IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'විස්සයි-20 කි‍්‍රකට්' ආකාර කිහිපයකින්ම කි‍්‍රකට් ක්‍රීඩාවට වාසි දායකයි

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරග තීරක, රන්ජන් මඩුගල්ලේ මහතා, නිහඬ මෙන්ම තැන්පත් පුද්ගලයෙකි. ඔහුගේ හඬට වඩා ඉස්මතු වන්නේ ඔහු විසින් ගනු ලබන තීන්දු තීරණය. ටෙස්ට් තරග 136 ක් සහ එක්දින අන්තර්ජාතික තරග 260 කට වැඩි සංඛ්‍යාවක සහ විස්සයි-20 අන්තර් ජාතික තරග 46 ක තීරකවරයා වශයෙන් කටයුතු කළ මඩුගල්ලේ මහතා, 1987 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශී‍්‍ර ලංකා පිලේ නායකත්වයට පත්වූවද එකල ශී‍්‍ර ලංකාවට පැවැති කි‍්‍රකට් තරග අහේනිය නිසාම අකාලයේ අන්තර්ජාතික තරග බිමෙන් සමුගත්තේය. 1979 වසරේ පාසල් සිසුවකු වශයෙන් පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කාලයේ සිටම මඩුගල්ලේ මහතා කි‍්‍රකට් කී‍්‍රඩාවේ විකාශය සියැසින් දැක ඇත්තෙකි. එබැවින් පසුගිය අඩ සියවස් අඩක කාලය තුළදී කි‍්‍රකට් කී‍්‍රඩාව විකාශය වූ ආකාරය පිළිබඳ හඬ අවදි කිරීමට සුදුසුකම් වුවමනා ප‍්‍රමාණයටත් වඩා මඩුගල්ලේ මහතාට තිබේ. ලෝකය පුරාම වෙසෙන ජනමාධ්‍යවේදීන්ගේ නිබඳ හඹායාමට ලක්වූ මඩුගල්ලේ මහතා සමග කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් ස්වභාවය සම්බන්ධයෙන් සාකච්ඡුාවක නිරත වීමට ‘ලංකාදීපයට අවස්ථාවක් ලැබිණ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ නවතම ස්වරූපය වන විස්සයි-20 කි‍්‍රකට් තරග විසින් සාම්ප‍්‍රදායික ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව අභියෝගයට ලක්කරනු ලැබ ඇති සමයක, මඩුගල්ලේ මහතා කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් සිය හඬ අවදි කළේ මෙලෙසිනි.     අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකවරයකු වශයෙන් ඔබ කටයුතු කළ දශක එක හමාරක පමණ කාලය තුළදීත්, ඊට පෙර ඔබ කී‍්‍රඩා කළ සමයේ සිටත් කී‍්‍රඩාව වෙනස් වූ ආකාරය ඔබ දකින්නේ කෙලෙසද? මා හිතන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව ක‍්‍රමාණුකූලව, විශාල වෙනස්වීමකට ලක්වී තිබෙනවා. කි‍්‍රකට් කී‍්‍රඩාව කරන ආකාරයේ සිට එය මෙහෙයවන ආකාරය දක්වාත් මේ වෙනස්වීම දක්නට තිබෙනවා. හොඳම උදාහරණය තමයි මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාවේ එකිනෙකට වෙනස් මාදිලි තුනක් දක්නට ලැබීම. එවන් වෙනස් මාදිලි 3 ක්  මීට වසර 15 කට පෙර දක්නට තිබුණේ නෑ. අදටත්, කි‍්‍රකට් කී‍්‍රඩාවේ විශිෂ්ටතම ආකාරය හෙවත් මුදුන් හිණි පෙත්තේ තිබෙන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව වුණත්, එක්දින අන්තර්ජාතික තරග සහ විස්සයි-20 කි‍්‍රකට් විවිධාකාර අදහස් ඇති අය කි‍්‍රකට් කී‍්‍රඩාව හා බද්ධව තබා ගන්නවා. අද කි‍්‍රකට් කී‍්‍රඩාව කියන්නේ කිසියම් නිෂ්පාදනයක් වගේ දෙයක්. කිසියම් නිෂ්පාදනයක් වෙළෙඳ පොළට දමද්දී, ඊට සමානුපාතිකව තවත් නිෂ්පාදනයක් එනවා. ඒ නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදනත් වෙළෙඳ පොළට එනවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේත් මේ තත්ත්වය දකින්නට තිබෙනවා. කි‍්‍රකට් කියන්නේ ලෝකයාට විනෝදාස්වාදය සැපයීමේ ව්‍යාපාරයේ එක් අංගයක්. ඒ නිසා වෙනස් නොවන, හැමදාම එකම ආකාරයෙන් පවතින දෙයක් හැටියට කි‍්‍රකට් පවතින්න බෑ. වර්තමානයේදී කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරෙන්නේ එයාකාරයෙන්. එය එදා සිට අද දක්වා විකාශනය වී තිබෙනවා. වර්තමානයේ පවතින ඉල්ලූමට අනුරූපව හැඩගැසෙමින් තිබෙනවා.     දශක දෙකකට වැඩි කලක් තිස්සේ මේ සිදුවූ වෙනස්කම් අතුරින් වඩාත්ම තීරණාත්මක වෙනස්කම හැටියට ඔබ සලකන්නේ කුමක්ද? ඒ වෙනස්කම මෙන්න මේකයි කියා හරියටම පෙන්නුම් කරන්න අසීරුයි. එත් මේ සියලූ දේ අතුරින් මා දකින වැදගත්ම දේ තමයි වෙනසක් අවශ්‍යයි කියා කී‍්‍රඩකයන් වගේම පරිපාලන නිලධාරීන් පවා පිළිගන්න එක. ඔවුන් ඒ වෙනස්කම් වලට අනුගත වෙලා තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් දෙයක්.     විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ඔබේ දෘෂ්ටි කෝණය කුමක්ද? මා විමසන්නේ ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ගැන නොවෙයි, විස්සයි-20 කි‍්‍රකට් මාදිලිය සම්බන්ධයෙන් ඔබේ අදහසයි? එක එක්කෙනා ඒ දිහා බලන ආකාරය වෙනස්. ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කරන මාදිලි කිහිපයෙන් එකක් වශයෙන් විස්සයි-20 කි‍්‍රකට් තරගවලට ඉතිහාසයේ හිමි තැන නිර්මාණය වෙලා ඉවරයි. එය මගේ පෞද්ගලික අදහසයි කොහොම වුණත්, විස්සයි-20 කි‍්‍රකට් දරුවන්ට ඉතා ළාබාල අවදියේදී හඳුන්වා දිය යුතු යයි මා නිර්දේශ කරන්නේ නෑ. මගේ දැක්ම අනුව, විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට හඳුන්වා දිය යුත්තේ කී‍්‍රඩකයන් තරුණ වියට එළැඹීමෙන් පසුවයි. ඒ කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ මූලිකාංග මොනවාද කියා ඔවුන් වටහා ගත්තායින් පසුවයි. දීර්ඝ කාලීනව කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වීමට මනා පරිචයක් ලැබුවාට පසුවයි. ඉන් පස්සේ ඔවුන්ට පුළුවන් වෙනවා විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාවට අනුවර්තනය වෙන්න. විස්සයි-20 කි‍්‍රකට් කියන්නේ හිස්තැනක් පිරවීමට ආ දෙයක් වගේ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ කෙටි මාදිලියට එහි ඇති සෑම අංගයක්ම ඇතුළත් වී තිබෙනවා විතරක් නොවෙයි, එය ලෝකය පුරා පේ‍්‍රක්‍ෂකයන් ආකර්ශනය කර ගැනීමටත් සමත් වී තිබෙනවා. තවත් දෙයක් තමයි, විස්සයි-20 කි‍්‍රකට් පැමිණීම නිසා, කි‍්‍රකට් තාක්‍ෂණයේ තිබූ ඇතැම් දේවල් පවා ඉතා සියුම් ලෙස වෙනස්වී තිබෙනවා. උදාහරණයක් ගත්තොත්, කී‍්‍රඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම, පන්දු රැකීමේදී භාවිතා කරන උපක‍්‍රම, කඩුලූ අතර දිවීම වගේ දේවල්. මේවා, විස්සයි-20 කී‍්‍රඩාවෙන් ඉහළම මට්ටමේ (ටෙස්ට් කි‍්‍රකට්) තරග