ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි වුවද බොහෝ දෙනා ආදරයට ඔහු අමතන්නේ විජේ අයියා කියාය. ගෙදර අය ඔහුව අමතන්නේ "සුදු මල්ලි" කියාය. ඒ සුදු මල්ලී සහ විජේ අයියා කවුද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. විජය නන්දසිරි නමැති මේ රංගවේදියාණන්ගේ රංගන දිවියට වසර 46ක් සපිරීම නිමිත්තෙන් සහ විජය - දේවිකා විවාහ දිවියට මෙම වසරේ වසර 25ක් සපිරීම නිමිත්තෙන් නාට්‍ය දැක්මක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය නම්කර ඇත්තේ "විජයානන්දය" නමිනි. ශ්‍රී ලාංකීය රංග කරළිය දිග් විජය කළ විජයගේ හඬ මේ අවදිවන්නේ ඒ වෙනුවෙනි. "විජයානන්දය" ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුණේ? ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාට්‍ය භූමිකා ගැන කතා කළොත්, මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලි, නරිබෑණා, ආනන්ද ජවනිකා, ඇතුළු ප්‍රධාන නාට්‍ය 15 ක විතර රංගනයෙන් දායකවීමට අමතරව සුබ සහ යසල තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා, ඒකාධිපති වැනි ප්‍රවීණ නාට්‍ය වේදීන් අධ්‍යක්ෂණය කළ නාට්‍යවල ඇතුළු මෙදා පරපුරේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය-බොහොමයක මේ වන විට රඟපා තිබෙනවා. එවැනි නාට්‍යවල දහස් වාරයකට වැඩිය රඟපෑ අවස්ථා වැඩියි. මම හිතන්නේ මේ විදියට එදා පරපුරේ මෙන්ම මෙදා පරපුරේ නිර්මාණවේදීන්ගේ නිර්මාණවල මෙලෙස රඟපෑ එකම ශිල්පියා මම වෙන්නත් පුළුවන්. මෙ සියල්ලෙහි රඟපෑම උදෙසා ගෙවූ කාලය දශක පහකට ආසන්නයි. දේවිකා සහ මගේ විවාහයට වසර 25ක් පිරෙන්නේ මෙම වසරටයි. එය නිමිත්තක් කරගෙන "විජයානන්දය" නාට්‍ය මාලාව පවත්වන්න තීරණය කළා. මෙම උළෙලට සම්පත් බැංකුව සහ මන්චි (සිලෝන් බිස්කට්) සමාගම අනුග්‍රහය දක්වනවා. මොනවද මෙම උළෙලට ඇතුළත් නාට්‍ය? මාර්තු 20 වෙනිදා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ - මහාසාර, මාර්තු 21 ලලිතා සරච්චන්ද්‍රයන්ගේ කපුවා කපෝති, මාර්තු 22 මා විසින් අධ්‍යක්ෂණය කළ වෘෂභ රාජ, මාර්තු 23 මගේම කුසපබාවති, මාර්තු 24 සරත් කුලාංගගේ දෙයියොත් දන්නෙ නෑ. මාර්තු 25 රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ, මෙම උළෙලට ඇතුළත් වෙනවා. එකී දිනවල සවස 6.30ට (දිනපතා) දර්ශන පැවැත්වෙනවා. ස්ථානය ජෝන් ද සිල්වා සමරු රඟහලයි. මේ සියල්ල අතරේ මෙම වසරේ ඔබ චිත්‍රපට කීහිපයක් රඟපානවා නේද? සිවගුරුනාදන්ගේ (EAP) චිත්‍රපටයක සහ සිරි කුලරත්නගේ මෙන්ම ගිරිරාජ්ගේ අලුත් චිත්‍රපටයෙත් රඟපාන්න ගිවිසගෙන ඉන්නෙ. ඒ අතරේ රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ නාට්‍ය සංදර්ශන සඳහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට යාමටත් තිබෙනවා. මෙතරම් නාට්‍ය ගොඩක රඟපෑමෙන් ඔබ ඇත්තටම ශ්‍රී ලංකාවේ වාර්තාවක් තැබූ රංග ශිල්පියෙක් නේද? සමහරවිට වෙන්න ඇති. ගෙවූ වසර 46 ඔබට දැනෙන විදිය? එය සුළු පටු දෙයක් නම් නෙවෙයි. එදා පරපුරේ අය එක්ක රඟපෑමට අමතරව අද තරුණ පරපුරේ අය සමග රඟපාන්න ලැබීමත් පුදුම වාසනාවක්. එදා මම වේදිකාවට එනවිට ඉපදිලාවත් නැති අය අද මා එක්ක සම චරිත රඟපාන විට දැනෙන සතුට අපමණයි. මේ නාට්‍ය ගමනේ මුල කොතැනද? එදා පාසැල් ශිෂ්‍යයෙකුව සිටි අවදියේදී තමයි අමරදාස ජයතුංග කළ "වීදුරු දිව" නාට්‍යයේ රඟපෑවේ. එය රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් වුණා. ඊටපෙර පාසල් වේදිකාව මට හොඳට හුරුයි. එදා "වීදුරැ දිව" නාට්‍යයේ සංගීතය සැපයුවේ දයාසේන ලියනගේ කලාකරුවා. එතුමාට අමරදාස සූරීන් මාව හඳුන්වා දුන්නා. පසුව ඒ හඳුනාගැනීම මත දයානන්ද ගුණවර්ධන ශූරීන් සහ සරච්චන්ද්‍ර සූරීන්ගේ නාට්‍යවල රඟපාන්න ලැබුණා. ධම්ම ජාගොඩ සූරීන් නිසා තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් හඳුනා ගත්තෙ. ඒ මහා පුරුෂයන්ගෙන් ලද ආභාසය මගේ ජීවිතය හැඩ කරගන්න විශාල රුකුලක් වුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් සහ දයානන්ද ගුණවර්ධනයන් වෙතින් ඔබ ලද ඉහළම දේ කුමක්ද? මනමේ කුමරු වීම මා ලද මහා පිනක්. ඒ වගේම නරිබෑනා ජසයා සහ ලෙන්චිනා නාට්‍යවල රඟපෑමට ලැබීම විශාල දෙයක්. මේ අපූරු මිනිසුන් දෙදෙනා ඇසුරු කිරීම හරියට තක්සලාවක් ඇසුරු කරනවා වගෙයි. නාට්‍ය කලාවේ දේශීය ලකුණු සමග සංගීතය. රුඟුම්ල ගැයුම්ල නර්තනය සමගින් චරිත ඉදිරිපත් කිරීමට ලැබෙන අවස්ථා හරිම විරලයි. ඒ විරල අත්දැකීම මා ලැබුවා. මේ විදියට ජීවිතයට ලද දෑ බොහෝමයි. දීර්ඝ කාලයක් පුරාවට නාට්‍ය වේදිකාවේ සිටින ඔබ එහි දියුණුව දකින්නෙ කොහොමද? නාට්‍ය වේදිකාව අද නැවතත් පොහොසත් වෙලා. සංස්කෘතික අමාත්‍ය සහ ගරු ජනපති එක්ව මෙහි දියුණුව උදෙසා කටයුතු කිරීම පැසසිය යුතුයි. ඒත් බොහෝවිට ගම් දනව් පුරාවට තිබෙන්නේ එදා තිබූ රංගශාලාමයි. ඒවා දියුණු නැහැ ඒ සියල්ල වැඩි දියුණු වෙනවා නම් ශ්‍රී ලංකාව පුරාවට නාට්‍ය වේදිකාව සරුසාර වේවි. මේ විදියට නාට්‍යවල රඟපාන්න ගිහින් වෙච්ච සිදුවීමක් සිහිපත් කළොත්? 74 වසරේ නුවර කටුගස්තොට ශාලාවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර දර්ශනයක් සඳහා අපි නුවර ගියා. දර්ශනයට නියමිත කාලවේලාව එනතෙක් මායි ලෙස්ලි රත්නායකයි නුවර පොඩි රවුමක් ගැහුවා. අපි මාලිගාව වැඳලා පසුව හෝටලයකින් කෑම කාලා රංගශාලාවට එන කොට සෙනඟ කවුරුත් නැහැ. නාට්‍ය කණ්ඩායම බඩු පැක් කරනවා. බැලින්නම් සංවිධායක පැනලා ගිහින්. පස්සෙ මහාචාර්යතුමාගේ ගෝලයෙකු වූ උසස් නිලධාරියෙක් හිටියා. එයා අපට කොළඹ එන්න සියලු පහසුකම් සලසා දුන්නා. ඔබ ලෝකය පුරාවටත් සංචාරය කරලා තියෙනවා නේද? රටවල් 18ක විතර සංචාරය කර තිබෙනවා. එක් වතාවක ශිෂ්‍යත්වයක් ලැබිලා රුසියාව සහ බල්ගේරියාවටත්, චෙක් රාජ්‍යයටත් යන්න ලැබුණා. මේ විදියට ගිය රටවලින් කැමතිම රට? ඔස්ට්‍රේලියාවට ගොඩාක් කැමතියි. ආපසු හැරිලා බලද්දී අද ගෙවන ජීවිතය ඔබට දැනෙන හැටි? සතුටු විය හැකිදේ බොහොමයි. මට හොඳ බිරිඳක් ගොඩාක් ආදරේ දරුවො දෙන්නෙක් ලැබුණා. ඒ වගේම චිත්‍රපටල ටෙලි සහ වේදිකා නාට්‍ය රුසක විවිධ චරිත රඟපෑවා. විදේශ සංචාර කළා. මගේම නිර්මාණයක් කළා. ඉදිරියටත් මට ශක්තිය තියෙන කල් මම රඟපාවි. ජනතාව සතුටු කිරීම මගේ එකම අභිප්‍රායයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයානන්දය
භාග්‍යා Monday, 15 October 2012 03:18 PM
ඔහු ඇත්තෙන්ම ඉතා අගේ ඇති පුද්ගලයෙක්. (නි)
අංජලී Wednesday, 09 January 2013 12:01 PM
වේදිකාවට පෑයූ හිරු ඔබයි (ස)