමුළුවේදීත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරුණේද ඒ නිසාය.
සංගමයේ නව වැනි සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහන් වල ආරම්භය සනිටුහන් කරමින් රාමඩා හෝටලයේ පැවැත්වුනු සමාරම්භක උත්සවයේදී ශී‍්‍රලංකා මෞත‍්‍ර චිකිත්සකයින්ගේ සංගමයේ ප‍්‍රධානී වෛද්‍ය අනුර විරේවර්ධනද රොබෝවරුන් ආධාරයෙන් මෞත‍්‍ර චිකිත්සක සැත්කම් සිදුකිරීමට ශී‍්‍රලංකාව දැන් දැන්ම යොමුවිය යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ‘‘මෞත‍්‍ර චිකිත්සාව සම්බන්ධයෙන් පුහුණුව ලැබූ අපේ සාමාජිකයින් මේ ක්ෂේත‍්‍රය ගැන දැනටමත් අවධානය යොමු කරලා තිබෙනවා. ඇතැම් අය දැනටමත් පුහුණුවීම් පවා පටන්ගෙන‘‘ යැයි ඔහු සඳහන් කළේය.
පුහුණුවීම් පටන්ගෙන තිබෙන අය ලෙස ඔහු හඳුන්වාදෙන්නේ වෛද්‍ය ඒ.පී.අයි ප‍්‍රභාත්ය. වෛද්‍ය ප‍්‍රභාත් බදුල්ල මහ රෝහලට අභිනවයෙන් පත්වූ උපදේශක මෞත‍්‍ර චිකිත්සකවරයා වන අතර ඔහු රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන මෞත‍්‍ර චිකිත්සක කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය තිලාගරාජා යටතේ පුහුණුව ලබා ඇත.
‘‘මෙවැනි ප‍්‍රතිකාරවලට දැන් ලංකාවේ ඉහළ ඉල්ලූමක් ඇතිවෙමින් තිබෙනවා.එම තත්ත්වය ඉලක්ක කර අපගේ සේවා වැඩිදියුණු කළ යුතු බව මම විශ්වාස කරනවා.අපගේ ජනතාවට හොදම ප‍්‍රතිකාර ක‍්‍රම අපි සැපයිය යුතුයි.‘‘ යැයි වෛද්‍ය විජේවර්ධන පැවසීය.
ශී‍්‍ර ලංකා සෞඛ්‍ය සේවයේ අන් සේවාවන් හා සැසඳීමේදී මෞත‍්‍ර චිකිත්සාවට ඇත්තේ කෙටි ඉතිහාසයකි. 1950 වසරේ ආරම්භවී තිබෙන එහි දැනට රාජ්‍ය සේවයට අනුබද්ධව සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනකු පෞද්ගලික අංශයේ මෞත‍්‍ර චිකිත්සකයින් සිව්දෙනෙකු ඇතුළු මුළු චිකිත්සකයෝ 24 දෙනෙක් සිටිති. දිවයිනේ ලක්ෂ 200 ක් පමණ වන මුළු ජනගහණයටම සිටින්නේ එපමණකි. එළැඹෙන මාස 12 ක කාලයේ විදේශයන්හි පුහුණුව ලබමින් සිටින චිකිත්සකයින් සිව්දෙනෙකුද මේ කණ්ඩායම හා එක්වීමට නියමිතය.
වර්තමාන ශී‍්‍ර ලංකාවේ පුරස්ථි ග‍්‍රන්ථි, වෘක්ක හා මුත‍්‍රාශය ආශි‍්‍රතව සංකූලතා සම්බන්ධයෙන් සිදුකෙරෙන චිකිත්සා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින බවද ඔහු කීය. ජීවන රටාවේ වෙනස්වීම්, සිරුරේ පරිවෘත්තිය කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වන ගැටලූ හා මෙවැනි තත්ත්වයන් ඉක්මනින්ම හඳුනාගැනීමට ඇති හැකියාවත්, එසේ හඳුනාගත්විට බොහෝ දෙනා ඉක්මනින් ප‍්‍රතිකාර ගැනීම සදහා යොමුවීමත් එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු ලෙස වෛද්‍ය විජේවර්ධන පෙන්වා දුන්නේය.