සඳහාත් ගෙන යා හැකියි. වේග පන්දු යවන්නන් විසින් වේගය අඩාළ කරමින් යවනු ලබන පන්දුව, වේගය අඩාළ කළ බවුන්සර් පන්දුව, අවස්ථාවෝචිත පහර වගේ දේවලූත් ඊට ඇතුළත් වෙනවා. අනෙක, කි‍්‍රකට් කී‍්‍රඩාව තවමත් මුල්බැසගෙන නැති රටවල, නව වෙළෙඳපොලක් කරා කි‍්‍රකට් කී‍්‍රඩාව ගෙන යන්නත් විස්සයි-20 කි‍්‍රකට් භාවිතා කළ හැකියි. එය කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනෙකුත් මාදිලි දෙක තරම් සංකීර්ණ නැති නිසා වටහා ගැනීම පහසුයි. එනිසා කි‍්‍රකට් කී‍්‍රඩාව නොකෙරෙන රටවලට පිවිසෙන්න තොටුපොළක් වගේ එය භාවිතා කරන්නත් පුළුවන්. එහි කාල සීමාවත්, පාපන්දු තරගයක කාල සීමාවත් අතර ලොකු වෙනසක් නෑ. ඒ නිසා විස්සයි-20 කි‍්‍රකට් ආකාර කිහිපයකින්ම කි‍්‍රකට් කී‍්‍රඩාවට වාසි දායකයි.     කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉතාමත්ම ජනපි‍්‍රය මාදිළිය විස්සයි-20 කි‍්‍රකට් බව සැම දෙනාගේම ඒකායන පිළිගැනීමයි. ඒත් මේ වගේ තත්ත්වයක් තිබියදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගයත කෙබඳු වේද? කාලය එය තීරණය කරයි. මා හිතන්නේ කි‍්‍රකට් පාලක මණ්ඩල වඩාත් ස්ථාවර වගේම සංවිධානාත්මකව තිබෙන රටවල ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව දිගටම පවතීවි. විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් වගේම වෙනත් කී‍්‍රඩා වලිනුත් ඊට තර්ජනයක් එල්ල වන එකක් නෑ. ඒත් කිසියම් කි‍්‍රකට් පාලක මණ්ඩලයක් ලෝකයේ අනෙක් රටවල පාලක මණ්ඩල හා සංසන්දනය කෙරෙන විට අසංවිධිත හා තරගකාරී නොවේ නම්, මේ කෙටි මාදිලියේ කි‍්‍රකට් කී‍්‍රඩාව දිගටම ඉදිරියට යාවි. දීර්ඝ කාලයක් එක කි‍්‍රකට් තරගයක රැඳී සිටින්න තරම් ඔවුන්ගේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ අරටුව සවිමත් නොවීම ඊට හේතුවයි. ඒ නිසා, මා සිතන ආකාරයට, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වන රටවල පරම වගකීම වන්නේ, මනාසේ සංවිධානය කෙරුණා වූත්, තරගකාරී වූත්, දේශීය තරගමාලා වලින් වඩාත් හොඳ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වැඩි වැඩියෙන් බිහිකරමින්, ටෙස්ට් තරග, කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලෝකයේ මුදුන් හිණි පෙත්තටම ඔසවා තැබීමයි.     අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරග තීරකවරයා වශයෙන් ඉතාමත් දීර්ඝ කාලයක් කටයුතු කළ ඔබ විනිසුරු තීරණ විමසීමේ (විතීවි) ක‍්‍රමවේදය සම්බන්ධයෙන් දරන්නේ කුමන ආකල්පයක්ද? පුද්ගලිකව, මා එයට කැමතියි. මා හිතන්නේ එයින් කී‍්‍රඩාවට යහපතක් වෙනවා කියලයි. එය කි‍්‍රයාත්මක කිරීමේදී කිසියම් ප‍්‍රශ්න කිහිපයක් නිරාකරණය කරගත යුතු බව මා දන්නවා. ඒත් ඒ තත්ත්වය සෑම දේකටම පොදුයි. කිසියම් අලූත් දෙයක් හඳුන්වා දෙනකොට, එය හුරුකරවීමේ ප‍්‍රශ්න ඉබේම එනවා. ඒත් දිගින් දිගටම එය භාවිතා කරන විට, ඒ හුරුකරවීමේ ප‍්‍රශ්න මගහැරි යාවි. ලෝකයේ තාක්‍ෂණය කියන දේ දවසෙන් දවස දියුණුවට පත්වෙනවා කියන දේ කිසිවකුට නොසලකා හැරිය නොහැකියි. ඒ නිසා තාක්‍ෂණයේ දියුණුවත් සමගින්, වඩාත් නිවැරදි තීරණ නොකඩවාම ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා වඩාත් හොඳ, වඩාත් නිවැරදි තීරණ ගන්න අප ඊට අවස්ථාව දිය යුතුයි. එහෙම නොකර සිටියොත් වෙන්නේ දියුණු වෙන ලෝකයේ අප පසුපසට ඇද වැටීමයි.     