IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති

(හේමන්ත රණසූරිය)

කැබිතිගොල්ලෑව  විහාර හල්මිල්ලෑව ගමේ "මහ කාඩිගල" වැව යටතේ ඇති කුඹුරු යායට  පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුරු යායේ  විමුක්ති ගොවි සංවිධානය පවසයි.

විහාරහල්මිල්ලෑව ගමේ කනත්ත අසලින් කාඩිගල කුඹුරු යායට දුර කිලෝමීටර් දෙක හමාරක් පමණ ඇති බවත්, එම මාර්ගය ගොවීන් විසින් හැකි අයුරින් සකසා ගෙන ඇතත්, රාජ්‍ය අනුග්‍රහයෙන් කිසිකලක එම කුෂි මාර්ගයට අත් උදව්වක් "උපන්තේකට" ලැබී නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම කුඹුරු යායට සීසෑමට සහ අස්වැන්න රැගෙන ඒමට ට්‍රැක්ටරය සහ භූතයා කොල මඩින යන්ත්‍ර රැගෙන යෑමේදී මඩේ එරෙමින් තමන් දුක් කම්කටොළු රාශියකින් බැට කන බව එම ගොවීහු කියති.

අක්කර හැටකට වැඩි කුඹුරු යායක් අස්වද්දන තමන්ට කෘෂි මාර්ගයක් සකසා දෙන මෙන් සිය දහස් වාරයකට වැඩියෙන් ප්‍රදේශයේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, මේ දක්වාම එය ඉටුකරදී නොමැති බවද විහාරහල්මිල්ලෑව විමුක්ති ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන්  කැබිතිගොල්ලෑව ගොජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරිණි ලක්මිණි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ ඇය එම තනතුරේ වැඩ බාරගෙන සතියකටත් අඩු කාලයක් වන බැවින් ඒ පිළිබඳව දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.



අදහස් (1)

විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති

සමීර Saturday, 27 July 2024 06:17 PM

ඕකට හේතුව අපේ අයගේ සමගියක් නැතිකම... කුඹුරු යායක් තියෙනවා... නම් එකෙන් ජීවත් වෙන පවුල්වල සාමාජිකයෝත් ඉන්න ඕනෑනේ බර ගාණක්. ඔක්කෝම එකතුවෙලා ගල් ටිකක් ඇතිරුවා නම් ගොඩක් දුරට ප්‍රශ්නේ විසඳාගන්න තිබුණා. අපේ පැත්තේ හාමුදුරුනමක් ඉන්නවා ගමේ ශ්‍රමදාන කර කර දුෂ්කර පාරවල් හදනවා. ගල් අතුරලා රෝද පාරට විතරක් කොන්ක්‍රීට් දානවා. මට ඒක මතක් වුණා මේ පින්තූර දැක්කම..! 

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1739 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site