IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සරත් සිල්වා පැරණි රසාංග අලුත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක රැලි මාලාවේ සමාරම්භක රැලියා සිකුරාදා (17) අනුරාධපුරයේ දී ආරම්භ වූ අතර එම රැලියේ ප්‍රධාන ආරාධිතයකු මෙන්ම ප්‍රධාන කථිකයකු වූයේ හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වාය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිවරයකුට ඕනෑම වාර ගණනක් තරඟ කිරීමේ හැකියාව ලබා දුන්නද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එය සම්මත කර ගත්තේ දෙවැනි වර තේරී පත්වීමෙන් පසුව බැවින් ඔහුට ද  තුන් වැනි වරට ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි බවට මුලින්ම තර්ක ඉදිරිපත් කළේ ඔහුය.

2010 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළ ඔහු පසුගිය ජනපතිවරණයේ දී ද මහින්ද රාජපක්ෂට එරෙහිව වැඩ කළේය.

පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී පසුගිය ජනවාරි තුන් වැනි දා  පොදු අපේක්ෂකයාට සහාය දක්වන පිරිස් සහභාගී වූ මාධ්‍ය හමුවකට පැමිණි සරත් සිල්වා මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වුවහොත් අගාධයට යන බවයි.

පසුගිය 14 වැනි දා විශේෂ ප්‍රකාශයක් කළ මෛත්‍රීපාල සිරිසේන ජනපති කීවේ ඉදිරි මහ මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළ ද අගමැතිකම මහින්ද රාජපක්ෂට නොදෙන බවයි. ඊට පිළිතුරු දුන් සරත් සිල්වා මහතා සිකුරාදා (17) රැලියේ දී කීවේ ජනපතිට අවශ්‍ය පරිදි අගමැති පත් කළ නොහැකි බවයි. නමුත් ඔහු පසුගිය දෙසැම්බර තුන් වැනි දා මාධ්‍ය හමුවක දී කීවේ ජනපතිට අවශ්‍ය පරිදි අගමැති පත් කළ හැකි බවයි. (වීඩියෝව https://www.youtube.com/watch?v=EJ5xrH4-aL0)

පසුගිය ජනපතිවරණයට පෙර සරත් සිල්වා මහින්ද රාජපක්ෂ ගැන කළ ප්‍රකාශ කිහිපයක් පහතින් දක්වමු.

2014 ඔක්තෝබර මාසයේ ලංකාදීප වෙබ් අඩවිය සමඟ සාකච්ඡාක දී

‘‘18 වැනි සංශෝධනයෙන් වෑයමක් දරා තිබෙනවා මහින්ද රාජපක්ෂට හැකි තරම් තරඟ කරන්න අවස්ථාව ගන්න.

අපේ අධිකරණයෙන් තීන්දුවක් දුන්විට චන්ද්‍රිකා එය පළි අරගෙන ගියා. කැබිනට් මණ්ඩලේ රැස්කර මොනවත් කිව්වෙවත්, විනිච්ශ්චයකාරවරුන්ට බැන්නෙවත් නෑ. එතුමිය එය පළිගෙන ගියා. අපි ඊට ගරු කළ යුතුයි. ඉන් පස්සේ හැබැයි ඒවගේ දේවල් වෙලා තියෙනවා.

ජේආර් ජයවර්ධනට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකට මහත්මා දේශපාලනයක් තිබුණා. ඔවුන් ව්‍යවස්ථාවට අවනත වෙලා ගියා. තුන් වැන්නාගෙනුයි එය හාත්පසින් වෙනස් වෙලා තියෙන්නේ. තමුන්ගේ දිවුරුම් දෙන දිනෙත් කල්දාලා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නිර්මාණය කරලා මේක ඉවත් කළා. මෙය කෙළින්ම තමුන්ට වාසියක් ලබා ගැනීමේ සංශෝධනයක්. මේක අන්තිම දූෂක වංචක සංශෝධනයක්. මෙය පිළිකුල් සහගතව සලකන්න ඕනෑ. ජනතාවට පොරොන්දුවක් දෙනවා මම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් ඇවිල්ලා කරන්නේ වෙන දෙයක්. ඉතින් ඕක වංචක නොවේ නම් මම ඕනෑම කෙනකුට අභියෝග කරනවා ඕනෑම කෙනකුට මාත් එක්ක තර්ක කරන්න ඉදිරිපත් වෙන්න කියා. ජනාධිපතුමාම ඇතුළුව. එතකොට මං පැහැදිලිව කියන්නම් මේක වංචනික දෙයක්.‘‘
වීඩියෝව – https://www.youtube.com/watch?v=eHI-Sy6hENc

