IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සන්ධානයකට එජාපයෙන් සජබෙට ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන්ට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කිරීමේ වගකීම පවරා ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත .

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදීය . 



අදහස් (35)

සන්ධානයකට එජාපයෙන් සජබෙට ආරාධනයක්

සමන් Monday, 23 September 2024 09:20 PM

දැන්වත් මොලේ පෑදුනොත් හොදයි

:       153       95

Dharmatileke Monday, 23 September 2024 09:36 PM

ගියොත් සජබෙත් ඉවරයි

:       63       202

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 09:52 PM

හොරු හොරු එකතුවෙලා ගේම ගහන්නයි සූදානම, අපිත් දැන් එකතුවෙලා ඉන්නේ බලමු දිනන්නේ කවුද කියලා....

:       65       346

ranjithTuesday, 24 September 2024 12:24 PM

අසූ ගණන්වල ජේ.ආර් ගැටබේ මහානායක ස්වාමීන් වහන්සේගෙන් පලිගත්තු හැටි අපට තාමත් මතකයි. බොරු වෙස් වලාගෙන ඡන්දේ කාලෙට ඉන්නේ පන්සල් වල. සමහර හාමුදුරුවන්ට මේවා අමතක වේලා.

:       4       14

මෙයිලි Monday, 23 September 2024 10:07 PM

ගියා නම් පාඩු ⁣ඉන්නේ නැතුව ආයෙත් එනවාද රට කන්න

:       60       271

Prasad Monday, 23 September 2024 10:26 PM

ඕක කලින් කරන්න තිබුනේ.

:       44       111

Prabha Monday, 23 September 2024 10:29 PM

බල තන්හාවේ කෙලවරක් නෑ. මැරුණත් පාර්ලිමේන්තුවේ භූතයෙක් වෙලා ඉදියි

:       38       244

Nimal Monday, 23 September 2024 10:52 PM

අඩෝ. සර්පයෝ එකතුවෙනවද? අනුර, පළමුව හොරු හිරේ දාන්න. පස්සේ ඡන්දය තියන්න.

:       33       218

harsha Monday, 23 September 2024 11:03 PM

සමගි ජන බලවේගය මේ වෙලාවේ කලයුත්තේ මාලිමාව සමග එකතු වීමයි. රනිල් එක්ක අනාගතයක් නෑ.

:       7       14

Lalla Tuesday, 24 September 2024 07:33 AM

සජබයට සිරිකොත භාර දීම නේද වියයුතු. එකම නායකයෙක් අවුරුදු සීයක් උන්නාම පක්‍ෂ දියුණුවට මොකද වෙන්නේ.

:       10       40

Sagara Tuesday, 24 September 2024 07:46 AM

හා එන්න එන්න,,,. එක මිටකට ගෙදර යවන්න.

:       11       49

වික්කම සිංහ Tuesday, 24 September 2024 07:49 AM

මට වැල් පාලම නැතුව බැරියෝ.. බලය නැති නිසා විකුණගන්න දෙයක් නැතුව මට දැන් වැලේ වැල් නැතිවෙන වෝ.. මීට පස්සේ මගේ බොරු වැල් බයිලා අහන්න මගේ වටේ හිටපු පුට්ටු වේ කටු ලෙවකන සක්කිලි සෙට් එකත් නැතෝ… මම ගහපු ගේම් දැන් එක එක එලියට එනවෝ.. මාව ඇතුලට දාන දවස ලංවෙන කොට රෑට රෑට නපුරු හීන පෙනාවෝ..බෙල්ලේ වැලක් වැටිලා වගේ පේනවෝ… අනුර දිනපු එක දැනුම් දෙන්න එන්න කියපු වෙලාවේ මම මග ඇරියේ මගේ තියන ඉරිසියාව නිසාදෝ…මම කොච්චර කුහක දෙකයි පනහේ මිනිහෙක්ද කියල මට දැන් තේරෙනාවෝ.. මට බලය නැතුව ඉන්න බැරියෝ… මලත් මම ගේමක් ගහල පෙරේතයෙක් වෙලා හරි පස්ස දොරින් හරි පාර්ලිමේන්තු එනවෝ…

:       14       54

Asela Tuesday, 24 September 2024 08:08 AM

ලමයව ආපහු ඕනේ වෙලා වගේ සීයට , දැන් ඉතින් උඩින් යන්න හෙලිකොප්ටර් , ලෝකේ වටේ රවුන් ගහන්න සමුළු , තරු හෝටල් වලින් පිනට කන්න නැහැනේ