විතීවි ක‍්‍රමවේදය සඳහා (අධෝරක්ත කිරණ භාවිතා කෙරෙන) ‘හොට් ස්පොට්’ විශේෂාංගය අත්‍යාවශ්‍ය සාධකයක්ද? වඩාත් උසස් මට්ටමේ, නිවැරදි තීරණයක් ගැනීමට උපකාරීවන  ඕනෑම මෙවලමක් යොදාගැනීම ඉතාමත් හොඳයි. ඒත් හෙට දවසේදී මීටත් වඩා හොඳ ප‍්‍රතිඵල ගෙන එන මෙවලම් නිපදවෙන්නට පුළුවන්. මීට වසර 4 කට ඉහතදී තිබුණ ‘හොට් ස්පොට්’ තාක්‍ෂණයට වඩා අද තිබෙන ‘හොට් ස්පොට්’ තාක්‍ෂණය බොහෝ වෙනස්. එය ඉතාමත් දියුණුයි. උදාහරණයක් වශයෙන් අද තිබෙන කැමරා කෝණ වෙනස්, තත්පරයකදී ග‍්‍රහණය කරගනු ලබන ඡායාරූප සංඛ්‍යාව, රූපයක තිබෙන ගුණාත්මක බව ආදී මේ සියලූ දේම වෙනස් වෙලා තිබෙන්නේ. අද පිට්ටනියකට ගියාම වෙනදා තිබුණාට වඩා අධෝරක්ත කැමරා සංඛ්‍යාවක් දැකගන්න පුළුවන්. කොහොම වුණත් මේ තත්ත්වය එන්න එන්නම දියුණු වෙනවා. ඒකේ දෙකක් නෑ, ඒත් මට කියන්නට වුවමනා දේ මේකයි.     තාක්‍ෂණය තිබෙන්නේ තීන්දු තීරණ වලින් 100% ක්ම ගන්න නොවේ. සෑම වෙලාවකදීම, හැකි උපරිම නිවැරදි තීරණ සංඛ්‍යාවක් ගැනීමට උපකාරී කර ගැනීමටයි. ත‍්‍රස්තවාදී තර්ජන නිසා ශී‍්‍ර ලංකාවේ කිසිම අන්තර්ජාතික කි‍්‍රකට් තරගයක් නොපැවැත්වුණ කාල සීමාවක් (1987 සිට 1992 දක්වා) තිබුණා. ඔබේ කී‍්‍රඩා ජීවිතයටත් එයින් විශාල බලපෑමක් ඇතිවුණා. මගේ කී‍්‍රඩා ජීවිතයට  එයින් විශාල බලපෑමක් ඇතිවුණා කියලා මා හිතන්නේ නෑ. සමහරවිට තාවකාලික පසුබෑමක් වෙන්න ඇති. අනුර තෙන්නකෝන් වැනි අයෙක් ගන්න. මගේ අදහස අනුව ශී‍්‍ර ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ඔහුයි. ඒත් ඔහුට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්නට කිසි දිනෙක අවස්ථාව ලැබුණේ නෑ. (1979 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අනුර තෙන්නකෝන් මහතා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා තුරුත් ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් නොලැබිණ) ඒ අනුව බලන විට මා එක අතකින් වාසනාවන්තයි. තවත් අතකින් ඒ තරමටම වාසනාවන්ත නෑ. ඒත් මගේ රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට මට ලැබුණු අවස්ථාව, අති විශාල ගෞරවයක් ලෙසින් මා අදටත් සලකනවා. ඒ නිසා, අපේක්‍ෂා කළාට කලින් කී‍්‍රඩා පිටියෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් මා කණාගාටු වන්නේ නෑ.     