IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලාංකිකයන්ගේ දකුණු කොරියා කෙම්බිම ෂොක්වන්සා පන්සලයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පූචෝන්හි ෂොක්වන්සා විහාරය එරට වෙසෙන 30,000 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ට සහ කොරියා ජාතික බෞද්ධයන්ට මහත් අස්වැසිල්ලක් බව එරට සංචාරය කළ අවස්ථාවේදී දැකගත හැකි විය.

මව්බිමෙන් කිලෝමීටර දහස් ගණනක් ඈතින් සිටින ශ‍්‍රී ලංකා බෞද්ධයන් ගමේ පන්සල සමග සම්බන්ධවන්නා සේම ෂොක්වන්සා විහාරස්ථානය සමග ලෙන්ගතුව කටයුතු කරන ආකාරය ප‍්‍රශංසනීය බව කිව යුතුය.

ආසියාවේ භූමි ප‍්‍රමාණයෙන් විශාලතම රටවල් අතර ඉදිරියෙන් සිටින දකුණු කොරියාවේ කොතැන සිටිය ද ඉංචන් දුම්රිය මාර්ගයෙන් ‘සෝසා’ දුම්රිය ස්ථානය අසල පිහිටි පංසලට පැමිණීම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජනප‍්‍රියම ප‍්‍රවාහන මාර්ගයයි.

දකුණු කොරියාවේ ප‍්‍රධාන සංඝනායක දොඹගලවල දමිත සහ ගම්මැද්දේගම මුදිත යන හිමිවරු ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉටුකරමින සේවය ද මෙම විහාරස්ථානය ශ‍්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රිය වීම ප‍්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

කොරියා ජාතික යොන් ඩම් ලින් හිමි පන්සලේ ලොකු හාමුදුරුවෝය. ශ‍්‍රී ලංකාවට විශේෂ ලෙන්ගතු කමක් දක්වන බව ඒ හිමියෝ කියති.

යොන් ඩම් ලින් හිමියෝ දකුණු කොරියා බෞද්ධ රූපවාහිනි නාලිකාවේ සභාපතිවරයා මෙන්ම තුංගු බෞද්ධ විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා ද වෙති. උන් වහන්සේ ගම්පහ රතුපස්වල සුබ සාධන සේවා රැසකට පසුබිම සකස් කිරීම ස`දහා පසුගිදා ශ‍්‍රී ලංකාවට ද පැමිණියහ.

මෙම විහාරස්ථානයේ පුජා කටයුතු අලුයම 4  ට පමණ ආරම්භ වන අතර කොරියා ජාතික බෞද්ධයයෝ හිමිදිරියේ එහි එති.

සූනාමියෙන් මියගිය ශ‍්‍රි ලාංකිකයන් සහ යුද්ධයේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් සෑම වසරකම ජනවාරි 1 වැනිදා පැවැත්වෙන පිංකම මෙම විහාරස්ථානයේ නිරන්තරයෙන් ආගමික කටයුතුවලින් ප‍්‍රමුඛස්ථාකයක් ගනී.

දොඹගලවල දමිත හිමි පැවසුවේ ඒ සදහා ශ‍්‍රී ලාංකිකයන් ඇතුඵ 8000 ක පමණ පිරිසක් දායකවන බවයි.

”මම හිතන්නේ විශේෂයෙන් සුනාමියෙන් මියගිය අය සිහිකර පිරිනමන දානය මෙයයි. ඒ වගේම වෙසක් පොහොය දිනයේ අපේ දන්සලට බේදයකින් තොරව සියලූ දෙනාම සහභාගි වෙනවා.

වෙසක් උත්සවය වෙනුවෙන් මෙම විහාරස්ථානයේ වසර ගණනාවක සිට අලංකාර පහන් කූඩුවක් ද ඉරිකරන බව ඒ හිමියෝ පැවසූහ.

මෙම විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් ක‍්‍රියාත්මක වන ධම්ම නිකේතන මධ්‍යස්ථානය ඈත රටක සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ට මහ ගෙදර බඳුය. එරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ රැුකියාව අහිමිවුවහොත් ඔවුන්ට සේවා ස්ථානයෙන් දුන් නේවාසික ස්ථානය අහිමි වේ. අනතුරු ඔවුන්ට තානාපති කාර්යාලයේ පිහිට පැතීමට සිදුවේ.

