IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සම්බන්ධන් කොට්ට පැදුරු අකුලාගෙන යන්න හදයි

දෙමළ ජාතික සන්ධානයේ අළුයට ගිනි පුපුරු මෙන් පවත්නා අර්බුදය පසුගිය සතියේ අලූත්ම ස්වරූපයක් ගත්තේය. එහි නායක හා වත්මන් විපක්ෂ නායක රාජවරෝතයම් සම්බන්ධන් මඩකලපුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ‘කාති’ (පක්ෂය) හා ‘මක්කල්’ (ජනතාව) කැමති නම් තමන් කනගසබාපති විශ්වලිංගම් විග්නේෂ්වරන් හට දෙමළ සන්ධානයේ නායකත්වය භාරදීමට සූදානමින් සිටින බව කීවේය. ඔහුගේ මේ ප‍්‍රකාශය දෙමළ සන්ධානයේ අර්බුදය ප‍්‍රථම වතාවට කරලියට ගෙන ආ ලෙසද අනෙක් පසින් දෙමළ සන්ධානයේ විවිධ පාර්ශවවල සහය ලබන එහි නායකත්වයට සුදුසු බවට මතයක් ගොඩනැගී ඇති විගනේෂ්වරන්ට එරෙහිව වක‍්‍රව එල්ල කළ අභියෝගයක් ලෙසද සැලකිය හැකිය.

පසුගිය සතියේ පළවූ දෙමළ මාධ්‍ය පුවත්පත් මෙම මඩකළපු රැස්වීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තා පළ කර තිබිණ. රැස්වීම පැවැත්වී තිබුණේ මඩකලපුවේ පිහිටි ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කාර්යාලයේදීය. ඉලන්කෙයි තමිල් අරසු කච්චි යනු දෙමළ සන්ධානයේ ප‍්‍රධාන පක්ෂයයි. එයට අමතරව දෙමළ විමුක්තිකාමී සංවිධානය (ටෙලෝ),දෙමළ ඊළාම් විප්ලවවාදී විමුක්තිකාමී පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), දෙමළ ඊළම වෙනුවෙන් වන ජනතා විමුක්තිකාමී සංවිධානය (පී.එල්. ඕ.ටී.ඊ) යන සංවිධානයන්ද එය යටතට අයත්ය. එක්සත් දෙමළ විමුක්තිකාමී පෙරමුණ (ටී.යූ.එල්.එෆ්) සහ සිලෝන් දෙමළ කොංග‍්‍රසය (එ.සී.ටී.සී)යන සංවිධානයන්ද අතීතයේ පෙනී සිටියේ දෙමළ සන්ධානය යටතේය.දෙමළ සන්ධානය පක්ෂයක් ලෙස ලියාපදිංචි කර නොමැති අතර එය තරග වදින්නේ ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ‘නිවස‘ ලකුණ යටතේය.

මඩකලපුවේ පැවති රැස්වීමේදී පක්ෂ සාමාජිකයින් කිහිපදෙනෙක්ම සම්බන්ධන්ගෙන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැතිර යමින් තිබෙන කතා වල සත්‍ය අසත්‍ය භාවය විමසා ඇත. හිටපු මඩකළපු දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන පොන්නම්බලම් සෙල්වරාජා විග්නේෂ්වරන් හා දෙමළ සන්ධාන යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් අතර පවතින්නේයැයි කියන ආරවුල පිළිබඳව සම්බන්ධන්ගෙන් විමසා ඇතැයි වාර්තා වේ. දෙමළ සන්ධාන නායකත්වයෙන් සම්බන්ධන් නෙරපා දමා එතැනට පැමිණීමට විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක අයුරින් අනුගමනය කරමින් සිටින කුමන්ත‍්‍රණකාරී පිළිවෙත රැස්වීමට සහභාගීව සිටියවුන්ගේ දැඩි විවේචනයටද ලක්ව තිබේ. සම්බන්ධන් පක්ෂ නායකත්වයෙන් නෙරපීමට විගනේෂ්වරන් ගන්නා උත්සාහයන් දෙමළ සන්ධානයේ මඩකළපු පාර්ශවය ඉතාම දැඩිව කෝප ගැන්වීමට සමත්ව තිබෙන බවක් දැකගන්නට තිබී ඇත. දෙමළ පුවත්පත් වාර්තා වලට අනුව සම්බන්ධන් මේ සියල්ලට ප‍්‍රතිචාර දක්වා තිබෙනුයේ කෙටියෙන් හා අවංකවය.

විග්නේෂ්වරන් හා සුමන්තිරන් අතර ආරවුලක් පවතින බව පිළිගෙන ඇති සම්බන්ධන් එවැනි ආරවුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක කි‍්‍රයාත්මක වන  ඕනෑම දේශපාලන පක්ෂයක ඇතිවිය හැකි බව පෙන්වාදී ඇත. දෙදෙනා අතර ගැටුම ගැන තවදුරටත් පැහැදිලි කර ඇති දෙමළ සන්ධාන නායකයා එයට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් විග්නේෂ්වරන් කිසිදු අයුරකින් දායකත්වය ලබා නොදීම බව පවසා තිබේ. උතුරු පළාත් පාලන මැතිවරණයට විග්නේෂ්වරන් තරග වැදුණේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය යටතේ බැවින් දෙමළ සන්ධානයේ මැතිවරණ කටයුතු වලට සහය දැක්වීම ඔහුගේ වගකීම වියයුතු වුවත් ඔහු එසේ නොකිරීම මෙම ගැටලූවට තුඩුදී ඇති බව සම්බන්ධන් පවසා ඇත.

මවුනම්’ (නිහඩතාවය) සහිඌමායි’ (අනුවණයා)

‘දෙමළ සන්ධානයට ආධාර කිරීමෙන් වැළකී සිටියා විතරක් නෙවෙයි. මැතිවරණ කාලය පුරාවටම විග්නේෂ්වරන් අනුගමනය කළේ නිහඬ හා අප පවසන කිසිදු දෙයක් නොතේරෙන පරිදි අනුවණයෙක් ලෙස හැසිරුණු ප‍්‍රතිපත්තියක්. නමුත් ඔහු පසුව විවිධ ප‍්‍රකාශයන් සිදුකරන්නට යෙදුණා. එම ප‍්‍රකාශ අසන පිටත සිටින කෙනෙකුට නැගෙන ගැටළුව වන්නේ මේ පුද්ගලයා පෙනී සිටින්නේ වෙනත් පක්ෂය වෙනුවෙන්ද යන්නයි. එයයි මේ ගැටුම මේ තරම් දුරදිය යාමට හේතුව.’ යැයි සම්බන්ධන් පැහැදිලි කළේය.

