පිළිකා සඳහා භාවිත කෙරෙන මිල අධික ඖෂධයකට තනිකර ඒකාධිකාරියක් ඉල්ලමින් ඖෂධ සමාගමක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් හා මහ පරිමාණ ඖෂධ මාෆියාව අතර පවතින බව කියන දූෂිත සම්බන්ධයක් නිසා රෝගීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි කියති.
රුසියාවේ නිෂ්පාදිත ඖෂධය අලෙවිය වළක්වමින් ස්විට්සර්ලන්තයේ ‘රෝච්‘ සමාගම කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර අධිකරණය අතුරු නියෝගයක් දී තිබූ අතර එය නොදිය යුත්තක් යැයි ද කියැවිණි.
පසුගිය ජූනි මාසයේ දුන් අධිකරණ නියෝගයෙන් පසු රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඖෂධකාරකයක් වන ට්‍රස්ටුසුමාබ් ඖෂධයට සමාන ඖෂධයක් ( බයෝසිමිලර් ) ( ට්‍රස්ටුසුමාබ්) ශ්‍රී ලංකාවේදී භාවිත කිරීම සඳහා බාධක ඉවත් කරමින් ලියාපදිංචිය සඳහා අවශ්‍ය ‘නියමිත කි්‍රයාවලිය‘ සිදු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ සතියේ නිවේදනය කළේය.
‘බයෝසිමිලර්‘ යනු නිර්දේශිත ඖෂධයට සමාන ඖෂධයකි.
මීට පෙර රුපියල් 280,000කට සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණන ලෙද රෝචස් ඖෂධය හා සැසඳීමේදී ට්‍රස්ටුසුමාබ් ඖෂධයට සමාන ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇත්තේ රුපියල් 144,000කට යැයි වාර්තා වේ.
කෙසේ නමුත් රුසියා ඖෂධය හඳුන්වා දීමත් සමඟ රෝචස් සමාගමේ ශ්‍රී ලංකා අලෙවි නියෝජිතවරයා වන ‘ඒ බවර් සහ සමාගම‘ අදාළ ඖෂධයේ සඳහන් මිල ලෙස රුපියල් 165,000 දක්වා ඇත. එහෙත් එය මීට පෙර ඇත්තේ එම මුදලට වඩා රුපියල් 115,000ක් වැඩියෙනි.
අදාළ ඖෂධයට සමාන ඖෂධයක් නිෂ්පාදනය කරන ඉන්දියා සමාගමක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් එම ඖෂධය වෙළෙඳපොළට හඳුන්වාදීමත් සමඟ අදාළ ඖෂධයේ මිල තවත් පහළ යනු ඇතැයි ඖෂධ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත් වීමත් සමඟ ඖෂධ මිල ගණන් සැලකිය යුතු ලෙස පහත ගොස් ඇති බවත් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් 30කට මිලදී ගත් ඖෂධය ඖෂධ අධිකාරිය මැදිහත් වී ඒ හා සමාන ඖෂධ හඳුන්වා දීමත් සමඟ ඩොලර් 3ක් දක්වා අඩු කරගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් දා කීවේය.
රජය විසින් පනවන සීමා හේතුවෙන් වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වීමත් තරගකාරීත්වය නොමැති වීමත් නිසා සාමාන්‍යයෙන් ඒකාධිකාරියක් ඇති වන අතරම ඖෂධ ඉහළ මිල ගණන්වලට විකිණෙයි.
ඒකාධිකාරි වෙළෙඳපොළ නිසා සමහර අවස්ථාවලදී ඖෂධවල මිල ගණන් දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙ ඒකාධිකාරි වෙළෙඳපොළ නවතා දැමීමට උත්සහා ගන්නා බව කීවේය.
