IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක්‘ - රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හින්දු පත්‍රයේ එන්.රාම්ට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව

අගෝස්තු 17 වැනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශී‍්‍ර ලංකාවේ ඇතිව තිබෙන වාතාවරණය ජාතික ගැටලූවට දේශපාලනමය විසදුමක් ලබාදීම වෙනුවෙන් හොඳින්ම ගැලපෙන්නක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහසයි.මෙවර මැතිවරණයේ ප‍්‍රධාන පාක්ෂිකයින් වූයේ තමන් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,හා දෙමළ ජාතික සන්ධානය යැයි පවසා සිටින ඔහු එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ස්ථීර රජයක් පිහිටුවීම සදහා ඇති අවස්ථා සියල්ල තම පක්ෂය විවෘත මනසකින් යුතුව සළකා සිටින බවද පැවසීය.‘‘අපි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ.එයින් අපට හැකිවේවි අප එකිනෙකා අතර ඇති වෙනස්කම් අමතක කර දමා එකට එකතුවෙන්න‘‘.ඔහු කීය.හිටපු ජනපතිනී චනද්‍රිකා බණඩාරනායක මහත්මිය ගැනද විශේෂ සඳහනක් කළ ඔහු පක්ෂ අතර සහයෝගය ඇතිකිරීම සදහා ඇයටද විශාල කාර්ය භාරයක් පැවරී තිබෙන බව කියා සිටියේය.

මැතිවරණයෙන් තියුණු ජයක් අත්කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය.ඒ අනුව සිව්වැනි වරටත් ශී‍්‍රලංකාවේ අගමැතිවරයා ලෙස දිව්රුම්දීමේ අවස්ථාව රනිල් වික‍්‍රමසිංහට හිමිවුනි.ජාතික රජයක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද විශේෂ සිදුවීමක් විය.

අගමැතිධූරයේ රාජකාරි භාරගැනීමෙන් දිනකට පසු රනිල් වික‍්‍රමසිංහ හින්දු පුවත්පත හා සම්බන්ධවී කරුණු රාශියක් පිළිබදව අදහස් හුවමාරු කරගත්තේය. දෙමළ ජාතිකයින් ගැන ඔහු විශේෂයෙන් සඳහන් කළේය .දිවිසරිකර ගැනීමට,සංවර්ධනයට,මානව හිමිකම් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වෙනුවෙන් ස්ථීරසාර දේශපාලන විසඳුමක් අන්තර්ගත කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අවධානය යොමුව තිබෙන බවද හෙතෙම පැවසීය.

‘‘ඇත්තටම පරිපාලනමය ගැටලූ ගොඩක් තිබෙනවා.ඒවා ඉක්මනින් විසදා ගත යුතුයි.ඒ අතරේ ඇතැම් පළාත් පාලන ආයතනයන් ඉල්ලා සිටිනවා ස්වාධීන බලතල.දැනට සියලූ පළාත් සභා මධ්‍යම රජය හා සම්බන්ධවයි වැඩකරන්නේ.මෙසේ බලතල ලබාදීමෙන් සිදුවන්නේ ඔවුන්ට මධ්‍යම රජයේ සම්බන්ධයක් නැතිව කටයුතු කරන්න පුලූවන් වෙන එක.මෙයත් අප ඉදිරියේ තියෙන ගැටලූවක්.ඉක්මනින්ම විසදුමක් සොයාගත යුතුයි.‘‘

එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු කාලයක් ගතව ඇතත් මේ දක්වාම ජාතික ගැටලූවට සාර්ථක විසදුමක් ලබාදීමට නොහැකිව ඇත්තේ මන්ද යැයි විමසූ විට ඊට වික‍්‍රමසිංහ පිළිතුරු ලබාදුන්නේ එළෙසය.

එක්සත් කිරීමට යන්නේද නැතිනම් ෆෙඩරල් ක‍්‍රමයක් යටතේ බලය බෙදා දීමට යන්නේද,දෙකෙන් එකක් තීරණය කරගත නොහැකිව සිරව සිටීමට සිදුවේද යැයි විමසා සිටි විට ‘‘අපට මේ ගැන විශේෂයෙන් සළකා බලන්න සිදුවෙනවා.අප ඉදිරිපත් කරන විසදුමට ඉන්දියාවෙත් අනුමැතිය හිමිවිය යුතුයි.අපි බලමු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේකට පිළිතුරක් ලබාගන්න පුලූවන්ද කියලා.13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උපරිමයෙන් කි‍්‍රයාවට නැංවීමයි අපේ සැළැස්ම.අපි දැනට නිරතවී සිටින්නේ මේ සම්බන්ධ වැඩකටයුතු වල.‘‘ ඔහු පිළිතුරු දුන්නේය.