 

සුමන්තිරන් මන්තී‍්‍රවරයා ගැන අදහස් දැක්වූ ඔහු

‘තමිල් අරසු කච්චි පක්ෂයේ රැස්වීමක් පැවැත්වුණු අවස්ථාවකදී සුමන්තිරන් යෝජනාවක් ඉදිරිපත් කරමින් මෙම ගැටළුව සම්බන්ධයෙන් විග්නේෂ්වරන්ට එරෙහිව පියවර ගත යුතුව තිබෙන බව පවසා සිටියා. මම ඒ අවස්ථාවේ ඔහුට කීවා අපි මේ ගැන විග්නේෂ්වරන් සමගත් සාකච්ඡා කර තීරණයක් ගනිමු කියා. නමුත් සුමන්තිරන්  ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටි සමයේ ඔහු එරට මාධ්‍ය ආයතනයක් සමග පවත්වා තිබෙන සම්මුඛ සාකච්ඡාවකදී විග්නේෂ්වරන් ගැන ඔහුගේ මතය නැවත වරක් සදහන් කර තිබෙනවා. මේක කොහෙත්ම වුවමනා නැති දෙයක්. ඔහු එවැන්නක් නොකියා සිටිය යුතුව තිබුණා. දැන් පක්ෂය තීරණයක් අරගෙන තිබෙනවා මේ දෙදෙනා අතර පවතින අර්බුදය විසදන්නට වහාම පියවර ගන්නට.එවැනි ප‍්‍රකාශයක් මාධ්‍යයකට සිදුකිරීමෙන් සුමන්තිරන් කර ඇත්තේ වරදක්.’ යැයි කියා සිටියේය.

සුමන්තිරන්ගේ කටයුතු විවේචනය කිරීමෙන් පසුව සම්බන්ධන් දෙමළ සන්ධානයේ නායකත්වය අරබයා පැන නැගී තිබෙන අර්බුදය ගැන පැහැදිලි කිරීමක් කළේය.

‘විග්නේෂ්වරන්ට වුවමනානම් පක්ෂයේ නායකත්වය භාරගන්න පුළුවන්. ඔහුට එයට අවස්ථාව තිබෙනවා. නමුත් පක්ෂය හා ජනතාවයි ඔහුට එසේ නායකත්වය ලබාදෙනවාද නැතිද යන්න තීරණය කළ යුත්තේ. මේ ගැන දැන් කලබල වෙලා තේරුමක් නැහැ. මට පෙනෙනවා පසුගිය මැතිවරණය්දී ජනතාව ප‍්‍රතික්ෂේප කළ ආනන්ද සංගරී සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් දැන් විග්නේෂ්වරන්ට සහාය දක්වන්න ඉදිරිපත් වෙලා සිටිනවා කියලා. අපිට මේ ගැනත් විරෝධයක් නැහැ.’

 

තවදුරටත් කරුණු දැක්වූ සම්බන්ධන් විගනේෂ්වරන් දේශපාලනයට පිවිසීමේ සිට මහ ඇමැතිවරයෙක් දක්වා පැමිණ තිබෙන ගමන ගැන විස්තර කිරීමක්ද සිදුකළේය.

‘මමයි ඔහුව මහ ඇමැති ලෙස පත් කළේ. මමයි ඔහුගෙන් පළමුවෙන්ම මහ ඇමැති ධූරය භාරගැනීමට කැමැත්ත විමසා සිටියේ. මේ ගැන සාකච්ඡා පැවැත්වුණු කාලයේ පක්ෂයේ විග්නේෂ්වරන් වෙනුවෙන් කිසිම කෙනෙක් පෙනී සිටියේ නැහැ. ඔහුට කිසිම සහායක් තිබුණේ නැහැ. මාවල් සේනාධිරාජා මුලින්ම අනුගමනය කළේ නිහඩ පිළිවෙතක්. නමුත් ඔහු පසුව දැනුම්දුන්නා අන්නා ඒ කියන්නේ මම ගන්නා තීරණයකට පක්ෂයේ අනුමැතිය ලැබෙනවානම් ඔහු පක්ෂය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඔහු ඒ වගේ කැපකිරීමක් කළා.ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ඒකමතිකව තීරණය කළා විගනේෂ්වරන් මහ ඇමැති ලෙස පත්කරන්න.’

විග්නේෂවරන්ගේ වත්මන් කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.

‘දැන් විග්නේෂ්වරන් යමින් ඉන්නේ ඔහුගේම ගමනක්. මම ඔහුව නවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. ජනතාවයි එය තීරණය කළ යුත්තේ. මම මේ තනතුරේ රැඳී සිටින්නේ එය තාමත් පක්ෂයේ සහ ජනතාවගේ කැමැත්ත නිසා. නමුත් කවදාහරි පක්ෂය සහ ජනතාව මට කිව්වොත් ඔබ දැන් ඔය තනතුරේ සිටියා ඇති ඔබ වෙනුවට අපට විග්නේෂ්වරන්ව පත්කරගන්නට වුවමනායි කියා මම වහාම නායකත්වයෙන් ඉවත් වෙනවා.’

සම්බන්ධන්ගෙන් අනපේක්ෂිත ප‍්‍රකාශයක්

ජනතාව හා පක්ෂයේ කැමැත්ත වන්නේ නම් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව සම්බන්ධන් ප‍්‍රකාශ කිරීමත් සමග රැස්වීමට සහභාගීව සිටියවුන් අතර ඇතිවූයේ කලබලයකි. දෙමළ සන්ධාන නායකයා ලෙස සම්බන්ධන් දිගටම පෙනී සිටිය යුතු බවත් පසුබැසීමක් ගැන කිසිසේත්ම නොසිතිය යුතු බවත් ඔවුහු එකාවන්ව කියා සිටියහ. මෙම ගැටළුව හමුවේ සම්බන්ධන් දේශපාලනිකවත්, පෞද්ගලිකවත් කෙතරම් පීඩාවකට පත්ව සිටින්නේදැයි යන්නද ඔවුන්ට වටහාගත හැකි විය. එනිසා ඔවුහු සම්බන්ධන් වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූහ.