‘සමහර ඖෂධවලට ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් අපට විශාල මිල ගණන් ගෙවීමට සිදුවෙනවා. අප මේ ඒකාධිකාරි වෙළෙඳපොළ බිඳ දමනවා. ඒ අනුව අපට ඖෂධ සඳහා කෙරෙන වියදම් අඩු කරනවා. එමඟින් රාජ්‍ය රෝහල්වලින් අපට හොඳ සෞඛ්‍ය සේවයක් දීමට හැකි වෙනවා‘ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
පසුගිය ජූනි මාසයේදී අභියාචනාධිකරණය දුන් තීන්දුවත් සමඟ පෙත්සෙම් සිව්වැනි වග උත්තකරු වන මහරගම පිළිකා රෝහලේ පිළිකා විශේෂඥයන්ගේ විද්‍යාලයේ සභාපතිවරයා පෙත්සම්කරුවකු ද වන ස්විස් නිෂ්පාදිතයාට සහාය දී ඇතැයි අනාවරණය වී ඇත. එම සමයේදී පිළිකා විශේෂඥයන්ගේ විද්‍යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය පූජිත වාසලආරච්චිය.
‘ ඖෂධය වන හර්සෙප්ටින් ඖෂධය ප්‍රවර්ධනය කිරීමට හෝ ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට ඔවුන් දිරිමත් හෝ නොකළ බව සිව්වැනි වග උත්තකරු තරයේ ප්‍රකාශ කර සිටින නමුත් ඊට එය සනාථ කළ කිසිවක් නැත. එහෙත් එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ද හැකියාවක් නැත‘ යන්න කියැවේ.
‘ඒ හා සමානවම සිව්වැනි වග උත්තකරුගේ නීතිඥවරයා පෙන්වාදුන් කරුණු ප්‍රතික්ෂේප වූ අතර ඒවා ප්‍රවාදක හෝ තෙවැනි පාර්ශවල මත යැයි ද අනාවරණය වේ.‘
‘එවැනි මත අධිකරණයට ඉදිරිපත් නොකළ යුතු බව ද අධිකරණය තෙවැනි පාර්ශවවල මත කෙරෙහි අවධානයක් යොමු නොකරන බව කියැවී ඇත. ‘
‘පිළිකා විශේෂඥයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා කළ යුත්තේ තම සේවාදායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම බවත් වෙනත් පාර්ශවයකට පහර ගැසීම හෝ සහාය දැක්වීම නොකළ යුතු බව ටද අවවාද කැරිණි.‘
පිළිකා විශේෂඥයන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියාට අධිකරණය අවවාද කරමින් කියා සිටියේ උසාවියේ දී ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පමණක් පෙනී සිටිය හැකි බවයි. නමුත් නමුත් වෙනත් පාර්ශ්වයකට පහර දීමට හෝ සහාය දීමට ඉඩක් නැතැයි අධිකරණය ඔහුට කීවේය.
අභියාචනාධිකරණ විනිසුරු පී පද්මන් සූරසේන හා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විජිත් කේ. මලල්ගොඩ විසින් දුන් ඓතිහාසික තීන්දුව මඟින් රුසියාවේ නිෂ්පාදිත ඖෂධය අලෙවිය නවතා දැමීම සඳහා මාර්තු මාසයේදී රෝචස් සමාගම ලබාගත් අතුරු නියෝග තීන්දුව ඒකපාර්ශවීය තීන්දුවක් යැයි කියැවෙන අතරම එම අතුරු තහනම ද ඉවත් කිරීමට හේතුවිය.
(පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෙඩා හූරංකන බෙහෙත් ජාවාරම ලංකාවෙත්
නිශාන්ත Sunday, 18 September 2016 11:43 PM
මේ විදිහට දිගටම කටයුතු කළොත් දොස්තරලගෙත් අහංකාරකම් බස්සන්න පුලුවන් (නි)