:       13       62

Willows Drive Tuesday, 24 September 2024 08:15 AM

සීයලා සෙට් එක නරකද ගෙදර ගියොත් අපි වගේ තරුණයන්ට රට බාරදීලා

:       12       52

Dewa Tuesday, 24 September 2024 08:30 AM

වෙස්මූණු බැඳන් ආවට ඔය රැලට බුද්ධිමත් ජනතාව රැවටිය නොහැක

:       11       46

Buddika Tuesday, 24 September 2024 08:49 AM

මේක මුලින් කලා නම් අද සජිත් ජනපති.රනිල් මුල ඉඳලම කලේ සජිත්ව කපන එක.අඩුම ලෙස 2වන මනාපයවත් සජිත්ට දෙන්න කිව්ව නම් ඒත් සජිත් දිනනව. සන්ධානයක් හදල එකතුවෙන එක හොදයි.ඒත් එහි නායකත්වයට පත්විය යුත්තෙ සජිත් මිස රනිල් නෙවෙයි.රනිල් වසර 30ක් පරාජිත කෙනෙක්.ජනතා ආකර්ශනයක් නෑ.දින පැනපු යල්පැනගිය නායකත්වයක්.මේක දැන්වත් රනිල් සහ එයාට ඉන්න රවි,අකිල,වජිර,සාගල තේරුම්ගත යුතුයි.රනිල් වගේම රවී,අකිල,සාගල,වජිර හැමෝම ජනතා අප්‍රසාදයට ලක්වුනු අය.ඒ චරිත මාකට් කරන්න බෑ.ඒ මිනිස්සු තමයි යුඑන්පි එක නැතිබන්ගස්තාන කලේ.මේ යතාර්තය ඔවුන් තේරුම්ගත යුතුයි

:       33       33

Thusitha Tuesday, 24 September 2024 09:13 AM

අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ හොරු රැලට එරෙහිව සටන් කිරීමට මහජනතාව වශයෙන් අපි සියලුම දෙනා පක්‍ෂ භේද අමතක කර සහයෝගය ලබා දෙමු.

:       7       45

malith Tuesday, 24 September 2024 09:33 AM

මහත් සෙනෙහසින් බාර දීපු දරුවාව ආපහු ගන්න සීයා දැන් අලියා පිටේ නැගලා එන්න හදනවා නිකන් නෙමෙයි පුතාණෝ එක්කලා

:       13       49

Lak Tuesday, 24 September 2024 09:37 AM

තියන ටිකත් නැති කරගන්න ඕන වෙලා

:       8       38

අශෝකා කුමාරි Tuesday, 24 September 2024 09:56 AM

චන්දෙට කලින් කරන්න තිබුන දෙයක් දැන් කරලා වෑඩක් නෑ .බලයට තියෙන කෑදර කමට හෑමදාම සජිත්ට අකුල් හෙලුවා.සජිත්ට සහය දුන්නනම් අද රනිල් අගමැති . පාර්ලිමේන්තුවට යන්න වෙන ක්‍රමයක් නෑ. ඒකයි සජබෙට හේත්තු වෙන්න හදන්නේ.පුලුවන් තරම් හෑමෝම සජිත්ට මඩ ගෑහුවා.හොරු අයින් කරන්න .අපි කෑමති නෑ. සජිත් මහතා තනියම ගමනක් යන්න. ඉදිරියටත් අපි ඔබ සමග ඔබට ජය වේවා!

:       13       28

ඒ.ඉන්දු Tuesday, 24 September 2024 09:59 AM

හොර දේශපාලුවො අවුරුදු 76 ක් බලය අරගෙන කලේ හොරා කාපු එක.අනුර සහෝදරයා රට බාර ගත්තේ රටේ ජනතාව හදන්න .

:       10       38

Ravindra Tuesday, 24 September 2024 10:58 AM

හොරු ටික එකතු වෙන්න යන්නේ හිරේ යන්න බයට

:       3       22

Sugath Tuesday, 24 September 2024 11:03 AM

රනිල් කරුණාකරලා දැන් ගෙදර යන්න. ඔබේ තණ්හාව අවසන් වන්නේ කවදාද? දැන් ඔබට අවශ්‍ය සියලු හොරු එකතු කර මහ මැතිවරණයේදී NPP ට එරෙහිව තරඟ කිරීමටද? ඔබ දේශපාලකයෙකු ලෙස දශක 4කට වැඩි කාලයක් අසාර්ථක වී ඇත. හරි, එන්න. ඔබ සියලු දෙනා පරාජය කර NPP බහුතර ආණ්ඩුවක් ගෙන ඒමට අපි වෙන කවරදාටත් වඩා පෙළඹී සිටිමු. උගත් සහ දේශප්‍රේමී පුරවැසියන් හොරුන්ට එරෙහිව සටන් කිරීමට NPP ට සහාය වනු ඇත. ඔබේ කාලය ඉවරයි රනිල්. ඔයා දැන් ගෙදර යන්න.