තමිල් අරසු කච්චි පක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන්ට අනුව නම් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ වත්මන් කි‍්‍රයා කලාපය දෙමළ සන්ධානයට හා විපක්ෂ නායකවරයාට ද්‍රෝහී වීමකි. ෂේක්ස්පියර්ගේ ජූලියස් සීසර් නාටකයේ තම පුතු බෲටස්ගේ ද්‍රෝහී වීම දැනගන්නා සීසර් පවසන ලෙස එය ‘කෙනෙකුට ලැබිය හැකි දරුණුම පහර‘ වන්නේය.

තමන්ව මහ ඇමැති පුටුවේ ඉන්දවීමට වෙහෙසවූ පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට පටහැනිව කටයුතු කිරීමට අමතරව පක්ෂ සාමාජිකයින් අතර අසමගිය ඇති කිරීමට හා වර්ධනය කිරීමටද විග්නේෂ්වරන් සමත්ව ඇත. දෙමළ සන්ධානයට විකල්ප නායකත්වයක ඇවැසි යැයි ඔහු කියන්නේය. ඔහු සම්බන්ධන් ගැන සදහනක් කර නැතත් තවමත් ජීවතුන් අතර සිටිනා,දේශපාලනිකව සකී‍්‍රය, දෙමළ ජාතික සන්ධානයේ නායකයාට ඔහු අභියෝග කරන බව නම් ඔහුගේ මේ ප‍්‍රකාශයෙන් සක්සුදක් සේ පැහැදිලිවේ. දෙමළ සන්ධානයෙන් න්‍යාය පත‍්‍රයෙන් බැහැරව කි‍්‍රයාත්මක වන දෙමළ දේශපාලඥයින් කිහිපදෙනෙක්ම දෙමළ ජනතාවගේ නායකයා ලෙස විග්නේෂ්වරන්ව පිළිගැනීමට දැනටමත් කැමැත්ත පළකර තිබේ.

යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරන් ඉලක්ක කර එල්ල කරන වාග් ප‍්‍රහාරයන්ද විග්නේෂ්වරන්ගේ සම්බන්ධන් විරෝධී ව්‍යාපාරයේ තවත් අදියරකි.සුමන්තිරන් යනු සම්බන්ධන්ගේ විශ්වාසවන්තම සගයෙක් බැවින් ඔහුට එල්ල කරන ප‍්‍රහාරයන්ගෙන් වක‍්‍රව පහර වදින්නේ සම්බන්ධන්ට බව විග්නේෂ්වරන් දනී.

ඔහු කර තිබෙන මෙම සම්බන්ධන් විරෝධී ව්‍යාපාරයට අමතරව මහ ඇමැතිවරයෙක් ලෙස විග්නේෂ්වරන්ගේ අකාර්යක්ෂම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන්ද දෙමළ ජනතාවගේ අවධානය යොමුව තිබේ.උතුරේ ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වූ දේ බොහෝය.නමුත් සමූලඝාතනයට එරෙහි යෝජනාවලියක් සම්මත කරගැනීම වැනි ආන්දෝලනාත්මක කටයුතු වල නිතරවීම විනා අන් කිසිදු දෙයක් ඔහුගේ නායකත්වය යටතේ පවතින උතුරු පළාත් සභාවෙන් සිදුව නොමැත.මෙනිසා ඔහු සහ උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් ජනතාව අතර පවතිනුයේ අප‍්‍රසාදයකි.සංවර්ධන කටයුතු වෙනුවෙන් මධ්‍යම රජය වෙන්කර දෙන මුදල් ප‍්‍රතිපාදනයන් පවා නිසි ලෙස ප‍්‍රයෝජනයට ගැනෙන්නේ නැත.මේ සම්බන්ධයෙන් වරක් පළාත් සභාවේ විපක්ෂ නායක සින්නදුරෙයි තවරාජා ප‍්‍රසිද්ධියේද අදහස් දැක්වීය.මුදල් ප‍්‍රතිපාදන නිසි ලෙස කලමණාකරනය කරගැනීමට හා පළාත් සභාව අත තිබෙන බලය කාර්යක්ෂම ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට වත්මන් උතුරු පළාත් සභාව අපොහොසත්ව ඇති බව ඔහු කියා සිටියේය.

අන්තර්ජාතික ප‍්‍රජාව ආරම්භයේ සිටම උතුරු පළාත් සභාව සහ එහි කටයුතු ගැන සිටියේ විමසිල්ලෙනි.දිවයිනට පැමිණි සෑම විදෙස් දුුතයෙක්ම පාහේ උතුරට ගොස් විගනේෂ්වරන් හමුවිය.නමුත් රජය සමග එක්ව සාමය හා සංහිදියාව පවත්වාගැනීමට උතුරු පළාත් සභාව කටයුතු කරමින් සිටින්නේ කෙසේදැයි දැනුම්වත් කිරීම වෙනුවට විගනේෂ්වරන් ඒ සෑම අවස්ථාවකම සිදුකළේ දුක්ගැනවිලි තොගයක් එම විදෙස් දුූතයින් හමුවේ තැබීමය.මහින්ද රාජපක්ෂ පාලන සමයේ,ජෙනරාල් චන්ද්‍රසිරි උතුරු පළාත් ආණ්ඩුකාරධූරය හෙබවූ සමයේ, ඔහුගේ දුක්ගැනවිලි වල ගතයුත්තක් තිබූ බැවින් විදෙස් දුතයෝද ඔහුට සවන්දුන්හ.නමුත් දැන් තත්ත්වය වෙනස්ය. නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේනය.නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එච්.එම්.ජී.එස් පළිහක්කාරය.අතීතයේ මෙන් විගනේෂ්වරන් ඉදිරිපත් කරන දුක්ගැනවිලි සැබෑ යැයි පිළිගැනීමට දැන් බොහෝ විදෙස් දුතයින් කටයුතු කරන්නේ නැත.මෙය පසුගියදා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා තානාපති සමන්තා පවර්ගේ උතුරු සංචාරයේදී පැහැදිලිව දැකගත හැකිවුණි.