දැන් ත‍්‍රස්තවාදී තර්ජන අවසන්. අන්තර්ජාතික තරගාවලි එකක් ඉවර වෙන්නට එකක් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙලෙසද? ශී‍්‍ර ලාංකිකයකු වශයෙන් අපේ රට ගැන මා ඉතාමත් ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදී තර්ජන අවසන් වී, කී‍්‍රඩා තරග පැවැත්වීමට සුදුසු, කිසිදු බිය සැකයකින් තොරව එවන් තරග නැරඹීමේ වාතාවරණයක් තිබෙන රටක් වශයෙන් මා ආඩම්බර වෙනවා. මේ තත්ත්වය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට විතරක් නොවෙයි, සෙසු කී‍්‍රඩාවල නිරතව සිටින ලෝකයේ වෙනත් රටවල කී‍්‍රඩකයන්ටත් අපේ රටට ඇවිදින් අපේ රටේ සැබෑ තත්ත්වය දැක බලාගන්නට අවස්ථාවක් සලසා දෙනවා. ඒ අතරම ජාතියක් වශයෙන් අපට කරන්නට පුළුවන් කුමක්ද කියා ලෝකයාට කියන්නට අපේ රටේ මිනිසුන්ටත් මේක හොඳ අවස්ථාවක් වෙනවා.     අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරග තීරකවරයා කියන රාමුවෙන් මිදී, සාමාන්‍ය පේක්‍ෂකයකුගේ තත්ත්වයට ඔබ පත්වේ නම් ලබන මාසයේදී පැවැත්වෙන විස්සය-20 ලෝක කුසලාන තරගාවලියෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එහෙනම් මා කැමති තරග කිහිපයක් තෝරාගන්නවා. මා හිතන්නේ නෑ වයස 16 ත් 20 ත් අතර නරඹන්නන් 5000 කට විතර මැදිවෙල මට නිස්කාන්සුවේ තරගය නරඹන්නට හැකි වේයයි කියා. ඒ නිසා මට නිදහසේ තරග නැරඹිය හැකි තැනකට වෙලා, කි‍්‍රකට් කී‍්‍රඩාවේ චමත්කාරය විඳිමින් මා තරග නරඹනවා.     ඔබ කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් කී‍්‍රඩා කළ 1979 දීම එංගලන්තයේදී පැවැති පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළා. ඒ වන විට ශී‍්‍ර ලංකාවට ටෙස්ට් තත්ත්වය නොතිබුණත් ඔබගේ අරමුණ වුණේ ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමයි. ඒත් අද වන විට ටෙස්ට් ලෝකයේ සුපිරි තරු පවා ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව අතහැර විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාවට එනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද? කිසියම් ආයතනයක (මෙතැනදී නම් රටක) අභිවෘද්ධිය අරභයා මිනිසුන්ගේ අදහස් වලට මා ඉතා විශාල වශයෙන් ගරු කරනවා. කිසියම් ආයතනයකට තමන්ගේ අරමුණු ආරක්‍ෂා කරගන්නා අතරේම කී‍්‍රඩකයන්ගේ අවශ්‍යතාත් මනාව සමබරතාවකින් පවත්වාගෙන යා හැකි නම්, මේ දෙපාර්ශවයටම සාර්ථක ලෙස තම තමන්ගේ කාර්යයේ ඉදිරියට යන්නට පුළුවන්. ඒත් ඒ සඳහා දෙපාර්ශවයෙන්ම යම් යම් කැපකිරීම් කරන්නට වෙනවා. කොහොම වුණත් ඒ තත්ත්වය ඇතිකරගත හැකි වන්නේ සැබෑ විනිවිදභාවයකින් මෙන්ම සහයෝගයකින් සහ අවංක භාවයකින් යුතුව දෙපාර්ශවයම කටයුතු කළොත් පමණයි. එහෙම නොවුණොත් ඒ ඒ තනි පුද්ගලයන් තම තමන්ගේ තීරණ ගනීවි. එකම හේතුව, කිසිවකු විසින් ගන්නා කි‍්‍රයාමාර්ගයක් සම්බන්ධයෙන් ඔහු උත්තර බඳින්නේ තමන්ට සහ තමන්ගේ පවුලේ අයට පමණක් වීම නිසායි. මෙන්න මේ තත්ත්වය අනුව ඔබට පෙනේවි, ලෝකයේ වඩාත් ස්ථාවර සහ සංවිධානාත්මක කි‍්‍රකට් පාලක මණ්ඩල තිබෙන රටවල මේ තත්ත්වය (ටෙස්ට් කි‍්‍රකට් අතහැර විස්සයි-20 තරග වලට පැමිණීම) දක්නට නැති බව. හේතුව ඒ රටවල කි‍්‍රකට් පාලක මණ්ඩල, තම තමන්ගේ කී‍්‍රඩකයන් හොඳින් බලාගන්නවා වගේම සෑම දෙයක් පිළිබඳවම විනිවිදභාවයක් පවතින නිසා.

