IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


වැඩබලන පොලිස්පතිගේ පළමු ඉලක්කය කියයි

(චමිල් රූපසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මහනුවරදි පැවැසිය.

ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඒ මහතා තවදුරටත් පැවසීය.

නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් වැඩ බලන පොලස්පතිවරයා දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පිච්චමල් වට්ටියක් ලබාදී ඒ මහතා පිළිගන්නා ලදි.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මල්වතු පාර්ශවයේ මහා නායක  හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක  හිමියන් ගෙන්ද ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.



අදහස් (9)

වැඩබලන පොලිස්පතිගේ පළමු ඉලක්කය කියයි

රංබොඩ Saturday, 02 December 2023 08:22 PM

එව්වා කියලා ලොක්කා මෙයාවත් ඔතැනින් අයින් කරයිද දන්නේ නෑ...!

:       0       0

නාරද රත්නායක Saturday, 02 December 2023 09:18 PM

මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණය වළක්වන්න ඔබ‍ට ශක්තිය ලැබේවා... පොඩි මිනිහාට උදව් කරන පොලිසියක් උපදීවා...!

:       3       0

chandima Sunday, 03 December 2023 02:41 AM

මේ මහත්තයාට නේද අර පාරෙදී අල්ලන් ගැහුවා කිව්වේ?

:       0       2

Prabha Sunday, 03 December 2023 05:22 AM

හාමුදුරුවන්ට කටක් කියලා දෙයක් නැද්ද... මේ අයගේ කෙප්පවලට හොඳ උත්තරයක් දෙන්න...?

:       0       2

සිරිබිරිස් Sunday, 03 December 2023 10:50 AM

බස්නාහිර නේද වැඩිම සංවිධානාත්මක අපරාධ සිදුවෙන්නේ? මෙය හිටපු බස්නාහිර බාර පොලිස් ලොක්කා විදිහට මෙච්චරකල් මොනවද කරේ...!

:       1       6

Kazi Shajahan Sunday, 03 December 2023 11:52 AM

අපේ හාමුදුරුවනේ, දේශබන්දු කළ වැරැදි මතක් කරලා දුන්නේ නැතිද? 1 අරගලකරුවන්ට පහරදීමට මග පෑදුවට 2 පාස්කු ප්‍රහාරය වළකා නොගැනීම 3 ජනාධිපති නිවසේ තිබූ මුදල් අවභාවිතය...

:       0       3

Wimalaweera Sunday, 03 December 2023 02:27 PM

මේ අය කරන්නේ ඕනෙම කෙනෙක්ගේ ගුණ වර්ණනා කරලා නූල් බඳින එකයි...

:       0       2

Perera Sunday, 03 December 2023 02:45 PM

දෙවැනි ඉලක්කය රනිල්ට වැඩක් දීලා නාමල්ට ජනාධිපති වෙන්න පාර කැපීමද? 

:       0       2

Rohana Sunday, 03 December 2023 03:32 PM

එතකොට අරගලය මැඩපවත්වන්න රාජපක්ෂලගේ නිල නොවන හමුදාව පහරදෙන වෙලාවේ නිකම්බලාගෙන සිටියේ මොකද? පාස්කු ප්‍රහාරයක් ඇතිවනබව දැනදැනත් ඒක මර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තේ මන්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැලයට ගිය ඔයාමඩුවේ ගබඩා සංකීර්ණය
2025 ජනවාරි මස 03 741 0

පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිත


හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා
2025 ජනවාරි මස 03 1004 0

ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආස


මහනුවර බලා යන දුම්රියක් වලකුඹුරේදී කැඩෙයි
2025 ජනවාරි මස 03 316 0

බෙලිඅත්තේ සිට කොළඔ කොටුව දක්වා පැමිණ යළි මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රිය වලකුඹුර සහ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථාන අතර අද (3) රාත්‍රි කාර්මිකදෝ


ජනතා සේවයට ඇති මුදල් ජනතාවට වියදම් කරන්න
2025 ජනවාරි මස 03 507 0

ජනතා සේවයට වෙන්කරන මුදල්වලින් සියයට 30 ක් 40 ක් නැවත භාණ්ඩාගාරයට හරවා යවන ක්‍රමය නතර කර ජනතාවගේ සංවර්ධනයට මුදල් යොදවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මහජන


ජාජබ මන්ත්‍රී නිහාල් අබේසිංහගේ නිවස හොරු බිඳියි
2025 ජනවාරි මස 03 2520 0

ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි


දරු දුක උසුලන තල්මස් මවක්
2025 ජනවාරි මස 03 1783 0

තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් අද(03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 400 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 202 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 187 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site