(විනීතා එම් ගමගේ)
සිංහරාජ වනාන්තරයේ මාදුගැටේ ප්‍රදේශයේ වැවක් තැනීමට වාරි ඉංජිනේරුවන් කළ යෝජනාව පිළිබඳව අදහස් විමසා යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් යැවූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා පවසයි.
එහි වැවක් තැනීමෙන් වනාන්තර අක්කර පහක් යටකෙරෙන බවත් එවැන්නකට කිසිසේත්ම යුනෙස්කෝවෙන් අවසර නොලැබෙන බව දන්නා නමුත් එකී යෝජනාව ප්‍රධාන කාර්යාලයට යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් සිංහරාජ වනාන්තරය තුළ මේ වනවිට යුනෙස්කෝවේ අවධානය යොමුවිය යුතු කිසිදු පාරිසරික හානියක් සිදුව නැතැයි කී ආචාරි්ය මීගස්වත්ත මහතා ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි යැයි ද කීය.
ශ්‍රී ලංකාවේ ලෝක උරුම ලෙස නම් කරන ලද ස්ථාන අටෙන් ස්වභාවික දෙක වන්නේ මධ්‍ය කඳුවැටිය හා සිංහරාජ වනාන්තරය බවත් ඒවා පිළිබඳව ඕනෑම අවස්ථාවක සැබෑ තත්ත්වය හෙළි කිරීමට තමන්ට හැකි බවත් කී ආචාර්ය මීගස්වත්තේ, දැනට යම් යම් මාධ්ය්යන්හි පැවැසෙන අන්දමේ හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවත් කියා සිටියේය.
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘සිංහරාජයේ වැව ගැන යුනෙස්කෝ මතය තාම නෑ‘‘
kapila Friday, 26 March 2021 01:19 PM
මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින්, යුනෙස්කෝවේ අවසරය ඊට අදාල නොවන බවයි මගේ අදහස. වනාන්තර හරහා ගලන ජලය රැස්කර, මේ වැව සිංහරාජ වනාන්තරයෙන් පිටතින් සෑදිය හැකිද යන්න සලකා බැලිය යුතු දෙයකි.
kamal Friday, 26 March 2021 04:56 PM
යුනෙස්කෝ මතය ලැබෙනතුරු ගස් කපමු.
NishanFriday, 26 March 2021 10:50 PM
ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියන දූපත් මානසිකත්වය තියෙන අයට ඔහොම හිතෙනවා. සියලු දේ ලංකාවෙන් සපයා ගන්න පුලුවන් කියලා කියාගෙන ආපු ආණ්ඩුවත් බිලියන ගානක බදු සහන දෙනවා මුදලාලිලාට පිටරටින් සීනි ගෙන්වන්න පොල්තෙල් ගෙන්වන්න. අවසානේදී යතාර්ථයට මුහුණ දෙන්න වෙනවා. යුනෙස්කෝවේ අවසර ඕනෑ නෑ තමයි සිංහරාජේ එළි කරන්න. නමුත් ඔවුන්ගේ සංරක්ෂණ ලැයිස්තුවෙන් ඉවත් කළොත් ඔවුන්ගේ ආධාරත් නැති වෙනවා. නමුත් මෙතන ප්‍රධානම කාරණය එයින් අපේ මතු පරම්පරාවට වෙන හානිය සහ පාඩුව. අද කොළඹ ඔක්සිජන් ප්‍රතිශතය පහල බැහැලා. ඒක රට පුරා පැතිරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඉන්දියාවේ දැනටම එහෙම කලාප තියෙනවා. ඒවායේ මිනිස්සු ඔක්සිජන් ටැංකි පිටේ එල්ලගෙන ජීවත්වෙන්නේ. අන්න එහෙම තත්වයක් ඇති වුණු දවසට තේරෙයි සිංහරාජයේ වටිනාකම... ගහකොල ආරක්ෂාකර ගැනීමේ වටිනාකම...
ජනිත් Friday, 26 March 2021 02:01 PM
අයියෝ මෙහෙමත් මිනිස්සු. ඔය වගේ නිලදරන අය දන්නේ නැද්ද වැසි වනාන්තරවල වැව් හදන්නේ නැති බව. සොබාදහමයි අපිව රකින්නේ... අපිට තියෙන්නේ එයාට වද නොදී ඉන්න.
බද්රානි Friday, 26 March 2021 02:03 PM
සිංහරාජ වනාන්තරය ඇතුලේ වැව් හදන්න මේ මිනිස්සුන්ට පිස්සුද? මේ අය ඇත්තටම ඉන්ජිනේරුවෝද? කොහෙන්ද ඔය ඉන්ජිනේරු උපාධිය ගත්තේ? මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. යුනෙස්කෝ ආයතනයේ නිලධාරීන් තීරණය කරාවි මේ ළදරු ඉංජිනේරු කාරයින්ගේ මොළ ගෙඩි වල තරම? මට නම් හිතෙන්නේ, සිංහල ජාතියේ ජානමය අවුල අධ්‍යාපනයෙන් පමණක් නම් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි.