:       3       38

Chalitha Tuesday, 24 September 2024 11:05 AM

සමහර නිෂ්පාද හොද ඒවා.ඒත් යල්පැන ගියාම ඒව අලෙවි කරන්න බෑ.මිනිස්සු ගන්නෙ නෑ.රනිල් ඒ වගේ.විකිනිය නොගැකි ප්‍රඩක්ට් එකක්.වසර30ක් මැතිවරණ ගනනාවක පරාජයට පත් වුණා.රනිල් ගෙ පරාජය අද ඇගට බද්ද වෙලා.කොහොම ඉල්ලුවත් පරාදයි.අනික වයසයි.මේ නිසා ඒ ජෙනරේශන් එක ඉවත්ව යායුතුමයි.සජිත්ට අවස්තාව දීල රනිල් ඉවත්ව යායුතුයි. unp එකේ ජනතා ආකර්ශනය තියෙන්නෙ සජිත්ට.රවි,අකිල,සාගල,වජිර කියන්නෙ ජයගත නොහැකි ජනතා ආකර්ශනක් නැති මිනිස්සු.unp එක වගේ දැවැන්ත පක්ශයක් තුට්ටු දෙකට දැම්මෙ මේ සෙට් එක. මේ නිසා සජිත් ට ඉඩදීල මේ ලෙඩ්ඩු ටික තොලින්චිවෙලා යායුත්මයි

:       5       26

Giriraj Tuesday, 24 September 2024 01:48 PM

සමහර නිෂ්පාදන හොද ඒවා ඒත් යල් පැන ගියාම අලෙවි කරන්න බැහැ .බොරු කියන්න එපා ලොක්කා ලෝකයේ වටිනාම බීම වර්ග වෙන්නෙ ඉතාමත් පරණම ඒවා කියලා අහලා නැද්ද සමහර බෙහෙත් සදහා පරණ මීපැණි ගන්න කියන්න අලුත් ඒවා ගත්තාම බෙහෙතේ ගුණ අඩුවෙලා රෝග සුවපත් නොවන නිසා තමා . ළදරුවන්ට බැරි සමහර වැඩ පියාට පුළුවන් වේවි තවත් සමහර විට පියාටත් බැරි ඒවා මුත්තට පුළුවන් වේවි එහෙම තමයි ලෝක ස්වභාවය

:       0       0

Surain Tuesday, 24 September 2024 11:08 AM

සජිත් ප්‍රේමදාස මැතිදුනි වැදලා කියන්නෙ මෙයත් එක්ක නම් එකතු වෙන්න නම් එපා එපාමයි ඔය රනිල් තමා ඔවතුමාව විනාස කරේ ඔබ්තුමා චරිතය රැක ගෙන ආපු මෙ දුශ්කර ගමන ඔය විදියටම ඉදිරියට යන්න ජනතා විස්වාසය නුදුරෙදි ඔබට ලැබෙනවා නියතයි හොරු එක්ක නම් එපා පරාජය ඉටවඩා හොදයි !!