 

සමන්තා පවර් සමග පැවති හමුවේදී විග්නේෂ්වරන් සුපුරුදු පරිදි ඔහුගේ රාජ්‍ය විරෝධී ප‍්‍රතිපත්තිය දිගහැරියේය.අලූත් රජයක් පිහිටුවීමෙන් පසු සිදුව ඇති වෙනස්කම් මොනවාදැයි පවර් මහත්මිය විමසූ අවස්ථාවේ ඔහු කිසිදු දෙයක් සිදුව නැති බවත් සියල්ල සුපුරුදු පරිදිම පවතින බවත් කිසිදු ප‍්‍රගතියක් දක්නට නොමැති බවත් කියා සිටියේය.ඔහුව තැතිගැන්මට පත්කරමින් සමන්තා පවර් ඔහුට දැඩිව විරුද්ධ වෙමින් අදහස් පළකළාය. සිරිසේන - වික‍්‍රමසිංහ රජය දෙමළ ජනතාවගේ අවශ්‍යතා හදුනාගනිමින් ඒවා සපුරාලීමට කටයුතු කරමින් සිටින ආකාරය එකින් එක ඇය විගනේෂ්වරන්ට පෙන්වා දුන්නාය.කරකියාත හැකි දෙයක් නොමැති තැන ඔහු ඇය පැවසූ සියල්ලට එකගවිය.නමුත් තමන්ගේ තැන ආරක්ෂා කරගැනීමට රජයේ කටයුතු සිදුවන්නේ සෙමින් බවටත් සැළකිය යුතු ප‍්‍රගතියත් අත්වී නොමැකි බවටත් ඔහු චෝදනා කළේය.මෙම අවස්ථාවේදීද ඔහුට හරස් කැපූ සමන්තා පවර් කිසිදු ප‍්‍රගතියක් නොමැති තත්ත්වයකට වඩා සැළකිය යුතු ප‍්‍රගතියක් නොමැති තත්ත්වයක් වටිනා බව කියා සිටියාය.කෙසේවුවත් ඇයද වැඩකටයුතු වල ප‍්‍රගතිය ගැන සෑහීමකට පත්විය නොහැකි බව පිළිගත්තාය.නමුත් ශී‍්‍රලංකාවේ වත්මන් දේශපාලන පරිසරයේ මෙවන් වැඩකටයුතු වල ඉක්මන් ප‍්‍රගතියක් අත්කරගැනීමට හැකියාවක් නොමැති බව ඇයගේ මතය විය.

කවුද ඔහුව උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස පත්කළේ ?

 

විගනේෂ්වරන් සමග පැවැත්වූ හමුවෙන් සිත්තැවුලටත් කළකිරීමටත් පත්ව සිටි සමන්තා පවර් කොළඹට පැමිණ සම්බන්ධන් ප‍්‍රමුඛ දෙමළ සන්ධාන දුූත පිරිසක් සමග පැවැත්වූ හමුවේදී උතුරු පළාත් මහඇමතිවරයා සමග පැවැත්වූ සාකච්ඡුාව ගැන ඔවුන්ව දැනුම්වත් කළාය.කවුද ඔහුව උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස පත්කළේ? ඇය විමසුවාය. මමයි ඔහුව පත්කළේ. දෙමළ සන්ධාන නායකයා ඇයට පිළිතුරු දුනි.

සම්බන්ධන්ගේ ස්වරයෙන් මෙම සාකච්ඡුාව ගමන්ගැනීමට යන අත දෙස ඔහගේ කැමැත්තක් නොමැති බව තේරුම්ගත් නිසාදෝ සමන්තා පවර් එයින් පසුව විග්නේෂ්වරන් ගැන හෝ උතුරු පළාත් සභාව ගැන හෝ කිසිවක් සදහන් නොකළාය. නමුත් පසුව ඇය පළකර තිබූ ට්විටර් පණිවුඩ දෙකකින් ඇමරිකා දූත පිරිස විග්නේෂ්වරන් හා ආර්.සම්බන්ධන් පිළිබදව දරන අදහස ගැන පැහැදිලි විය.

‘උතුරු පළාත් සභා මහ ඇමති විග්නේෂ්වරන්ට මේ සංවේදී අවස්ථාවේදී සාමය හා සංහිදියා කි‍්‍රයාවලිය සමග එක්ව කටයුතු කරන ලෙස කියා සිටියා’ යැයි එක් පණිවුඩයක දි විපක්ෂ නායක සම්බන්ධන් , දෙමළ ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබෑවටම පෙනී සිටින නායකයෙක්.අ වබෝධය මගින් ප‍්‍රතිඵල ලබාගන්නෙක්’ යැයි අනෙක් පණිවුඩයේ ද සදහන්ව තිබිණ.

 

සමන්තා පවර් සමග පැවති හමුවේදී විග්නේෂ්වරන් සම්බන්ධයෙන් වැඩි අදහස් පළකිරීමෙන් වැළකී සිටීමෙනුත් මඩකළපුවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ සාමාජිකයින් සමග පැවති රැස්වීමේදී කළ ප‍්‍රකාශයෙනුත් සම්බන්ධන් හා විග්නේෂ්වරන් අතර ගැටුමක් ඇතිව තිබෙන බව මොනවට පැහැදිලි විය. නමුත් තමන් උපකාර කළ අයෙක් අවසානයේ තමන්ටම අකෘතඥවීම දේශපාලන ක්ෂේත‍්‍රයේ සිටින්නෙකු සෑම අවස්ථාවකදීම අපේක්ෂාවෙන් සිටිය යුතු වන්නේය.

විග්නේෂ්වරන්ට පක්ෂයේ පිළිගැනීම දිනා දී ඔහුව උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ සිට උතුරු පළාත් සභාව ජයග‍්‍රහණය කිරීම දක්වා සම්බන්ධන්ගේ නායකත්වය යටතේ දෙමළ සන්ධානය පැමිණි ගමන පක්ෂ සාමාජිකයින්ගේ මෙන්ම දෙමළ ජනතාවගේ මහත් පැසසුමට ලක්විය.විග්නේෂ්වරන් උතුරු පළාත් සභා මහ ඇමතිවරයා ලෙස පත්වීමද දෙමළ සන්ධාන පාක්ෂිකයෝ ඇතුලූ සමස්ත දෙමළ ජනතාවම අමන්දානන්දයට පත්කළ අවස්ථාවක් වුණි. ජයග‍්‍රහණයෙන් පසු සම්බන්ධන් හා විගනේෂ්වරන් දෙදෙනාම දෙමළ ජනතාව අතර වීරයින් ලෙස සැළකිණ.මෙය දෙදෙනාගේම සාර්ථකත්වය සනිටුහන් කළ අවස්ථාවක් වුනි.

කොළඹ පදිංචිව සිටි විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස පත්වීම දක්වා පැරෂූට්කරණය වූ ආකාරය ගැන මතකයන් හා සිදුවීම් සටහන් කරන්නට දැන් සුදුසුම වේලාවයි.විගනේෂ්වරන් සකී‍්‍රය දේශපාලන ක්ෂේත‍්‍රයට ගෙන ඒම අරබයා ආර්.සම්බන්ධන් කොපමණ මෙහෙවරක් සිදුකළේද  යන්නත් එනිසාවෙන්ම අද ඔහු, හිටපු අගවිනිසුරුවරයාගේ, ද්‍රෝහීවීම හමුවේ සම්බන්ධන් හා සෙසු පක්ෂ සාමාජිකයින් කෙතරම් කළකිරීමකට හා පීඩනයකට පත්ව සිටින්නේද යන්නත් මෙම තොරතුරු ඇසුරින් ඔබට දැනගත හැකිවනු ඇත.

