(ගයාන් සූරියආරච්චි)
මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ වී අලෙවි මණ්ඩලය, සතොස සතු අඩුපාඩුකම් සහිත ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් Anchorපෙරේදා (16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණ.
ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන්වීමට පෙර නිමකරන ලෙසත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම මහකන්නයේ වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රවලට ආරක්ෂාව සැපයීමටත් ආරක්ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇත.
දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එ එල් රාජගුරු මහතා, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් - ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු වෙළදසලක් පරීක්ෂාකර එම රන්බඩු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඒවා බව පවසා අ
මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත්
ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්‍රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස
ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්රස්තවාදීන්ට ආධාර අනුබ
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වී ගබඩා අඩුපාඩු නසන්න ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය
රම්බොඩ Friday, 17 January 2025 04:16 PM
තම පටු දේශපාලන අභිප්රායයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා බලය නැති වකවානුවල ත්‍රිවිධ හමුදාවන් යම් යම් ක්‍රියාවන් කරනකොට බොහෝ විවේචනය කරපු ජන කොටසක් තමයි මාලිමාව කියන්නේ... දැන් ඔවුන්ගේ කාලයේ ඒවා හොඳයි. බලය නැති කළ පට්ට කෙබර ඇද බාන්නේ නැතිව ඉන්න දැනගන්න ඕනෑ හැම කෙනෙක්ම...!