IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වී සහතික මිල එළියට

(යොහාන් භාසුර)

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය.

අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ කීය.  

මෙම මිල සහතික, හෝ උපරිම හෝ අවම මිල නොවන අතර එය ‘වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා මිල’ බවත් එම මිලට ඉහළ මිලකට වී අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති මෙන්ම ඊට වඩා පහළ මිලකට වී අළෙවි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.

ප්‍රවාහන ගාස්තුවක් ලෙස වී අළෙවි මණ්ඩලය වී අළෙවිකරුවන්ට කිලෝවක් සඳහා මීට පෙර දුන් රුපියල් 2 ක අමතර මුදල මෙම මිලට ඇතුළත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  

වී අළෙවි මණ්ඩලය සතුව වී වේළීමේ පහසුකම් නොමැතිවීම නිසා එම මණ්ඩලය තෙත වී මිලදී නොගන්නා බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් යුත් වී නව මිලට ගන්නා බව ද සඳහන් කළේය.

ගෙවීන් වී අළෙවි මණ්ඩලයට වී අළෙවි කළ පසු පසුගිය කාලයේ මුදල් ගෙවීම බොහෝ ප්‍රමාද වී තිබුණ ද ඒ ආකාරයේ ප්‍රමාදයක් නොවන බවත් සහල් මිලට බලපෑමක් ඇතිකිරීමට ප්‍රමාණවත් වී තොගයක් මිලදී ගන්නා බවත් අමාත්‍යවරයා කීය.

වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා වී ඇටයක්වත් අළෙවි නොකර සියලුම වී සහල් කරන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ සහල් මාෆියාවෙන් ජනතාව මුදාගැනීමට වී තොග පාවිච්චි කරන බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශයට යටතේ පාලනය වන ආයතනය එකතුව ගොවියා සහ පාරිභෝගිකයා රැකෙන ආකාරයට වී මිල නියම කර ඇති බවත් නිෂ්පාදන වියදමට තුනෙන් එකක ලාභයක් මෙම මිලට ඇතුළත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වී මිලදීගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය සතු ගබඩා සූදානම් කර ඇති බව කී අමාත්‍ය ලාල් කාන්ත මහතා වී අළෙවි මණ්ඩලයට අමරතව සතොස සහ ඇතැම් සමූපකර ද සහල් මිලදීගැනීම නිසා ආණ්ඩුවට විශාල සහල් තොගයක් මිලදීගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.  



අදහස් (11)

වී සහතික මිල එළියට

යෝගා Wednesday, 05 February 2025 11:35 AM

ගොවීන් ඉල්ලුවේ සහතික අවම මිලක්. දැන් උපරිම මිලට යටින් ඕන අඩු මිලකට මුදලාලිලාට වී ගන්න පුළුවන්. අඩුම වශයෙන් රජය වී මිලට ගන්න සහතික මිල කියන්න. පච ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඒ කාලේ රවට්ටලා අමුඩ ගස්සවලා පාරට දක්කපු ගොවියෝ තවමත් හරක් රැලක් කියලා.

:       45       31

SisbaraWednesday, 05 February 2025 01:00 PM

ඔබ වැරදියි. ආර්ථික විද්‍යාවේ අනුව සැපයීම සදහා දෙන්නේ උපරිම මිල.

:       7       2

ලක්විදු Wednesday, 05 February 2025 11:37 AM

දැන් වගකීම ඇත්තේ ගොවි මහතුන්ගේ අතේ, ජනතාවගේ මුදලින් වාරි සහනාධාර, පොහොර සහනාධාර, කෘෂි උපදේශන, වගා හානි සහනාධාර ලබාගෙන මෙම මුදලට (අසාධාරණ නොවන) වී ටික ජනතාව ගැන සිතා රජයට විකුණනවාද, නැතිනම් රුපියලක දෙකක වාසියට කෑදර වී සහල් මාෆියාකාර මුදලාලිලාට දී පසුවට එම මාෆියාකාරයන්ට මහජනතාව පාවා දෙනවද කියන එක...!

:       18       58

Kazi Shajahan Wednesday, 05 February 2025 11:40 AM

ඉතාමත් සාධාරණ මිලක් ගොවියාට දීලා තියෙනවා.

:       20       59

මැක්ස් Wednesday, 05 February 2025 12:28 PM

කිලෝවකට රු. 140 ඕනා යයි කියමින් ගොවින් ඇවිස්සු නාමල් කරුණාරත්නලාගේ නරුම්කම් සෝදා හැරීමටත්, මෙම මිල එකග නොවන ගොවීනට කඩාකප්පල්කාරීන් යයි අවලාද නැගීමට දැන් ඉතින් මාලිමා ඩොබිවරුන්ට අවස්තාව උදා වේ.

:       9       9

සිල්වා Wednesday, 05 February 2025 12:31 PM

බබා හම්බ වුණා. වී සහිත මිල අනුව සහල් සිල්ලර මිල සඳහාද ගැසට්ටුවක් වහාම අවශ්‍යයි. තොග මිලට පාලන මිල අනවශ්‍යයි...!

:       0       1

ranjith Wednesday, 05 February 2025 01:11 PM

මොන ගොන් තීරණයක්ද 120 උපරීම කියන්නේ අවම මිලනේ කියන්න තිබුණේ

:       1       5

තේ ගොයියෝ Wednesday, 05 February 2025 01:18 PM

ඇයි මේ අමාත්‍යාංශ තුනකින් නඩත්තු කරන වී ගොයියෝ විතරක් රකින්නේ.තේ පොල් වවන අපිට වගා හානි නෑ සහනාධාර නෑ සහතික මිලක් නෑ .හැබැයි අපි මහා භාන්ඩාගාරට සතේක බරක් නැතුව විදේශ විනිමයට දායක වෙනවා

:       0       7

casmir Wednesday, 05 February 2025 01:27 PM

සහල් කිලෝග්‍රෑමයක මිල රඳා පවතින්නේ ඇඹරුම් ක්‍රියාවලිය සහ වී සහල් බවට පත් කිරීමේදී සිදුවන අනෙකුත් වියදම් (ශ්‍රමය, යන්ත්‍රෝපකරණ, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම වැනි) වැනි සාධක කිහිපයක් මත ය. සාමාන්‍යයෙන්, මෙම අතිරේක පියවර නිසා සහල් සඳහා වී වලට වඩා වැඩි මුදලක් වැය වේ. වෙළඳපොළ සහ ස්ථානය අනුව සහල් මිල කිලෝග්‍රෑමයකට වී මිල මෙන් 2 සිට 3 ගුණයක් පමණ විය හැකිය. උදාහරණයක් ලෙස, වී මිල කිලෝග්‍රෑමයකට රු. 120 ක් නම්, සහල් මිල කිලෝග්‍රෑමයකට රු. 240 සිට 360 දක්වා පරාසයක පැවතිය හැකිය. ඉතින් නාමල් කුමාරයා යථාර්ථයට මුහුණ දෙනවා, ඔබේ රෙදි ගලවා ඇවිදින්න

:       3       3

ජයනාත් Wednesday, 05 February 2025 01:30 PM

පොහොර සහනාධාර ලැබෙන නිසා මේ මුදල් ප්‍රමාණවත් .

:       4       1

ගමේ එකාලා Wednesday, 05 February 2025 01:38 PM

මොනවා කළත් මොලේඋඩ ඉන්න කුහකයන්ට වැරදිමයි පේන්නේ?ජනතාවගේ රීර්‍රී මාන්ස හූරගෙන කාලා ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටිත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 62 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 48 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 74 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 272 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 432 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 150 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site