නව ව්‍යවස්ථාවක් මාර්ගයෙන් මාස කිහිපයක් ඇතුළත දෙපාර්ශවය අතර දේශපාලන එකගතාවක් ඇතිකරගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂාවෙන් සිටින බව වික‍්‍රමසිංහ පැවසීය.විසදා ගැනීමට තිබෙන්නේ ඉතාම පටු ගැටලූ කිහිපයක් යැයි ඔහුගේ අදහස වුනි.

 

සම්මුඛ සාකච්ඡාවේ වැදගත් කරුණු

''13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව හැකි උපරිම අයුරින් බලය බෙදීමක් සිදුකරන්න කටයුතු කරනවා.''

 

අගමැතිතුමනි,ඔබ ඉතා වැදගත් කාර්යභාරයක් ගැන සඳහන් කළා. ශී‍්‍ර ලංකාවට තවත් අලූත් ව්‍යවස්ථාවක් හදුන්වාදීමක් ගැන.මේක ගොඩක් කල්ගතවෙන වැඩක් නෙවෙයිද?

මෙහෙම කියන්නම්.නිදහස් පක්ෂය නම් හිතන්නේ මේකට අවුරුදක් විතර ගතවේවි කියලා.නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපි නම් ඉන්නේ මාස 6 කින් විතර ව්‍යවස්ථාව සකස් කර අවසන් කරන්න පුලූවන් කියන මතයේ.අලූත් මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම තමයි මේ නව ව්‍යවස්ථාවේ අවධානයට ලක්කෙරෙන ප‍්‍රධානම කරුණ.මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න දැන් අපි සියලූදෙනාම එකඟවෙලා සිටින්නේ.මැතිවරණ කොට්ඨාශ ගැනවත්,ජාතික ලැයිස්තුවෙන් පත්විය යුත්තේ කවර පුද්ගලයින්ද ගැනවත් අපි තවමත් එකඟතාවයකට පැමිණිලා නැහැ..ඒ අතරේ විධායක ජනාධිපතිධූරය ගැනත් ගැටලූවක් තිබෙනවා.සිවිල් සංවිධාන ඉන්නේ විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය කියන මතයේ.නමුත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට ඒකට කැමති නැහැ.ඒ හින්දා අපට මේ ඔක්කොම සළකා බලලා පාර්ලිමෙන්තුව තවත් හොඳට ශක්තිමත් කරන්න පුලූවන් කොහොමද කියලා හොයලා බලන්නත් තියෙනවා.පළාත් පාලන ආයතන ගැනත් විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා.මේවා තමයි දැනට අපේ සැළකිල්ලට ලක්වෙලා තියෙන දේවල්.

 

ශක්තිමත් නායකත්වයක් යටතේ,විශේෂයෙන්ම ආර්ථික කටයුතු වලින් ශී‍්‍රලංකාව ඉදිරියට ගෙන යෑමේ වගකීම පැවරෙන්නේ ඔබට.අන්තර්ජාතික ප‍්‍රජාවත් ඔබගේ කටයුතු ගැන සැළකිල්ලෙන් ඉදීවි.

මම හිතන්නේ අපට දුරගමනක් ඒ වගේම හොඳ ගමනක් යන්නට පුලූවන් වේවි.නමුත් මම කැමතියි ඒ අය එක්ක අවබෝධතාවක් ඇතිව වැඩ කරන්න.එතකොට අපි දේශපාලනයේ නැති දවසක වුනත් රට ඉදිරියට යන එක නතර වෙන්නේ නැහැ.