එවැනි ශ‍්‍රී ලාංකිකයන්ට මෙම විහාරස්ථානයේ සුබ සාධන මධ්‍යස්ථානයේ ඉතාමත් ඉහළ පහසුකම් යටතේ නවාතැන් ගැනීමේ පහසුකම් සපයා ඇත. අප විහාරස්ථානයට යන විටත් එම සුබ සාධන මධ්‍යස්ථානයේ රැකියා අහිමි ලාංකිකයෝ පස් දෙනෙක් නවාතැන් ගෙන රැකියා සොයමින් සිටියහ.

දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පිහිට පතා පැමිණෙන්නන් පවා ෂොක්වන්සා විහාරස්ථ සුබ සාධන මධ්‍යස්ථානයට යොමු කරන බව එහි නවාතැන් ගෙන සිටි ශ‍්‍රී ලාංකිකයෙක් පැවසීය.

දකුණු කොරියාව අතීතයේ බෞද්ධ රටකි. මේ වන විටත් එරට සැළකිය යුතු බෞද්ධයන් සංඛ්‍යාවක් සිටින අතර ඔවුහු දැඩි භක්තිය යුතුව ආගමික වතාවත් වල යෙදෙන ආකාරය දැකගත හැකිය.

ෂොක්වන්සා විහාරයේ ශ‍්‍රී ලංකාවේ දැකිය නොහැකි සුවිශේෂි ප‍්‍රතිමා රැසකි. එම විහාරයේ ස්ථාපිත කිරීමට දළදා මාළිගයේ අනුරුවක් මේ වන විට ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතියි.

01 DSCN0441 DSCN0442 DSCN0443 DSCN0449 DSCN0456 DSCN0459 DSCN0464 DSCN0466 DSCN0473

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ලාංකිකයන්ගේ දකුණු කොරියා කෙම්බිම ෂොක්වන්සා පන්සලයි

සිරිසේන Thursday, 06 November 2014 07:15 PM

ආසියානු බෞද්ධ රටවල් සමඟ සමීප සම්බන්ධතා දියුණු කරගැනීම ඉතාම වැදගත් කාර්යයක්. විශේෂයෙන් ඉදිරියේදී ලෝකයේ ආර්ථික අතින් බලවත්ම රට බවට පත්වන ලකුණු පෙන්නුම් කරන චීනයේ බෞද්ධයින් සමඟ එකතුව නවීන තාක්ෂණය භාවිතාකර බුදුදහම ප්‍රචලිත කරවීමට උපකාර ගැනීම වැදගත් වනවා. දකුණු කොරියාවටත් මේ අංශයෙන් විශාල කාර්යභාරයක් කළහැකියි. මෙය සතුටුදායක ආරංචියක්. පළකළාට පින්. (නි)

:       0       0

ආනන්ද Friday, 07 November 2014 02:53 AM

මේ ලිපිය හරිම වැදගත් වටිනා ලිපියක්. ලියූ මහත්මයාට ගොඩක් පින්. අපි හරියට අගය කරනවා, ස්තුති කරනවා ලංකාදීපයට. අපි නොදන්නා දෙයක් ඉගෙනගත්තා (නි)

:       0       0

ආනන්ද Friday, 07 November 2014 02:56 AM

යොහාන් භාසුර, ඔබ විහිෂ්ටයි. උසස් ලිපියක් මේක. මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි ඔබට! (නි)

:       0       0

සෑම් Friday, 07 November 2014 02:58 AM

බෞද්ධ පුනරුදය වෙනුවෙන් ලංකාදීපය කරන්නේ ලොකු සේවයක්. ඒ ගැන ලංකාදීප කතෘ මණ්ඩලයට සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය! (නි)

:       0       0

රත්නායක Thursday, 06 November 2014 03:11 PM

මේ වගේ දෙයක් පළකිරීම ගැන ලංකාදීපයට ගොඩාක් ස්තුතියි! (නි)

:       0       0

කුරුප්පු Thursday, 06 November 2014 03:34 PM

අනේ සාධු සාධු සාධු සාධු (බ)

:       0       0

අමිල Friday, 07 November 2014 04:53 AM

දකුණු කොරියාවේ ජනගහනයෙන් 50% පමණ කිසිම ආගමක් අදහන්නේ නැහැ. 23% පමණි බුධාගම අදහන්නේ. (2007 වර්ෂයේ සංගණනයට අනුව) (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 0 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 314 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 308 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 327 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 432 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 719 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25257 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site