2014 ඔක්තෝබර 17 වැනි දා රැස්වීමක දී

‘මහින්ද රාජපක්ෂ අපිත් ඉස්සර හිතුවේ මෝඩයෙක් කියලා.මං දන්නවා එතුමාගේ අධ්‍යාපන සුදුසුකම්. ඕනෑ නම් මාත් එක්ක විවාදයකට එන්න කියන්න.මම පෙන්වන්නම් අධ්‍යාපන සුදුසුකම්. ඇත්තටම අවතක්සේරුවක්. අපි කවුරුත් දන්නේ ස්වාමීන්වහන්සේ මේ මිනිස්සුන්ගේ හැටි.ජේ ආර් ජයවර්ධනව අධි තක්සේරු කරනවා. මේ මිනිහව අවතක්සේරු කරනවා. ‘

‘යුද්ධ ඉවර වුණේ මැයි මාසේ. රට ගිහිල්ලා ආවා. ඇවිල්ලා ගුවන්තොටුපොළට ඇවිල්ලා පෙරෙළුණා අර ටාමැක් එකේ. අර තාර දාලා අස්යාත්‍රාවේ තෙල් වැටෙන තැන. ඉම්බා පොළොව. අපේ මිනිස්සුත් හිතුවා මේ මනුස්සයාගේ ජාතික අභිමානයක් තියෙනවා, ගිහිල්ලා ඉඹිනවා කියා. ඉඹිනවා නම් අල්ලපු වත්තත් තියෙනවා, මගේ වත්තකුත් තිබෙවා ඒ ළඟ. ඒක ඉඹිනවා නම් ඊට වැඩිය හොඳයි. ‘

වීඩියෝ – https://www.youtube.com/watch?v=6zrTzdp-Fug

2014 ඔක්තෝබර 17 වැනි දා රැස්වීමේ දී

‘මහින්ද රාජපක්ෂතුමා අද ඔතන ඉන්නේ මං නිසා. මම ළඟදි ගියා නාරාහේන්පිට පොදු වෙළඳපොළට. ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් මගේ පිටට තට්ටු කරලා කිව්වා මහත්තයෝ ඔබතුමාට තිබ්බා ඔය මනුස්සයාව එක වාඛ්‍යකින් හිරේට දාන්න. ඇයි ඔබතුමා ඕක කෙරුවේ නැත්ත?මට උත්තරයක් දෙන්න දැන්. කියා ඇහුවා. සමාවෙන්න සහෝදරයා කියා මං ආවා. මුළු රටෙන්ම මං ඉල්ලනවා සමා වෙන්න මට. සමාවෙන්න මට. එදා මං ඒ මන්ස්සයා හිරේ දැම්මා නම් රට විශාල අගාදයකින් බේරා ගන්න තිබුණා. මං මේ තැනැත්තාව කාලයක් සිට දන්නවා. පුදුමාකාර බල ලෝභයක් මේ තැනැත්තාට තියෙනවා.

වීඩියෝ – https://www.youtube.com/watch?v=rpuN1l4-fDQ

2015 ජනවාරි 03 වැනි දා පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී

‘මම මහින්ද රාජපක්ෂට ධම්ම පදෙන් කිව්වා ‘තන්හාව ජායතී සෝකෝ, තන්හාව ජායතී භයන්, තන්හාය විප්පමුත්තසස්ස, නත්ති සෝඛෝ කුතෝ භයං‘ කියලා. මේ තන්හාවෙන් කරන නිසා මහින්ද රාජපක්ෂට ශෝකයක් ඇති වෙනවා භයක් ඇති වෙනවා කියා කිව්වා. එදා මං කියපු අනාවැකිය දැන් සාක්ෂාත් වීගෙන යනවා. ඔවුන්ට මේ රටෙන් සාමකාමීව පිටව යෑමට කාගෙන්වත් විරුද්ධත්වයක් නෑ. මේ රටට කළ අගාධය  ඇති. මහින්ද රාජපක්ෂයේ උත්සාහය පරාජය කළ යුතුයි. ‘

වීඩියෝ – https://www.youtube.com/watch?v=hlsiYL9TIEk

2014 නොවැම්බර නව වැනි දා ඉරිදා ලංකාදීපයට දුන් සමූඛ සාකච්ඡාවක්..