මහඇමති තනතුරුට සුදුස්සෝ

උතුරු පළාත් සභා මැතිවරණය 2013 වසරේ පැවැත්වෙන බව රජය නිවේදනය කිරීමත් සමග මැතිවරණයේ ජයග‍්‍රහණය හිමිවන්නේ දෙමළ ජාතික සන්ධානයට බවට ගැටලූවක් නොතිබුණි.ගැටලූව තිබුණේ මහ ඇමැතිවරයා ලෙස තෝරාගත්න් පුද්ගලයා සම්බන්ධයෙනි.යාපනය විශ්වවිද්‍යාල විශ‍්‍රාමික මහාචාර්ය එස්.කේ.සිට්ටම්බලම්,හිටපු යාපනය නගරසභා කොමසාරිස් සී.වී.කේ.සිවංගම්,කොළඹ නීති පීඨයේ මහාචාර්ය වී.ටී.තමිල්මරන්,විශ‍්‍රාමික යාපන මහාධිකරණ විනිසුරු ඊ.ටී.වික්නරාජා සහ උදයන් පුවත්පතේ හිටපු කර්තෘ එන්.විද්‍යාතරන් මහ ඇමැති තනතුරුට සුදුස්සන් ලෙස යෝජනාවූ පුද්ගලයෝ වූහ. තවද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සෝමසුන්දරම් සේනාධිරාජා, ඊපීආර්එල්එෆ් සාමාජික කන්දයියා පේ‍්‍රමචන්ද්‍රන් හෙවත් සුරේෂ්, ටෙලෝ සංවිධානයේ එම්.කේ.සිවාජිලිංගම් ආදී දේශපාලන චරිතයන්ද මහ ඇමැති තනතුරට සුදුස්සන් ලෙස යෝජනා විය.පරිණත දේශපාලඥයෙක් වන වීරසිංහම් ආනන්දසංගරී,ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු මන්නාරම පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පිලිප් සූසායිතාසන් මහ එස්.ජේ.වී.චෙල්වනාගයම්ගේ පුත් එස්.සී චන්ද්‍රදාසන් ආදීන්ගේ නම්ද මහ ඇමැතිධූරයට යෝජනා විය.

සුදුසුකම් ඇතියවුන් රැසක් සිටි බැවින්ද එක් එක් පුද්ගලයාට සහාය දක්වන පිරිස් සිටිය බැවින්ද තෝරාගන්නා පුද්ගලයා අරබයා දෙමළ ජාතික සන්ධානයේ බෙදීමක් ඇතිවන ලකුණු දැකගත හැකිවුනි.මෙනිසා නායක ආර්.සම්බන්ධන් තීරණය කළේ දේශපාලනයට සම්පූර්ණ ආධුනිකයෙක් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටය.ඔහුගේ තෝරාගැනීම වූයේ මහ ඇමැති ලෙස කටයුතු කිරීමට පමණටත් වඩා දක්ෂතා හා සුදුසුකම් වලින් සපිරි පුද්ගලයෙක් ලෙස සැළකුණු විශ‍්‍රාමික අගවිනිසුරු සී.වී.විගනේෂ්වරන්ය.මහ ඇමැති ධූරය සදහා ඔහුව තෝරාගන්නා ලෙස සම්බන්ධන්ගෙන් විදේශයන්හි සිටින දෙමළ ප‍්‍රජාවද ඉල්ලීම් කර තිබිණ.

කරුණු රැසක් නිසා විගනේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැති ධූරයට ඉදිරිපත් කිරීමට නියම සුදුස්සා බව සම්බන්ධන්ට දැනිණ. විග්නේෂ්වරන්ගේ වෘත්තිමය නිපුණත්වයත්, අගවිනිසුරු ධූරයේ සිටියදී මෙන්ම ඉන්පසුත් ඔහු කටයුතු කර ඇති විලාසයත් නිසා නිසැකයෙන්ම උතුරේ ජනතාවගේ මනාපය ඔහු කෙරේ වනු ඇති බව සම්බන්ධන් වටහාගත්තේය.රජයේ පාර්ශවයෙන් මහ ඇමැති ධූරය සදහා ඉදිරිපත් කෙරෙන්නේ ඩග්ලස් දේවානන්දා නම් විගනේෂ්වරන්ගේ සුදුසුකම් හා සැසදීමේදී දේවානන්දාට ජයග‍්‍රහණයට කිසිදු අවස්ථාවක් නොලැබෙන බවත් තරගය තනි අසෙකුගේ තරගයක් බවට පත්වන බවත් සම්බන්ධන්ට තේරුම් ගියේය.

මෙම ඓතිහාසික සන්ධිස්ථානයේදී උතුරු පළාත් මහ ඇමැතිධූරය සදහා විගනේෂ්වරන් වැනි පුද්ගලයෙකු තෝරාගැනීම දෙමළ සන්ධානයේ කාලීන අවශ්‍යතාවක්ද වුනි. නව මහ ඇමැතිවරයාට වගකීම් දැරීමට නියමිතව තිබිණ.කොළඹ සමග ගනුදෙනු කරමින් උතුරේ පවතින ගැටලූ නිරාකරණය කරගැනීමට කටයුතු කළ යුත්තේ ඔහුය.පළාත් සභාව වෙත තවත් බලතල ඉල්ලා රජය සමග සාකච්ඡා කළ යුත්තේ ඔහුය. උතුරේ ආරක්ෂක අංශ හා ආණ්ඩුකාරවරයා සමග සාමකාමිීව හා සමව සළකන ප‍්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළ යුත්තේ ඔහුය.අන්තර්ජාතික ප‍්‍රජාව සමග සාකච්ඡා පැවැත්වීමට,රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවීමට,මාධ්‍ය හමුපැවැත්වීමට සිදුවන්නේ ඔහුටය.මෙවන් වගකීම් දැරීමට විගනේෂ්වරන් තරම් සුදුසු පුද්ගලයෙක් නොසිටියේය. අනෙක් පසින් නීති ක්ෂේත‍්‍රය සම්බන්ධ හසළ දැනුම මහ ඇමැතිධූරයේ කටයුතු කරන විට ඔහුට වාසියක් වන බවද දෙමළ සන්ධාන නායකත්වයටය පෙනී ගියේය.

