IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශේෂඥයන් මත පළකර ඇතැයි එරට ග්ලෝබල් ටයිම්ස් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තා කළේය.

ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය ධූර කාලය තුළදී චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික සහ මිත්‍රශීලී ප්‍රවේශයක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරන බව විශේෂඥයන් පෙන්වාදී ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.

විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය අදාළ කර ගනිමින් දේශීය සංවර්ධන උපාය මාර්ගයන්ට මුල පිරීමත් සමග පසුගිය දශකයක කාලය තුළදී ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාව අඛණ්ඩව වර්ධනය වී ඇතැයි එම පුවත්පත පෙන්වා දුන්නේය.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නව පරිපාලනයත් සමග මෙම සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සිංහුවා විශ්වවිද්‍යාලයේ ජාතික උපාය මාර්ග ආයතනයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ චියාන් ෆෙන්ග් මහතා ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඊයේ (22) ප්‍රකාශ කළේය. ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහු නියෝජනය කරන පක්ෂය චීනය සමඟ බොහෝ මතවාදී සමානකම් බෙදාහදා ගන්නා බවත් ශ්‍රී ලංකාව චීනය සමග ඇති සම්බන්ධය දිසානායක මහතා අගය කරන බවත් ෆෙන්ග් මහතා එහිදී පැවැසුවේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව සමග සමබර සබඳතාවක් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 115 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1113 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1469 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1111 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1220 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26188 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site