IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වී මිල ගැන නිල ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

රජය වී කිලෝවක්   ගන්නා  මිල  කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  අද(05) උදේ 11.00 ට  පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  නිල  වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මෙම නව මිල හඳුන්වා දෙන්නේ වී කිලෝවක නිෂ්පාදන වියදමට සියයට තිහක් එකතු කිරීමෙන්  බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන් වෙනුවෙන්  වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කෙරුණු සටන් පාඨය මෙමගින් යථාර්ථයක් බවට පත්කෙරෙන බවද ප්‍රකාශ කළේය.

එසේම රජය වී මිලදී ගැනීමටද  කටයුතු කරගෙන යන බවත්   ඒ සඳහා රුපියල් කෝටි 500ක් දැනටමත් වෙන්කර ඇති බවත් කරුණාරත්න මහතා පැවසීය.

වී මිලදී ගැනීම සඳහා සමස්ත ගබඩා වලින් සියයට 75 ක් සූදානම් කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වී වලින් කොටසක් සහල් බවට පත්කර ජනතාව අතරට බෙදා හැරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී කිලෝවක්  මිලදී ගන්නේ රුපියල් 85ත් 110ත් අතර මිලකටය.

දැනට වී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල  ගොවීහු සහ  ගොවි  සංවිධාන කාලයක සිට මැසිවිලි නගති.

 



අදහස් (3)

වී මිල ගැන නිල ප්‍රකාශයක්

de silva Wednesday, 05 February 2025 10:34 AM

වී මිල තීරණය කරලා ඉවරනම් වහාම ගැසට් එකක් ගහල ඒක වහාම ප්‍රසිද්ධ කරන්නේ නැතිව මොන මගුලක් කරනවද ?

:       0       0

de silva Wednesday, 05 February 2025 10:52 AM

විකාර දොඩවනවා කන හල කිලෝ එකටත් තිබෙන බදු වලට අමතරව රුපියල් 65 විශේෂ බද්දක් ගහල ,හාල් පොල් ටික සාධාරණ සාධාරණ මිලකට දෙන්න බැහැ , පාස්පෝර්ට් ගන්න පොරොත්තු ලේකනේ මාස 6 පමණ ඉන්න ඕනේ , කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය වලටත් විශාල බදු ගහල , කර්මාන්ත අවුල් වෙලා , දෙස් විදෙස් ආයෝජකයෝ ආයෝජනය කරන්නේ නැහැ , අඩුම තරමේ මනුස්සයෙකුට ඉන්න ගෙයක්වත් හදාගන්න බැහැ , නාගරික සංවර්ධන අධිකාරිය , වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව , පරිසර දෙපාර්තමේන්තු ඇතුළු විවිධ දෙපර්තුමෙන්තුවලින් අවසර ගන්න වෙලා , රජයේ නිලධාරියෝ වැඩ අමාරු වෙන්න අල්ලස් ගැනීමේ බලාපොරොත්තුවෙන් හදාගනු ලැබූ බහුභූත නීති ගොඩකි , මේවා වෙනස් කරන්න කිසිම සැලස්මක් නැතුව කිසිම පියවරක් ගන්නේ නැතිව පොහොසත් කතා කරන එක විහිළුවකි ,

:       10       7

sena Wednesday, 05 February 2025 10:58 AM

වී මිලදී ගන්න සල්ලි වෙන් කරලා වැඩක් නැහැ වී මිලදී ගන්න යාන්ත්‍රණයක් සකස් නොකර.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 75 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1369 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 460 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 258 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 227 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 400 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site