IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පනවන ලද ආඥාපනත් සහ 1950 සිට 1970 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබ ඇති පනත් හා රෙගුලාසි මත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වේ.

එකී කාල සීමාවේදී රට තුළ ප්‍රවාහන හා සන්නිවේදන ක් ක්ෂේත්‍රයන් එතරම් දියුණු මට්ටමක නොපැවති අතර, සකස් කරනු ලැබ ඇති ඇතැම් නීති රීති හා රෙගුලාසි වර්තමාන තත්ත්වයන් හා නොගැළපෙන බැවින් සේවාදායකයින් වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපැයීමට එමඟින් බාධා පැමිණෙන බව පෙනී ගොස් ඇත.

එබැවින්, වත්මන් රාජ්‍ය සේවා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සහ මහජන අවශ්‍යතාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි දැනට බලාත්මක නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි පවතින බාධාකාරී තත්ත්වයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතුව ඇත.

ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන දැනට පවතින නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (2)

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි

රම්බොඩ Wednesday, 05 February 2025 07:58 PM

රාජ්‍ය සේවකයින්ගේ ආකල්ප හදන්නත් ඕන. සේවාව ලබාගන්න එන කෙනාට හොඳින් සළකන්න. එහෙම නැතිවම නෙවෙයි. නමුත් ඇතැම් ආයතන තාම අවුල්.

:       4       33

primeshikaThursday, 06 February 2025 07:59 AM

සේවාව ගන්න එන අයගෙත් ආකල්ප හදන්න ඕන. නැත්නම් ඒ අය අර ටෙලිනාට්‍ය වල ඉන්න අමුතු දොස්තරලා වගේ චරිත රජයේ කර්යාල වලත් බලපොරොත්තු වෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’විපක්ෂ නායක වචනයක් ඉල්ලා අස් අස්කර ගනියි’’
2025 පෙබරවාරි මස 06 442 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා


නිවසේ සිටි කත ගෙල කපා ගිනි තබා මරලා
2025 පෙබරවාරි මස 06 929 0

රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි .


වැරදුණු කුරුමානමේ වෙඩික්කරු කොටුවෙයි
2025 පෙබරවාරි මස 06 886 0

කොස්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 9 සමග ඊයේ(5) අත්අඩංගු


අද කාලගුණය
2025 පෙබරවාරි මස 06 137 0

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධ


සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 1097 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක්
2025 පෙබරවාරි මස 05 4803 4

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 94 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 785 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 747 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site