 

ශී‍්‍රලංකාවේ දැනට තිබෙන දේශපාලන වාතාවරණය උතුරු හා නැගෙනහිර පළාත් වල දෙමළ ජාතිකයින්ගේ ගැටලූවලට එහෙමත් නැතිනම් ජාතික ගැටලූවට ඉක්මනින් විසදුමක් ලබාදෙන්න බෙහොම හොඳින් ගැලපෙන බවට අදහසක් පවතිනවා.ඔබත් බලය බෙදීමට එකඟයි.නමුත් ස්ථීරසාර දේශපාලන විසඳුමක් ලැබෙන තෙක් තවත් කොච්චර කාලයක් බලන් ඉන්නට සිදුවේවිද? යුද්ධයේ අවසානයත් එක්ක දැනටමත් ලොකු කාලයක් නාස්ති වෙලා තියෙන්නේ.

ඇත්තටම පරිපාලනමය ගැටලූ ගොඩක් තිබෙනවා.ඒවා ඉක්මනින් විසඳා ගත යුතුයි.ඒ අතරේ ඇතැම් පළාත් පාලන ආයතනයන් ඉල්ලා සිටිනවා ස්වාධීන බලතල.දැනට සියලූ පළාත් සභා මධ්‍යම රජය හා සම්බන්ධවයි වැඩකරන්නේ.මෙසේ බලතල ලබාදීමෙන් සිදුවන්නේ ඔවුන්ට මධ්‍යම රජයේ සම්බන්ධයක් නැතිව කටයුතු කරන්න පුලූවන් වෙන එක.මෙයත් අප ඉදිරියේ තියෙන ගැටලූවක්.ඉක්මනින්ම විසඳුමක් සොයාගත යුතුයි.ප‍්‍රධාන පක්ෂ දෙකත්,තුන්වැනියා වන දෙමළ ජාතික සන්ධානයත් මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කළ යුතුව තිබෙනවා.අන්තිම විසඳුම සකස් වෙන්නේ මේ තුන්දෙනාගේම එකතුවෙන්.

 

ඔවුන් නියෝජනය කරන පළාත් පාලන ආයතනයන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදෙන ලෙස දෙමළ ජාතිකයින් ඉල්ලා සිටින්නේ බොහොම කාලයක ඉදන්.ඒ බලතල ලබාදෙන්න කෙරුණු උත්සාහයනුත් තිබුණා.නමුත් අන්තිමට මුකුත් වුනේ නැහැ.

මම හිතන්නේ ගොඩක් දෙනා ඔවුන්ගේ ඉඩ කඩම් ගැන සෑහීමකට පත්වෙලා ඉන්නේ.ගැටුම් සමයේදී ඔවුන්ගේ ඉඩම් වලින් ඉවත් කෙරුණු ජනතාවට නැවත එම ඉඩම් වල නැවත පදිංචි කිරීමේ කටයුතු වලයි ඇත්තටම ගැටලූ මතුවෙලා තියෙන්නේ.විශේෂයෙන් යාපනයේ හා නැගෙනහිර ප‍්‍රදේශවල.ජාතික ආරක්ෂාව ගැනත් අපි සැළකිලිමත් විය යුතුයි.ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඉන්න අපට වුවමනාවක් නැහැ.අපි ඒවා නියම අයිතිකරුවන්ට භාරදෙනවා.ආරක්ෂක අංශ මේ සම්බන්ධ කටයුතු වල දැනටමත් නියැළිලා සිටින්නේ.පොලිස් බලතල ගැන කියනවානම්,එම බලතල ලබාදීමක් ගැන මුලින් කියවුනත් දැන් කතාබහක් තියෙනවා එහෙම බලතල ලබාදුන්නොත් පොලිසිය දේශපාලනීකරණය වෙන්න පුලූවන් නිසා බලතල ලබානොදී සිටීම සුදුසුය කියා.මා සිතන්නේ සුදුසුම දෙය තමයි ස්වාධීන පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කර ඔවුන්ට මේ ගැන විමර්ෂණය කරන්න අවස්ථාව ලබාදීම.ඉන් පසුව අපට පුලූවන් පළාත් සභා වලට ලබාදෙන බලතල ගැන තීරණය කරන්න.රාජපක්ෂ පාලන සමයේ පොලිසිය දේශපාලනීකරණය වෙලා තිබුණු හැටි ගැන අපි හැමකෙනෙක්ටම හොදට අත්දැකීම් තියෙනවා.පළාත් පාලන ආයතන වලට නීතිය හා සාමය පිළිඹද කටයුතු වලදී ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කරන්න අයිතියක් තිබෙන බව අපි පිළිගන්නවා.අපි ඒක කිසිමවිටෙකත් නොසළකා හරින්නේ නැහැ.

