IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘වැට් බද්ද ආයෙත් කැරකෙන හැඩයි‘

ඉහළ දැමුණු වැට් බදු අගය නැවත වරක් කි‍්‍රයාත්මක කැරෙන පණතක් මෙම මස අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවකට සියලූදෙනාගේ අවධානය යොමුවිය.පෙර අවස්ථාවකදී හඳුන්වාදුන් වැට් බදු සංශෝධනය නීත්‍යානුකූලව සිදුව නැතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය තහනම් කළ නිසා, මෙවර එවැනි ගැටලූවක් මතු නොවන පරිදි පණත නිසියාකාරව ඉදිරිපත් කිරීමට එම කැබිනට් පති‍්‍රකාවෙන් විශේෂ අවධානය යොමුකර තිබිණ.පණත හඳුන්වාදීම නීති විරෝධීව සිදුව ඇති නිසා අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි එය නීතිගත කිරීමද නීතිවිරෝධී යැයි පසුගිය අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක මතුවිය.

මින් පෙර අවස්ථාවක පැවැති කැබිනට් මණ්ඩල හමුවකදී ඇමැතිවරු නව පණතේ අන්තර්ගතය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කළහ.එහි ප‍්‍රතිඵලයක් ලෙස රජයේ ප‍්‍රධාන පාර්ශවයන් දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නව බදු සීමාවක් පැනවීමට එකඟ වූහ.එසේ වුවද මෙම අවස්ථාවේදී ද ගැටලූවක් මතුවිය.එය ඇතිවූයේ නව පණත සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන්ය.

 

‘‘ මේ බදු සීමාව තොග සහ සිල්ලර යන ක්ෂේත‍්‍ර දෙකටම බලපැවැත්වෙනවා‘‘ සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් මුදල් ඇමැතිවරයා කීවේය.

 

වැට් බදු සංශෝධන පණතේ සඳහන් වූ අනෙක් යෝජනා එළෙසම පවතින බවත්, දැනට නිවේදනය කර ඇති සංශෝධන පමණක් ඊට සිදුකරන බවත්, කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ වහාම පණත ගැසට් කැරෙන බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

 

මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවේ ගැටලූ ඇති තැන් පෙන්වා දී ඒවා සංශෝධණය කළ යුතුයැයි කියා සිටියේ පාඨලී චම්පික රණවක, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ සුසිල් ප්‍රෙම්ජයන්ත යන ඇමැතිවරුන්ය.පසුගිය වතාවේ ඉදිරිපත් කළ වැට් බදු සංශෝධන පණතෙන් රුපියල් ලක්ෂ 120 ක මාසික ආදායමක්, එනම් රුපියල් 33000 ක දෛනික ආදායමක් උපයන ව්‍යාපාර මත බද්දක් පැනැවුනු අතර එම බද්දෙන් මාසිකව රුපියල් ලක්ෂ 500 ක ආදායමක් උපයා ගැනීමට නියමිත විය.

 

ගැටලූව මතු වූයේ මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවේ මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී කරුණු සඳහන්ව තිබීමෙන්ය.එහි එක් තැනක රුපියල් ලක්ෂ 500 දක්වා බදු සීමාව ඉහළ නංවන බව සඳහන්ව තිබූ අතර තවත් තැනක එම සීමාව රුපියල් ලක්ෂ 120 ක සීමාවේ පවත්වා ගැනෙන බව සඳහන්ව තිබිණ.මෙම දෙකෙන් කුමක් නිවැරදි දැයි අමාත්‍යවරුන් අතර වාද ඇති විය.වැට් බදු සංශෝධන සාකච්ඡුාව ගෙවුණු සතියේ කැබිනට් මණ්ඩල හමුව දක්වා කල් යෑමට හේතුව වූයේ මෙම කරුණය.

 

හඳුන්වාදීමට යන නව බදු සංශෝධණ පණත හමුවේද විශාල අභියෝගයක් ඇත.රජයේ වුවමනාව වන්නේ මෙම පණත අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ක‍්‍රියාත්මක කිරීමය.නමුත් ඊට පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යය.එසේ ලබාගත නොහැකි වුවහොත් නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැට් බදු සංශෝධණ පණත අභියෝගයට ලක්වනු ඇති බව රජය දන්නේය.පණතක් අතීතයට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන්ද ඉඩක් නැත.