NishanFriday, 26 March 2021 10:51 PM
පිස්සු තමයි.
මුණසිංහSaturday, 27 March 2021 01:55 AM
මෙයාලා දන්නවාද මාදු ගැටේ ප්‍රදේශය ගැන. මෙහි දැනටමත් ගිං ගඟ හරස් කර බැම්මක් යොදා විදුලි බලාගාරයක් හදලා තියෙනවා. නමුත් දැනට බලාගාරය අක්‍රීයයි. මෙය වනාන්නතරය තුල නෙවෙයි තියෙන්නේ. මේ ප්‍රදේශයේ වැව හැදුවොත් අවට නිවාස රාශියක් යටවෙනවා. මෙය ජනාවාස ගමක්. වනාන්තරය ගැන කිසිම අවබෝධයක් නැති අය කොමෙන්ට්ස් දාන එක රටට අහිතකරයි. ලංකාගම පාර ගැන කෙකෙර ගෑවෙත් එහෙම තමයි. දැන් ලංකාගමට ඒ පාරෙන් යන්න පුළුවනි. ගිහිං බලන්න පරිසර හානියක් වෙලා තියෙනවද කියලා. පබිලිස් සිල්වා කියපු කතාව තමයි එයාලට කියන්න වෙන්නේ. මේ වැවත් එහෙම තමා.
SinhalayaSunday, 28 March 2021 07:20 AM
කැලේ කපන අය පිලිගන්නේ නැහැ. රටේ ලොකේ අවසානය
Demuni Uduwara Friday, 26 March 2021 02:36 PM
යුනෙස්කෝවේ අවදානයත් ඉතාමත්ම අවශ්‍යයි.
Praba Friday, 26 March 2021 03:34 PM
මේක අපේ රට... අපේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට ඊනියා විදේශ රටවලට ඉඩ නොදිය යුතුයි. සිංහරාජය ගැන තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය හා චීනය සතු විය යුතුයි.
මහීපාල Friday, 26 March 2021 06:53 PM
යුනෙස්කෝ, ලෝක බැංකු යනු ලෝක වෙළඳ හාම්පුතුන්ගේ මුදලෙන් යැපෙන, අපට විනකරන කසළ ශෝධක ආයතන...
මෝ Friday, 26 March 2021 08:18 PM
මෙච්චර වන විනාශ වෙද්දී රකින්න ඉන්න මිනිහත් කියනවා සිංහරාජෙට කිසිම දෙයක් වෙලා නෑ කියලා. එතකොට අපි මේ දකින්නේ ඉන්දියාවේ වෙන දේවල්ද? මේ වන විනාශය පිළිබඳව පැරීසියේ යුනෙස්කෝවට පෙත්සමක් යවලා, පිටරට අය ගෙනැවිත් පරීක්ෂනයක් කරලා ඇත්ත නැත්ත පැහැදිලි කරගත යුතුයි.
chandima Friday, 26 March 2021 08:36 PM
මට පෙනෙන්නේ කාලෙන් කාලෙට රටේ ප්‍රශ්න අමතක කරවන්න මේ වගේ ගොන් පාට් එකක් පෙන්නන්න වගේ... වැඩේ පත්තු වුණාම වාරි ඉංජිනේරුවන්ගේ අනේ එල්ලන්න හදන බව අපට පෙනෙනවා.
athula Friday, 26 March 2021 08:40 PM
චිරං ජයතු කියන්නේ තවත් කාලයක් ඉන්නවා කියන එකද? ඩෙංගු තියෙනවා. කොවිඩ් තියෙනවා. කෝ මේ එකකින් වත් නැහැනේ රටට වැඩක් වන දෙයක් වෙන්නේ..
Rata Perata Saturday, 27 March 2021 08:17 AM
ජාතික උරුමයක් වෙලා තිබුණේ නැතිනම් නන්දසේන මේකත් මෙලහකට කාන්තාරයක් කරලා ඉවරයි. දැන් මේ වැව් හදන අමාරුව හැදිලා තියෙන්නෙත් ලොකු අයියා චමල්ට. රාජපක්ෂලා රට නැතිම කරලා තමයි නවතින්නේ.
BamunuarachchiSunday, 28 March 2021 06:53 AM
චමල් රාජපක්ෂ මහතා ගෙදර ළමයාගේ භූගෝල පොත අරගෙන ලංකාවේ සිතියම බලල මෙතන වැව හදන්න කියා තීරණය කලේ නැහැ. ඔහු මේ කර්තව්‍ය වාරිමාර්ග ඉංජිනේරුවන්ට බාර දුන්නා. ඉංජිනේරුවන් හැටියට ඔවුන් ප්‍රදේශයේ සමෝච්ච රේකා සිතියම් බලලා මෙන්න මෙතැනයි සුදුසු කියා තීරණය කළා. චමල් රාජපක්ෂ මහතා එය ප්‍රසිද්දියට පත්කලා.