 

එක කණ්ඩායමක් කියනවා ෆෙඩරල් විසඳුමක් ගැන.නමුත් ව්‍යවස්ථාවෙන් කියන්නේ එක්සත් රටක් ගැන.මේ දෙක මුල්කරගෙන ගැටුම් ඇතිවෙන එක වළක්වන්න බැහැ.විසඳුම මොකක්ද.ඔබ කියන හැටියට බලය බෙදීමද?,එය තවත් පැහැදිලි කළොත්,එක්සත් ශී‍්‍රලංකාවක තම තමන්ට කැමති තීන්දු තීරණ ගන්න ඇති අයිතිය ශක්තිමත් ක‍්‍රමවේදයන් භාවිතයෙන් තහවුරු කිරීමද?

ඔව්.එය තමයි අපට තියෙන විසඳුම.ඇත්තම කියනවානම් බලය බෙදීමෙන් ලැබෙන්න යන බලතල ෆෙඩරල් ක‍්‍රමයක ඇතිකිරීමෙන් ලැබෙන බලතල වලට වඩා වැඩියි.අපි බලමු කොහොමද මේක වැඩකරවන්න පුලූවන් කියලා.ඉදිරිපත් කරන විසඳුමට ඉන්දියාවෙත් අනුමැතිය හිමිවිය යුතුයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේකට පිළිතුරක් ලබාගන්න පුලූවන් වේවි.13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උපරිමයෙන් කි‍්‍රයාවට නැංවීමයි අපේ සැළැස්ම.අපි දැනට නිරතවී සිටින්නේ මේ සම්බන්ධ වැඩකටයුතු වල.

 

ඉදිරියට යන්න පුලූවන් කියා ඔබට විශ්වාසයි?

මා සිතනවා අපට පුලූවන් වේවි කියලා.

 

ශී‍්‍රලංකාවේ සිදුව ඇති බව කියන මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ෂණයක් පැවැත්විය යුතුය කියා ප‍්‍රබල මතයක් ගොඩනැගී තිබෙනවා.නමුත් ශී‍්‍රලංකාවේ අදහස වන්නේ මේ විමර්ෂණය සිදුවිය යුත්තේ දේශීයව සකස් කෙරුණු යාන්ත‍්‍රණයක් යටතේ බව?

අපි රෝම ප‍්‍රඥප්තියට අත්සන් කර නැහැ.ඒ නිසයි අපි දේශීය යාන්ත‍්‍රණයක් යටතේ මේ කටයුතු සිදුවිය යුතු බව නැවත නැවතත් කියන්නේ.2009 දී රාජපක්ෂ රජය එක්සත් ජාතිීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ වුනු පොරොන්දුව එක එක විදහට තේරුම් ගන්න පුලූවන්.එක අවස්ථාවක ඔවුන් අන්තර්ජාතික විමර්ෂණයක් පවත්වන්න සහය පළකළා.ඒ ගැනයි අපි අදටත් මේ කතාකරන්නේ.නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපි එදත් කීවේ,අදත් කියන්නේ චෝදනා තියෙනවානම් ඒ ගැන සොයා බලන්න දේශීය යාන්ත‍්‍රණයක් යටතේ කි‍්‍රයාත්මක වෙන විමර්ෂණයක් හොඳටම ප‍්‍රමාණවත් බව.ජනතාව අන්තර්ජාතික විමර්ෂණයකට සහය පළකළේ එදා අධිකරණය ගැන ඔවුන්ට තිබූ විශ්වාසය බිඳවැටී තිබුණු නිසා.අපට මේ ගැටලූව මිීට ඉස්සරත් තිබුණා.ව්‍යවස්ථාවට අනුකූල වෙන,රටේ සියලූම ජාතීන්ගේ වගේම අන්තර්ජාතික ප‍්‍රජාවගේත් අනුමැතිය හිමිවන දේශීය යාන්ත‍්‍රණයක් මේ චෝදනා විමර්ෂණය කිරීම සදහා ඉදිරිපත් කරන්න අපි කැමැත්තෙන් සිටින්නේ.

 

මේ කටයුතු වලට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලබාදෙන දායකත්වය මොනවගේද?

