IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ පැටිකිරිය

(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. නිලන්ත  හෙවත් බන්ටි  යන නමින් පෙනී සිටියකු බව ද  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන්  බන්ධනාගාරගතව සිට සිද්ධියට පෙර දින එළියට පැමිණ ඇති බවත් කළක් සැකකරු සිවුරක් දරා  සිට ඇති බවත් පොලිසිය පවසයි.

යුද හමුදා සේවයෙන් පළා ගිය පුද්ගලයකු යැයි කියන අදාළ සැකකරු වෛද්‍යවරිය අපයෝජනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් ගොස් තිබිණි. එසේ පැහැරගත් දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර එම සංඥා අනුව යමින් ගල්නෑව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.

අවුකන දුම්රියපොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම මොවුනට සැකකරු මෙම ප්‍රදේශයේ සැඟවී ඇතැයි සැකසිතීමට මූලික හේතුවෙන් පොලීසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව යමින් සැකකරු ගල්නෑව, හෙළබොදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වීමට   පුහුණු වන ඇය පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී අවසන් කර නිල නිවසට යද්දී මෙම අපරාධයට මුහුණ දුන්නාය.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇත.

 



අදහස් (6)

වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ පැටිකිරිය

Toni Wednesday, 12 March 2025 02:20 PM

මොකක්ද මේ සැකකරුගේ බඩ ප්‍රෙද්ශයට වෙලා තියෙන්නේ..? ඔහු කිනම් හෝ රෝගයකින් පෙළෙන්නෙක්ද?

:       0       5

Kazi Shajahan Wednesday, 12 March 2025 04:40 PM

සමාජය දූෂිත වෙලා තියෙන්නේ... කෝ සැපවත්, පොහොසත් රටකට ඡන්දෙ දුන්නා. තාම මොනවත් නැහැ නේ. මනුස්සයා දවසෙන් දවස ප්‍රපාතයට යනවා. තාම කිසිම දියුණුවක් නැහැ.

:       1       0

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 04:52 PM

වෛද්‍යවරිය සහ පවුලේ අය ගැන හරිම කණගාටුයි.

:       0       4

fairoos Wednesday, 12 March 2025 05:04 PM

නිසි දඬුවම් ලැබුණොත් මෙවැනි අපරාධ අඩු කරන්න පුළුවන්. එපා නම් දෙන්න එපා.

:       0       1

Nihal Wednesday, 12 March 2025 05:25 PM

වැඩ නපුරු වුණාට පෙනුම අහිංසකයි. සේයා ඝාතනයට වගේ නොකරපු අයියා අල්ලන් ගියා. කාටත් මතක ඇති. මෑතකදී අවුරුදු 9ක් රිමාන්ඞ් එක සිට නිදහස් කළා. සැබෑ අපරාධකරු ඇල්ලුවාට පසු, අහුනොවුණා නම් ඒ අහිංසකයා හිරගෙදර දුක්විඳලා මැරිලා යනවා.

:       1       1

Mohan Mangala Mapa Wednesday, 12 March 2025 05:55 PM

අතවර කළා නම් ඉක්මන් ක්‍රියාමාර්ග, ස්ට්‍රයික් හොයාගන්නවා. අහිංසක ළමයෙකුට වුණොත් මොකුත් නෑ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු
2025 මාර්තු මස 12 136 0

අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී


උරුමය නවත්වයි
2025 මාර්තු මස 12 170 0

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිම


දේශබන්දුගේ පෙත්සමට තීන්දුව 17
2025 මාර්තු මස 12 174 1

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනව


වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 629 1

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


නාමලුත් රිලව් ගණින්න සූදානමින්
2025 මාර්තු මස 12 540 4

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම


ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට
2025 මාර්තු මස 12 831 4

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 354 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site