IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ලංකා මාතාව මෝදි පිළි ගනී

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.15ට පමණ උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයා අතට අත දී සුහදශීලීව පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ජාතික ගීත ගායනයෙන් පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය පළ කිරීම සඳහා ආචර වෙඩි මුර මෙහිදී පිරිනැමිණි.

අනතුරුව යුද හමුදාව විසින් පිරිනමන ලද සම්මාන මුරය රතු පලස මතින් ගොස් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුව දෙරට රාජ්‍ය නියෝජිතයන් හඳුනා ගැනීමේ අවස්ථාවට එක් විය.

මෙම අවස්ථාවට ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

(ඡායාරූප: ලහිරු ලහිරු හර්ෂණ)

 



අදහස් (13)

ලංකා මාතාව මෝදි පිළි ගනී

පොඩිඑකා Saturday, 05 April 2025 11:22 AM

මේ ඇල්බට් කාරයෝ කෙලින පිස්සූ…, නේද යෝගා…!

:       42       15

fairoos Saturday, 05 April 2025 12:09 PM

ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමි...!

:       7       26

බද්රානි Saturday, 05 April 2025 01:15 PM

ඉස්සර හිටපු, නාකි අය වෙනුවට, අපේ ජවසම්පන්න ජනාධිපතිතුමයි, තරුණ ඇමැතිවරුයි දැක්කාම, මෝදී ජනාධිපති තුමාට, අපේ රට ගැන සුන්දර සිතිවිලි පහළ වෙන්න ඇති. අනික දකුණු ආසියාවේ අනෙක් රටවල් දෙස බැලුවාම ඉන්දියාවටත් ඉන්න හොඳම අසල්වැසි රට තමයි ලංකාව... අප දෙරටටම ජයවේවා...!!!

:       58       40

Rama Saturday, 05 April 2025 07:26 PM

ඇයි මොකද බද්‍රානි. ඔයාටත් මොනවා හරි සුන්දර සිතුවිලි පහල වෙලාද ජවසම්පන්න තරුණ අය දැකලා. ඔයා ඉතින් ඔය කියන්නේ අනික් හාමුදුරුවන්ට බෙදන්න කියලද. නැත්නම් කියන්න යන්නේ මෝදි විවාහ නොවී තනිකඩයෙක් ලෙස ඉන්නේ ජවසම්පන්න තරුණ අයට සුන්දර සිතුවිලි පහල කරගන්න නිසා කියලද. අනුන්ට කාඩ් නොගහා ඔයාගේ සුන්දර සිතුවිලි වලට මොනවා හරි කරගන්නකෝ.

:       0       0

මාබංකුසිංහ Saturday, 05 April 2025 05:15 PM

මට ඊරිසියාවේ බෑ. මමනේ ඔතැන ඉන්න ඕනෑ.

:       43       21

Siri Saturday, 05 April 2025 07:15 PM

ඔය පිළිගැනීම් වලට අර එකකාලෙක මෝදිගෙ බැනිහම ගජේට ඇඳගෙන මෝදි වගේ වෙන්න ගිය එක්කෙනාට ආරාධනා කලේ නැතෙයි ?

:       0       0

Saman Saturday, 05 April 2025 07:32 PM

මෝදි ලංකාව ගිලගනී වෙන්නෙ නැත්නම් හොඳයි

:       0       0

sena Saturday, 05 April 2025 09:39 PM

අපි මැරිලා ඉපදුනේ නැහැ එහමෙ හිතෙන ඈයොට හුරේ දාන්න ?

:       0       0

sena Saturday, 05 April 2025 09:42 PM

මේක දාන්න නැති බව දන්නවා හැබැයි එදා කොරපු දේ දන්නා අපට මුන් වහ කදුරු

:       0       0

මිහින් පෙරේරා Sunday, 06 April 2025 03:33 AM

දූපත් වාසී පාලකයන්ගේ හීනමානය කොච්චරද කිව්වොත්, මේ ඉන්දියාවේ නායකයාට ආයුබෝවන් කියලා අත් දෙක උස්සන්නවත් බෑ මොවුන්ට… ලැජ්ජයි… රිකව් සූට් ඇදලා.. අද හැම දියුණු රටක්ම තමන්ගේ භාෂාවෙන් කතාකරන තමන්ගේ කමට මුල්තැන දෙන ජාතීන්…!

:       0       0

Damith Sunday, 06 April 2025 06:06 AM

මොවුන්ට ලැජ්ජාවක් නැහැ. මොවුන්ට කඩේ යන බද්‍රානිලාට, ලැජ්ජාවක් නැහැ... එක්කෝ මැරිලා ඉපදිලා...

:       0       0

Lalith Sunday, 06 April 2025 06:12 AM

මහබැංකු සිංහ වගේ තඹුත්තේගම කොටළුවන්ට හිතන්නේ මේවා මහ ලොකු වැඩ කියලා. සීමාවක් තියාගන්න...!

:       0       0

Nishan Sunday, 06 April 2025 10:06 AM

ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි සටන වෙනුවෙන් දිවි පිදූ 60,000 ක් තරුණයෝ පව්...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි
2025 අප්‍රේල් මස 09 24 0

ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරියට උපදෙස් ලබා දුන් බව කම


හොර සල්ලි සමඟ කාන්තාවක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 09 34 0

ව්‍යාජ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.


බිත්තර බද්ද අපි දාපු එකක් නෙමෙයි
2025 අප්‍රේල් මස 09 250 0

බිත්තර බද්ද ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් අලුතෙන් පැනවූ එකක් නොවේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පලිහේන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


පස් කන්දට යටවී එක්දරු පියා මරුට
2025 අප්‍රේල් මස 09 159 0

ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පස්කන්දක් කපමින් සිටියදි හදිස්සියේම පස්කන්දේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ පෙදරේරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල


’’ලෝකෙම දන්න දේ මේ ආණ්ඩුව දන්නේ නැද්ද?’’
2025 අප්‍රේල් මස 09 307 0

ඇමරිකාව විසින් මෙහෙම ප්‍රතිචාරක බදු පනවන බව මුළු ලෝකෙම දැනගෙන හිටියත් ලංකා රජය මේ ගැන දන්නේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ


’’මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන්’’
2025 අප්‍රේල් මස 09 363 0

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 770 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 609 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1054 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site