ශාන්ත Sunday, 18 September 2016 11:51 PM
දොස්තරලා සටන් කළයුත්තේ මෙන්න මේ මංකොල්ලකෑම් වලට විරුද්ධව මිසක් තමුන්ගේ දරුවා කොළඹ ලොකු ඉස්කෝලෙකට දාගන්න නොවේ. (නි)
ජයාත් Monday, 19 September 2016 01:18 AM
ශාන්ත, බහුතරයක් මේ කුණුවූ ක්‍රමයෙන් යැපෙන අය. මෙයාලට සමහර සමාගම් බෙහෙත් ලියන කොළයේ, පෑනේ පටන් තවත් මෙකී නොකී සියලුම දේ ලබාදෙනවා. (නි)
ජයාත් Monday, 19 September 2016 01:30 AM
මේ ගැන මේ ටිකත් කියන්න ඕනෑ. මේ කොමිස් ගැහිල්ල ගැන ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙක් කියපු දෙයක් තමයි මේක නවත්වන්න නම් දොස්තරලා ඔක්කොම රහත් වෙන්න ඕනෑ කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත කියලා මටත් හිතෙනවා (නි)
ධම්ම Monday, 19 September 2016 01:40 AM
මේ මාෆියාවේ දොස්තරලාට දරුවා ලොකු ඉස්කෝලෙකට දාගන්න උද්ඝෝෂණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලා දන්නවා එයට අවශ්‍ය ක්‍රම සහ විධි. දරුවා ලොකු ඉස්කෝලෙට දාගන්න උද්ඝෝෂණය කරන්නේ වසර හතරක සේවා කාලයෙන් පසු තැනින් තැනට මාරුවීම් ලබන, ඔබම විටින්විට මේ වේදිකාවේමත් හඳුන්වන දොස්තර දෙවිවරුන්ය. (නි)
ඇන්ජලෝ Monday, 19 September 2016 01:40 AM
පෙර කල වගේ වැදගත් පොහොසත් පවුල් වලින් දොස්තරලා බිහිවුණා නම් හොඳයි කියලා හිතනවා. ඔවුන් එම රැකියාව කළේ නම්බුව තියාගන්න. දැන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තම පන්තියේ මිනිසුන්ගේ මළමිනී උඩින් පොහොසත් වෙන්න දඟලන කාක්කෝ ටිකක් වගේ (නි)
නිමාලි Monday, 19 September 2016 02:59 AM
ඒ සමාගම විකුණන පොහොරත් මේ වගේ ඇති එහෙනම්. පොහොර මඟින් ලෙඩ ඇතිකිරීමත්, එය තුළින් ඖෂධ විකුණාගැනීමත් කරනවා ඇති. (නි)
පීරිස් Monday, 19 September 2016 03:09 AM
ඉස්සර නම් මිනිසුන් අතර ප්‍රසිද්ධව සිටියේ පෙරකදෝරුවෝ, පොලිස්කාරයෝ, මිනීපෙට්ටි සාප්පු හිමියෝ තමා මිනිස්සු ගස්සාකන්නන් හැටියට. උත්තම දොස්තරලාත් මේ ගසාකෑම පටන් අරන්. පිටින් ගන්න කියලා ලියන හැම බෙහෙතකින්ම දොස්තරලට කොමිස් එකක් ෆාමසියෙන් ලැබෙනවා කියලා ආරංචියි (නි)
සෙනරත් Monday, 19 September 2016 03:14 AM
ශෂික කියනවා වගේ, මොකද වුණේ ඖෂධ පනතට? මේවා කිවුවේ කදුළු සලමින්. දැනට මාස 20 ක් ගෙවිලා ඉවරයි. තවමත් ඖෂධ පනත තියෙන්නේ පටන්ගත් තැනම. මොවුන් මේ තනතුරුවලට එන්නේ අපිට ආදරේටද ? (නි)
සෑම් Monday, 19 September 2016 03:29 AM
සමහර වෛද්‍යවරුන් ඖෂධ සමාගම්වල නියෝජිතයන් බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලිය (නි)
පිටබැද්දර ජයා Monday, 19 September 2016 03:51 AM