‘මේ සඳහා වන ප‍්‍රතිකාර වලට ඉල්ලූම ඉහළ යමින් තිබෙන්නේ. ඒ නිසා අපගේ මුළු ක්ෂේත‍්‍රයේම දියුණුවට අලූත් දැනුම හා අලූත් කි‍්‍රයාමාර්ග ගැන අවබෝධය ලබාගත යුතුව තිබෙනවා.මේ දක්වාම අපට ඉතා හොඳ සේවයක් රටට ලබාදෙන්න හැකිවුණා. අප අද හොඳ තැනක සිටින්නේ. ඒ අතීතයේ ලැබුණු අත්දැකීම් අප ක්ෂේත‍්‍රයේ අනාගතය ගොඩනගන්න හොඳ පදනමක්‘‘ යැයි ඔහු පැවසීය.
රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් සම්බන්ධයෙන් ලොව පිළිගත් විශේෂඥයෙකු වන වෛද්‍ය රන්ජන් තිලාගරාජාද වැඩමුළුව අමතමින් අදහස් දැක්වීය.
‘‘රොබෝ සැත්කම් වෛද්‍ය විද්‍යාවේ බොහෝ ක්ෂේත‍්‍ර‍්‍රවලට හදුන්වාදිය හැකියි. නාරිවේදය, ඡුඨර ආන්ති‍්‍රක සැත්කම්, පුරස්ථි ග‍්‍රන්ථ සැත්කම්, මුත‍්‍රාශය ආශි‍්‍රත සැත්කම් ආදී ක්ෂේත‍්‍රවල සිදුකෙරෙන සැත්කම් වලට රොබෝ සහය ලබාගැනීමට අවස්ථාව තිබෙනවා‘‘ හේ පැවසීය.
වෛද්‍ය රන්ජන් තිලාගරාජා දැනට සේවය කරන්නේ එංගලන්තයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ බෲම්ෆීල්ඞ් රෝහලේය. ඔහු රොබෝ සැත්කම් ක්ෂේත‍්‍රයට පා තැබූයේ 2008 වසරේදීය.
රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්ද කළ ඔහු එම කි‍්‍රයාවලිය ශල්‍ය වෛද්‍යවරයාගේ අත්වල සම්පූර්ණ මෙහෙයවීමෙන් සිදුවන්නක් බව කීය.
‘‘මේ සැත්කම් කෙරෙන්නේ වෛද්‍යවරයාගේ සම්පූර්ණ මෙහෙයවීමට යටත්ව. ලේසි මේ සැත්කමද නැතිනම් එක එක කූරු එහාට මෙහාට කරමින් සැත්කම කිරීමද? සැත්කම සිදුකිරීමට අවශ්‍ය ස්ථානයට මඳක් ඈතින් සම කපා විවෘත කර එයින් ඇතුළු කැරෙන උපකරණ වලින් සිදුකෙරෙන ශල්‍යකර්මවල (ලැප්රොස්කොපික්) පුහුණුව ලැබූවන්ට වුවත් රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් වලට හුරුවීම ඔබට ඉතාම පහසුයි‘‘
‘‘දෙවනුව සඳහන් කර ඇති පරිදි සැත්කම සිදුකළ යුතු ස්ථානයට මදක් ඈතින් සම කපා විවෘත කර එයින් ඇතුළු කෙරෙන උපකරණ ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් වලදී එම කැපුම්වලින් සිරුරට නාළ විශේෂයක් ඇතුළු කිරීම සිදුවේ. අනතුරුව එම නාළ ඔස්සේ දිගු හා ඉතා සිහින් ශල්‍යකර්ම උපකරණ යැවෙන අතර ඒවා මෙහෙයවන ශල්‍ය වෛද්‍යවරයා අදාළ ස්ථානයේ පටක කැපීම, මැසීම ආදිය සිදුකරයි.”
‘‘නමුත් රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් වලදී ශල්‍ය වෛද්‍යවරයාට තමන් රෝගියාගේ සිරුරේ සිටිනවාක් මෙන් දැනෙන බව ද සන්ඬේ ටයිම්ස් පුවත්පත හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය තිලාගරාජා සදහන් කළේය.”