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂට ජනපතිවරණයක් කැඳවිය නොහැකි බව ඔබ කියන්නේ ඇයි?

පිළිතුර – අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුත්තේ ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු හයක් ඉක්ම ගිය පසුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එය පැහැදිලිව සඳහන් වෙනවා. තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජේ ආර් ජයවර්ධන ජනාධිපති මෙයට වෙනසක් එකතු කළා. 1982 ගෙන ආ එම සංශෝධනය අනුව පළමු වැනි ධුර කාලයෙන් වසර හතරකට පසු වරමක් ලබා ගන්න ප්‍රකාශයක් නිකුත් කළ හැකියි. එලෙස බලයක් ආරූඩ කර ගත්තේ ජේ ආර් ජයවර්ධන මහත්මයා සද් භාවයෙන් තොරවයි. ඒ වෙනකොට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලයි තිබුණේ. එහෙම කරලා හතර වැනි සංශෝධනය ගෙනත් පාර්ලිමේන්තුවේ කාලයත් දීර්ඝ කිරීම තුලින් 1983 තියන්න තිබුණු මැතිවරණය නැවැත්වුවා. එයින් ප්‍රචණ්ඩත්වය ඇති වෙලා දෙමළ අරගෙලයත් පටන් ගත්තා. ජවිපෙ තහනම් කිරීමෙන් 88, 89 අරගලත් ඇති වුණා. ව්‍යවස්ථාවත් එක්ක නොමනා දේවල් කරන්න යනකොට රටට විශාල අනිසි ඵල විපාක ලැබිලා තියෙනවා. ඒ නිසයි මං මේ කරුණු මතු කරන්නේ.ජේ ආර් ජයවර්ධනගේ තුන් වැනි හා හතර වැනි සංශෝධනේ නැත්නම් ප්‍රභාකරනුත් පාර්ලිමේන්තු ඒමේ අවකාශය තිබුණා.

හැබැයි ජේ ආර් ජයවර්ධන තුන් වැනි සංශෝධනය දැම්මට එහි ඇතුළු කළා අඩු කාලයකින් ජනාධිපතිවරණය පවත්වා පත්වෙන ජනාධිපති අවුරුදු හයක් ධුරය දැරිය යුතුයි කියා . අන්න ඒ වගන්තියට වෙනසක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ විධිවිධානවලට වෙනසක් කරලා නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේ ජනාධිතිගේ අවුරුදු හය ඉවර වන තුරු ජනාධිපතිවරණයක් පවත්වන්න බැහැ කියලා. 2016 නොවැම්බර වන තුරු මහින්ද රාජපක්ෂ ධුරය දරිය යුතුයි.

ප්‍රශ්නය ජනාධිපතිවරණයක් තිබුණොත් ජනතාවයි තීරණය කරන්නේ ඊළඟට ජනාධිපති විය යුත්තේ මහින්ද රාජපක්ෂද, වෙනත් පුද්ගලයෙකුද කියා. ඉතින් ඇයි ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂට ඉදිරිපත් විය නොහැකි බව ඔබ කියන්නේ?

පිළිතුර – ඒක තමයි අපේ දෙවැනි විරෝධතාවය. මහින්ද රාජපක්ෂගේ නුසුදුසුකම. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරය දරන වාර ගණන වෙනස් කර සුදුසුකම් ඇති කිරීමට උත්සාහ ගත්තත් ඒ වන විටත් මහින්ද රාජපක්ෂ නුසුදුස්සෙක් වෙලා ඉවරයි. එය ආපස්සට ක්‍රියාත්මක වෙන්න විධිවිධානයක් යෙදෙව්වේ නැහැ. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයේ තියෙනවා ආපස්සට ක්‍රියාත්මක වෙන්න නම් විශේෂ විධිවිධාන ඇතුළත් කළයුතු බව. එවැනි විධි විධානයක් ඇතුළත් කර නැති නිසා අනාගතයටයි එය බලපාන්නේ.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා 2010 නොවැම්බර ධුරයේ වැඩ ආරම්භ කරන්න කලින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයට ඉදිරිපත් විය හැකි බව පිරිසක් කියනවා?