මෙන්න මේ මාෆියාව නවත්තන්න ඕනෑ නිසා තමයි ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක් වන සේනක වෛද්‍ය බිබිලේ මහත්තය ඖෂධ මිල පාලන සුත්‍රයක් හැදුවේ. අවසානෙදි එතුමා අපෙන් සමුගත්තා. අදත් ඔය ඇදගෙන යන්නේ එතුමාගේ ප්‍රතිපත්ති. එතුමා ජීවතුන් අතර හිටියා නම් මෙලහකටත් මේ මාෆියාව මර්දනය කරන පනත් සම්මත කරගෙන හමාරයි (නි)
නලින් Monday, 19 September 2016 04:45 AM
එකම බෙහෙත විවිධ නම් වලින් ආවට ගුණය එකම නැහැ. ඉන්දියාවේ හදන බෙහෙත්වල ගුණාත්මක ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන් පිලිකා රෝගීන්ට දෙන්න ඕන ගුණාත්මක බෙහෙත්. (බ)
ජයලත් Monday, 19 September 2016 02:05 PM
නලින් ප්‍රියන්තගේ කතාව ඇත්ත එකම බෙහෙත විවිධ නම් වලින් තියනවා නමුත් හුඟක් ඉන්දියන් බෙහෙත් ගුණාත්මක බවෙන් හුඟක් අඩුයි හැම බෙහෙතක්ම මෙහෙදී අහඹු තත්ත්ව පරීක්ෂණ වලට ලක් වෙන්නේ නැහැ ප්‍රසිද්ධ සමාගම් ගොඩක් වියදම් කරනවා බෙහෙතක් හදන්න ,ගුණාත්මක බව රැක ගන්න එහෙම . ඒ වයේ අතුරු ආබාධ අඩුයි(බ)
ප්‍රියන්ත Monday, 19 September 2016 07:22 AM
නලින් කියන්න යන දේ පැහැදිලි නැහැ. දොස්තර කෙනෙක්ද? මෙතන ප්‍රශ්නය තියෙන්නේ ගුණාත්මකබව ගැන නෙමෙයි නේද? (නි)
වසන්ත Monday, 19 September 2016 07:47 AM
ගුණාත්මක දේත් බලන්න ඕන.(ම)
ගයාන් Sunday, 18 September 2016 01:33 PM
සමහර වෛද්‍ය විශේෂඥයන්ගේ පුත්තු තමයි ලංකාවේ මහපරිමාණ ඖෂධ මාෆියාව ගෙනියන්නේ. (නි)
මහේෂ් Sunday, 18 September 2016 01:47 PM
මේක අනිත් හැම ඖෂධයකටමත් අදාළ කරුණක්. අහිංසක මිනිසුන්ගේ ජිවිත හූරාකන මේවගේ නින්දිත වැඩ අප රටින් තුරන් වේවා! ඖෂධ අධිකාරියට ස්වාධීන ලෙස කටයුතු කිරීමට ඉඩදෙනවා නම් මෙවැනි ක්‍රියා සිදුවෙන්නේ නැහැ. (නි)
රොහාන් Sunday, 18 September 2016 01:51 PM
මොනතරම් අනුවණ මිනිසුන් ජීවත්වන ලෝකයකද අපි ජීවත්වෙන්නේ? මුදලට ඕනෑම ජරා වැඩක් කරනවා. අහිංසක පිළිකා රෝගීන්ට මෙහෙම නම් අනික් අය ගැන කවර කතාද. (නි)
ඩී.උපුල් Sunday, 18 September 2016 03:03 PM
පිළිකා හැදිලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන රෝගීන්ගේ බෙහෙත් වලින් ගසාකන මෙවැනි පුද්ගලයින් මේ සමාජයෙන් තුරන් කළයුතුයි. (නි)
ශශික Sunday, 18 September 2016 03:13 PM
කිව්වෙ නම් කලින් කට්ටිය ඖෂධ පනතවත් ගෙනෙන්න දුන්නේ නැහැ කියලනේ. දැන් බලය අතේ තියෙද්දී ඕක කරන්න බැරි ඇයි? (නි)
රංග Sunday, 18 September 2016 03:15 PM
මේක අද ඊයේ සිදුවෙන දෙයක් නෙමෙයි. (නි)
සුමිත් Monday, 19 September 2016 08:56 AM