:       3       14

Ashoka Kumari Tuesday, 24 September 2024 11:09 AM

ඡන්දෙට කලින් මේක කලානම් සජිත් ජනාධිපති රනිල් අගමැති. අශ්වයා ගියාම ස්තාලය වහන්න මතක් වෙලා. ඇග පුරාම මොලේ තිබුණාට ඒකට මොලේ තිබු‍ණේ නෑ.තනියම බුදු වෙන්න ගියානේ.ඡන්දෙකින් නොව සිය කෑමෑත්තෙන් බන්දේසියක තියලා අනුර මහතාට බාර දුන්න දරුවා කියන රට ආපසු ඕනෑ වෙලා. බලයට තියෙන කෑදරකම. අලියා ලකුණ එජාපය ඉවර කලා. රට ගොඩගන්න කියලා එයා කලේ බඩු මිල වෑඩි කරලා මිනිස්සුන්ගේ පිට බර පටවපු එක. සජිත්ට හෑමදාම විරුද්ධකම් කලා. ඉදිරියට එන්න දුන්නේ නෑ.මේ ජනාධිපතිවරනෙත් පුලුවන් තරම් මඩ ගෑහුවා. පක්ෂය සමගියක් නෑ. සජිත් මහතා පරාද නෑ. චන්දේ දුන් හෑමෝම ඉදිරියටත් ඔබ සමග.ඔබ හෑමදාම අපේ නායකයා ලගදි ආපු හොරු අයින් කරන්න. පක්ෂය මාරු කරන ගෙම්බන් ඕනි නෑ. ඉන්න කට්ටිය සමග ඉදිරියට යන්න. රනිල් එපා අපේ අනාගත ජනාධිපති සජිත් මහතා.

:       6       10

fairoos Tuesday, 24 September 2024 11:23 AM

එන්.පි.පි හැරඅනිත් අය කවුරු මොනපාටින් ආවත් ඡන්දේ දෙන්න එපා. ඔක්කොම හොරු එකතු වෙන්නයි යන්නේ.

:       5       7

සුරෛන් Tuesday, 24 September 2024 11:26 AM

සජිත් මැතිදුනි ඔබතුමා මෙරටට හොද වැඩියි ! මෙ රට දුසිතයන්ගෙන් පිරි තියෙන රටක් රනිල් කියන්නෙ එ දුසිතයන් පෝශනය කරන පොහොර හා සමානයි !! ජනතාව ඔබ තුමාට ආදරෙයි දුශිතයන් එක්ක එකතුවෙන්න එපා. ඔය කුමන්ත්‍රණ වලට අහුවෙන්නත් එපා.

:       3       6

Jayasekara Tuesday, 24 September 2024 11:33 AM

මූ වගේ හොර තක්කඩියෙක්. කොහොමද යනකොට කිව්වේ? අනේ ළමයා ඔයාට භාරයි. වැල් පාලමෙන් එක්කගෙන යන්න කියලා. දැන් ළමයත් එක්ක පාලමෙන් වැටෙන්න යන්නේ. දැන් ඇති ගෙදරට වෙලා ඉන්නකෝ. හැරමිටි දේශපාලනය කරන්නේ නැතුව.

:       0       6

මොහොමඩ් Tuesday, 24 September 2024 11:42 AM

තාම අත අරින්න අදහසක් නැහැ. මොන සන්ධාන හැදුවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය 2/3 ක් ගන්න එක කාටවත් නවත්තන්න බෑ. රට අනුරට!!! ජය වේවා!!!

:       3       17

Anura Tuesday, 24 September 2024 11:54 AM

රනිල්ගේ පිරිස එකතු වුණොත් සජිත්ගේ ජනතාව ආපසු හැරෙනවා සජිත් පරදින තත්වයෙන් එජාපය අලියා ලකුණෙන් එජාපයට අනාගතයක් තියෙනවා

:       1       3

Lakmal Tuesday, 24 September 2024 12:16 PM

රනිල් පෙරේතයා පල ගෙදර.

:       2       6

sena Tuesday, 24 September 2024 12:49 PM

සීයා ළඟට සජිත් යන්න ඕනේ නැහැ - සීයයි සජිත් ළඟට එන්න ඕනේ

:       1       0

රම්බොඩ Tuesday, 24 September 2024 12:56 PM

ජනතාව විවිධ පක්ෂ වලට කැමතිය. ඇතැම්වට කැමැත්තට හේතුව ⁣සරළ පෞද්ගලික වාසියකි. ඇතැම් විට පවුලේ පුරුද්දකි. මේ අතර රට දැය සමය ගැන හිතන ගෞරවාන්විත ජනතාවද බොහෝය. ඒ කෙසේ වෙතත් රනිල් මහතාට අපි ගරු කළ යුතුය . ඔහු අපහසුම අවස්ථාවක රට බාරගෙන යම් කාර්යභාරයක් කළේ ය. ඔහු නැවත ඡන්දය නොඉල්ලන වගත් ජාතික.ලැයිස්තුවෙන් නොඑන වගත් දන්වා ඇත. ඔහුට කරන කළගුණ සැලකල්ලක් ලෙස ද්වේශයෙන් බැන වැදීම නොකර සිටිමු.

:       4       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 406 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 142 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1826 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1235 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 551 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1333 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33274 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23891 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site