පිළිතුර – නෑ නෑ නෑ. පත්වීම එකක්. ධුරය බාර ගැනීම තව එකක්. ‘ඉලෙක්ට්‘. මෙතන අර නුසුදුසුකම එන්නේ තෝරාපත් කර ගැනීමෙන්. තෝරා පත් කර ගැනීම සහ ධුරය භාර ගැනීම අතර විශාල වෙනසක් තියෙනවා. ජනතාව විසින් දෙවැනි වතාවටත් තෝරා පත් කර ගත් සැනින් නුසුදුස්සෙක් වෙනවා.

ප්‍රශ්නය – හිතුමතේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැතිව ජනාධිපති ශේෂ්ඨාධිකරණයේ මතය විමසලා තියෙනවනේද?

පිළිතුර – මේක සම්පූර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක්. මහින්ද රාජපක්ෂගේ නුසුදුසුකම ගැන අපි දිගින් දිගටම කිව්වා. නීතීඥ සංගමයත් විශේෂඥ අදහස් විමසුවා. මෙය දැන් බුද්ධිමය තර්කයකට යොමු වෙලා තියෙන්නේ. මෙහි එක පාර්ශ්වකරුවෙක් තමයි මහින්ද රාජපක්ෂ.

නුසුදුසුකම තියෙනවද නැද්ද කියා මුලින් තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්. අවුරුදු හතර ඉවර වෙන්න කලින් අවුරුදු තුන හමාරකින් ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා කියා අපි හිතමු. එවිට මැතිවරණ කොමසාරිස්ට කියන්න පුළුවන් ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ තියෙන්නේ අවුරුදු හතර කියලා. ඒ නිසා මැතිවරණයක් පවත්වන්න බැහැ කියන්න පුළුවන්. මේකත් එහෙම තමයි. අවුරුදු හයක් යන තුරු ජනාධිපතිවරණය තියන්න බැහැ කියා අපි කියනවා. ජනාධිපතිගේ ප්‍රකාශයක් අනුව මැතිවරණ කොමසාරිස් ඊට මැතිවරණයක් තියන්න සූදානම් වුණොත් අපි උසාවි යන්නේ මැතිවරණ කොමසාරිස්ට විරුද්ධවයි.

මේ වාතාවරණය යටතේ අපි යනවා කිව්වා උසාවියට මහින්ද රාජපක්ෂ මේ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව යටතේ. ඒ වගන්තියෙන් බලයක් තියනවා ජනාධිපතිට පොදු වැදගත් කමක් ඇති ප්‍රශ්නය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට. මේ බලය පැවරිලා තියෙන්නේ ජනාධිපතිට, පොදු වැදගත් කමක් ඇති ප්‍රශ්න සම්බන්ධයෙන්. ජනාධිපති කියන්නේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන පුද්ගලයා. එතුමාට බැහැ එතුමාගේ පුද්ගලික ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න. මෙතනදි නුසුදුස්සෙක් වෙලා තියෙන්නේ ජනාධිපති නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයායි නුසුදුස්සෙක් වෙලා තියෙන්නේ. ඊළඟට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ අභිලාශය තියෙන්නෙත් ජනාධිපතිට නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාටයි. විධායක බලය පාවිච්චි කරලා තමුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න බැහැ. මම සුදුස්සෙක්ද නැද්ද කියා එතුමා විමසිය යුත්තේ එතුමාගේ පුද්ගලික නීතීඥවරුන්ගෙනුයි.

ප්‍රශ්නය – ඔබ හිටපු අගවිනිසුරුවරයෙක්. මොන දේ වුනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට හිස නැමිය යුතුයි නේද?

පිළිතුර – මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතතයි ජනාධිපතිට යවන්නේ. අනිත් එක ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දී තිබෙන්නේ නොවැම්බර 05 සිට නොවැම්බර 10 දක්වා කාලයක්. එතැනිනුත් නොවැම්බර හය පෝය. අට සහ නම වැනිදා සෙනසුරාදා සහ ඉරිදා. වැඩ කරන දිනයකට තියෙන්නේ සිකුරාදා විතරයි. මොන අධිකරණයකටවත් එක දවසින් තීන්දුවක් දෙන්න පුළුවන්ද? මෙය ඉතා සංකීර්ණ නීති ප්‍රශ්නයක්.

ප්‍රශ්නය – නඩුවක තීන්දුවක් දෙන්නේ විනිසුරුවරයකුගේ අභිමතය මත ද? පැමිණිල්ල හා විත්තිය ඉදිරිපත් කරන කරුණු මත ද?

