(යොහාන් භාසුර)
විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන ගුරුවරුන් බිහිකරන මෙරට විද්‍යාපිඨ පද්ධතිය තුළ ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය එම පීඨයේ පැවැත්වූ "පුළතිසිය තරුණයි" සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.
අපේ රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. රට තුළ ඇතිකළ යුතු පරිවර්තනය සිදු කරන්න නම් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු විය යුතු බව රජය අවබෝධ කරගෙන තිබෙනවා.
2026 කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්ලාස්ටර් ගසා, තියන එක ඇදගෙන යන ක්‍රමයක් නොව එය ගුණාත්මක හා මානුෂීය මෙන්ම නවීන ලෝකය ජයගත හැකි පුද්ගලයෙක් බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් බව ද අගමැතිනිය සඳහන් කළාය.
පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ ලාංඡනය සහිත සමරු ඵලකය නිරාවරණය කිරීම හා විද්‍යාපිඨ පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කළ අතර 2000 වසරේ සිට 2025 දක්වා කාලය තුල එහි සේවය කළ පිඨාධිපතිවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරිණ.
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝග
ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශ
මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල
දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
kamani Saturday, 15 February 2025 03:43 PM
ඒක තමයි යල් පැනගිය මතවල ඉඳගෙන සමහරු දරුවන්ව මානසික අපයෝජනයට ලක් කරන්නේ.