විග්නේෂ්වරන් මහ ඇමැති ලෙස තෝරාගැනීම පසුපස තිබූ සම්බන්ධන්ගේ තවත් අරමුණක් වූයේ මහ ඇමැතිධූරය සදහා සුදුසු පුද්ගලයින් නම් කිරීම අරබයා පක්ෂයේ ඇතිව තිබූ ගැටුමට නිමාවක් ගෙන ඒමටයි.විගනේෂ්වරන් වැනි සුදුසුකම් සපිරි පුද්ගලයෙක් මහ ඇමැති ධූරයට පත්කිරීමට ගත් තීරණයත් සමග සියලූදෙනා එයට එකගවනු ඇතැයි ඔහුගේ අපේක්ෂාව වුණි.

 

එක්සත් දෙමළ ස්වාධීන ලැයිස්තුව

 

මහ ඇමැතිධූරය සදහා ඉදිරිපත් වන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලා සිටි විට ඔහු ඊට අදිමදි කළේය.දේශපාලන වේදිකාවෙන් බැහැර පාර්ශවකරුවෙක් ලෙස කටයුතු කරමින් අවශ්‍ය වේලාවන්හිදී පක්ෂය වෙනුවෙන් උපදෙස් ලබාදීමට තමන් වඩා කැමති බව ඔහු කීවේය.දෙමළ සන්ධානයේ අභ්‍යන්තර අරගල පිළිබදව ඔහු දැන සිටි අතර ඒවායේ කොටස්කරුවෙක් වීමේ කැමැත්තක් ඔහුට නොතිබුණි.මහ ඇමැතිධූරය සදහා ඉදිරිපත්වීමට නම් දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකරුවන් පස් දෙනා දෙමළ සන්ධානය ලෙස නොව වෙන් වෙන් වශයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළ යුතු බව ඔහු කියා සිටියේය.පක්ෂයක් යටතේ නොව ස්වාධීන අපේක්ෂකයින් ලැයිස්තුවක් පෙරටු කොටගෙන මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන්නේ නම් මහ ඇමැතිධූරය සදහා ඉදිරිපත් වන බව හෙතෙම කීවේය.තම ඉල්ලීම් වලට යහපත් පිළිතුරු නොලැබෙන බව දුටු ඔහු මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැයි කළ ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්ෂේප කළේය.

සම්බන්ධන් විග්නේෂ්වරන් දිනා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඉලංගෙයි තමිල් අරසු කච්චි සාමාජිකයින් අතර කසුකුසුවක් ඇතිවෙමින් පැවතිණ.ස්වාධීන ව පෙනී සිටින්නට අවශ්‍ය බව පවසන විගනේෂ්වරන් ජයග‍්‍රහණයෙන් පසු දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටිනු ඇත්දැයි එහි තීරණ වලට ගරු කරණු ඇත්දැයි ඔවුහු විමසා සිටියහ. යාපනයේ දෙමළ ප‍්‍රජාව මහ ඇමැති තනතුරුට විගනේෂ්වරන් තෝරාගැනීමට යන්නේ යැයි සිටියේ ප‍්‍රමෝදයෙනි.නමුත් ස්වභාවයෙන් කිසිවෙකුටත් පාලනය කළ නොහැකි පෞරුශත්වයක් හිමි විගනේෂ්වරන් මහ ඇමැතිවූවායින් පසු කෙසේ කටයුතු කරනු ඇත්දැයි කිසිවෙක් දැන සිටියේ නැත.ගලිවරයාව ලිලිපුට්ටන් මැදිහත්ව බැද දැමිය යුතුව තිබිණ.මේ අතර යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් මාවයි සේනාතිරාජා මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සළකා බැලෙමින් තිබිණ.ඔහුගේ නම බොහෝ කාලයක් තිස්සේම මහ ඇමැති ධූරයට යෝජනාවී තිබුණද ඒ සදහා විගනේෂ්වරන් තෝරාගැනීමට පක්ෂ නායකත්වය තීරණය කිරීමත් සමග කිසිවෙකුත් ඔහු ගැන කතා නොකළේය.නමුත් විගනේෂ්වරන් මහ ඇමැතිධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නොහැකි බව දැනුම්දී ඇතැයි දැනගැනීමත් සමග නැවත වරක් සේනාතිරාජාගේ නම කරළියට පැමිණියේය.

 

නමුත් සම්බන්ධන් උත්සාහය අතහැරියේ නැත.ඔහු තම සගයා වූ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර හා නීතිඥ එම්.ඒ සුමන්තිරන් හා එක්ව නැවත නැවතත් විගනේෂ්වරන්ව දිනාගැනීමට උත්සාහ කළේය.ශී‍්‍රලංකාවේ මෙන්ම විදේශයන්හි වාසය කළ දෙමළ ප‍්‍රජාවේ ප‍්‍රබලයින් ලෙස සැළකෙන පුද්ගලයින් කිහිපදෙනෙක්ම මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැයි විගනේෂ්වරන්ගෙන් ඉල්ලා සිටියහ.අවසන මේ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට විගනේෂ්වරන් කැමැත්ත පළකළේය.සේනාතිරාජාට මේ බව දැනුම්දීම සිදුවූ අතර ඒ අසා ඔහු දුර්මුඛ වූ බවක් පෙනෙන්ට තිබිණ. නමුත් ඔහු විරෝධයක් දැක්වූයේ නැත.

විග්නේෂ්වරන් මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්ත පළකිරීමත් සමග සේනාතිරාජා තමන් මහ ඇමැති අපේක්ෂක බව කියමින් ගෙනයමින් සිටි ප‍්‍රචාර නවත්වනු ඇතැයිද මහත්මයෙකු ලෙස විගනේෂ්වරන්ට ඉඩදී පසෙකට වනු ඇතැයිද සම්බන්ධන් අපේක්ෂා කළේය.කෙසේවුවත් සේනාතිරාජා මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළනොකළේය.එමෙන්ම සම්බන්ධන් අපේක්ෂා කළ පරිද්දෙන් තමන් මහ ඇමැති අපේක්ෂකත්වයෙන් ඉවත් වන බවට ඔහු නිවේදනයක් නිකුත් කළේද නැත.