මෙම ක‍්‍රමයෙන් සියුම් සැත්කමක් සිදුකිරීමේදී පෙර මෙන් ඇස් වෙහෙසීමට අවශ්‍ය නොවන අතර සැත්කම සිදුවන අයුරු ඉහළ විභේදනයක් ඇතිව නැරඹිය හැකිය. අනෙක් අතට ශල්‍ය වෛද්‍යවරයාට වඩා වැඩි නිදහසක් ඇතිව තම අත් මෙහෙයවීමටද අවස්ථාවක් ලැබේ.මේ අනුව සාමාන්‍ය අවස්ථාවකදී එක් කැපුමකට වැඩි කාලයක් ගතවෙද්දී එම කැපුමම රොබෝවරුන් ආධාරයෙන් සිදුකළහොත් ඊට ගතවනු ඇත්තේ විනාඩි 10 ක් වැනි කාලයක් බව ඔහු පැවසීය.
වර්තමානයේ තම වෛද්‍ය සේවා කටයුතු වලින් මද විවේකයක් ලබාගෙන සිටින ඔහු ‘‘සර්නෝ හෙල්ත්‘‘ සෞඛ්‍ය සේවා ව්‍යාපාරය වැඩිදියුණු කරමින් සිටින ලොව එක්තැනක සැත්කමක් සිදුකිරීමේදී ලොව වෙනත් තැනක සිටිනා රෝගියාගේ ඥාතීන් හෝ වෙනත් වෛද්‍යවරුන්ට ඔවුන් සතුව ඇති අයිපෑඞ් වැනි උපකරණ ආධාරයෙන් එය සජීවීව නැරඹීමේ ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් වන පරීක්ෂණය සඳහා හවුල්වී සිටී.
මෙම ක‍්‍රමවේදයෙන් ලොව එක් ස්ථානයක සිදුකෙරෙන සැත්කමක් චීනයේ හෝ වේවා ඕස්ටේ‍්‍රලියාවේ හෝ වේවා වෙනත් කුමන රටක හෝ වේවා සිටින වෛද්‍යවරුන්ට හා ඥාතීන්ට නැරඹීමේ අවස්ථාව ලබාදේ. විශේෂයෙන් වෛද්‍යවරුන්ට තමන් නරඹමින් සිටින සැත්කම සම්බන්ධයෙන් තිරයෙන් එහා කොනේ එය සිදුකරමින් සිටින වෛද්‍යවරුන් හා අදහස්ද හුවමාරු කරගැනීමටද හැකියාව ලැබේ.
රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන ශල්‍යකර්මයන් ශී‍්‍රලංකාවට හදුන්වාදීමේදී තම උපරිම සහය ඒ සදහා ලබාදෙන බව වෛද්‍ය තිලාගරාජා පැවසීය.එවැනි සැත්කම් 500 කට ආසන්න ප‍්‍රමාණයක් සිදුකර ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ලබා ඇති ඔහු රොබෝ සැත්කම් ක‍්‍රමයට හුරුවීමට නම් මුලින්ම ‘‘ඔබේ හැකියා මත පමණක්ම නොව වෙනත් අවිඥාණික දෙයක සහය මතද යැපීමට හුරුවිය යුතු‘‘ බව හේ කීය.
‘‘සෑම ශල්‍යකර්මයක්ම ඔබගේ පළමු ශල්‍යකර්මය ලෙස සැළකිය යුතුයි.ඒ හැම එකටම එකම විදිහට අවධානය යොමුකිරීම වැදගත්.එක් ශල්‍යකර්මයක් කළා කියලා තමන්ගේ හැකියාව ගැන නුවුමනා ලෙස තෘප්තිමත් වීම නොකළ යුත්තක්.‘‘ ඔහු පැවසීය.
සැත්කමක් සිදුකිරීමේදී සැත්කම් කණ්ඩායම කණ්ඩායම් හැඟීම පවත්වාගැනීම ඒ සදහා ඉතාව වැදගත් වන බව කියා සිටි ඔහු අතීතයේ වූ සිදුවීමක්ද සිහි කැඳවීය.
එය රෝගියෙකුගේ වකුගඩු ආශි‍්‍රතව සිදුකෙරෙමින් පැවති සැත්කමකි. රෙබෝ සැත්කම් පිළිබඳ පුහුණුව ලැබීම සදහා ශී‍්‍ර ලංකාවේ සිට පැමිණ සිටි වෛද්‍ය ඒ.පී.ඇයි ප‍්‍රභාත්ද සැත්කම් කණ්ඩායමේ විය.
