IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විග්නේෂ්වරන් දෙමළ සන්ධානය වංකගිරියකට තල්ලු කරයි

ඉන්දියා ජාතිකයෙක් වුවත් වාසය සදහා ශී‍්‍රලංකාව තෝරාගෙන සිටින,මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ඉතා පුළුල් දැනුමක් හිමි පරිණත මාධ්‍යවේදියෙක් වන පී.කේ.බාලචන්ද්‍රන් එසේත් නැතිනම් බාලා පසුගියදා නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් අඩවියට වාර්තාවක් එක් කර තිබිණ.එහි තැනක මෙසේ සඳහන් විය.

 

‘සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම කලාපීය බලවතා වන ඉන්දියාව,දෙදෙනාම ශී‍්‍රලංකාවේ දෙමළ බහුතරය වාසය කරන උතුරු පළාතේ මහ ඇමැතිවරයා වන සී.වී.විග්නේෂ්වරන්ගේ වත්මන් දේශපාලන කි‍්‍රයාපිළිවෙත ගැන අසතුටින් පසුවේ.‘

 

ඇමරිකා හා ඉන්දියා දූත පිරිස් සෘජුවම විග්නේෂ්වරන් හා සම්බන්ධව අදහස් හුවමාරු කරගෙන තිබේ.ඔවුන් එකාවන්ව ඔහුට දන්වා ඇත්තේ ඔහුගේ අත්තනෝමතික,විප්ලවවාදී කි‍්‍රයාපිළිවෙත් දෙමළ ජාතික ගැටලූවට විසඳුමක් ගෙන ඒමට වත්මන් රජය කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින වැඩපිළිවෙල වලට බාධාවක් වනු ඇති බවය.

 

පසුගිය බ‍්‍රහස්පතින්දා ශී‍්‍රලංකාවේ ඉන්දියා මහකොමසාරිස් වයි.කේ.සිං මහතා විග්නේෂ්වරන් හමුවිය.දෙමළ සන්ධානයේ බෙදීමක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙස උදක්ම මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි ඔහු දෙමළ සන්ධාන නායකයින් වන ආර්.සම්බන්ධන්,එම්.ඒ.සුමන්තිරන් හා මාවයි සේනාතිරාජා වැන්නවුන් සමග සහයෝගයෙන් වැඩකටයුතු කිරීම මෙම අවස්ථාවේ වැදගත් බව පෙන්වා දුන්නේය.දෙමළ ජනතාවගේ ගැටලූවට විසදුමක් ගෙන ඒමට රජය සුභවාදී ප‍්‍රතිචාරයක් දක්වා තිබියදී,අඳුරු බිංගෙය අවසානය වන බව පෙන්වමින් ආලෝක පුංජයක් මතුව තිබියදී, එය විනාශ වන අයුරින් කටයුතු නොකරන්නැයි ඉන්දියා මහ කොමසාරිස්වරයා විග්නේෂ්වරන්ට කියා සිටියේය.

 

දෙමළ සන්ධානයේ ඇතිව තිබෙන ගැටලූ සාකච්ඡුා මාර්ගයෙන් විසදාගත හැකි බව විග්නේෂ්වරන් මෙම අවස්ථාවේදී ඉන්දියා මහ කොමසාරිස්වරයාට කීවේය.නමුත් එසේ සාකච්ඡා පැවැත්විය නොහැකි තරමට දෙමළ සන්ධානයේ ඇතිව තිබෙන බෙදීම ඔඩු දුවා ඇති විග්නේෂ්වරන් හා වයි.කේ.සිං අතර පැවැත් සංවාදයේ හුමවාරු වූ අදහස් වලට අනුව පෙනෙන්නට තිබිණ.බෙදී සිටින අන්තයන් දෙක යා කරමින් පාලමක් තනනු තබා ඒ ගැන සිතීමටවත් අවස්ථාවක් නොමැති බවක් පෙනිණ.