ජාතීන් අතර සහයෝගය වර්ධනය කිරීමේ කටයුතු වල වැඩිබර පැවරිලා තිබෙන්නේ ඇයටයි.ඒ වගේම ඇය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයෙ වගකිවයුතු කටයුතු වලත් නියැළිලා ඉන්නවා.මා සිතන්නේ ඇයටයි,පක්ෂයේ සභාපති වන ජනපති මෛතිී‍්‍රපාල සිරිසේනටයි වුවමනායි ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට අහිමිවෙලා තියෙන අනන්‍යතාවය නැවත ඇතිකරන්න.එක්සත් ජාතික පක්ෂයේ අපි කවදාවත් අපේ අනන්‍යතාවය නැතිකරගත්තේ නැහැ.අපිත් නොයෙක් අවස්ථාවල සන්ධානගත වුනා තමයි.නමුත් අපි නම නැතිකරගත්තේ නැහැ.ඒත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගත්තාට පස්සේ පක්ෂයේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වගේ නැති කරගත්තා.

 

ඇයට පුලූවන් නේද ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ලබාදීමේ කටයුතු වලට එක්වන්නත්.ඇයගේ පාලන සමයේ ඉදිරිපත්වුනු ව්‍යවස්ථා යෝජනා වල බොහොම හොඳ අදහස් තිබුණා මේ සම්බන්ධව.

ඇත්ත.ඇයට හොඳ අදහස් තිබුණා.ඒ නිසයි එක්සත් ජාතික පක්ෂය නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ.මේ වෙලාවේදී සියලූදෙනාගේ අදහස් අපට වැදගත්.වෙනස්කම් මුල්කරගෙන බෙදිලා ඉන්න වුවමනා නැහැ.

 

ඔබ හා ජනපතිවරයා එක්ව ගෙන තිබූපියවර නිසා මෙවර කාටවත් පක්ෂ මාරු කරන්න අවස්ථාවක් ලැබුණේනැහැ.විශේෂයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට එක්සත් ජාතික පක්ෂය හා එක්වන්නට.එහෙම වුනත් එක්සත් ජාතික පක්ෂය හා එක්වන්න කැමැත්තෙන් සිටි අය උන්නාද?

එහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්න අපි කැමති වුනේ නැහැ.නිදහස් පක්ෂයෙන් දහ පහළොස් දෙනෙක්ම අපේ පැත්තට ගන්න තිබුණා බොහොම පහසුවෙන්ම.එහෙම කළානම් පක්ෂයේ නායක ජනපති සිරිසේන පත්වෙන්නේ ලොකු අපහසුතාවයකට.නමුත් අපට පුලූවන් නම් නිදහස් පක්ෂයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න,ආන්න ඒක ඒ පක්ෂයෙන් දහයක් - පහළොවක් අපේ පැත්තට ගන්නවාට වඩා වාසිසහගත දෙයක්.මොකද අපි ඇතිකරන්න හදන්නේ අඩුම ගණනේ තවත් වසර 10 ක් යනකම්වත් වෙනසක් කරන්නේ නැතිව කි‍්‍රයාත්මක කරන්න පුලූවන් ජාතික ප‍්‍රතිපත්තියක්.එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමෙන්තුවේ බහුතර බලය හිමිවුනේ නැහැ.නමුත් වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගෙන සිටි නිසා අපට වුවමනා වුනා රජයක් හැටියට වැඩභාර අරගෙන ඉදිරියට යන්න මාර්ගයක්.ඉන්දියාවේ ලෝක් සභාවේ බහුතරය හිමිවෙලා තියෙන්නේ භාරතීය ජනතා පක්ෂයට.නමුත් රාජ්‍ය සභාවේ බහුතරය ඔවුන්ට හිමි නැහැ.ඒ හින්දා ලෝක් සභාවේ ගන්නා සමහර තීරණ වලට රාජ්‍ය සභාවේ අනුමැතිය හිමිවන්නේ නැහැ. දේශපාලන මතිමතාන්තර මුල්කරගෙන ඔක්කොම බෙදිලා ඉන්නේ.මේ නිසා ඉන්දියාවට දේශපාලනමය වශයෙන් ඉස්සරහට යන්න අපහසුයි.ඉතාම සුළු බලතලවලටත් පොරකන මේවගේ වාතාවරණයක් ශී‍්‍රලංකාවෙත් ඇතිවෙනවා දකින්න මම කොහෙත්ම කැමැතිවුනේ නැහැ.එකඟතාවයක් ඇතිකරගෙන ඉදිරියට යන එක වඩා හොඳයි.හරි ගියොත් ඔක්කොටම එකම මතයක ඉදලා වැඩකරන්න පුලූවන් වේවි.එහෙම නැතිවුනොත් එක එක්කෙනා ඔවුන්ට කැමති මාර්ගවල යාවි.නමුත් අපට එකට එකතුවෙලා වැඩකරන්න පුලූවන් බව මට නම් සියයට සියයක්ම විශ්වාසයි.දේශපාලනය මුල්කරගෙන බෙදිලා,එක එක්කෙනාට චෝදනා එල්ල කරමින් ඉන්න අපට දැන් කාලයක් නැහැ.බරපතල ගැටලූ ගොඩක් තිබෙනවා විසඳන්නට.රැුකියා ගැටලූව,ජාත්‍යන්තර තලයට යන්නට අපේ ආර්ථිකය දියුණු කිරීම,ජාතීන් අතර එක්සත්භාවය ඇතිකිරීම,අධ්‍යාපනය වැඩිදියුණු කිරීම,නිදහස් සෞඛ්‍යය,නිදහස් අධ්‍යාපනය මේ සේවා දිගටම පවත්වාගැනීම,රටට පැටවී තිබෙන මහා ණය බර, මේ ඔක්කොම අප ඉදිරියේ තියෙනවා.