2013 ජූලි මස 11 වැනිදා බම්බලපිටියේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී දෙමළ සන්ධාන සම්බන්ධීකරණ කමිටුව හමුවූයේ උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තිීරණයක් ගැනීමටය.දෙමළ සන්ධානයට සම්බන්ධ අනෙක් පක්ෂ වල නියෝජිතයෝ විවිධ අදහස් පළ කළහ.කිසිත් නොකී සම්බන්ධන් ඔවුන්ට කතා කිරීමට ඉඩදී නිහඩ විය.ඔවුහු සියලූදෙනාම කියා සිටියේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් මාවයි සේනාතිරාජා මහ ඇමැතිධූරයට නියම සුදුස්සා වන බවත් ඔහු වෙනුවෙන් තම පක්ෂ වල සහය ලබාදෙන බවත්ය.නමුත් විස්මය දනවන අයුරින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකයෝ ඔවුන්ගේම මහලේකම්වරයා මහ ඇමැතිධූරයට සුදුසු නොවන බව පවසමින් ඒ සදහා විග්නේෂ්වරන්ගේ නම ඉදිරිපත් කළහ. පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු වන සෙල්වරාජා හා සුමන්තිරන් විග්නේෂ්වරන් සුදුසු බවට වඩාත්ම හඩ නැගූ දෙදෙනා වූහ.මෙම හමුවට සේනාතිරාජාද සහභාගීව සිටි අතර ඔහු කිසිත් නොකීය.තමන් වෙනුවෙන් අදහස් පළකරමින් සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි නොවන පක්ෂ වල සාමාජිකයින්ට අදහස් පළකිරීමට ඉඩ හැර ඔහු බලා සිටියේය.

 

උතුරු පළාත් මහ ඇමැතිවරයා බවට පත්වීමේ අභියෝගය

 

අවසන සම්බන්ධන්ට අදහස් දැක්වීමට අවස්ථාව හිමිවිය.අනෙක් අය මෙන් සේනාතිරාජා විවේචනය කරමින් අදහස් දැක්වීමෙන් වැළකුණු ඔහු ඒ වෙනුවට මහ ඇමැතිධූරය දැරීමට විග්නේෂ්වරන් වැනි පුද්ගලයෙක් සුදුසු වන්නේ කෙසේද යන්න පිළිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළේය.මහ ඇමැතිධූරයට පත්වීමේ කිසිදු වුවමනාවක් විග්නේෂ්වරන්ට නොතිබූ බවත් ඔහුව එම ධූරයට පත්කිරීමට වුවමනාව ඇත්තේ තමන්ට බවත් සම්බන්ධන් පැවසීය.පක්ෂ නායකයාගේ අදහස් දැක්වීමෙන් පසු රැස්වීම අවසාන විය.එළැඹෙන දිනයේ නැවත වරක් හමුවී අවසන් තීරණයකට එළැඹීමට එකගතාවය පළවිය.

 

දෙවන දිනයේදීද සාකච්ඡා පැවැත්වුනේ වාද විවාද මධ්‍යයේය.එක් අවස්ථාවකදී ඉලංගෙයි තමිල් අරසු කච්චි සාමාජික සුමන්තිරන් සේනාතිරාජාව ගෙන හැර දක්වමින් ඔහු උතුරු පළාත් මහ ඇමැතිධූරයට පත්වුවහොත් උතුරු පළාතේ ඔඩුදුවා තිබෙන, ඔහු අනිවාර්යයෙන්ම නිරාකරණය කළයුතු වන, ගැටලූ ගැන විස්තර කිරීමක් සිදුකළේය. සේනාතිරාජාට වඩා එම ගැටලූ නිරාකරණය කරගැනීමට විග්නේෂ්වරන්ට හැකියාව තිබෙන බව හෙතෙම කියා සිටියේය.

සම්බන්ධන් හා සුමන්තිරන් දෙදෙනා සේනාතිරාජාට වඩා විග්නේෂ්වරන් සුදුසු වන්නේ ඇයිදැයි තර්කානුකූලව හා පැහැදිලිව පෙන්වා දුන්නද අනෙක් පක්ෂ වල සාමාජිකයෝ ඒ කිසිදු අවස්ථාවක පසුපසට නොගියහ.සුදුසුකම් කොතෙක් තිබුණද උතුරු පළාත් මහ ඇමැතිධූරය සදහා සුදුසු වන්නේ සේනාතිරාජා මිස විග්නේෂ්වරන් නොවන බව ඔවුහු අවධාරණය කළහ.

මෙම පක්ෂ සේනාතිරාජා වෙනුවෙන් පෙනී සිටිනුයේ මුල සිටම සකස් කරගනෙ පැමිණි සැළැස්මකට අනුව බව පැහැදිලිව පෙනෙන්නට තිබිණ.එය හොදින්ම පෙනී ගියේ සුදුසුකම් ගැන තැකීමක් නොකරම ඔවුහු සේනාතිරාජා මහ ඇමැතිධූරයට නැවත නැවතත් යෝජනා කිරීමත් සමගය.අනෙක් අතට විග්නේෂ්වරන්ව කිසිදු අයුරකින් විවේචනය නොකළ ඔවුහු ඔහුගේ වෘත්තිමය සාර්ථකත්වය ගැන ප‍්‍රශංසා මුඛයෙන් අදහස්ද පළකළහ.

දන්නා සේනාතිරාජාද? නොදන්නා විග්නේෂ්වරන්ද?

විග්නේෂ්වරන් යාපන දෙමළ ජාතිකයෙක් වුවද ඔහු උපත ලබා ජීවත්වී ඇත්තේ කොළඹ වීමත් සේනාතිරාජා එසේ නොව උපන් දිනයේ සිටම යාපනයේ ජනතාව සමග සිටියෙකු වීමත් ඔවුන් ඉදිරිපත් කළ තවත් තර්කයක් විය.දේශපාලනය ගැන කිසිදු අත්දැකීමක් නොමැති විග්නේෂ්වරන්ට වඩා තරුණ වියේ සිටම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින කි‍්‍රයාකාරී දේශපාලඥයෙක් වන මාවන් සේනාතිරාජාට තැන හිමිවිය යුතුව තිබෙන බව ඔවුහු කියා සිටියහ.පැරෂුට්කරුවන්ට පක්ෂයට ඇතුල්වීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුයැයි ඔවුහු අවධාරණය කළහ.

