මාස ගණනාවක් පුරා අපේ රටම කැළඹූ ජිනීවා කළබැගෑණිය ඊයේ අවසන් වුනේ අපේක්ෂිත හා අනපේක්ෂිත බලාපොරොත්තු කාතුළත් තවත් සංකීරණ කරමිනි.
යෝජනාව ඉදිරිපත් කළ මහ බලවතුන්ගේ මෙන්ම ඊට පක්ෂවන්නට වළි කෑ දේශීය මෙන් ම විදේශීය බලවේග වලත් බලාපොරොත්තු කිසියම් ආකාරයකින් උදාසීන කරමින් මේ මහා කළැබැගෑණිය අවසන් වූ අයුරු බොහෝදෙනාගේ විමතියට මෙන් ම සතුටටත් - අසතුටටත් පත්ව ගිය අයුරු ජිනීවා වල සිටම අපට දැක ගැණීමට අවස්ථාව ලැබිණි.
මෙය සාකල්යයෙන්ම කන්දක් විළිලන්නට විළි රුදා ඇතිකොට කෙන්දක් වැදූසෙයක් ලෙස ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට අදාළවන පරිදි සම්පිණ්ඩනයක යෙදිය හැකිය.
යෝජනාවේ නිර්මාතෘවරුන් ඡන්ද 23 ක් ගන්නාවිට විපක්ෂව ඡන්ද 12 ක් හා පක්ෂ විපක්ෂ නොවන ඡන්ද 12 ක් ලැබීමෙන් එය මැනවින්ම පැහැදිළිය.
සදාචාරාත්මකව බලන කල්හි මෙම ප්‍රසාංගික පරිසරය තුළ දිනූ කෙනෙක් නැතිවා සේය. මතුපිටින් පෙනෙනදේට වඩා සත්‍යය නීරසය.
ඒඅනුව පැරදුණු කෙනෙක් ද නැතිවා සේය.
මෙබඳු අනපේක්ෂිත තත්ත්වයකින් වුවද අමෙරිකාව හා යුරෝපා රටවල බලාපොරොත්තුව පරිදි මෙම යෝජනාව මෙසේ ඉදිරිපත් කිරීම ජයග්‍රහණය කෙසේ වෙතත් ඔවුන්ගේ දීර්ඝ කාලීනව තිබූ අභිලාශය මුදුන් පමුණුවා ගැනීමක් වීය.
එසේ වුවද ඉන් ඔවුන් කරන්නට බලාපොරොත්තුවන දේ සිදු කිරීම එතරම් පහසු නොවන බව ඡන්ද විමසීමේ දී අනෙකුත් රටවල් දැක්වූ මිශ්‍රවූ ආකල්ප තුළ ඔවුන්ට පැහැදිළි වන්නට ඇත.
යෝජනාවට එකඟ වූ ඇතැම් රටවල් පළ කළ අදහස් වලින් පෙණුනේ, ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති නූතන සංවර්ධන ක්‍රියාදාමය අගය කරන බවත්, උගත් පාඩම්
සහ ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම වඩාත් උනන්දුවෙන් කළ යුතු බවත්ය. ඉන් ග්‍රම්‍ය වූයේ ඇතැම් රටවල , විශේෂයෙන් ලතින් ඇමෙරිකා රටවල ඔවුන්ගේ ප්‍රතිපත්තිමය විරෝධතා කල්පයක් අප රට පිළිබඳව නොමැති අතර කිසියම් බලපෑම් කිරීමක් තුළ දක්වන ප්‍රති ක්‍රියාවක් දැයි සාංකා පහළ කරණ ස්වභාවයකි.
යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල සිය මැදහත් බව දක්වන්නට ගත් උත්සාහය මෙන්ම, ‘උනුත් අපට මුනුත් අපට ඕනැ’ වැනි ආකල්පයක් ප්‍රදර්ශනය කිරීමක් බඳු වීය.එහෙත් එය අපේ රට පැත්තෙන් ගත් කළ කිසියම් වාසි සහගත තත්ත්වයක් සේ ගැනිය හැකිය.
