IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අද (5) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සර්වජනබලය පක්ෂයේ නායක දිල්ත් ජයවීර, දෙමළ ජාත්ක පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ යහපත් දේට සහය දෙනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට ⁣එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙහි දී සියලු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළේය.

පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස ද හැදින්විය හැකිය.

මේ අවස්ථාව සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් වන ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්විය.

 



අදහස් (6)

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට

athula Wednesday, 05 February 2025 03:26 PM

මෙතැන ඉන්න වැඩි පිරිසක් මීට කලින් පාලක පක්ෂවල ක්‍රියාකාරීන් ඒ කාලේ ඔය කියන විදියේ ගැටළු දැක්කේ නැද්ද? වත්මන් පිරිස බලයට ඇවිත් තවමත් මාස කීපයයි. ඒ අයට කරන්න දෙන්න ඕනේ. නැතිව ඔවුන්ගේ කකුලින් අදින එක නොවේ... රටට ආදරය ඇති දේශපාලකයින්ගේ වගකීම. හොරකම් කරලා, හොරකම් කරලා ඇවිත් තවත් සාකච්ඡා කරනවා යළිත් හොරකම් කරන්න බලය ගන්නේ කොහොමද කියලා... ලැජ්ජයි...!

:       7       39

රම්බොඩ Wednesday, 05 February 2025 03:37 PM

ආණ්ඩුව යහපත් දෑ කරනවිට කකුලෙන් නොඇද, අත්තනෝමතිකව රටට අයහපතක් වෙන දෑ කෙරේ යොමු වේ නම් ඊට විරුද්ධ ව එක හඬින් සිට ගැනීමට සියල්ලන් එකතුවීම හොඳ ප්‍රවණතාවයක්...

:       6       9

Mahajanathawa Wednesday, 05 February 2025 03:51 PM

කවුද කියන්නකෝ මෙතැනින් වැඩකට ගන්න පුළුවන් එකෙක් ඉන්නේ... මුන් හොඳයි හෙනගහන කොට එළියට විසිකරන්න

:       8       24

Shantha Wednesday, 05 February 2025 04:31 PM

හොරු ටික එක මිටට...

:       7       8

විජේසේකර Wednesday, 05 February 2025 04:50 PM

පංති පහ කරලා මොල හෝ‍දලා ප්‍රෝග්‍රෑම් කරපු 3% මිනිස්සු හිතාගෙන ඉන්නේ හොරා කාපු නිසා මේ රට වැටුණා කියලා. මාලිමාවේ අලුත් ඡන්ද දායකයෝ ඒ කතාව ජනප්‍රිය නිසා කියව කියවා යනවා. පංති පහ කළාට පස්සේ ඇත්තටම හිතෙන්නේ සල්ලි තියෙන සියළුම මිනිස්සු (දේශපාලකයෝ විතරක් නෙමෙයි ව්‍යාපාරිකයෝ ධනවතුන් පාරම්පරික දේපල හිමි අය) හොරු කියලා. සමාජවාදය කියන්නේ පරිණාමවාදයට විරුද්ධ මතවාදයක්... ලෝකෙ කිසිම ශිෂ්ඨ රටක්, ශිෂ්ඨ සමාජයක් හෝමෝසේපියන් පහළ වෙච්චි තැන ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී වුණේ නෑ. ගෝත්‍රික වහල් ම්ලේච්ඡ වැඩවසම් යුග පහුකරලා තමයි ආවේ. ඒ සමාජ ස්වභාවිකව පරිණාමය වුණා. වැරැදි හදාගත්තා. නමුත් සමාජවාදය ආපු රටවල් සියළු දේ අල කරගත්තා. ලංකාවේ ජවිපෙ සහ ශ්‍රී ලනිපය රටේ ස්වාභාවික පරිණාමය නැවැත්තුවා. පෞද්ගලික ව්‍යාපාර අඩපණ කළා. ඉවක් බවක් නැතුව රාජ්‍ය ව්‍යවසාය පිම්බුවා. චන්ද්‍රිකා මහින්ද දිනුවෙත්, අනුර දිනුවේත්, මේ දෙගොල්ලෝ රනිල්ලාගේ ආණ්ඩු පෙරළුවේත් ඔය රාජ්‍ය සේවය පාවිච්චි කරලා. මතක තියාගන්න රටේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය ව්‍යවසාය ඇතුළේ. සමාජවාදී නොවන දේශපාලකයින්ට බැණ බැණ පිංපඩි ගන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් නඩත්තු කරනවා...

:       7       6

රටවැසියා Wednesday, 05 February 2025 05:30 PM

හොර හැත්ත... ඔක්කෝම එකට එකතු වෙලා. ළඟදීම ඔක්කෝටම බඩු හම්බ වෙනවා කියලා දන්නවානේ. මෙතැනට අඩු මයිනා ප්‍රමුඛ බයියෝ ටික විතරයි. ළඟදීම උනුත් මේකට එකතු වෙයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 108 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 186 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 135 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 253 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 120 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 955 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site