 

තමන් වික‍්‍රමසිංහ - සිරිසේන රජයටත්,ඔවුන් කෙරේ විශ්වාසය තබා සිටින දෙමළ සන්ධාන නායකත්වයටත් දක්වන විරෝධතාවය සාධාරණීකරණය කරමින් විග්නේෂ්වරන් තවදුරටත් අදහස් දැක්වීය.

 

පසුගියදා එක්සත් ජාතීන්ගේ ඇමරිකා නියෝජිත සමන්තා පවර් මහත්මිය දිවයිනට පැමිණ විග්නේෂ්වරන් හමුවූ අවස්ථාවේ ඔහු වත්මන් රජයේ කටයුතු විවේචනය කරමින් පළකළ අදහස් වලට ඇය දැඩිව විරෝධය පළකළාය.සංහිදියාව ඇතිකිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඇය විග්නේෂ්වරන්ට මොනවට පැහැදිලි කරදුන්නාය.ඇයගේ පැහැදිලි කිරීම හමුවේ ඔහුට සිදුවූයේ නිහඬ වීමටය.සංහිදියාව ඇතිකිරීමට හා දෙමළ ජනතාව නැවත පෙරට ගෙන ඒමට කැපවී කටයුතු කරන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලා සිටි බව සඳහන් කර ඇය ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළාය.

 

මේ අයුරින්ම ඇය හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතරද හමුවක් පැවැත්විණ.එය විග්නේෂ්වරන් හා පැවති හමුවට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය.හමුව අවසානයේ පවර් පෙර පරිදිම ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය.සම්බන්ධන් දෙමළ ජනතාව වෙනුවෙන් සැබැවින්ම පෙනී සිටින නායකයෙක් බවත්,ජාතිීන් අතර අවබෝධතාවය ගොඩනැගීම මගින් ප‍්‍රතිඵල ලබාගැනීමට අපේක්ෂා කරන්නෙක් බවත් එහි සදහන් විය.

 

මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය යටතේ පවතින වත්මන් රජයේ ප‍්‍රගතිය ඇයගේ මහත් ඇගයීමට ලක්විය.සිරිසේන වැනි පුද්ගලයෙක් හමුවීම තමන්ට ගෞරවයක් බව ඇය සඳහන් කළාය.වත්මන් ජනපතිවරයාව ඇය හඳුන්වාදුන්නේ සංහිදියාව,ප‍්‍රජාතන්ත‍්‍රවාදය,ප‍්‍රතිසංස්කරණයන්,හා නීතියේ ස්වාධිපත්‍ය සුරක්ෂිත කිරීමට කැපවී සිටින පුද්ගලයෙක් ලෙසිනි.විදේශ අමාත්‍ය මංගල සමරවීර යනු මිතුරෙක් ලෙස කියා සිටි ඇය ඔහු ශී‍්‍රලංකා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටින්නෙක් යැයිද,වගකීම් සහගත කි‍්‍රයාපිළිවෙතක් හිමි පුද්ගලයෙක් යැයිද සදහන් කළාය.

 

බටහිරින් මෙන්ම ආසියාවෙන් එල්ල වන පීඩනය හමුවේ වුවද තම දේශපාලන මතවාදය වෙනස් කරගැනීමේ සූදානමක් විග්නේෂ්වරන්ට ඇති බවක් පෙනේනනට නැත.ඔහු විශ්වාස කරන්නේ ජනතාවගේ හා එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සහය තමන් කෙරේ වන හෙයින් දෙමළ ජාතික සන්ධානය මර්දනය කිරීම ඔහුට තරම් වන දෙයක් නොවන බවයි.ලංකාවේ දෙමළ ජාතිකයින්ට ඇමරිකාවේ පමණක් නොව ඉන්දියාවේද සහය අවශ්‍ය නොවන බව විශ්වාස කරන දෙමළ බලවේගයන්ගේ අදහස් වලින් ඔහු පන්නරය ලබන බවත් පැවසේ.