 

නව වැට් බදු සංශෝධනයේ ප‍්‍රධාන නිමැවුම් කරුවා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය.ගෙවුණු මාර්තු මස ඔහු වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් පිටු නවයකින් යුතු කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ අතර එහි ප‍්‍රතිපත්තිමය සංශෝධන මැයෙන් සඳහනක් විය.ඊට පැවැති සියයට 11 ක වැට් බද්ද වෙනුවට සියයට 8 ක් සහ සියයට 12.5 ක් ලෙස වැට් බදු දෙකක් කි‍්‍රයාත්මක කිරීමට ඔහු නිර්දේශ කර තිබිණ.නමුත් මෙවැනි සංකීර්ණ බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම යනු අපේක්ෂිත බදු ආදායමේ පහත යාමකට මෙන්ම පවත්නා අර්බුදය තවත් බරපතල කිරීමකට හේතුවක් වන නිසා සියයට 15 ක තනි බදු අගයක් කි‍්‍රයාත්මක කිරීමට අවසානයේ එකගතාවය පලවිය.තවද අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ හැරෙන්නට තෝරාගත් සිල්ලර හා තොග බඩු භාණ්ඩ මත නව බදු පැනැවෙන බව අගමැතිවරයා පැවසුවේය.ජන සන්නිවේදන, පෞද්ගලික අධ්‍යාපන සහ පෞද්ගලික ක්ෂේත‍්‍ර මත පනවා තිබූ බදු මත සිදුකළ සංශෝධනයන් ඉවත් කර ඇත.ඔහු මෙම යෝජනා ඉදිරිපත් කළේ අමතර ණය මුදලක් ලබාගැනීමට රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සාකච්ඡුා පවත්වමින් සිටියදීය.ණය ලබාදීමට නම් වැට් බදු ඉහළ දැමිය යුතුව ඇතැයි කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලය.

 

වැට් බදු ගෙවීම සදහා 77000 කට ආසන්න පිරිසක් ලියාපදිංචිව සිටිතත් කි‍්‍රයාකාරී මට්ටමේ සිටින්නේ ඔවුන්ගෙන් සියයට 35 ක පමණ පිරිසකි.වැට් බදු ගෙවන්නේ එම පිරිසෙයින් 15000 ක පමණ පිරිසකි.ගෙවුණු වසර කිහිපය සැළකීමේදී වැට් බදු අයකර ගැනීමේ සීමාව ක‍්‍රමයෙන් පහත දැමිීමට පැවැති රජය කටයුතු කර ඇති බවද හදුනාගත හැකිය.2013 වසරේදී වැට් බදු ගෙවීමට නියම වූයේ මාස තුනක කාල සීමාවකදී රුපියල් ලක්ෂ 5000 ක ආදායමක් උපයන ව්‍යාපාර වලටය.2014 වසරේදී එය මාස තුනක කාල සීමාවකදී රුපියල් ලක්ෂ 2500 ක් උපයන ව්‍යාපාර දක්වාත්, 2015 දී රුපියල් ලක්ෂ 1000 ක් උපයන ව්‍යාපාර දක්වාත්, 2016 දී කාර්තුවකට රුපියල් ලක්ෂ 30 ක් උපයන ව්‍යාපාර දක්වාත් ක‍්‍රමයෙන් පහතට ගෙනවිත් ඇත.

 

