(අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසා එකී පනත යටතේ නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට බලය පැවරී ඇත.
එකී පනතේ 82 (1) වගන්තිය අනුව අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් " වත්කම් හා බැරකම්" ප්‍රකාශ කළ යුතු වේ.
" වත්කම් හා බැරකම් " යන්නෙන් ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත, සෘජුව හෝ අර්ථදායක ලෙස හිමි නියෝග මඟින් එහි විස්තර නියම කරනු ලැබිය යුතු වත්කම්, බැරකම්, ආදායම්, වියදම් සහ පොලී මුදල් අදහස් කරනු ලැබේ.
ඒ අනුව, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2025 දූෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන්
ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක් එයි