 

කරුණු මෙසේ හෙයින් විග්නේෂ්වරන්ට දෙමළ ජාතික සන්ධාන තමන් කෙරේ දිනා ගැනීම හෝ දෙමළ එක්සත් විමුක්තිකාමිී පෙරමුණ හා දෙමළ ජාතික දේශපාලන පෙරමුණ වැනි ඔහු හා මිත‍්‍ර දේශපාලන පක්ෂ සමග සන්ධානගත විය හැකිය.දේශපාලන කවයන්හි සිදුවන අදහස් හුවමාරු කරගැනීම් වලට අනුව 2016 පළාත් පාලන මැතිවරණය කැදවීමට ප‍්‍රථමයෙන් ඔහු තීරණයකට එළැඹෙනු ඇත.

 

නමුත් දෙමළ සන්ධානයේ නායකයින් මේ කිසිවක් ගැටලූවක් බවට පත්කරගෙන නොමැත. ඕනෑම සටනකට සූදානමින් සිටින බව දෙමළ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මඩකළපුවේදී කළ ප‍්‍රකාශයෙන් මොනවට පැහැදිලි විය.පක්ෂයටයි,ජනතාවටයි වුවමනා නම් මම විග්නේෂ්වරන්ට මෙතැන ලබාදී ඉවත්වන්න සූදානම් යැයි ඔහු කීවේය.ඔහු නිකන්ම පසුබහින්නට සූදානම් නොමැති බව පැහැදිලිය.

 

සුමන්තිරන්ට අනුව තමන්ට ජන බලයක් තිබෙනවායැයි විග්නේෂ්වරන්ගේ ඇති විශ්වාසය හිතලූවකි.‘එයාගේ ඇත්ත ශක්තිය අපි අගෝස්තු 17 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණයේදී හොඳට දැක්කා.ඔහුගේ සහය නැතිව දෙමළ සන්ධානය උතුර ජයගත්තා.ඔහු වක‍්‍රව සහය දැක්වූ දෙමළ ජාතික දේශපාලන පෙරමුණ සේදිලාම ගියා්  ඔහු කිවේය.

 

උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ දේශපාලනය

බාලාගේ වාර්තාවෙන් මෙන්ම පසුගිය සතියේ මගේ පුවත්පත් වාර්තාවෙන්ද දෙමළ සන්ධානයේ සමගියට එල්ලවී ඇති තර්ජනය කුමක්ද යන්න පැහැදිලිව විස්තර කෙරුණි.එම තර්ජනය උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්ගේ වත්මන් දේශපාලන ක්‍රියාපිළිවෙත මිස අන් කිසිවක් නොවේ.දෙමළ සන්ධානයේ උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඔහු 2013 වසරේ පැවැති උතුරු පළාත් මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළේ මනාප 13200 ක ප්‍රමාණයක්ද හිමිකරගනිමින්ය.

 

දශක කිහිපයකට ඉහතදී ශ්‍රීලංකාව සිලෝන් ලෙස හැඳින්වුනු සමයේ කොළඹ තරුණ කතෝලික සංගමය ‘සිලෝනයේ ස්වාධීනත්වයට එරෙහිව පැන නැගී ඇති ගැටලු‘ මැයෙන් දේශනයක් සංවිධානය කර තිබිණ.එවක ඩී.එස් සේනානායක රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් වූ සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.දේශන කටයුතු මෙහෙයවූයේ කොළඹ තරුණ කතෝලික සංගම් කථිකයා ලෙස හැඳින්වුනු පසු අවස්ථාවලදී ජාතික රාජ්‍ය සභාවේ සහ පාර්ලිමෙන්තුවේ කතානායක ධූරයන්ද හෙබවූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාය.උපහාසාත්මක අදහස් පලකිරීමේ ලා දක්ෂයෙක් වූ හෙතෙම තම දේශනය අතරතුරදී ‘එස්.ඩබ්ලියු.ආර්.ඩී තරම් සිලෝනය මුහුණදෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට සුදුසු පුද්ගලයෙක් නැහැ,ඒ මොකද සිලෝනය මුහුණදෙන ගැටලුවලට ලොකුම හේතුව ලෙස හදුනාගෙන ඉන්නේ ඔහු නිසා‘ යැයි ඇඟට පතට නොදැනී කිවේය.මෙම අනපේක්ෂිත ප්‍රකාශයෙන් සියලුදෙනා මහත්සේ කලබලයට පත්වූහ.එස්.ඩබ්ලියු.ආර්.ඩී ද කෝපයට පත්විය.

