IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


ව්‍යාවස්ථා සභාවේ නියෝගය අභියෝග කළ නීතිඥයාට ලක්ෂ 20ක් ගෙවන්න වේ

(රන්ජන් කටුගම්පොළ)

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යාවස්ථා  සභාව ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයකු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් ගෙවන ලෙස එම නීතිඥවරයාට නියෝග කළේය.

නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ පහක් බැගින් ලක්ෂ 15ක මුදලක් වගඋත්තරකාර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනාට ගෙවන ලෙසද ඊට අමතරව තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.

මෙම නියෝගය ප්‍රකාශයට පත්වකරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන,  මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුල යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

නීතිඥ සරිත් පතිරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙයි වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යාවස්ථා සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

ව්‍යාවස්ථා සභාවේ නියෝගය අභියෝග කළ නීතිඥයාට ලක්ෂ 20ක් ගෙවන්න වේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 66 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 152 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 95 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 135 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


ආනයනික සහල් ටොන් 1900 ක් එයි
2024 දෙසැම්බර් මස 12 192 0

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ


ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී
2024 දෙසැම්බර් මස 12 930 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 22 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 96 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 60 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site