ඕනෑම සමාගමකට යම් භාණ්ඩයක් සඳහා රටක් තුල එ්කධිකාරියක් ලැබෙන්නේ පේටන්ට් ක්‍රියාදාමයක් හරහා. ඔය කියන සමාගමට හෙර්සේප්ටින් කියන බෙහෙත්ට ලංකාව ඇතුලේ පේටෙන්ට් බලපත්‍රයක් තියනවද? එහෙම නැත්නම් ඕනි කෙනෙකුට ලංකාව තුල හෙර්සේප්ටින් විකුනන්න පුළුවන්. ඒවායේ ගුණාත්මක බවය තහවුරුකරන එක රජයේ සහ ඖෂධ අධිකාරියේ වගකීම. වලංගු පේටෙන්ට් එකක් රෝචේ සමාගමට ලංකාවේ තියනවනම් වෙන අයට ඒ බෙහෙත ලංකාවේ විකුණන බෑ. ඩබ්ලිව් ටී ඕ නියමයන් අපි රටක් හැටියට පිළිගන්න නිසා තමයි එක වෙන්නේ. එහෙමනම් ලංකාවත් ඉන්දියාව වගේ ඖෂධ සඳහා වන පේටන්ට් පිළිගන්නේ නෑ කියලා කියන්න ඕනි. එක කරන්න කොන්ද පනතියනවද කියන එකයි ප්‍රශ්නේ. (හේ)
කුමාර් (ගල්ෆ්) Sunday, 18 September 2016 04:42 PM
දොස්තර බිබිලේ මහතාට වගේ වෙයිද දන්නේ නැහැ ඖෂධ නියාමන අධිකාරියේ මහත්වරුන්ට. රටට හොඳ කරන්න ගිහිල්ලා මහා කරදරයක වැටෙයිද මෙයාලා? රජය මේ අයට ආරක්ෂාව දෙන්න ඕනෑ. බෙහෙත් කොම්පැනි කියන්නේ ජාත්‍යන්තර මාෆියාවක්. (නි)
ලසන්ත Sunday, 18 September 2016 04:39 PM
ඔන්න ඔහොමලු සමහර දොස්තරලයි කොම්පැනියි අතර සහජීවනය ඇතිවෙන්නේ. එක ලෙඩෙකුට දෙන එක බෙහෙතකින් ලක්ෂයකට වැඩිය ගසාකනවා (නි)
රොඩ්නි Sunday, 18 September 2016 04:52 PM
ලෙඩ්ඩු විතරක් නෙමෙයි, මේ රටේ හැමතැනම වෙන්නේ දුප්පත් අසරණ මිනිසා සූරාකෑමනේ (නි)
රන්ජිත් Sunday, 18 September 2016 05:02 PM
පිළිකා රෝගීන් ගසාකන මේ අපරාධය දෙවියෝම බලාගනිත්වා! (නි)
කින් බෙනට් Sunday, 18 September 2016 06:16 PM
මේ කියන විදියට ඒ කාලේ බවර්ලා එක බිස්නස් එකකින් අමතර රුපියල් ලක්ෂ ගණනක් ලාබ ලබලනේ (නි)
බණ්ඩාර Sunday, 18 September 2016 06:21 PM
මෙන්න මේ වෛද්‍ය මාෆියාවම නේද හොඳම පාසල් ඉල්ලන්නේත්? (නි)
රොෂාන් Sunday, 18 September 2016 06:42 PM
අපිට ඕවායෙන් වැඩක් නැහැ. ලෙදකට පෞද්ගලික රෝහලකට ගියාම තේරෙනවා දොස්තර මාෆියාවේ තරම. ඒ වුණාට ඒ අය අපේම මුදලින් ඉගෙනගෙන තියන නිසා ඔය මාෆියාවන් වලට අපිත් වක්‍රාකාරයෙන් උදව් කර තියනවා. කොහොමත් ඔය දොස්තරලාගේ මාෆියාවට වඩා පාතාලය හොඳයි. (නි)
වීරසිංහ Sunday, 18 September 2016 07:14 PM
රජය විසින් කළයුත්තේ ගණ නාමයෙන් ඖෂධ නිෂ්පාදනය කරන විශ්වාසනීය ඖෂධ සමාගම් තෝරා එවැනි සමාගම් වලින් ටෙන්ඩරයට සහභාගි කරගැනීමයි (නි)
චන්ද්‍ර වීරසිංහ Sunday, 18 September 2016 07:37 PM
බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ ගැත්තන් ශ්‍රී ලාංකික අඩු ආදායම් ලබන බහුතර අහිංසකයන්ට කරන හිත්පිත් නැති අසාධාරණයන් සමහර වෙදැදුරන්ට නොපෙනීම ජාතියේ අවාසනාවක්!! (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 18 September 2016 07:50 PM
අසරණ ලෙඩුන් හූරාකෑමට විදේශීය ඖෂධ නිෂ්පාදකයන්ට කොහෙත්ම ඉඩනොදෙන්න. විදේශීය සමාගම් සමග එකතුවී මෙවැනි ඖෂධ වර්ග මෙරටේ හදන්න බැරිද? පිටරට යවන අතිවිශාල සල්ලි කන්දරාව මෙරටේම රඳවාගෙන රෝගීන්ට පහසු මිලට ඖෂධ සපයාදෙන රජයකට රෝගින් හැමදාමත් පින් දෙනවා නොඅනුමානයි !!!! (නි)