සාකච්ඡා කළේ : දමින්ද විජේසූරිය / ඡායාරූප : ගයාන් අමරසේකර



අදහස් (0)

'විස්සයි-20 කි‍්‍රකට්' ආකාර කිහිපයකින්ම කි‍්‍රකට් ක්‍රීඩාවට වාසි දායකයි

වරුණ Monday, 27 August 2012 11:15 AM

මමත් කැමති 20 - 20 තරග වලට

:       0       0

ප්‍රසාද් Monday, 27 August 2012 11:13 AM

අපේ අයගේ විකාර..(ස)

:       0       0

සිසිර Monday, 27 August 2012 11:34 AM

හොඳ මහත්තයෙක්..(ස)

:       0       0

අසින්ත Monday, 27 August 2012 08:59 PM

ඔබ ගැන ශ්‍රී ලාංකිකයෝ හැටියට ආඩම්බරයි (අ)

:       0       0

මංජුල Tuesday, 28 August 2012 12:29 PM

ඒ කතාවනම් ඇත්ත

:       0       0

ලසන්ත Monday, 27 August 2012 02:18 PM

අපිටත් හොදයි රටටත් හොදයි

:       0       0

සම්පත් Monday, 27 August 2012 03:38 PM

සහතික ඇත්ත

:       0       0

කල්ප Monday, 27 August 2012 03:53 PM

වැඩි වෙලාවක් බලන්නොනේ නැහැනේ

:       0       0

ජගත් Monday, 27 August 2012 05:07 PM

ඔහු නියම වීරයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 367 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 118 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 211 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site