එසේ වැළකෙමින් ඔවුන් දැක්වූ අදහස් වලින් මැනවින් පැහදිළිවූයේ එබඳු ස්වභාවයකි.සංහිඳියාව,අතුරුදහන්වීම්, උගත්පාඩම් නිර්දේශ,යහපාලනය වැනි බොහෝ විවෙචන පළවී ඇති අංශ පිළිබඳ රජය දැඩිසේ අවධානය යොමු කළ යුතු බවට ඔවුන් අනතුරු ඇඟ වුවද සංවර්ධන ක්‍රියාවලියේ බොහෝ අංඟ ඔවුන්ගේ ද පැසසුමට ලක්වීය.එබඳු අංශ සම්බන්ධව රජය බොහෝ දුර ගමනක් සුභවාදීව ගමන් කරන බවට ජාත්‍යන්තරය වඩාත් දැනුවත් කළ යුතු බවටත් ඔවුහු අවධාරණය කළහ.
රටවල් 12 ක් ම එසේ කිරීමෙන්, ඔවුන් පෙන්වන්නට උත්සාහ කළ බරපතළ තත්ත්වය මෙන්ම හුඹස් බිය ද දුරු කරවා ලීය.
එය යෝජනාවේ නිර්මාතෘවරුන් උදාසීන කරවන්නට පමණක් නොව, ඩයස් පෝරාව ඇතුළු දේශීය හා විදෙශීය උදන් අනන්නට විචි කිච්චාවෙන් සිටි බොහෝ කොටසකගේ මුහුණු රත්වූ බවත් ඇඹුල් වූ බවත් හොඳටම පෙණින. සමහරු එම විපිළිසර මුහුණින් ම ශාලාවෙන් නැගිට ගියහ.
ඩයස් පෝරාව මෙවර මානව හිමිකම් සමුළුව වෙනුවෙන් ස්විස් ෆ්රෑන්ක් බිලියනයකටත් වඩා (රුපියල් බිලියන 147ක්) වියදම් කළ බවට තතු දත් ආරංචි හෙළි කරයි.එහෙත් ඔවුන් ගත් බොහෝ උත්සාහයන් මෙන්ම කාලයද ශ්‍රමයද අපතේ ගියා යැයි ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්ට තිබිණ.
මෙම මෙම ප්‍රතිපඵය තුළ ඔවුන් ලද මානසික ව්‍යාකුලතාවයද, කම්පනයද එම මොහොතේ බලවත් ලෙසටම ප්‍රකට වීය.
ඉන්දියාව මෙවර දැක්වූ ආකල්පය ඔවුන්ගේ පරණ පව් ගෙවා දැමීමක් මෙන්, අපට සුභවාදී ලෙස අගය කළ යුතුය.එය බොහෝ දෙන නොපැතූ තත්ත්වයකි.එසේ කරමින් ඔවුන් කළ විවේචන මෙන්ම අගය කිරීම් හා හිතවාදීව කළ උනන්දුකිරීම් ඇතුළත් හරබර දේශනයද අසල්වැසි ඥාතියා වෙනුවෙන් මොනයම් බලපෑම් හමුවේ වුවද, කිසියම් ආකාර සානුකම්පිතවූ පරිනත එකක්වීය.
දකුණු අප්‍රිකාව හා ජපානය ද එබඳු ආකලපයක් දරන බව පෙනිණි.
ඇල්ජීරියාව, චීනය, කොංගෝ, කියුබාව, කෙන්නියා, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වෙනිසුවේලාව හා වියට්නාමය යෝජනාවට එරෙහිව අපේ රටට පක්ෂව ඡන්දය දීමෙන් කළ ඉමහත් මිත්‍රශීලී බව සදා කෘතවේදීව අගය කළ යුතුය.
