(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය.
ශල්‍ය කර්මයේදී සියුස් ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සියුස් මිය ගොස් ඇත.මියයන විට සියුස්ගේ වයස අවුරුදු තුනක් බවත් ලබන නොවැම්බර් මාසයේ හතරවැනි උපන්දිනය සැමරීමට සියුස් සූදානමින් සිටි බවත් ස්කයි නිව්ස් පුවත් සේවය පෙන්වා දී තිබේ.සියුස් ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව 2022 වසරේ හිමිකරගෙන තිබේ.සියුස් ගේ උස අඩි 3 යි අඟල් 5.18 කි.
ටෙක්සාස් ප්‍රාන්තයේ බෙඩ්ෆෝර්ඩ් නගරයේ තම අයිතිකාරිනිය වූ බ්‍රිට්නි ඩේවිස් සමඟ ජීවත් වූ සියුස් ඇයගේ උකුලේම අවසන් හුස්ම හෙලූ බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.
රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේ
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රව
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්‍රදේශයයට බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ වමතේ කොටසක් වෙන්වන ප
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය.
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගො
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ලොව උසම සුනකයා දිවියට සමුදෙයි
Mangala Friday, 15 September 2023 01:47 PM
සුද්දෝ සුද්දියෝ බල්ලට ආදරෙයි .හැබැයි මිනිස්සු මරන්න ආයුධ හදන්නේ නෑ