IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


වරායේ වැඩ ගැන බිමල් කනස්සල්ලෙන්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා උපදෙස් දුන්  ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව  ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව සෑම දෙනාම කටයුතු කරන වගක් නොපෙනෙන බව  තමා අවංකව ප්‍රකාශ කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා  මේ තත්වය ගැන  සතුටු නොවන බවද සඳහන් කළේය.

පැය 24 ම වැඩ කරන්නේ  යැයි පැවසූ විට සමහර අංගනවල වැඩ  අලුයම තුනයි විස්සට කලින්  නතර වෙන බවත්  පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති  කර   ලොරි  එනතුරු සිටි බවත්  රත්නායක මහතා පැවසීය

නැව්  ආයතනවල  පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනීවි යැයි බලාපොරොත්තු වූවත් හොඳ සහයෝගයක් නොලැබෙන බවත් පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන්ද  එතරම් සහයෝගයක් නොලැබෙන බවත්  හෙතෙම පැවසීය.

රජය ජනවාරි 31  දක්වා බලන බවත් මේ වැඩපිළිවෙළට කවුරුත් දායක වන්නේ  නැත්නම් රටට ඇත්ත කියන බවත් අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුව කැපවෙනවා නම් අනෙක්  අයත් කැපවිය යුතු බව රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වරායේ තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  කළ විමසුමකදීය.



අදහස් (3)

වරායේ වැඩ ගැන බිමල් කනස්සල්ලෙන්

karolis Monday, 20 January 2025 07:52 PM

විපක්ෂේ ඉන්න කොට එක පෑන් පාරෙන් පුළුවන් වැඩ 2/3 ආණ්ඩුවක ඉන්න කොට සැහෙන්න අමාරුයි වගේ නේද?

:       15       15

Darshi Monday, 20 January 2025 08:20 PM

අනිත් සියලු ආයතනත් ඔය විදිහම තමයි. රජයේ සේවකයින්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන පොහොසත් රටක් ලස්සන හෙටක් හදන්න.

:       2       11

. Indika Monday, 20 January 2025 09:02 PM

ඇයි මේ කෙදිරිගාන්නේ. බොරු කියලා ගත්තට කරගන්න බැහැ නේද

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගල්වලේ සේවකයෙක් සිරවී මරුට
2025 ජනවාරි මස 20 151 0

ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 190 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්
2025 ජනවාරි මස 20 629 0

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහ


ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති
2025 ජනවාරි මස 20 244 0

වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.


දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 20 31 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


රග්බි සංගමයේ නිලවරණයට වාරණයක්
2025 ජනවාරි මස 20 75 0

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය වලක්වමින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකුට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විත


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 397 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 610 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site