 

මේ ආකාරයෙන්ම කිසිවෙක් වර්තමානයේ දෙමළ සන්ධානය මුහුණදෙන ගැටලු මැයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරයි නම් ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කිරීමට සුදුසු වන්නේ අන් කිසිවෙක් නොව විග්නේෂ්වරන්ය.දෙමළ ජාතික සන්ධානයේ ගැටලුවලට ප්‍රධානම හේතුව වන්නේ ඔහු බව බොහෝ දෙනා විශ්වාස කිරීමට එයට හේතුවය.

 

හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන්ව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස නම් කළේ එහි මව් පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.එවක දෙමළ ජාතික සන්ධානය සැදුම්ලැබ තිබූ අනෙක් දේශපාලන පක්ෂ පහද විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට සහය පළකළෝය.මැතිවරණයේදී උතුරු පළාත් සභාවේ ආසන 38 න් 30 කම බලය තහවුරු කරගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත්විය.විග්නේෂ්වරන් ලැබූ මනාප සංඛ්‍යාව 13200 ක් වුනි.2013 ඔක්තෝබර් මාසයේදී හෙතෙම උතුරු පළාත් මහ ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේය.

 

විග්නේෂ්වරන් ඇඟට ගත් දේශපාලන හයිය

මහ ඇමැති ලෙස පත්වීමෙන් පසු විග්නේෂ්වරන් තමන්ගේම දේශපාන න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් දෙමළ ජාතික සන්ධානයට හා විශේෂයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අරමුණු වලට පටහැනිව කටයුතු කරන ආකාරය දැකගත හැකිවිය.දේශපාලන විචාරකයින් පලකරන අදහස් වලට අනුව මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ අනපේක්ෂිත පරාජයේ පටන් විග්නේෂ්වරන් කටයුතු කරමින් සිටිනුයේ තමන්ට අද්විතීය දේශපාලන සවියක් හිමියැයි සිතාගෙනය.මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ නියමයෙන් එතෙක් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය දරමින් සිටි ජෙනරාල් වන්ද්‍රසිරි මහතා ඉවත් කර ඒ වෙනුවට හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්වූ එච්.එම්.ජී.එස්.පළිහක්කාර මහතා පත්කෙරිණ.චන්ද්‍රසිරි හා විග්නේෂ්වරන් අතර මුල සිටම පැවතියේ සීතල යුද්ධයකි.මහ ඇමැති ලෙස තමන්ට හිමි බලතල අනුව පරිපාලන කටයුතු සිදුකිරීමට චන්ද්‍රසිරි තමන්ට අවස්ථාව ලබා නොදෙන බව විග්නේෂ්වරන් එකල නිතරම චෝදනා කළේය.

