IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


විකිණෙන වැලිවල විකිරණ

(විනීතා එම් ගමගේ)         

ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

පුල්මුඬේ ඛණිජ වැලි සංස්ථාවේ දී සහ දඹුල්ලේ සමාගමක් ඛණිජ නිස්සාරණය කර ගත් පසුව ඉතිරිවන වැලිවල විකිරණ පවතින බව මහාචාර්ය සේනාරත්න මහතා පෙන්වා දී තිබේ.      

එම වැලිවලින් මිනිත්තුවකට ඒකක 500  කට වඩා විකිරණ නිකුත් කරන බවත් එය ජපානයේ පුකුෂිමා හි විකිරණ කාන්දුවෙන් පසු අද පවතින විකිරණශීලතාවට වඩා වැඩි යැයි ද හෙතෙම සඳහන් කළේය.

පුල්මුඬේ ඛණිජ වැලි සමාගමේ දී ඉල්මනයිට්, රූටයිපල්, සර්කෝන් , මොනොසයිට් යන ඛණීජ වර්ග ඉවත් කරගන්නා අතර, එහි දී ඛණිජ වැලි ඉවත් කරගන්නා ප්‍රමාණය සාමාන්‍යයෙන් 40% පමණක් බවත් තවත් 60% පමණ එම වැලිවල ඛණිජ ඉතිරිවෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

එසේ වීමට හේතුව එහි ඇති යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාවයේ මදකම බවට තමන් දැනුවත් වූ බව කී මහාචාර්යවරයා එම වැලි ටෙන්ඩරය  ලබාගන්නා දඹුල්ලේ ඛණිජ වැලි සමාගම මීටර් හත අටක් උසට ගොඩ ගසා ඇති අතර එවැනි ගොඩවල් දහයක් පමණ දඹුල්ලේ සමාගමේ තිබූ බවත්, එහි ඇති ඛණිජ ද්‍රව්‍යවලින් විකිරණ නිකුත් වන බවත් විශේෂයෙන් සුළඟේ ගසා ගෙන යන එම වැලිවලින් විශාල හානියක් අවට ප්‍රදේශවලට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

පුල්මුඬේ ඛණිජ වැලි සමාගම ලබා ගන්නා වැලි එම වෙරළ වෙත ගලා එන්නේ ගංඟා ඔස්සේ යැයි පෙන්වා දුන් ඔහු විශේෂයෙන් යාන් ඔය, හා මහවැලි ගඟ ඔස්සේ ගලා එන වැලිවල මෙසේ විකිරණ අඩංගු වන බව කියා සිටියේය.

මෙම වැලි යොදාගෙන නිවාස හෝ ඉදිකිරීම් සිදුකළ පසු එම ගොඩනැගිලිවල සිටින අයට පිළිකා අවදානමෙන් මිදෙනු බැරි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට විශාල වගකීමක් ඇති බවත් වැලි නිධියක් කැණීමට අවසර දීමට පෙර එම වැලි සුදුසුද නැද්ද යන්න ගැන පරික්ෂා කළ යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා එය සිදු නොවන බව ද පැවැසීය.

මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බලපත්‍ර දෙද්දී විකිරණශීලීතාව මෙතෙක් නොබැලූ බවකි. ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වන බවත් අද (1) පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන  බවත් ඔහු  කියා සිටියේය. 

 



අදහස් (8)

විකිණෙන වැලිවල විකිරණ

sharm warn Friday, 02 October 2020 05:07 AM

අනේ දෙයියනේ. එච්චරයි අඩුවකට තිබුනේ.

:       0       18

Indhika Friday, 02 October 2020 06:53 AM

මහාචාර්ය කෙනෙක් කියන නිසා නොපිලිගෙනත් බැහැ . නමුත් මේ කියන දෙය වෙන්න විධිහක් නැහැ. වැලි වලින් කණිජ ඉවත් කලාම විකිරණ පිට වෙන්න ගන්නවා කියල කියන්නේ, කනිජ ඉවත් කිරීම පරමාණුක ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එහෙම ඒවා කරන්න ලංකාවට පුළුවන් කමක් තියෙනවා නම් ලංකාව මිට වඩා බොහොම බලවත්. වැලි රත් කලාට, සාමාන්‍ය රසායන ප්‍රතික්‍රියා කෙරෙව්වට විකිරණ පිට වෙන්න ගන්නේ නැහැ. මට හිතන්නේ වැලි මාෆියටවට සම්බන්ධ ප්‍රකාශයක් කියල.

:       9       10

සෙනෙවිරත්න Friday, 02 October 2020 09:20 AM

ඔබගේ මතයට එකඟ වෙමි. මේ කියන හැටියට මුල්වැලිවලට වඩා ශුද්ධකළ වැලි වල විකිරණ වැඩි වගේ... එහෙම වෙන්නේ කොහොමද? මෙහි දැක්වෙන විදියට විකිරණශීලි මූලද්‍රව්‍ය වෙන්කර ගන්නවා වාගෙයි. ඔබ කිව් විදියට එහෙම නම් අපි කොහේද? වසර හැට, හැත්තෑවක් වැලි විකුණලා අන්තිමට වැලි නිධියත් වික්කා... එහෙමයි අපේ දැක්ම. රටකට ගොඩයන්න ඕකම ඇති. මොනවා කරන්නද වසර පහ හයකට වරක් මේ වගේ කතා අහලා නින්දට යනවා.

