IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බලසිටින්නන් ඒවා පියාඹන පිරිස ලෙස පැවැසීම පුදුමයක් නොවන බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය. අත්භූත එළි 4 චතුරශ්‍රාකාරව සිට තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවද එම පුවත්පත ප්‍රකාශ කළේය.

මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.

විශේෂඥයෝ මේවා පියාඹන පිරිසි එළි නොවන බවට මත පළ කර ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය. හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූපගත කළ ඩිගිනස්ගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් එලෙස පළවූ ප්‍රසිද්ධ මතවලින් කීපයකි.



අදහස් (1)

වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?

Ama Friday, 29 November 2024 05:39 PM

හේ නිව්යෝර්ක් මේවා දේවතා එළි....

:       5       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 79 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 109 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


පුටින්ගෙන් දැඩි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 799 0

එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි


හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන්
2024 නොවැම්බර් මස 29 91 0

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (


උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 178 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි
2024 නොවැම්බර් මස 29 358 0

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site