 

චන්ද්‍රසිරිගේ ඉවත්වීමේ සිට විග්නේෂ්වරන් අනුගමනය කළේ මුරණ්ඩු දේශපාලන පිළිවෙතකි.දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කණ්ඩායම් වලින් ඔහු අභාෂය ලබන්නේදෝයි තරමට ඔහුගේ ඇතැම් පිළිවෙත් ප්‍රශ්නාර්ථයන් දැනවීය.උතුරු පළාත් සභාවේදී ආන්දෝලනාත්මක යෝජනාවලීන් දෙකක් සම්මත කරගත් ඔහු තමන් කටයුතු කරනුයේ දෙමළ ජාතික සන්ධානයේ අරමුණු වලට පටහැනිව බව ප්‍රදර්ශනය කළේය.එක් යෝජනාවලියකින් යුද සමයේ  දෙමළ ජාතිකයින් සමූලඝාතනයවූ බවට චෝදනා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි අවධාරණය කෙරිණ.අනෙක් යෝජනාවලියෙන් ශ්‍රීලංකාවට එරෙහිව නැගී ඇති යුධ අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට දේශීය පරීක්ෂණයක් නොව අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව පැවසිණ.මෙම යෝජනාවලි දෙකෙන්ම දෙමළ ජාතික සන්ධානය හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ දෙකම පත්වූයේ දැඩි අපහසුතාවයකටය.

 

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වංචාකරුවන් යැයි විග්නේෂ්වරන් ප්‍රසිද්ධියේම අවස්ථා කිහිපයකදී වංචා චෝදනා එල්ල කළේය.නමුත් එම මන්ත්‍රීවරුන් කවුරුන්දැයි ඔහු හඳුන්වාදුන්නේ නැත.පසුගිය සමයේ පැවැත්වුණු පාර්ලිමෙන්තු මැතිවරණයේදී දෙමළ සන්ධානයේ මැතිවරණ ක්‍රියාවලියට සහය දැක්වීමද ඔහු ප්‍රතික්ෂේප කළේය.තමන් නිර්පාක්ෂිකයෙක් යැයි ඔහු කීවේය.නමුත් ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකක් නිකුත් කළ ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණට සහය ලබාදෙන ලෙසට ජනතාවගෙන් වහෙන් ඔරෝවෙන් ඉල්ලා සිටීමට කටයුතු කළේය.දෙමළ ජාතික ජනතා පෙරමුණ යනු එල්.ටී.ටී.ඊ යෙන් හා ඩයස්පෝරාවේ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගෙන් සහය ලබන පක්ෂයකි.විග්නේෂ්වරන්ගේ උත්සාහය අසාර්ථ කරමින් එම පක්ෂයට මැතිවරණයෙන් අන්ත පරාජයක් හිමිවිය.

 

නිර්පාක්ෂිකයෙක් බව කියමින් ඔහුගේම පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට සහය ලබාදීමෙන් වැළකී තිරය පසුපස සිට දෙමළ ජාතික ජනතා සන්ධානයට සහය ලබාදීමට විග්නේෂ්වරන් කටයුතු කිරීම අරබයා ඔහුට එරෙහිව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතර දැඩි විරෝධයක් ඇතිව තිබේ.ඔහුව මහ ඇමැතිධූරයෙන් ඉවත් කළ යුතුව ඇතැයිද ඇතැම්හු පවසති.නමුත් ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකයෝ ඉක්මන් තීරණයකට එළැඹීමෙන් වැළකී පවත්නා තත්ත්වය විශ්ලේෂණය කර විසඳුමකට අවතීරණ වීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට නැංවූහ.එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි හඳුනාගැනීමට අදියර 3 කින් යුතු මූලෝපායික ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට නැංවීමට මේ වන විට සැළසුම් කර තිබේ.

 

දෙමළ ජාතික සන්ධානයේ අදියර 3 ක ක්‍රමෝපායික සැළැස්ම

විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන්,ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක යාපන දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාතිරාජා සහ එම පක්ෂයේ මහලේකම් ත්‍රිකුණාමල පළාත් සභා මන්ත්‍රී තුරරාජසිංහම් තිදෙන මහ ඇමැති විග්නේෂ්වරන් හමුවී ඔහු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.මෙම සාකච්ඡාව දෙමළ සන්ධානයේ දේශපාලන ක්‍රමෝපායික සැළැස්මේ පළමු අදියරයි.