පිළිතුර – දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු මත තමයි නඩු තීන්දුවක් දිය යුත්තේ.

ප්‍රශ්නය – ඔබ කියා තිබුණා නේද මහින්ද රාජපක්ෂ අද ඔහොම ඉන්නේ ඔබ නිසා බව?

පිලිතුර – එහෙම ආත්මාර්තකාමී ප්‍රකාශ මා කළේ නැහැ. 2010 මම ඔහුට ඡන්දෙවත් දුන්නේ නැහැ. සරත් ෆොන්සේකාට තමයි මං ඡන්දෙ දුන්නේ. මහින්ද රාජපක්ෂගේ නීතිමය අයිතිවාසිකම් අපි අධිකරණයක් වශයෙන් ආරක්ෂා කර තියෙනවා. ඒ ආරක්ෂා කිරීම ඔහුට පිහිට වෙලා තියෙනවා මේ ධුරයට පත්වීමට. අපි ඔහුට දී තියෙන්නේ යුක්තියේ වාසිය. හැබැයි ඔහු හැම වෙලේම කරන්නේ අයුක්තියක්. අපි කරපු යුක්තියට වඩා යුක්තියක් එතුමාගෙන් වෙයි කියලයි අපි අපේක්ෂා කළේ. ඒ අතින් අපේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සුන් වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඒ කියන්නේ හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ඔබ පසුතැවිලි වෙනවා කියන එකද?

පිළිතුර – පසුතැවිලි වෙනවා කියන්නේ.. එතුමා ආවේ චූදිතයෙක් හැටියට. මූලිකම අවස්ථාවේ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධවයි ආවේ. අපි හැමවෙලේම බලන්නේ චූදිතයාට සැකයේ වාසිය දීමට. නීතියේ පූර්ව නිගමනයක් තියෙනවා නිර්දෝෂී භාවය. ඒ අනුව සැකයක් තියෙනවා නම් සැකයේ වාසිය චූදිතයාට දෙනවා.

මෙතැනදි අගමැති වශයෙන් එතුමා අපිට දිවුරුම් පෙත්සමක් සහ ලියැවිලි මගින් කිව්වා ඔහු නිර්දෝෂී බව.   කබීර් හෂීම් පැමිණිල්ල පදනම් රහිතයි කිව්වා. පුවත්පතක කරුණු මතයි පදනම් වී තිබුණේ. ඒ අවස්ථාවේ අපි සැකයේ වාසිය ඔහුට දුන්නා. ඔහු එතකොට අගමැතිනේ. දේශපාලන කරුණු මතයි පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ කිව්වා. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් වලකින්න කියලයි අපි දුන්නු නියෝගය. මොකද ඒ වෙලාවේ ජනාධිපතිවරණයකුත් තියෙනවා. ඔහු අත්අඩංගුවට ගත්තා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබෙන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ. අපි සැකයේ වාසිය ඔහුට දුන්නා.

බොහෝ විට මෙය සිදු වෙනවා. මිනී මැරුම් නඩුවක හෝ අපරාධ නඩුවක සැකයේ වාසිය අපි දෙනවා. පස්සේ බලනකොට අර නිදහස් කරපු මිනිහා ඒ වරදම කරනවා. ඕවා අනන්ත සිද්ධ වෙනවා. එතකොට හිතෙනවා අපි මේ හරි මිනිහට ද සැකයේ වාසිය දීලා තියෙන්නේ කියලා.

මෙතැනත් මම කිව්වේ පසු කාලයේ වෙලා තියෙන සිද්ධි බැලුවම, නාස්තිය, දූෂණය බැලුවහම මොහු පොදු සම්පත් ගැන සැලකිල්ලක් දක්වනවද ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව සුනාමි ආධාර ගැනත් පොදු සම්පත් ලෙස ගරු කිරීමක් තිබුණාද කියන එක අපිට දැන් සැකයක් මතුවෙනවා.

ප්‍රශ්නය – එදා ඔබ දුන් තීන්දුව වැරදි කියල නේද කියන්නේ?

