(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ බොරළුගොඩ පාර අංක 294/05 හි පදිංචි අමරසේකරගේ අනුර සම්පත් අමරසේකර නමැති පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයකු බව පොලිසිය කියයි.
කැලණිය සරසවියේ කථිකාචාර්යවරියක වන සිය බිරිඳ හා වෛද්‍ය දියණිය ඇතුළු පවුලේ ඥාතීන් සමග ආහාර ගනිමින් සිටියදී සැහැල්ලු ආහාරයක් ගැනීමට බව පවසා වඩේ එකක් ආහාරයට ගනිද්දී එක් වරම කැස්සක් හටගෙන තිබේ .පසුව එම කැස්ස නැවැත්වීම සඳහා විවිධ ප්‍රථමාධාර ලබා දුන්නද එය නොනැවතී ක්‍රමයෙන් අසාත්මික තාවයකට පත්ව තිබේ.
පසුව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇතිි බවයි. පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම මූලික රෝහලේදී (21) දා සිදුකිරීමට නියමිතව තිබුණි.
මහනුවර හෝටලයකට කඩා වැදුණු වඳුරු රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු ක
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සු
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාර
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ හා පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වඩයකින් ආ මාරයා අධ්‍යක්ෂ බිලිගනී
chamara Thursday, 21 November 2024 12:32 PM
කඩ කෑම හොදට දන්න තැනකින් ඇරෙන්න වෙන නොදන්නා තැන් වලින් කන්නේ බලාගෙන. ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිත බව දන්නේ කොහොමද?
Jayasekara Thursday, 21 November 2024 02:58 PM
මොන ආසාද්මික තාවයක්ද? නොනවතින කැස්ස එන්නේ බොහෝ වෙලාවට දරුණු හෘදයාබාධයක දී.
Sagara Thursday, 21 November 2024 06:17 PM
මටත් ම මෑතකදී ඕකම වුණා... ඒත් කෑලි මිරිස් දාපු කෑමක් කද්දී. ඕකෙදී වෙන්නේ එක පාරටම කැස්ස එනවා... ඊට පස්සේ ස්වසන මාර්ගය අවහිර වෙලා හුස්ම ගන්න අමාරු වෙනවා. මට නම් වාසනාවට කිහිප වාරයක් කැස්සට පස්සේ ආයේ හුස්ම ගන්න පුලුවන් වුණා. ඊට කලින් අපේ අම්මටත් ඕකම වෙලා තියෙනවා. ඉස්පිරිතාලේ ගියත් කලේ ඔක්සිජන් දීපු එක විතරයි.
වන්නකු Friday, 22 November 2024 05:49 AM
ගැඹුරු කැස්ස, හෘදයාබාධය අඩු වෙනවා කියලා මං අහලා තියෙනවා. ඒක බොරුවක් ද?
Nilakshi SamarakoonFriday, 22 November 2024 01:42 PM
හර්ද්‍යාබාධ තත්වයක් ආ අවස්තාවේ රෝහල් ගත වනතුරු කැස්ස පවත්වාගෙන යාමෙන් බොහෝදුරට මරණයෙන් ගැලවීමට පුළුවන් කියලයි මම නම් දන්නේ....!