IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘වැට් බද්දට රජයේ වැඩි අවධානය‘

වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.

ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.

විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව  ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය.

 

බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ,  ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප‍්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ‍්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය.

 

විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

 

,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි.

 

අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත‍්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ.

 

මෙම විරෝධතා වල අනිටු ප‍්‍රතිවිපාක කිහිපයකි.එයින් ප‍්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත.

 

අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප‍්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප‍්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට‍්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.

 

වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක‍්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප‍්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය.

 

දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය.

 

පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

 

ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක‍්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය.

 

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත.

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය.

 

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය.

 

මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත.

 

විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත.

 

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත‍්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය.

 

දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි.

 

,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා,  එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය.

 

විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික‍්‍රමසිංහද කියා සිටියේ මෙයයි.

 

,අධිකරණ යාන්ත‍්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය.

 

සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි‍්‍රතාන්‍යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය.

 

පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය.

 

එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි.

 

විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත.

 

අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප‍්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය.

 

රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක‍්‍රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය.

 

ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය.

 

නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ.

 

උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය.

 

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා

,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය.

 

 

අගමැති වික‍්‍රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික‍්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය.

 

ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි‍්‍රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය.

 

විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප‍්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත.



අදහස් (0)

‘වැට් බද්දට රජයේ වැඩි අවධානය‘

කන්නන්ගර Monday, 11 July 2016 07:35 AM

මොන වැට්ද? ඩියුටි ෆ්‍රී වාහන ටික මඟ නේද? (නි)

:       0       0

සිරි Monday, 11 July 2016 07:43 AM

අනේ මෙහෙමත් අච්චාරුවක්? (නි)

:       0       0

ශාන් Monday, 11 July 2016 07:51 AM

අවධානය යොමුකරලා මදි. ඕක අඩු කරලා ඉන්න (නි)

:       0       0

ජයන්ත Monday, 11 July 2016 10:42 AM

සතිපතා ඉතා වැදගත් දේශපාලන කරුණු විග්‍රහ කරන මෙම ලිපිය හැම සතියකම පරිවර්තනය කර ඉදිරිපත් කරන ලෙස ඉල්ලනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1357 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 828 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2090 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 710 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1768 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site