IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබූහ.

මෙම ප්‍රදානය මගින්  පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට  කම්පැක්ටර් රථ 28ක්  සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතය.

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල  ආයෝජන  ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළාය.  දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය. 

ජපාන අගමැතිවරයාගේ  සුබ පැතුම් පණිවිඩයද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා වෙත පිළිගැන්වූවාය.



අදහස් (0)

ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජාතික ගීය දෙමළ බසිනුත් ගයයි
2025 පෙබරවාරි මස 04 474 0

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය.


බලන් නිදහස් නර්තනයේ හැඩ
2025 පෙබරවාරි මස 04 440 0

සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩවිය.


වන්නියලැත්තොත් නිදහස් උළෙලට ඇවිත්
2025 පෙබරවාරි මස 04 499 0

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී සිටී.


නිදහස් සම්මාන පෙළපාළිය ඇරැඹේ
2025 පෙබරවාරි මස 04 198 0

ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇරඹිණි.


පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී අක්‍රමිකතාවක්
2025 පෙබරවාරි මස 04 505 0

පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට


නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිට පුෂ්පෝපහාර
2025 පෙබරවාරි මස 04 687 0

77 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්ව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 80 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 742 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 731 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site