 

විග්නේෂ්වරන්ට ඔහුගේ වැරදි හඳුනාගැනීමට හා ඒවාට පසුතැවිලි වීමට අවස්ථාව ලබාදීම මෙම සාකච්ඡා වල අරමුණයි.මෙසේ සිදුවුවහොත් සුළු දඩුවමක් ලබාදී විග්නේෂ්වරන් නිදහස් කිරීමටත් දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් මහ ඇමැතිවරයා අතර කිසිදු අනවබෝධයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් සියල්ල මාධ්‍යකරුවන්ගේ හා පක්ෂය බෙදා වෙන්කිරීමට යත්න දරන දෙමළ විරෝධී ද්‍රෝහීන්ගේ කටයුතු බවත් සඳහන් කර නිවේදනයක් නිකුත් කිරීමටත් නියමිතය.

 

මෙය අදියර අසාර්ථක වුවහොත් සැළැස්මේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට දෙමළ සන්ධාන නායකයෝ කටයුතු කරනු ඇත.මෙම දෙවන අදියරේදී උතුරු පළාත් සභාවේ පරිපාලන ව්‍යුහයේ වෙනස් කම් සිදුකර පළාත් සභාව යළි බලාත්මක කිරීමට නියමිතය.මේ අතර ‘ස්වේච්චාවෙන්‘ විශ්‍රාම යන ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් ‘ඉල්ලීමක්‘ කෙරෙනු ඇත.ඔහුගේ ඉල්ලා අස්වීම සැළසුම් සහගතව සිදුවූ දෙයක් බවත් එම සැළැස්ම ප්‍රකාරව වසර දෙකක කාලයකට පමණක් උතුරු පළාත් සභා මහ ඇමැතිධූරය විග්නේෂ්වරන්ට ලබාදී තිබූ බවත්,දැන් එම කාලය සම්පූර්ණවී ඇති හෙයින් ඔහු ඉවත් වන බවත් සඳහන් කර නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතය.විශ්‍රාම යන මහ ඇමැතිවරයාට ඉහළම ගණයේ සමුගැනීමේ උත්සවයක් පවත්වා උපහාර දැක්වීමද මෙම අදියරේදී දෙමළ ජාතික සන්ධාන නායකයින්ගේ සැළැස්මයි.

 

ගෞරවාන්විත ලෙස විශ්‍රාම යෑමට මේ ලබාදෙන අවස්ථාවද පළමු අවස්ථාව මෙන් විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කළහොත් සැළසුමේ තෙවැනි අදියර ක්‍රියාවට නැංවෙනු ඇත.මෙම පියවරේදී සිදුවන්නේ විග්නේෂ්වරන් මහ ඇමැතිකමින් නෙරපා හැරීමට පියවර ගැනීමයි.පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් විශ්වාසභංගයකින් මහ ඇමැතිධූරයෙන් ඉවත්වීම හැර වෙන විකල්පයක් ගත නොහැකි තැනට විග්නේෂ්වරන්ව පවත්කරවනු ඇත.විග්නේෂ්වරන් මහ ඇමැතිධූරයෙන් ඉවත් කරවන ලෙස ජනපති සිරිසේන වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවලියක්ද පළාත් සභාවේ සම්මත කරගැනෙනු ඇත.මේ කටයුතු අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විග්නේෂ්වරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයන්ටද එළැඹෙනු ඇත.

 

හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයන්ට අධිකරණයේ සහය පැතීමට ඉඩ ඇතත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයින් විශ්වාස කරනුයේ ඔහු තමන්ගේ නමට කැළැල් ගෙන දිය හැකි එවැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමෙන් වැළකෙනු ඇති බවයි.ඒ වෙනුවට ඔහු තම වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීමට පියවර ගනු ඇතැයි ඔවුහු විශ්වාසයෙන් සිටිති.