‘‘සැත්කම සිදුකරගෙන යද්දී හදිසි ලේ වහනය වීමක් සිදුවුණා. සැත්කම දිස්වෙමින් තිබූ මුළු රූපවාහිනී තිරයම රතුපාටට හැරුණා.ඔක්කොමලා සිතුවේ රෝගියාගෙන් අධිකව ලේ වහනය වෙනවා කියලා.ඔවුන් හොදටම කලබල වුණා. නමුත් ඇත්තටම වෙලා තිබුණේ රුධිර කේෂ නාළිකාවක් කැපිලා එයින් විසි වූ ලේ බින්දුවක් කැමරාවේ කාචයේ තැන්පත් වීම.‘‘ ඔහු කීය.
එවැනි ‘‘අන්ධ‘‘ අවස්ථාවක සියලූදෙනා කලබල වීම ස්වභාවිකය.නමුත් ඔවුන් එසේ කලබල වීම රෝගියාගේ යහපතට හේතු නොවන බව හදුනාගත් වෛද්‍ය තිලාගරාජා ඔවුන් සන්සුන් කර ඇත.
සෑම රොබෝ සැත්කමකට පසු එම සැත්කම සිදුකළ ආකාරය පිළිබඳ කරුණු විමසීමක් අනිවාර්යයෙන්ම සිදුවේ. එය හොඳින් සිදුවුනේදැයි හෝ සැත්කම අතරතුරදී අනපේක්ෂිත දෙයක් සිදුවුනේදැයි හෝ සැත්කමට සහභාගීවූ වෛද්‍යවරුන් පිරිසගෙන් විමසා බැලේ.මෙවැන්නක් සිදුනොවන්නේ නම් එම වෛද්‍යවරුන්ට හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පුද්ගලයෙකුට මෙන් මානසික ව්‍යාකූල තත්ත්වයක් හෝ අසහනකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට කණ්ඩායමේ සියලූම දෙනාට තම තමන්ගේ අදහස් අනෙක් සාමාජිකයින් ඉදිරියේ විවෘතව පවසා සිටීමට අවස්ථාව ලබාදේ.
‘‘සෑම ශල්‍යකර්මයකටම ප‍්‍රථමයෙන් අපි සියලූ අදහස් ඉවත් කරගෙන මනස නිදහස් කරගන්නවා. සැත්කමින් පසුව තමයි අපි ඒ ගැන කතා කරන්නේ,අදහස් හුවමාරු කරගන්නේ.ඒ වගේම කණ්ඩායමේ දක්ෂ අදක්ෂ කියා බෙදීමක් නැහැ. සියලු දෙනා සිටින්නේ එකම මට්ටමේ‘‘ වෛද්‍ය තිලාගරාජා පැවසීය.
මහාචාර්ය කෙලීද වෛද්‍ය තිලාගරාජා හා සමානවම අදහස් පළ කළේය. ඔහුගේ අදහසවූයේ ශී‍්‍ර ලංකා වෛද්‍යවරුන් රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් ගැන උනන්දුවීමට ප‍්‍රථමයෙන් රජය එවැන්නක් හදුන්වාදීමට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය කර දිය යුතුව තිබෙන බවයි.
වෛද්‍ය තිලාගරාජා
යාපනයේ සිට එක්සත් රාජධානිය බලා ගිය දෙමව්පියන්ට දාව 1962 වසරේදී එරට උපත ලබා ඇති වෛද්‍ය තිලාගරාජා ශී‍්‍ර ලංකා මෞත චිකිත්සක සංගමයේ රැස්වීම් වලට සහභාගී වීමට දිවයින්ට නිතරම පැමිණෙන්නෙකි. එනිසාම ශී‍්‍රලංකාව ඔහුට අමුතු තැනක් නොවේ.
වෘත්තියෙන් ගුරුවරියක වන ඔහුගේ බිරිද රෙබෙකාද පස් හැවිරිදි පුතු නතානියෙල්ද මෙවර ඔහු හා දිවයිනට පැමිණියහ.
ඔහුගේ පියා වන කනගසාමි වෘත්තියෙන් භෞත චිකිත්සකවරයෙකි.එකකුස උපන් සොහොයුරිය සැත්කම් සහායිකාවකි.දැනට ඇයද පදිංචිව සිටින්නේ එංගලන්තයේය.
අපි කෑම මේසයේදීත් කතා කළේ වෛද්‍ය විද්‍යාව ගැන තමා.ඔහු සිනාමුසුව කියයි.ඔහු හා ඔහුගේ සොහොයුරා අනාගතයේ කවර රැකියාවක් තෝරාගනීදැයි සැකයක් නොවීය. ‘‘මම කුඩා කළ සිටම ශල්‍ය වෛද්‍ය වෘත්තියට පි‍්‍රය කළා.මම එය ඉලක්ක කර වැඩ කළා‘‘ ඔහු පවසයි.
