IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි

(සනත් ගමගේ)

අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය.

මාස තුනක් වයසැති මෙම සිංහ පැටවුන් හය දෙනා නම් තැබිම  සඳහා  මහජන ප්‍රදර්ශනයට තැබිම සෆාරී උද්‍යානයේ දි සිදුවිය.

නම් තැබිම සඳහා නම් යෝජනා කරන ලෙසට මීට පෙර සෆාරි උද්‍යානය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර යෝජනා වූ නම් 4000 කින් පමන තෝරාගත් නම් හයක් තැබීම සත්ව උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.සි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝා, යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අඝ්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තබා ඇත.

මෙම නම් යෝජනා කරන ලද අයගෙන් තිදෙනෙක් ද එදින පැමිණ සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රධානයක්ද සිදුවිය. 

මෙම අවස්ථාවට රිදියගම සෆාරි උද්‍යානයේ උද්‍යාන භාරකරු හේමන්ත සමරසේකර, පශු වෛද්‍ය නදුන් කළුආරච්චි යන මහත්වරු සහභාගී වූහ



අදහස් (1)

රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි

Nandalal DE SILVA - France Wednesday, 12 February 2025 04:42 PM

ලෝක පුදුම වැඩක්නේ අද රිදියගම සෆාරි පාර්ක් එකේ වෙලා තියෙන්නේ !!! එතැන ඉපදුණු එකම සිංහ බබාට..."මහින්ද රාජපක්ෂ" කියා නම තිබ්බේ නැත්තේ මොකොද කියා මැදමූලන පැත්තේ මහ ලොකු ඝෝෂාවක් යනවා...!!! රටේ පොදු වැසිකිළියක ඇරෙන්න, වෙන හැම තැනකම "මරා" කියන නම දාපු එකෙ, මරා රිදියගම සෆාරි පාර්ක් එකෙ ඉපදුන සිංහ බබාට, එමගින් අසාධාරණයක් වුණා කියනවා. එම සිංහ පවුලම.... සිංහ කෙලි පැටික්කියන්ට නම්.... ශිරන්ති, ඩේසි වගේ නම් සලකා බලන්නවත් පුළුවන් බව ඔවුන් කියනවා !!!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි
2025 පෙබරවාරි මස 12 44 0

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරග


චීන්නුන්ට කසිප්පු විකිණූ චීනෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 12 41 0

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි


විදුලිය කපනවාද නැද්ද තීරණ හෙට
2025 පෙබරවාරි මස 12 35 0

විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (13) පෙරවරුවේ තීරණය කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික ව


ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත
2025 පෙබරවාරි මස 12 169 1

ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර


උපදේශක රොත්තකට පිං පඩි දීලා
2025 පෙබරවාරි මස 12 509 0

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඛනිජ තෙල්, ලිහිසි ද්‍රව්‍ය සහ ජලය නියාමනයකට පත්කෙරුණු උපදේශකවරුන් ඒ කටයුතු වලට යොදා නොගෙන රුපියල් කෝටි දෙකකට වැඩි


ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි
2025 පෙබරවාරි මස 12 120 0

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 119 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site