(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැනීම මත සංරක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම හස්තියා ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 2022 වසරේ මාර්තු 7 වැනිදාය.
හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා ශ්‍රී දළදා මාළිගාව විසින් රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක්ද කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ තුනකට ආසන්න මුදලක්ද වැය කරනු ලැබ තිබූ බව පවසන විගණන කාර්යාලය මෙයට අමතරව ශ්‍රී දළදා මාලිගාව දෙපාර්තමේන්තු වියදම් සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද දී තිබූ බව සඳහන් කරයි.
හස්තියාගේ මෘත දේහයෙන් ඉවත් කළ චර්මය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අධිශීතකරණයක තැන්පත් කර සංරක්ෂණ කටයුතු සඳහා හස්තියා තිර කිරීමට සුදුසු ස්ථානයක් කඩිනමින් තෝරා නොගැනීම හේතුවෙන් සංරක්ෂණ කටයුතු මෙසේ ප්‍රමාදවී ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.
මෙම විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වන කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසන්නේ හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ ලක්සල ආයතනයට බදු පදනම මත ලබා දී ඇති ගොඩනැගිල්ල බවයි.
මේ අනුව එම ආයතනයට භාණ්ඩ ඉවත් කර ගැනීමට දැනුම්දී ඇති හෙයින් එම භාණ්ඩ ඉවත් කර ගත් වහාම සංරක්ෂණ කටයුතු අරඹන බව එම ප්‍රධානීහු පෙන්වා දෙති.
මේ අතර මෙම හස්තියා ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජාතික විගණන කාර්යාලය කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එ
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පො
විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාවහෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා ’’සින්ගල් කැබ්’’ රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
විජය රාජා හස්තියා ජාතියට අහිමිවේද?