මෙහිදී චීනය හා රුසියාව මහ බලවතුන් සේ අපට දැක්වූ අනභවනීය සහාය මෙන්ම පකිස්ථානය, වෙනිසුවේලාව, බෙලෝරුසියාව හා කියුබාව කළ දේශන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙන්වූ සැබෑම මිත්‍රත්වය ප්‍රකට කිරීමක්ම විය.
මෙම ප්‍රශ්නයන් හමුවේ ශ්‍රී ලංකාව සියළු ආකාරයෙන් ම නිවැරදි නොවන බව බොහෝ අයගේ කතාවලින් කියැවුණු බව අප අමතක නොකළ යුතුවාක් මෙන්ම එය රජයේ ගැඹුරු අවධානයට ලක් විය යුතු බවද පැහැදිළිය.
මේ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය නිතැතින් ම පහව ගොස් නැති ආකාරයද ප්‍රකටය. අඩුපාඩු නිවැරදි කොට සුභවාදී අනාගත දුරගමනක් යන්නට බොහෝ පාඩම් රජයට මෙයින් උගත හැකිය.
අවසන් සටනට මැති ඇමැතිවරුන් හෝ වෙනදා පරිදි වගකිවයුතු නිලධාරීන් මෙහි නොසිටීමෙන් මෙන්ම, ජනපති තුමන් අවසන් ඡන්ද වේදිකාවල ප්‍රකාශ කළ අදහස් වලින් ද, බොහෝ අය මෙන්ම රජයද මෙම යෝජනාවේ ප්‍රතිඵය කළින් දැන සිටි බව පැහැදිළිය.
දීර්ඝ කාලීන පෙර සූදානම් වීම් මදිවීම,සාමූහික ප්‍රයත්නයෙහිඅඩුපාඩු හා තම තමන් තනිව ලකුණු දමා ගැනීමට ගත් උත්සාහයන් වැනි සාධක මෙවර ද අපේ පාර්ශ්වයන් හි දුර්වලතා ලෙස ප්‍රකටව පෙණුන අතර, එසේ නොවන්නට මෙහි ප්‍රතිඵලය තරමක් හෝ තවත් රටට සුභවාදීව වෙනස් කරගන්නට ඉඩ තිබුණු බවද සපුරා පැහැදිළිය.
සියලු කාරනා මැනවින් කළමනා කරමින් ගැඹුරින් අධ්‍යයනයක යෙදෙනවිට, එම විරුද්ධවාදී පාර්ශ්වයන් අපෙක්ෂා කළ සියළු අරමුණු ඉටු කර ගැණීමට මෙම ප්‍රතිඵලය අවකාශ ලබා නොදෙන්නේ නමුදු, එල් .ටී.ටී.ඊ. ඩයස් පෝරාව ප්‍රමුඛ එම බලවේගයන්ට අපේ රටට අනවශ්‍ය බලපෑමක් කරන්නට යම් ආකාර නීතිමය වලංගුතාවයක් හා අවසරයක් මේ මගින් ලබා දී ඇති බවද ඉඳුරාම පැහැදිළිය.
යුරෝපා සංගමය මගින් ආසියාතික කලාපයේ රටවලට ළඟදී ප්‍රදානය කරන්නට අපේක්ෂා කරණ රැකියා වරප්‍රසාද වලින් ශ්‍රී ලංකාව කපා හැරීමට ප්‍රයත්න දැරීමක් පිළිබඳ ඇති නිල නොවන වාර්තාව, මෙම මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රතිඵලයේ පළමු වෙඩි හඬ දැයි කල්පනා කිරීමට අනාගතය අපට අවකාශ සළසනු ඇත.
(ආචාර්ය තවලම ධම්මික නාහිමි ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය)
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව
දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ලංකාව නිවැරදි නෑ’