 

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් නව දේශපාලන ක්‍රියාන්විතයක්

විගනේෂ්වරන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය කටයුතු කළහොත් ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ‘සූර්යයා‘ ලකුණ යටතේ නව දේශපාලන ගමනක් අරඹනු ඇතැයි සැකයක් පවතී.දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වීරසිංහම් ආනන්දසංගරී වරක් විග්නේෂ්වරන්ගෙන් තම පක්ෂය භාරගන්නා ලෙස ඉල්ලීමක්ද කළේය.විග්නේෂ්වරන්ට සැළකිය යුතු ජන බලයක්ද ඇති බව මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවා දැක්වේ.නමුත් එවැනි තත්ත්වයක් සැබෑවටම පවතින්නේ නම් ඔහුගේ ආශිර්වාදය හිමිවූ දෙමළ ජාතික ජනතා පෙරමුණ මැතිවරණයේදී අන්ත පරාජයකට ලක්වීම ප්‍රශ්නාර්ථයකි.

 

මෙනිසාම විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් වෙන්වුවහොත් ඔහු සමග තවත් පක්ෂ සාමාජිකයින් ඉවත්වනු ඇතැයි වැඩි කලබලයක් දෙමළ සන්ධානයට නැත.මාධ්‍ය ඔස්සේ කුමක් ප්‍රචාරය වුවද විග්නේෂ්වරන්ට දෙමළ ජාතික සන්ධානයේ වැඩි දෙනෙකුගේ සහය නොලැබෙනු ඇතැයිද එම පක්ෂ නායකයින්ගේ විශ්වාසයයි.

 

දේශපාලනයේ පරිණත චරිත වන සම්බන්ධන්ගේ හා සේනාතිරාජාගේ තීන්දු,තීරණයන් වළං කඩයකට පැන එහෙ මෙහ දුවන ඇතෙක් හා සමවන විග්නේෂ්වරන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග වලට වඩා වගකීම් සහගතය.මෙනිසාම විග්නේෂ්වරන්ගේ නික්ම යෑමක් පක්ෂයට වැඩි හානියක් සිදුනොකරනු ඇති බව ඔවුන් වටහාගෙන සිටිතත් පක්ෂය වර්තමානයේ සිටින මෙම සන්ධිස්ථානයේ ඇතිවන බෙදීමක් පක්ෂයේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කරගැනීමේදී ගැටලු මතුකරන්නක් වනු ඇති බව ඔවුන් දනී.මෙය ඉන්දියාවේද අවධානයට ලක්ව තිබෙන කරුණකි.විග්නේෂ්වරන් හා මේසා  ඉවසීමකින් දෙමළ සන්ධාන නායකයෝ කටයුතු කරමින් සිටිනුයේ මේ කාරණය නිසාමය.

 

විග්නේෂ්වරන්ව උතුරු පළාත් මහ ඇමැතිවරයා ලෙස පක්ෂයේම සාමාජිකයින්ගේ විරෝධය මධ ්‍යෙය් වුවද යෝජනා කළේ ආර්.සම්බන්ධන්ය.එය පසුතැවීමට සිදුවන තීරණයක් යැයි කිසිඳු ලකුණක් එදවස නොතිබුණි.නමුත් අද තත්ත්වය වෙනස්ය.විග්නේෂ්වරන්ට පැවරුණු රාජකාරිය වූයේ උතුරු පළාත් සභාවේ කටයුතු නියමාකාරයෙන් මෙහෙයවීමත්,දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන කටයුතු ශක්තිමත් කිරීමත්ය.නමුත් අද ඔහු,ඔහුගේම පක්ෂය බෙදීමක් කරා මෙහෙයවමින් සිටී.