 

අවසානයට.අන්තර්ජාතික සබඳතා ගැන කතාකරමු.සබඳතා ඇතිකරගන්න ශී‍්‍රලංකාව මේ දක්වා යොදාගත්තු ක‍්‍රමයේ සැබෑ වෙනසක් ඇති වේවිද?

ගොඩක් දෙනෙක්ට මහින්ද රාජපක්ෂ රජයේ අන්තර්ජාතික සබදතා ගැන පැහැදීමක් තිබුණේ නැහැ.බටහිර රටවල් අමනාප කර නොගත යුතුයි.අප උත්සාහ කරන්නේ ශී‍්‍රලංකාවත් එක්ක බොහොම මිතුරු වෙලා හිටපු ඒ රටවල් එක්ක නැවත සබදතා ගොඩනගාගන්න.ඒ අතරේ ඉන්දියාව එක්ක අපේ තියෙන සබඳතා තවත් ශක්තිමත් කරගන්නත් අපි කටයුතු කරනවා.චීනයත් අමතක කරන්නේ නැහැ.චීනය කියන්නේ අතීතයේ ඉදන්ම ශී‍්‍රලංකාවත් එක්ක සබදතා පවත්වාගත්තු රටක්.ඒ එක්කම ජාත්‍යන්තර ගැටලූ වලදී රටක් හැටියට අදහස් දක්වන්නත්,යෝජනා ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ඔබට ශී‍්‍රලංකාවේ විසදන්න ගැටලූ රාශියක් තිබෙනවා.ඔබේ සිත්ගත් ව්‍යාපෘතීන් වෙනුවෙන් වැයකරන්න ඔබට කාලය ඉතිරිවේවිද? උදාහරණයක් හැටියට ඉන්දියාව හා ශී‍්‍රලංකාව යාකරන පාලම සම්බන්ධ ව්‍යාපෘතිය වගේ.

ඇත්තටම ඉස්සෙල්ලාම කරන්න  ඕනේ රට ඉදිරියට ගන්නා එක.ඒක තමයි අපේ පළමු ඉලක්කය.අනෙක් දේවල් ගැන පසුව සොයාබලන්න පුළුවන්.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක්‘ - රනිල්

චතුර Tuesday, 25 August 2015 10:01 AM

අපි මොකටද ඉන්දියාවෙන් අනුමැතිය ගන්නනේ ?(හේ)

:       0       0

දියුපති දිසානායක Tuesday, 25 August 2015 10:39 AM

මගේ රට ලෝකයත් සමග ඉදිරියට යා යුතුය. මේ හදනවා කියූ ව්‍යවස්ථාවට පුළුවන්නම් වෙනස්වන ලෝක අාර්ථික හා සමාජීය තත්වයන්ට සමගාමීව මගේ රට දියුණු කරන්නට, අන්න නුඹයි අපේ පුතා සමත්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 155 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1484 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1037 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1140 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1715 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 687 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site