:       1       5

rasika Friday, 02 October 2020 07:18 AM

මැටි ගෙදරට යමු.

:       0       10

siththra Friday, 02 October 2020 09:01 AM

ප්‍රශ්නයක් තියෙනවා නම් අර වැලි මහින්දගෙන් අහන්නකෝ... එයා තමයි ලංකාව වටේම මුහුදු පතුල විකුණගෙන කෑවේ..

:       0       11

විජිත් Friday, 02 October 2020 10:04 PM

මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ ප්‍රකාශය මෙරට ජිවත්වන සියලුදෙනාගේම ඇස් ඇරවන්නක් වනු නොඅනුමානය. අලුතින්ම නිවාස සාදාගන්න සැරසෙන ඔබ නිවාස සැදීමට ගන්නා වැලි පිළිබඳව විමසිලිමත් වන්න. වැලිවල විකිරනශිලිතව තිබේදැයි දැනගනිමට අපට ගයිගර් කවුන්ටරයක් උපයෝගිකරගන්න වෙනවා. ඉතා මිල අධික මේ උපකරණ අපේ රටේ තිබෙන්නේ ඒ කාර්යයන් සඳහාම විශේෂවූ ආයතනවල පමණයි. ඔබ භාවිතා කරන වැලි සාම්පල් කිහිපයක් කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරනශීලි සමස්ථානික අංශයෙන් පරික්ෂා කරගැනීමට හැකියාවක් තිබෙනවා කියලා මම හිතනවා. විකිරනශිලිතව ඇති වැලි වලින් සාදන නිවාසවල ජිවත්වන අය නිතරම වැළඳෙන හිසේ අමාරුවෙන් පිඩා විඳින බව මම අසා තිබෙනවා. බටහිර දියුණු රටවලනම් " රේඩොන් ඩිටෙක්ටර් " මගින් ඉතා පහසුවෙන් මේ තත්වය වටහා ගන්නට පුළුවනි. විකිරනශීලි සමස්ථානික වියෝජනයවනවිට රේඩොන් වායුවත් එහි ප්‍රතිපලයක්ලෙස පිටවේ. ඔබේ නිවසෙත් රේඩොන් වායුව තිබේනම් අනිවාර්යයෙන්ම ඔබේ නිවසේ බිත්තිවලින් තවමත් මාරක විකිරණ පිටවෙමින් පවතිනබව ඉන් ඔබට පවසනවා. එවැනි ස්ථානයක ජීවත්වනවා කියන්නේ ඔබ පිළිකා මාරයාට අතවැනීමක්. එනිසා දැන්වත් නිවසක් සැදීමට පෙර වැලි පිළිබඳව විමසිලිමත් වන්න.

:       1       4

kamalSaturday, 03 October 2020 05:16 AM

ජපන් සුනාමියෙන් අනතුරු වූ න්‍යෂ්ටික බලාගාර ප්‍රදේශවල ඉන්න සෑම කෙනෙකු ළඟම ගයිගර් කවුන්ටර් තියෙනවා. ඩොලර් 30 ඉඳන් ගතහැකියි.

:       1       1

විජිත් Saturday, 03 October 2020 10:15 AM

මට තව කොටසක් මෙයට එකතු කරන්න අමතක වුණා. ලංකාවේ ප්‍රධාන වශයෙන් ඛනිජ වර්ග වැලිවලින් වෙන්කර ගන්නේ. තෝරාගත් වැලි ප්‍රමාණයක් මත " අධික චුම්බක ක්ෂේත්‍රයක් " ඇතිකිරීමෙන්, වැලි වලින් කනිජ කොටස වෙන්කර ගැනීමෙනුයි. මේ අධි චුම්බක ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් ඇතිකිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ යන්ත්‍රසූත්‍රවල ක්‍රියාකාරීත්වය මත එහි කාර්යක්ෂමතාවය රඳා පවතිනවා. වැලිවල විකිරණශීලිතාව ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ඛනිජ වර්ග සියල්ලේම ඇති ටයිටේනියම් සමස්ථානිකයි. ටයිටෙනියම්වල, Ti 46,Ti47 , Ti48,Ti49 සහ ,Ti50 ලෙස ඇති ස්ථිර රේඩියෝ සමස්ථානික වලින් ප්‍රබල හානියක් සිදුවෙතැයි සිතිය නොහැක. මන්ද මේ සියල්ලේම අර්ධ ආයු කාලය මිනිත්තු 1.7 සිට මිනිත්තු 184.8 තෙක් පමණක් වීම නිසයි. නමුත් වැලිකඳු පිටින් ගොඩගසා ඇතිවිට මිනිත්තු ගණනකදී ඉන් පිටවන ඇල්ෆා කිරණවලින් කෙසේවෙතත්, බීටා කිරණ සත්ව ශරීරවලට හානි පමුණුවනවා. හැබැයි, ගැමා කිරණ පිටවන රේඩියෝ අයිසොටොප්ස් මේ වැලිවල අඩංගු වෙලානම් තත්වය බොහෝ භයානක වේවි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 43 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 409 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 280 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 149 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 694 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 168 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1011 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site