පිළිතුර – නෑ. එදා දුන්නු තීන්දුව එදා හරි. හැබැයි අපි එදා සැකයේ වාසිය දුන්නු පුද්ගලයා අපි හිතපු විදියේ නිර්දෝෂී පුද්ගලයෙක් නොවෙන්න පුළුවන් කියා දැන් අපිට හිතෙනවා. අපිට තිබණා ඒ අවස්ථාවේ තවදුරටත් පරීක්ෂා කරන්න අත්අඩංගුවට ගන්න ඉඩ අරින්න. ඒ වෙලාවේ පහළ මනුස්සයෙක් නෙවෙයිනේ. අගමැතිනේ. අගමැති ඇවිත් කිව්වාම සැකයේ වාසිය දුන්නා. සමහරවිට අපේ ඒ තීරණය සැක සහිත වෙන්න පුළුවන්. එහෙම වෙලා අපි අතින් වරදක් සිදුවුනොත් මං සමාව ඉල්ලුවා.

ප්‍රශ්නය – ඔබ සමාව ඉල්ලන්නේ කාගෙන්ද?

පිළිතුර – ජනතාවගෙන් ඉල්ලන්නේ. මොකද කබීර් හෂීම්ගෙන් හරි වෙනකාගෙන් හරි ඉල්ලන්න බැහැ. කබීර් හෂීම් තමයි ඔතන වැරද්ද කළේ. ආධාර දුන්නු ව්‍යාපාරියො තමයි එක්සත් ජාතික පක්ෂයටත් පුවත්පතකටත් විස්තර කියලා තිබුණේ. කබීර් හෂීම්ට තිබුණේ මේ පැමිණිල්ල ඔහු නොකර ඒ ව්‍යාපාරිකයකු ලවා කරවන්න. එහෙම වුණා නම් දේශපාලනය ගෑවෙන්නේ නැහැනේ. එහෙම වුණා නම් මේ නඩුව වෙනත් අතකට යන්න ඉඩ තිබුණා.

ප්‍රශ්නය – විනිසුරවරයෙක් දුන්නු තීන්දුවක් වැරදි කියලා පාපොච්චාරණය කරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්නේ?

පිළිතුර – නෑ. මං කිව්වනේ. අපි දුන්නු තීන්දුව ඒ අවස්ථාවෙදි සාධාරණයි.

ප්‍රශ්නය – ඔබ නිතර කියනවා 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ නිර්මාණය කර ගත් තුනෙන් දෙකකින් බව. ඉතින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට යන්න ඉඩ සකස් කළේ ඔබ නේද?

පිළිතුර – නෑ නෑ නෑ. ඒක වැරදි මතයක්. එය සම්පූර්ණයෙන් වැරදි මතයක්. මං බොහෝ අවස්ථාවලදි එය නිරාකරණය කර තියෙනවා. ඕනෑම මන්ත්‍රීවරයකුට හෘද සාක්කිය අනුව ආණ්ඩුවෙන් විපක්ෂයට යන්නත් විපක්ෂයෙන් ආණ්ඩුවට යන්නත් පුළුවන් කියන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මුල් බැහැගත් කරුණක්. ඒ අනුව තමයි බණ්ඩාරනායක මහත්මයා ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. සිල්වා මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ආවා. ඒ හෘද සාක්කිය අනුව ක්‍රියා කිරීමෙන්.

ජේ ආර් ජයවර්ධන 78 ව්‍යවස්ථාවේ දැම්මා යම් මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් නෙරපා හැරියහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බව. ව්‍යවස්ථාව පටන් ගත් දින සිට මෙය ක්‍රියාත්මක වනු ඇත කිව්වා. එහෙම අස් කළ මන්ත්‍රීන්ට මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒ ඉවත් කිරීම සාධාරණ නැහැ කියා කියන්න අයිතියක් තියෙනවා.

මම නෙමෙයි ඔබ කියූ නඩු තීන්දුව දුන්නෙත්. වැඩ බලන අග විනිසුරු.ඔහු හොඳ නඩු තීන්දුවක් දුන්නා ඉවත් කරනවා නම් සාධාරණ පරීක්ෂණයක් කර ස්වභාවික යුක්තියේ මූලධර්ම අනුව ක්‍රියාකරන්න කියලා.

මෙ දූෂණය වුණේ මේ ආණ්ඩුවේ. 2010 මා හිටියේ නැහැනේ. ඒ කාලයේ තමයි විවිධ වරප්‍රසාද දීලා ගත්තේ.

ප්‍රශ්නය – චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට දුන් තීන්දුව ගැනත් ඔබ කණගාටු වෙනවද?

පිළිතුර – නැහැ. නැහැ. අපේ තීන්දුව සියයට සියයක් හරි. ව්‍යවස්ථාවට අනුව දුන්නු තීන්දුවක්.