පියා මෙන් භෞත චිකිත්සකයෙකු නොවූයේ මන්දැයි විමසූ විට ඉක්මනින්ම පිළිතුරු දුන් ඔහු,
‘‘මට වුවමනාවක් වගේම කිසිම බලකිරීමකුත් තිබුණේ නැහැ මගේ පියා වගේ වෙන්න.මගේ දෙමව්පියන් සිතුවේ දරුවන් වශයෙන් අප කැමති කුමක්ද,එය අප තෝරාගත යුතුයි කියලා‘‘ යැයි කීය.
වෛද්‍ය තිලාගරාජා ආ මඟ පැහැදිලිය. මුලින්ම මෞත‍්‍ර චිකිත්සකයෙක්. දැන් රෙබෝවරුන් ආධාර කරගෙන ඒ කටයුතුවල යෙදෙන්නෙක්.
‘‘රොබෝ සැත්කම් තමයි අපේ අනාගතය. එය වෛද්‍යවරයාටත් රෝගියාටත් දෙදෙනාටම වාසි සලසන දෙයක්‘‘ ඔහු පවසයි.
වෛද්‍ය ජෝන් කෙලී
වෛද්‍ය රන්ජන් තිලාගරාජා
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රොබෝ සැත්කම් මධ්‍යස්ථානය ලංකාවේ?
චුල Monday, 17 November 2014 07:32 AM
සොයාගැනීම් පිළිඉඳව අපගේ දැනුම ඉතා අඩුය. (නි)
හසිත Monday, 17 November 2014 08:44 AM
දිනෙන් දින ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු වෙන එක සතුටුයි.(හේ)
ආරි Monday, 17 November 2014 10:00 AM
අපි හුරුවිය යුත්තේ අපේ දේශීය වෛද්‍ය ක්‍රම වලටයි. එය අපේ උරුමයයි. මේ බටහිර ක්‍රම අපිට ගැලපෙන්නෙ නෑ. අපේ ශරීර හුරුවෙලා තියෙන්නෙ අරිශ්ඨ කල්කෙ තෙල් පත්තු වලට. (ර)
ජයත් Monday, 17 November 2014 10:31 AM
ආරි මහත්මය ලියන්නේ කරුණු දැනගෙන නෙමි .අරිෂ්ට ,කල්ක ,කසාය වලට කරන්න පුළුවන් දේවලුත් තියනවා .බැරි දේවලුත් තියනවා මේකෙන්ම උදාහරණ ගත්තොතින් පුරස්ථ ග්‍රන්ථිය ඉවත් කරන්න හරි ඒක පිළිකා තත්වයට පත්වෙලාද කියලහරි (පීඑස්ඒපරීක්ෂණය ) කලින් කියන්න අරිෂ්ට වලට පුලුවන්ද ? පුළුවන් අරිෂ්ටයක් හරි කසායක් හරි තියනවා නම් කියන්න අපටත් දැනගන්න .වරදවල වටහා ගන්න එපා මේක දේශීය වෙදකම අවමානයට ලක් කිරීමක් හෙම නෙමි .මේක තමයි ඇත්ත . (අ)
ජයත් Monday, 17 November 2014 10:31 AM
ආරි මහත්මය, ලියන්නේ කරුණු දැනගෙන නෙවේයි. අරිෂ්ට ,කල්ක, කසාය වලට කරන්න පුළුවන් දේවලුත් තියනවා. බැරි දේවලුත් තියනවා මේකෙන්ම උදාහරණ ගත්තොතින් පුරස්ථ ග්‍රන්ථිය ඉවත් කරන්න හරි ඒක පිළිකා තත්වයට පත්වෙලාද කියලහරි (පී.එස්.ඒ. පරීක්ෂණය) කලින් කියන්න අරිෂ්ට වලට පුලුවන්ද ? පුළුවන් අරිෂ්ටයක් හරි කසායක් හරි තියනවා නම් කියන්න අපටත් දැනගන්න. වරදවා වටහා ගන්න එපා මේක දේශීය වෙදකම අවමානයට ලක් කිරීමක් හෙම නෙවෙයි. මේක තමයි ඇත්ත. (ර)