මෙයින් ප‍්‍රයෝජනය ගත්තේ ටෙලෝ සංවිධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර එන්. ශි‍්‍රකාන්තය.පක්ෂ සාමාජිකයෙකුට මිස පිටස්තරයෙකුට මහ ඇමැතිධූරය ලබා නොදිය යුතුව ඇති බව කියා සිටි ඔහු සේනාතිරාජාට මහ ඇමැතිධූරය නොලැබීමට හේතුව ඔහු නීතිඥයෙක් නොවීම පමණක් නම් ගතයතු ඊළග පියවර වන්නේ පිටස්තර පුද්ගලයින් පසුපස යෑම නොව පක්ෂයේම සිටිනා නීති කටයුතු පිළිඹද දැනුමැති පුද්ගලයෙක් ඒ වෙනුවට තෝරාගැනීම පැවසීය.මේ අනුව බැලූවහොත් නීතිඥයෙක් වන තමාද මහ ඇමැති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට සුදුසු බව ඔහු කියා සිටියේය.ආනන්දසංගරීද වෘත්තියෙන් නීතිඥයෙක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

 

ශී‍්‍රකාන්තන්ට දැඩිව ප‍්‍රතිචාර දැක්වූ සම්බන්ධන් එසේ නම් දෙමළ ජාතික සන්ධානය නව සාමාජිකයින්  බදවා ගැනීමක් සිදුනොකර එකතැන පල්වෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව ඇතිදැයි විමසීය.පැරෂුට්කරණය ගැන අද කතා කළද ශී‍්‍රකාන්තන් ති‍්‍රකුණාමලයෙනුත්,සේනාතිරාජා අම්පාරෙනුත් දෙමළ ජාතික සන්ධානයට පැරෂුට මගින් පැමිණි අයුරු හෙතෙම සිහිකැදවීය.තමන්ගේ කැමැත්ත වන්නේ විග්නේෂ්වරන් පමණක් බව දෙමළ සන්ධාන නායකයා අවධාරණය කළේය.ඔහු කෙලින්ම නොකීවද ඔහුගේ කැමැත්තට එරෙහි තීරණයක් පක්ෂය ගැනීමට යන්නේ නම් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමේ සූදානමක්ද ඔහු කෙරෙන් දක්නට තිබිණ.

ක‍්‍රමයෙන් ටෙලෝ,ඊපීආර්එල්එෆ් සහ ප්ලොට් සංවිධාන නියෝජිතයෝ විග්නේෂ්වරන් ඉදිරිපත් කිරීම අරබයා සම්බන්ධන් ඉදිරිපත් කරන තර්ක වටහාගනිමින් සිටින අයුරක් පෙන්වීය.මේ අනුව සාකච්ඡුාව වෙනත් අතකට හැරිණ.උතුරු පළාත් සභාවේදී විග්නේෂ්වරන්ට හා සේනාතිරාජාට එක්ව කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳවද අවධානය යොමුවිය.

ප‍්‍රථම වතාවට තම නිහඩතාවය බිද දැමූ සේනාතිරාජා මෙහිදී අදහස් පළකළේය. තමන් බල ලොබින් පෙලෙන පුද්ගලයෙකු නොවන බව කියා සිටි ඔහු මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටියේ දෙස් විදෙස් දෙමළ ජනතාවගෙන් ඒ සදහා අනන්තවත් ඉල්ලීම් ඉදිරිපත්වූ නිසාවෙන් බව පැවසීය. විග්නේෂ්වරන්ගේ සුදුසුකම් අගයමින්ද අදහස් දැක්වූ ඔහු අනාගතයේදී පළාත් සභාවේ දෙදෙනාටම සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට හැකියාවක් තිබෙනු ඇති බවද කියා සිටියේය.සේනාතිරාජාගේ අදහස් දැක්වීමත් සමග දෙවැනි දිනයේ රැස්වීමද නිමාවිය.ජූලි මස 13 වැනිදා, සෙනසුරාදා සවස් භාගයේදී නැවත රැස්වීමට එකගතාවය පළවිය.

 

විවිධ මට්ටම් වල සාකච්ඡා

 

13 වැනිදා හමුවීමට ප‍්‍රථමයෙන් දෙමළ සන්ධාන සාමාජිකයින් අතර නිල නොවන මට්ටමින් සාකච්ඡා පැවැත්විණ.සේනාතිරාජා මධ්‍යස්ථ ස්ථාවරයක සිට කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති හෙයින් විග්නේෂ්වරන්ට දෙමළ ජාතික සන්ධානයෙන් දේශපාලනයට දොරටු විවර කරදෙන්නට හැකියාවක් ඇති බව පෙනෙන්නට තිබිණ. මෙවන් එක් සාකච්ඡාවකදී සමුන්තිරන් මන්තී‍්‍රවරයා මහ ඇමැතිධූර කාලයේ එක් කොටසක් විග්නේෂ්වරන්ටද අනෙක් කොටස සේනාතිරාජාටද හිමිවන ක‍්‍රමවේදයක් ඇතිකිරීමට යෝජනාවක් ගෙන ආවේය. නමුත් එයට සම්බන්ධන්ගේ කැමැත්ත නොලැබුණි. සේනාතිරාජාද එයට විරුද්ධ විය.තමන්ට විගනේෂ්වරන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවුනු ඇතැයි විශ්වාස බව ඔහු කියා සිටියේය.දේශපාලඥයෙක් වීම නිසාවෙන්ම විග්



අදහස් (0)

සම්බන්ධන් කොට්ට පැදුරු අකුලාගෙන යන්න හදයි

සපුමල් Wednesday, 16 December 2015 12:27 PM

විග්නේශ්වරන් කියන්නේ උගතෙක් , බුද්ධිමතෙක්, විද්වත් වෘතිකයෙක් කියල හිතාගෙන හිටියට, ඔහු දේශපාලනයේ දී අඳ බාලයෙක් බවත් , අමුම අමු ජාතිවාදියෙක් බවත් ඔප්පු කරලා ඉවරයි. ඔහුගේ මස්සිනා වෙන වාසුදේව එක පාරක යනකොට , විග්නේශ්වරන් ඒ පාරේම අනිත් පැත්තට යනවා. විග්නේශ්වරන්ට කවදාවත් පක්ෂේ නායකත්වයට එන්න ලැබෙන්නේ නෑ . " සුමන්තිරන් " තමයි එකට සුදුසු කියලා ජාත්වාදී නොවෙන මිනිස්සු එදාට තීරණය කරයි. (බ)

:       0       0

රාධා Wednesday, 16 December 2015 02:46 PM

විපක්ෂ නායක රාජවරෝතයම් සම්බන්ධන් යනු අනිත් අයට වඩා නම්‍යශීලි නායකයෙකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6168 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3441 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site