ප්‍රශ්නය – 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව චණ්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්ද?

පිළිතුර – ආණ්ඩුවේ අය කියන තර්කය අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනෑ. චන්ද්‍රිකා මහත්මිය නුසුදුස්සෙක් වුනේ 1999 වසරේ. එහෙනම් මේක 1999ටත් වලංගු වෙන්න ඕනෑ. ජේ ආර් ආවොත් ජේආර්ටත් පුළුවන් වෙන්න ඕන. ඒකයි මං කියන්නේ. ආණ්ඩුවේ අයගේ තර්කය විහිළු සහගතයි.

අපි කියන්නේ මහින්ද රාජපක්ෂටත් බැහැ කියලයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් බැහැ.

ප්‍රශ්නය – ඔබ මහින්ද රාජපක්ෂට මෙච්චර විරුද්ධ වෙන්නේ මේ ආණ්ඩුවේ තනතුරක් නොලැබුණු නිසාද?

පිළිතුර තනතුරු ඕන නම් බොහොම හොදට තනතුරු දෙයි. කවදාවත් මං තනතුරක් ඉල්ලලා නැහැ. මං තනතුරක් දරන්නේ නැහැ කියා විශ්‍රාම යද්දිම කිව්වා. මේ ආණ්ඩුවේ නෙමේ කිසිම ආන්ඩුවක මං තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබ දේශපාලනයට එනවා කියන්නේ ඇත්තද?

කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ.

 



අදහස් (0)

සරත් සිල්වා පැරණි රසාංග අලුත් කරයි

පෙරේරා Sunday, 19 July 2015 10:29 AM

මේ මහත්තයා හැමදාම කළේ මහින්ද මහත්තයාගේ දේශපාලන වැඩ වලට උදව් කරපු එක නේ (ම)

:       0       0

රාමන් Sunday, 19 July 2015 10:33 AM

මේක බොහොම වැදගත් පුවතක් (නි)

:       0       0

දිමුත් Monday, 20 July 2015 04:48 AM

මේ මනුස්සයාට නම් ලැජ්ජාවක් නැහැ.(ම)

:       0       0

කාන්ති Sunday, 19 July 2015 12:31 PM

සමහරුන්ට වයසට යනවිට ඇඟේ සීනි සහ ලුණු මට්ටම වෙනස් වෙනවා, එවිට කරන කියන දේවල් අමතක වෙනවා !! (බ)

:       0       0

පාලිත කළුපහන Sunday, 19 July 2015 01:32 PM

දියවන්නාව ලගදී අහු උන වෙලාවේ ලංකාවේම ප්‍රසිද්ද කරන්න තිබුනේ (නදී)

:       0       0

ලොකුලියන Sunday, 19 July 2015 06:43 AM

ලංකාවේ අධිකරණ පද්ධතිය ඔලුවෙන් හිටවූ දුෂිතයෙක් වූ සරත් නන්ද සිල්වා තමන්ම පැවසූ දේ වමාරා කෑමත් දිව දෙකෙන් කතා කිරීමත් පුදුමයක් නොවේ. මොහු පසුගිය ජනාධිපතිවරනයේදී දේදුනු විප්ලවයට සහාය දක්වන්න ඉදිරිපත් වූ විට, මොහු කිසිම දේශපාලන ව්‍යාපාරයක් අහලකට වත් වැද්ද ගැනීමට නුසුදුසු අයකු යයි එක සිංහල බ්ලොග් කරුවකු කියා සිටියා. එය නිවැරදි බව සරත් නන්ද සිල්වා ඔප්පු කර ඇත. (බ)

:       0       0

අසාද් Sunday, 19 July 2015 11:24 PM

නියමයි. ඔහොම යමුකෝ! (නි)

:       0       0

ඔෂාන් Sunday, 19 July 2015 01:59 PM

ඔය කවුරු කවුරු ගැනත් අපි බලාගන්නම් (නි)

:       0       0

තමර Sunday, 19 July 2015 11:55 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

විකි Sunday, 19 July 2015 07:37 AM

ලොකුලියන මහතාගේ කතාවට එකගි.(ම)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 10:35 AM

මතවාද වෙනස් කර ගැනීමට ඇති නිදහසට ගරු කළ යුතුයි (ම)

:       0       0

සේන Sunday, 19 July 2015 09:01 AM

අනේ මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 208 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1369 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1278 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1292 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1361 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1190 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24097 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23248 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site