එක්සත් ජාතික පෙරමුණු රජයට මුහුණදීමට සිදුව තිබෙන විශාලම අභියෝගය ලෙස වැට් බදු සංශෝධනය හැදින්වීමේ වරදක් නැත.එය හමුවේ මහ බැංකු බැදුම්කර අර්බුදය පවතින්නේ නොගිනිය හැකි මට්ටමකය.වැට් බද්දෙන් සෘජුවම පහර වදිනුයේ මහජනතාවට වීම ඊට හේතුවය.දැන් රජය නැවත වරක් වැට් බද්ද හදුන්වාදීමට සැරසෙන්නේ, මේ දක්වා කි‍්‍රයාත්මක වූ වැට් බද්දෙන් ස්ථාවර හා ජංගම දුරකතන ඇමැතුම් වලින් වැඩිපුර අයකරගත් මුදල් නැවත ගෙවනු ඇතිදැයි ජනතාව අතර කතාබහක් ඇතිවෙමින් තිබියදීය.මිලදී ගත් භාණ්ඩ හා ලබාගත් වෙනත් සේවා වලින්ද වැඩිපුර අයකරගත් මුදල් නැවත ගෙවනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුහු සිටින්නෝය.මෙවැනි අදහසක් ඇතිව තිබෙන්නේ වැට් බදු සංශෝධනය කර ඇතත් එය කි‍්‍රයාත්මක වීම ශ්‍රෙෂ්ඨාධිකරණ නියමයෙන් තහනම් කර තිබීම හමුවේය.ඉදිරි වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මේ සම්බන්ධයෙන් ඇතිවන උණුසුම්කාරී තත්ත්වයකට රජයට සිදුවනු ඇති බවට සැකයක් නැත.කෙසේවුවත් රුපියල් ලක්ෂ 500 ක් දක්වා වැට් බදු සීමාව ඉහළ නැංවීමට සමත්වීම නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට නම් ජනතාව අතර යම් ප‍්‍රසාදයක් හිමිව ඇත.

 

නව වැට් බදු පණත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ඇති එකගතා හා විරෝධතා හා සමානව වෙනත් ක්ෂේත‍්‍රයන් වලද දෙපාර්ශවය අතර එකගතා හා විරෝධතා පවතී.ඇතැම් විරෝධතා දෙපාර්ශවයේම මැදිහත් වීම යටතේ සමතයකට පත්කර ගෙන තිබෙන අතර ඒ අතර සමහරක් තවමත් එළෙසම පවතී.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැළකීමේදී එහි සාමාජිකයන්ගේ පළමුවැනි රාජකාරිය බවට පත්ව ඇත්තේ පක්ෂය එක්සත් කිරීමය.ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්වූ දිනයේ පටන්ම මේ සම්බන්ධයෙන් නැවත නැවතත් මැදිහත්ව ඇතත්, පියවර ගෙන ඇතත්, ඒ කිසිවකින් ප‍්‍රතිඵලයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නොමැත.පක්ෂයේ රාජපක්ෂ හිතවාදීන් පිරිස තවමත් සිටින්නේ මෛතී‍්‍ර විරෝධී ස්ථාවරයකය.

 

මහින්ද, රනිල් අමතන්නේ ඇයි?

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම, ජනපති සිරිසේන හා සංවාදමය සබදතාවක් පවත්වාගෙන යනු දැකීම ගෝඨාභයගේ අපේක්ෂාව බව රහසක් නොවේ.නමුත් මහින්ද, බැසිල්, යන ඔහුගේ සොහොයුරන් දෙදෙනාම රජයේ එක්සත් ජාතික පාර්ශවය හා යහපත් සබදතා පවත්වා ගනිමින් සිටින්නෝය.පෙර අවස්ථාවකදී වාර්තා කළ ආකාරයට අගමැති වික‍්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික මට්ටමෙන් සබදතා පවත්වාගෙන යන්නේය.මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ අගමැතිවරයා කියා සිටියේ හිටපු ජනපතිවරයකුට ගරු කිරීමක් ලෙස, තමන්ට රාජපක්ෂගේ ඇමතුම් වලට පිළිතුරු දීමට හා ඔහුගේ ඉල්ලීම් වලට සවන් දීමට සිදුවන බවය.මෑතක දී අගමැති වික‍්‍රමසිංහව ඇමතූ ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ, ජනපති වන තමාට යොමුකළ යුතු ඉල්ලීම්, ඔහු වෙත, එනම් අගමැතිවරයා වෙත, යොමුකරන්නේ මන්දැයි ගරුසරු ඇතිව විමසා සිටියේය.මෙසේ විමසා සිටීමට හේතුව වූයේ විදෙස් සංචාර වල යෙදෙන විට ආරක්ෂක කණ්ඩායමක් ලබාදෙන ලෙසත්, තම නිල රථයට නව ටයර හතරක් ලබාදෙන ලෙසත්, හිටපු ජනපතිවරයා අගමැති වික‍්‍රමසිංහගෙන් කර තිබූ ඉල්ලීමකි.