 

මේ චෝදනා සියල්ල බැහැර කරන විග්නේෂ්වරන් හිතවාදීහු ඔහු ආරක්ෂා කරමින් නොයෙකුත් මත ගෙනහැර දක්වන්නෝය.ඒවා අතරින් ප්‍රබලතම මතය වන්නේ දෙමළ ජනතාවට වන අසාධාරණකම් දරාගත නොහැකිවීම නිසාවෙන් විග්නේෂ්වරන් මෙසේ දෙමළ ජාතික සන්ධානයට එරෙහි පිළිවෙතක් අනුගමනය කරන බවයි.ඒ කෙසේ වුවත් විග්නේෂ්වරන් අද දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කොටස් වල රූකඩයක් බවට පත්ව සිටින බව බොහෝ දෙනා විශ්වාස කරති.

 

ඔහු එසේ වෙනස්වූයේ කෙසේද? ඔහුව වෙනස් කළෝ කවුරුන්ද? මේ කරුණු අනාගත වාර්තාවකින් සැළකිල්ලට ගතයුතු වන කරුණුය.



අදහස් (0)

විග්නේෂ්වරන් දෙමළ සන්ධානය වංකගිරියකට තල්ලු කරයි

රවී Thursday, 24 December 2015 10:17 AM

මෙහි තේරුම මොකක්ද. සිංහලුන්ට හිමි දෙමල යට අහිමි දේ මොනවාද? (ස)

:       0       0

සපුමල් Thursday, 24 December 2015 11:48 AM

මෙය ඉතා අගනා ලියවිල්ලකි. දෙමල ජාතික සන්ධානයේ ඇති මෙම ප්‍රශ්නය, එයට පමණක් සීමා වුවක් නොවේ. ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂෙත්‍රයටම අදාළ වන්නකි. විග්නේස්වරන් යන විශ්‍රාමික විනිසුරු වරයාගේ මුරණ්ඩු හා ජාති ද්‍රෝහී හැසිරීම සියල්ලන් විසින්ම හෙලා දැකිය යුතුය. එය දෙමල ජනතාවගේ ප්‍රශ්නයට විසදුම් නොදෙන අතරම අප රට තව දුරටත් එම ප්‍රශ්නය තුල සිර කර තැබීමේ උත්සාහයකි. ඔහුගේ ජාතිවාදී, ගෝත්‍රවාදී හැසිරීම පරාජය කල යුත්තේද ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙසය. (කෞ)

:       0       0

රුවන් ගමගේ Thursday, 24 December 2015 12:39 PM

සපුමල්ගෙ අදහස හරි, සම්බන්ධන් මහත්තය දකුණත් එක්ක ඉතාම සම්බන්ධයක් ඇතිව කටයුතු කරණවා. තිරසාර සාමයකට ඔහු ලොකු උනන්දුවක් දක්වනවා. එහෙත් මහ ඇමතිවරයව කවුරුන් හෝ මෙහෙයවන බවක් පේනව. මේ තත්ත්වය දෙමළ ජනතාවත් දකුණත් තේරුම් ගත යුතුයි. (ර)

:       0       0

අරුණ Thursday, 24 December 2015 05:30 PM

මෙහි තේරුම ලංකාව ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක් යන්නද? (නි)

:       0       0

ජානක Thursday, 24 December 2015 06:13 PM

සපුමල්, යුන්පී හෝ මහින්ද විරෝධයෙන් මේ ප්‍රශ්නය දිහා බලන්න එපා. දෙමළ සන්ධානය ශක්තිමත්ව තියාගෙන ප්‍රශ්න විසඳමින්, හැමදාම මහින්ද විපක්ෂයේ තියෙන්න සපුමල්ලා කැමති වෙයි. මම නම් සිංහලයෙක් විදියට දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය කැඩෙනවට කැමතියි. (නි)

:       0       0

විමලාවතී Thursday, 24 December 2015 11:49 PM

බොරු හේතුනේ කියන්නේ. හිටපු කොටින්ට දේශපාලනය බැරි ඇයි? ඔය කරුණලා දේශපාලනය කරන්නේ යස අගේට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 156 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 127 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1682 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1167 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 527 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1291 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33238 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site