(යොහාන් භාසුර)
විපක්ෂය මැතිවරණය කල්දාන්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට හේතුව ජනතාව අතරට යෑමට ඇති බිය බවත් වර්තමාන ආණ්ඩුව පෙරළීම විපක්ෂය දකින හීනයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති ජනහමුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.
ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන බව කී අග්‍රාමාත්‍යවරිය වර්තමාන ආණ්ඩුව ජනතාව කළ ජනතාව විසින් ආරක්ෂා කරන ආණ්ඩුවක් මෙන්ම ජනතාව රටතුළ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරණයෙන් මේ ආණ්ඩුව බලයට පත් කළ බව ද සඳහන් කළාය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බවත් ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීමක් අපේ ආණ්ඩුවට ඇති අතරම ඒ වෙනුවෙන් සියළු ක්ෂේත්‍රවල අධ්‍යයනයක් කර දත්ත මත පදනම්ව පරිවර්තනයන් කරන බවත් ඇය පැවසුවාය.
ආණ්ඩුව මේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න විශේෂයෙන් කටයුතු කරන බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු දායකත්වයක් දීමට කටයුතු කරන බව ද කීවාය.
මීට පෙර පැවති රජයන් තුළ ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති තුළ ගුරුවරුන් වෙනුවෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නොතතිබුණු බවත්ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනයට, ගුරු පුහුණුව දෙන්න වගේම නවීන අධ්‍යාපන දැනුම දී ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුව වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් පැවසුවාය.
වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට හිමි සම්මානය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා හිමිකර ගත්තේය.
පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳ සඳහන් කරමින් රජය විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහ
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්
හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
විපක්ෂය මැතිවරණයට බියේ කල්දාන්නැයි ඉල්ලීම් කරනවා
ගමේ එකාලා Sunday, 16 February 2025 03:16 PM
අභියෝග වලට බය නැහැ කියලා කයිවාරු ගහපු අයත් ජාතික ලැයිස්තුවෙන් රින්ගුවේ නිකම්ද?
Don perea Sunday, 16 February 2025 03:51 PM
ඔබලා බොරුවෙන්ම ජීවත් වෙන්න... මෝඩ ජාතියක් ඉන්න හින්දා හොඳයි.
Buwa Sunday, 16 February 2025 09:45 PM
මේ අකාර්යක්ෂම පාලනය යටතේ අගමැති තනතුරේ පවා වැඩකට නැති කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ දක්ෂයි සාප්පු සවාරි යන්න විතරයි. බොරුවට කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ.
Mino Sunday, 16 February 2025 10:08 PM
හැබැයි ආරංචි වෙච්ච විදියට නම් ඔයාලා අප්‍රේල් මුල තියන්න තිබ්බ ඡන්දේ තව පුලුවන් තරම් කල් දාගන්නලුනේ බලන්නේ. බලමුකෝ අය වැය. ඊට පස්සෙ ඔය කතාව කියන්නකො.
සමූපකාර පැරදුනේ විහිලුවටද Sunday, 16 February 2025 10:10 PM
ඒක තමයි. අපිටත් ඒක තේරුනා ඔහේලා සමූපකාර ඡන්ද ටික පරාද වීගෙන එනකොට එක මිටකට.
මාතර අප්පුහාමි Sunday, 16 February 2025 10:12 PM
ඒ මේ, ඒක නෙමේ. ඔයැයි අර USAID එකෙන් මොකද්ද කරන්න, මොනවද ගත්තැයි කියන්නෙ ඇත්තෙයි? හරි වැඩේ නේ?
Asanga Monday, 17 February 2025 09:50 AM
අනේ මන්දා මේ මුහුණ දක්කම වගතුවක් නත. මෙයත් පටන් අරගෙන පච කෙලින්න