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ යෝජනාවලි

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එහි වාර්ෂික සමුළුව අද (04* කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ සමුළුවේදී යෝජනාවලීන් පහක් සම්මත කර ගැනීමට නියමිත බවය.අන්තර්ජාතික සබදතා, රටේ වත්මන් දේශපාලන වාතාවරණය, ආර්ථිකය සහ සංහිදියාව යන කරුණු වෙන් වෙන් වශයෙන් පදනම් කර මෙම යෝජනාවලීන් සකස් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මේ බව තහවුරු කළේය.පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන්ද යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

 

ආර්ථිකය පිළිබද යෝජනාවලියේ අන්තර්ගත කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ රටේ ආර්ථිකය අන්ත ලිබරල් හා අන්ත වාමාංෂික මානයන් නොගෙන, දෙපසටම මැදි මධ්‍ය මාවතක පවත්වා ගැනීම බව පැවසුවේය.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව අවධාරණය කළ ඇමැතිවරයා, අලාභ ලබන රාජ්‍ය ආයනත ප‍්‍රතිව්‍යූහගත කිරීම රජයේ පරම වගකීම වන බවත්, මෙවන් ආයතන කලමණාකරනය කිරීම සදහා ඇතිකර ගැනෙන රාජ්‍ය - පෞද්ගලික සබදතා හි වැඩි කොටස රජය සතුවිය යුතු බවත්, කියා සිටියේය.

 

විවිධ රටවල් හා සබදතා තර කර ගැනීමටත්, අන්තර්ජාතික තලයේ ශී‍්‍ර ලංකාව ඔසවා තැබීමටත් ජනපතිවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඔහුට කෘතඥතාව පළකරනු වස් විශේෂ යෝජනාවලියක්ද සම්මත කරගැනීමට නියමිත බවද දැනගන්නට ඇත.

 

වත්මන් දේශපාලන කටයුතු සම්බන්ධ යෝජනාවලිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඉලක්ක කර ඉදිරිපත් කැරෙන බව දැනගන්නට ඇත.ඉදිරි වසරේ පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවන්නේ කෙසේදැයි ඉන් පැහැදිලි කෙරෙනු ඇති බව සදහන්ය.

 

බැසිල් ගේ හරස් කැපීම්

 

අද (04* පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුලූවට එකටෙක කිරීමක් ලෙස මහින්ද රාජපක්ෂ පාර්ශවය ජනහමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටී.එහි ප‍්‍රධාන වගකීම හිමිව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාටය.ජනහමුවේ ප‍්‍රධාන අරමුණ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බල කිරීම බව දැනගන්නට ඇත.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුලූවට සහභාගී වන ජන ප‍්‍රමාණය හා සම වන ජනතාවක් මෙම රැුලියට ගෙන්වීමේ උත්සාහයකද සංවිධායකයෝ නිරතව සිටිති.බැසිල් රාජපක්ෂ නව දේශපාලන පක්ෂයක් තැනීමේ කටයුතු වලද නිතරව සිටින අතර එහි කටයුතු අතිශය රහසිගත මට්ටමක පවත්වාගැනීමට ඔහු තරයේ වග බලාගෙන ඇත.පක්ෂයේ නම ලෙස දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂයක නමක් භාවිතා කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුලූව අවසන් වන තෙක් මෙම සියලූ තොරතුරු රහසිගතව තබාගන්නා ලෙස බැසිල් රාජපක්ෂ සියලූම දෙනාට නියෝග කර ඇත.

 

අද පැවැත්වෙන වාර්ෂික සමුලූව සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇත.ඉදිරියේ එන පළා් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීමට නම් අද අරඹන නව ගමන ශක්තිමත්ව අවසානය කරාම යා යුතුමය.අනෙක් පසින් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කණ්ඩායමද නව දේශපාලන පක්ෂයක් පෙරටු කොටගෙන ඉදිරියට එමින් සිටී.ඒ හමුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩව යෑම වළක්වනු නොහැකිය.මෙම දෙපක්ෂයෙන් කවරෙක්, අනෙකා පරදන ශක්තියකින් යුතු වනු ඇතිදැයි තවමත් පැහැදිලි නැත.පැහැදිලි එකම කරුණ වන්නේ කවරෙක් ශක්තිමත් වුවත්, කවරෙක් දුර්වලයා වුවත්, වාසිය අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බවය.



අදහස් (0)

‘වැට් බද්ද ආයෙත් කැරකෙන හැඩයි‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 236 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 688 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1180 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 164 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 696 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 804 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site